පැරණි දේශපාලනික අවතාර මකා දැමිය යුතුය!

 


අද ගාල්ලේදී සහ මතුගමදී සජබයේ දම්වැල් ලා නැති කාළකණ්නි යලිත් රටට පෙන්නූයේ උන්ගේ අසික්කිත දේශපාලනයේ සොභාවය වන්නේය. රට හදන්න කලින් පක්ෂයට විනය උගන්වන්න උවමනා යැයි මාධව විපක්ෂ නායක සජිත්ට යෝජනා කරන්නේය.

ගාල්ලේදී වතුර ගසමින් අශීලාචාර ලෙස තරුණියකට ද ජලය විසි කරමින් හැසිරෙන විපක්ෂය පෙන්වන්නේ ඔවුන් තවමත් ඉන්නේ පරණ නරා වලේ බවය. හැදියාවක් නැති බවය. තවමත් වැදගත් විදියට දේශපාලනය කරන්නට සූදානම් නැති බවය. කොටින්ම කිවහොත් කල්ල කුජීත බවය.

 මතුගම සභාවක සභාපතිවරයා සභා ලේකම්ට පහර දීම අනෙකුත් කාරණාව ය. ඒත් සජබේ ය. විනය ගැන, දැනුම ගැන හැකියාව ගැන පාරම් බාන සජබයේ රෙදි ගැලවූ අනෙකා මතුගම සභාවෙන් මතුවී සජිත්ගේ ලංකට් එකේ එල්ලී ඇත. ඉතා අජූතය. පැරණි දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානම හේතු අතුරින් එකක් වූයේ බලයෙන් මත් වූ අශිලාචාර උද්දච්ච හැසිරීම් බව  තවමත් සජිත් හෝ මහ ලොකු බුද්ධිමත් විපක්ෂයට නොපෙනේද?

සභාවක මුක්කු ගැසූ බලයක් අතැතිව මෙසේ හැසිරේ නම් මොවුන්ට රටක් භාර දීමට සුදුසු ද?

කනෙන් ඇද දේශපාලන පොර පිටියෙන් එලියට ඇද දැමිය යුතු එවුන් නොවේද? කාන්තාවන් ගැන ඉහලින් කතා කරන සජිත්ගේ පක්ෂයේ උන් අත උස්සන්නේ කාන්තාවන්ට නිසා සජිත් උන්ය එලවනවාද නැද්ද යන්න බලා සිටිය යුතුය! නීතිය ක්‍රියාත්මක විය යුතුය. මේවා නැතිකරදැමිය යුතු පිළිලයන් ය. 

අනුරට තුනෙන් දෙකක් දී ඇත්තේ කෙසේ හෝ රාජ්‍ය කරවීමම නොවේය. හිරු එකෙන් කූජීත වන ආණ්ඩුවට උන්ගේ ලයිසොම ආපහු ගැනීමට එක අත්සනක් ප්‍රමාණවත් ය. ඒක කලොත් ඕනි නම් ජන්ද ලක්ෂයක් නැතිවනු ඇත. හැබැයි ආණ්ඩුව පැත්තට තවත් ජන්ද ගොන්නක් එකතු වනු ඇත. මඩ නාලිකා නැවැත්විය යුතු ඒමය.

හිරු නැවැත්තුවොත් අනෙක් මඩ නාලිකාව වන නයි දෙරණ ද සිය බේගල් වැපිරීම නවතාලනු ඇත. බේගල් වලින් ජීවත් වන්නන්ට දිය යුතු උත්තර ආණ්ඩුව කෙසේ වෙතත් මහින්ද මහතත්තයා නම් දැන සිටියේය. හැබැයි අවාසනාව වූයේ එතුමා බේගල් වලට වඩා සත්‍යය පැවසූ මාධ්‍යට සැලකූ හැටි අමතක නොකල යුතුය. මොකද දැන් 2029 ජනාධිපති වෙන්නේ එතුමාගේ පුතා නිසා ය..

 කතාවෙන් පිට පැනිය යුතු නැත. සජබය සිය දඩ බල්ලන් බැ‌ඳගත යුතුය. පොහොට්ටුව තරමක් තවමත් විනයක් සහිතව සිටී! මොකද උන්ට බේරෙන් අසූචි කවා ගෙදර යැව්වාට පසු තරමක් බියසුලුව පසුවන නිසාය.

හැබැයි ඒක ආණ්ඩුව බුරුලකට ගත යුතු නැත. බුදු සාදු පවා කියා ඇති පරිදි පොඩ්ඩක් පෙනේ පුප්පා තමා නයා බව පෙන්විය යුතුය. විගණකාධිපති පත් කරගැනීමට නොහැකි ආණ්ඩුව, නීතිපති හොර ගේම් ගහන බව නොතේරෙන ආණ්ඩුව වල පල්ලට යනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර නිසා නොව අඥාන බව නිසා ය. අනෙක් අතට ප්‍රජාතත්ත්‍රවාදය යනු බොරු කියන උන් ආරක්ෂා කිරීම ද නොවන්නේය.

අවසාන වශයෙන් එන් පී පී ය රන්වල ගැන පියවරක් නොගත්තේය. නලින්දගේ බෙහෙත් ප්‍රශ්නය ගැන ඇදගෙන නෑවේය. දැන් මාධ්‍යක් පාලනය කර ගන්න බැරිව ලත වෙන්නේය. විධායක බලය අතේ තිබේ නම් අනික් උන් කලා සේ කල යුතු නැතත් යම් විනයක් පිලිබඳව කතා කිරීමට හැකියාව ඇත.  ඒ නිසා ආණ්ඩුව සිය කල්පැවැත්ම තහවුරු කර ගන්න නම් තවදුරටත් ගොනා සේ බලා ඉන්නවාද නිසි මග නීති තනමින් නීතියට සෙල්ලම් කරනවාද යන්න තීරණය කල යුතුය. මොකද ආණ්ඩුවට ආපදාවෙන් ලැබුනේ මල් වලට වඩා ගල් ය.

අනෙක් අතට සජබය කුජීත වී නොයා යුතුය. නාමල්ට වඩා සජිත් හොඳය. ජාතිවාදියෙක් නොවේය. ඒ නිසා මාධවගේ දෙවැනි කැමැත්ත සජිත් බව කියන්නේ වෙන දේශපාලන බලවේගයක් පේන මානෙක නැති නිසාය. ඒ නිසාම සජබ රැකිය යුතුය. 

සජබ රැකෙන්න නම් සජබ වනසන කාළකණ්නින්ට දඩුවම් දී දේශපාලන පොර පිටියෙන්  අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කල යුතුය.

නැතිනම් සජිත්ට ජපන්වත් යන්න බැරි වෙනු ඇත. අවසානයට කිව යුත්තේ පැරණි මිරිස් කුඩු දේශපාලනය මැකීමට ජන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු රැකීමට ආණ්ඩුව වගවිය යුතු බවය!

 

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form