මේ දිනයේ වෛරල් වෙන්නේ චන්ද්‍රිකා ය. චන්ද්‍රිකා කීයක් හෝ පුද දීම මහා ලොකු දෙයක් වූයේය. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට පොරොන්දු වී විධායක ධූරයේ රස වැටී එය දෙවරක්ම රස විඳ රටට හැකි පමණ කෙලවා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නේ චන්ද්‍රිකා ය.
දැන් බයි ජනතාවට හෝ කාට හෝ එයා දුන්නු මුදල ලොකු එකක් වී චන්ද්‍රිකා හරි හොඳ එකී යැයි පෝස්ටු දමමින් කතා මවන්නෝ එමටය. හැබැයි චන්ද්‍රිකා ඒ දුන්නේ ඇයගේ පුද්ගලික මුදල් යැයි වටහාගෙන ඈව උඩදමනා උන් ඇත්තටම පවු ය...
කුමක් වුවුද මාධව මෙහිදී දකින්නේ ඇගේ මුදල නොව ඇය දුන් පණිවුඩය දෙසය. එනම් වලව් පන්තියේ චන්ද්‍රිකා පවා අනුරගේ වැඩ පිලිවෙල විශ්වාස කරන බව මිස අන් කුමක්ද?
වර්තමාන එන් පී පී ආණ්ඩුව විශාල ආපදා කන්දක් පාමුල මිනිසුන්ට දැඩිව සහන දෙන්නේ විපක්ෂයේ අඳෝනා මැද ය. සජබ උන් නැත්තතටම නැති වන ආකාරයේ සහන රැසක් ආර්ථික වශයෙන් බංකොලොත් යැයි වසර කීපයකට උඩදී පැවසූ රටක ගංවතුරින් සහ නාය යෑමෙන් සහ වෙනත් ආපදා වලට ලක්වූ අයට දෙන්නේ අනුර කුමාර ජනාධිපති ප්රමුඛ එන් පී පී රජයයි. එයින් 25000 ගෙවල් සුද්ද පවිත්‍ර කර ගැනීමට සහ මරණ වන්දි ලබා දීම දැනටත් ආරම්භ කර ඇත.
රට රැකීමට ආ මහජනයාගේ ආණ්ඩු කියා මහජනයාට කොකා පෙන්වූ වසර ගණනාවක් ආණ්ඩු කල එජාප ශ්‍රී ලංකා පොහොට්ටු සහ රනිල්ගේ කලවං වූ ආණ්ඩු වලට බැරි වූ අනුරලාට පුලුවන් වීමේ රහස මොකක් විය හැකිද?
ආපදා දීමේදී රාජ්‍ය සේවකයාෙග් වගකීම සුලුපටු නොවන්නේ මේ සා වූ කෝටියක මුදල ලබා ගැනීමේදී බොහෝ වංචා සිදුවීමට ඉඩ ඇති නිසාවෙනි. එබැවින් කෝටියක සිට රු 25000 දක්වා වූ මුදල ලබා දීමේදී සැබැවින්ම ආපදාවට ලක්ව අවශ්‍යතාව ඇති පුද්ගලයින්ට සහ පවුල්වලට ලබා දීමට කැපවීම ලොකු වලකීමකි. අනිවාර්යයයෙන්ම කල යුතු කටයුත්තකි.
අස්වැසුම සේ එයින් කර ඇරීමට කිසිම රාජ්‍ය සේවක කණ්ඩායමකට නොහැකි වගකීමකි.
දෙවැනි කතාව වන්නේ විවිධාකාර වූ අයවලුන් තමන්ගේ ගිණුමට සල්ලි දාන්නැයිද ආණ්ඩුවේ ගිණුමට දාන්නෙපා යැයිද කීම ය.
පළමුවෙන් මාධව දුටු ගිණුමක් වන්නේ ද්විත්ව පාස්පෝට් සැකසූ චෝදනාව සහ තවත් මුදල් ඉපයීමේ චෝදනා ලත් දැන් නිහඩව ඉන්නා මහින්දගේ පොමනේරියන් උන්නාන්සේ වන විමල් වීරවංශගේ ගිණුම ය. හැබැයි මහජන විරෝධයට සහ හාස්‍යයට ලක්වීම නිසා හෙතෙම ඉන් කීයක් හෝ ලැබුනා නැතා දැන් ඒ ගැන සද්ද නැත. ඒවාට සල්ලි දැමූ උන්ට අබ සරණයි ය.
ඉන්පසු ප්‍රසිද්ධම එක පිටිදූවේ සිරිධම්ම නමින් මහණව උන්, දැන් රහත් වී බුදු වී ඉන්නවා යැයි කියමින් කම් සැප විඳිමින් මෝඩ අන්ධ දායකයින් පිරිසක් ඉන්නා සමන්ත්රබද්ධ ය. හෙතෙම කෙලින්ම කියන්නේ රජයට සල්ලි නොදාන ලෙසය. ඔහුගේ ගිණුමට මුදල් බැර කරන ලෙසය. කෝමත් ඔහුට නිසි ලෙස හිතුමගේ කටයුතු කිරීමට මේ ආණ්ඩුව එක්ක බැරිය. ආණ්ඩුවත් මෙවැනි තක්කඩීන් හමුවේ නිහඩව සිටීඹ නොකල යුත් දෙයකි. කෙසේ වෙතත් ඒ ගිණුම සම්බන්ධව ද දැන් විරෝධය පලවෙමින් පවතී.
විදේශිකයින්ගේ සියලු ආධාර සහ මූල්‍ය අනුග්රහයන් රජයේ ගිණුමට බැරවීම වෙනදාට වඩා හොඳින් විශ්වාසවන්තව සිදුවී ඇති බව පෙනේ. ජනාධිපති අනුර පිලිබඳ විශ්වාසය විය හැකිය. හැබැයි අනුර ජනාධිපතිතුමාගේ සෙවනැල්ලට වැසී ඇති අමනෝඥ පිරිස් කීපදෙනෙක් නිසා අනාගතයේ ආණ්ඩුව පාණ්ඩුව වී යනු ඇතැයි සිතිය නොහැක්කේ තාමත් විපක්ෂයේ ඉන්නා මෝඩ අඥාන පිරිස් නිසා බව නොරහසකි. මහජනතාව යලි යලිත් ඉඟුරු දී මිරිස් ගැනීමට නං සූදානම් නැති බව තවමත් පෙනේ.
කෙසේ වෙතත් සහණාධාර බෙදීම, සහන දීම, මූල්‍ය තත්වයන් පරිස්සම් කරගෙන කල යුතු දෙයකි. බෙදන්නං වාලේ බෙදීම නිසා යලිත් ආර්ථිකයට කෙලවා ගත යුතු නැති බව අනුරලා නොදන්නවා නොවේ යැයි මාධව සිතන්නේය. කෙසේ වෙතත් මහජනතාවට සහන දීම මෙන්ම ආර්ථිකය කලමණාකරණය කිරීම මෙන්ම ජන්ද පොරොන්දු ලෙස ලබා දුන් අපරාධ වලට දඩුවම් දීමේ ක්‍රියාවලිද ඉදිරියට යා යුතුය. ඉතිරි බිතිරි වී ඇති රනිල් සහ මහලු නඩය තව ටික දිනකින් නිකම්ම සද්ද වසනු ඇත්තේ අනුරලා මේ කටයුතු නොනවත්වා ඉටු කිරීමෙන් මිස අන් කෙලෙසද?
ආපදා තත්වයන් තුල නැගිටින රටකට විපක්ෂයේ සහය දෙනු වෙනුවට මෝඩ රැලක් ලෙස හැසිරෙමින් කටයුතු කිරීම අනුමත කල හැකිද? විපක්ෂයේ කාර්යය භාරය එයින් ඉටු වේද? විපක්ෂය දැන් කරන්නේ බොර දියේ මාලුබෑමට උත්සහ කිරීම මිස අන් කුමක්ද?
හැබැයි මාධව පෙනී යන්නේ බොරදීයේ මාලු බෑමේදී පවා විපක්ෂය යොදා ගන්නා ඇම එතරම් සාර්ථක නොවන බව ය.