පොහොට්ටුවේ 21 පොකට් රැස්වීම

 

පොහොට්ටුව යලිත් සිය පාක්ෂිකයාව අන්දා රස්තියාදු කර දැම්මේ නුගේගොඩදීය. හැබැයි මෙදා පාර නාමල්ව උස්සා තියන්න පෙරදා නාමල්ට දේශපාලනිකව පහර දුන්, නාමල්ගේ පවුලට දේශපාලනිකව පහර දුන් අයද රෙදි නැතුව ඇවිල්ලා ගියෝය

 

වර්තමානයේදී වැලේ වැල් නැතිවූ විට ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියමින් ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරුනු කල්ලි දැන් එකතු වී අපරාධ චෝදනාලත් එකෙකු රැකීමට එක් වන්නෝය. රෙදි නැතිව ඉඳම උන්ට කෝමත් ලැජ්ජා නැති කටයුත්තක් නිසා ඒවා ගාණක් නැති වන්නට පුලුවන. 

හැබැයි යමක් කමක් තේරෙන මාධව වැනි මහජන කොටස් ඒවා වර්තමානයේදී ප්‍රතික්ෂේප කරමින් සිටී. ඒවා ප්‍රතික්ශේප කල යුතුමය. රටකට අවශ්‍ය ප්‍රතිපත්තියක් නැතිව අයාලේ  යන්ට හේතු වූ මේ වැනි පුංචි පුංචි සිප්පි කෑලි ප්‍රතික්ශේප කල යුතුය.

21 නුගේගොඩ රැස්වීම පැහැදිලිවම නාමල් උස්සන්න පුලුවන්දැයි මුට්ටිය දමා බැලීමකි. ඒත් පෙනීගියේ ආඩි හත්දෙනාගේ කැඳ හැලිය සේ නාමල්ව ඉස්සීම ප්‍රායෝගිකව කරන්නට තව කාලයක් යන බවය. 

අපරාධකාරී පොහොට්ටුවේ වර්තමාන නිල නායකයා වන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු මහින්දගේ ලොකු පුතා රජ කරවීමට හරියට බත්පතක් කන්න සල්ලි බිඳක් නැති කුලියට කහින පොහොට්ටු පාක්ෂිකයෝ කීපදෙනෙක් තාම ඇත්තේය.

පොහොට්ටුව නම් අපරාධකාරී කල්ලියේ පැවැත්ම උදෙසා මේ වාගේ නූගත් මිනිසුන්ගේ පැවැත්ම අත්‍යවශ්‍ය වේ. සියල්ල දැන දැන, මිනිසුන්  පෝලිම් වල මිය යැවීමට කටයුතු කල නාමල්ලාගේ බාප්පා මේ රටට කල විනාශය සුලු පටු නොවේය.

නාමල්ලාගේ වටේ හිඳ අත පල්ලෙන් වැටෙන ඉඳුල් කන  පක්ෂයේ උන්ට වෙනදා ලැබෙන රස කෑම නැති බැවින් උන් වියරු වැටී ඇත. උන්ට මොකක් හෝ නමුත් බඩ වියත රැක ගැනීමට ජාතිවාදය අවශ්‍ය වේ. 

ඒ නිසා ආයෙම තිකුණාමලයේ අනවසර හෝටලය තිබෙන තැන නටපු නාඩගම මෙදා සැරේ කලින්ම එලිවීම පොහොට්ටුවේ තත්වය එලිදරව් වීමට අපූරු හේතුවක් විය. ජාතිවාදය කරපින්නාගෙන යන පොහොට්ටුවේ තත්වය ඔකය. පරපෝශිතයාට ජීවත් වීමට ධාරකයෙක් අවශ්‍ය වන අන්දමට පොහොට්ටුව නම් අපරාධ කල්ලියේ පැවැත්මට අවශ්‍ය පොහොර ලැබීමට නම් ජාතිවාදය අවශ්‍ය වේ. බොදු දහම රැකගන්නා බවට පෙනී ඉඳිමින් අසික්කිත දේශපාලනයක නියෙලෙන පොහොට්ටුව අපරාධ කල්ලියක් යැයි මාධව ප්‍රකාශ කරන්නේ ආන්න ඒකය.

අරගලයට පහර දීමේ ක්‍රියාවලිය පිටුපස සම්පූර්ණයෙන්ම ඉන්නේ පොහොට්ටුව මිස අන් කවරෙක්ද? දැන් දේශ බන්දු වෙත හැරී ඇති චෝදනාවෙන් 99%ක්ම පොහොට්ටුවට අදාලය. ඉතිරි 1% ට දේශබන්දු අදාලය.

එවැනි ත්‍රස්තවාදී කටයුතු වලින් සිය පැවැත්ම තහවුරු කරගැනීමට උත්සහ කල පොහොට්ටුව රනිල් සරණ ගොස් රනිල්ගේ හෙවනැල්ල යට සුරක්ෂිත වෙන්නට වෙර දැරූ නමුත් මහජනතාව උන්ගේ තට්ටමට පහර දී පන්නා දැමුවෝය.

පොහොට්ටුවට කඩේ යන ධනවත් පැලැන්තියේ  මහ උන් නම් සියල්ල දැනුවත්ය. උන්ට පාලකයාගේ හෝ පොදු ජනතාවගේ පැවැත්ම අදාල නැත. උන්ට ඔනෑ මඩිය තර කර ගැනීමට ය.

හැබැයි මෝඩ පාක්ෂිකයාගේ අන්ධ භාවය කෙතරම්ද යත් තමන්ගේ දරුවාට නැති තැන උන්ගේ දරුවන්ට දීමට සිය වෙර වීරිය යොදා දර දිය අදින්නෝ මේ හිඟන නූගත් පාක්ෂිකයින් ය.

උන් සිටිනා කල් පොහොට්ටුවට රජ මඟුල්ය.

ආණ්ඩුව පාණ්ඩුව වී කිච නොවීමට නම් කඩිනමින් නීති සම්පාදනය කොට පොහොට්ටුවේ මෙන්ම තවත් තවත් තැන්වල සිටින අපරාධකරුවන් සඳහා දඩුවම් පැමිණවීම පමණක් නොව උන් අපරාධවලින් කඩාවඩා ගත් මහජනතාවගේ පොදු ධනය මහජනතාවටම උරුම කර දීමට කටයුතු කිරීම කඩිනම් කල යුතුව ඇත.

එසේ නැතිනම් පොකැට් මීටිමක් බඳු වූ බේබදු පොහොට්ටු රැස්වීම මහා ජන ගඟක් වන්නට වැඩි කලක් ගත නොවනු ඇත.

මන්ද යත් විපක්ෂ නායකට කොන්දක් පණක් සහ ප්‍රායෝගික බවක් නොමැති බව ප්‍රදර්ශනය වන නිසාය. 

තේ දල්ල නෙලා ඩොලර් ගේන්න වැඩි දිය මැද සවිය දිය කරන කම්කරුවන්ගේ රු දෙසීයට විරුද්ධ වූ විපක්ෂ නායක ඇතුළු නඩය මහජනතාවගේ සාපයට ලක්වූයේ අඥාන කම සහ අධිමාන්නය නිසා මිස වෙන කුමක් නිසාද?

අවසානයට මාධව කියන්නේ රට රැකීමට නම් කල යුත්තේ පොහොට්ටුව හෝ රනිල්ව රජ කිරීම නොව LTTE අතුගා දැම්මා සේ  අපරාධකාරයින් වංචාකාරයින් රජකරන අපරාධකාරී පොහොට්ටුව සහ රනිල් දේශපාලන පොර පිටියෙන් අතුගා දැමීමය.

 එතකුදු නොව උන් කල අපරාධ වලට නිසි දඩුවම් දීම ය. 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form