තරහා නොවනු මැන!

 '

 

 

පේරාදෙණියට ඉහල හන්තානේ හඳ පායලා. සීතලයි. හීන් මීදුමක් මැද ඉස්සරහට ඇදෙන යතුරු පැදියේ කහපාට ආලෝකය උණුසුම් ලෙස මීදුම දෙබෑ කරලා ඉඩ හදනවා.

යතුරු පැදිය හීන් හඩ නඟමින් ඉස්සරහට ඇදෙනවා.


අනේ මම ටිකක් වේගයෙන් වංගුව ගත්තට ඔයා තාම තරහද ජානු??

මෙච්චර වෙලා යතුරු පැදියේ නිහඩව උන් දර්ශන හඩ අවදි කරද්දී ගලහ පාරේ නිහඩ බව බිඳෙනවා............


ඇයි ජානු කතා කරන්නෙ නැත්තෙ?

අපි අපේම වෙන්න තව දවස් කීයද?

ඇයි අපි කතා කරන්නෙ නැත්තෙ?

අද වැස්ස නෑ

අද හඳ පායලා

අකාසේ පැහැදිලියි හරියට මුහුද වගේ පැහැදිලියි...…

ඔයාව බඳිනවා කියලා මං උන පොරොන්දුව වගේම පැහැදිලියි.......


ජානූ! මේ හුළඟ ඔයාට දැනෙනවද?

මේ සීතල ඔයාට දැනෙනවද?

මගේ අත පය ගල් වෙලා ජානූ

හැබැයි අපිට තව ටිකක් දුර යන්න ඔනි ජානූකී…

අපි යමුඅදට ආපහු ඔයාලගෙ ගෙදර යමු! ටික දවසකින් අපි යමු අපේම ගෙදර!

ඈත කන්දේ ෆයිනස් ගස් වල මුදුන ඔයාට පේනවද?

හඳ එලියෙන් ඒවා දිලිසෙන හැටි පේනවද?

හරි, ඔයාට තාම තරහයිද?

මෙහෙම අපි කොච්චර කියලා රණ්ඩු වෙන්නද?


පොඩි දේටත් අපි මේම රණ්ඩු වෙලා කතා කරන්න නම් ගෙදරට යනකම්ම ඉන්න ඔනිද?


මං බැන්නෙ හේතුවක් ඇතුව කියලා තේරුන් නොගත්තට කමක් නෑ ජානූකී!

නිහඩව ඉන්න එපා..මං කියන්නෙ වෙඩින් එකට බොරු වියදම් කරන්න අවශ්‍ය නැහැනේ… අනික මං ආසා නෑ අනවශ්‍ය බොරු විකාර වලටඔයා ආස උනත්....…


හරි හරි! ඒව අමතක කරමු! ඔයාට මතකද? මතක් වෙනවද ඉස්සර අපි රණ්ඩු උනාම ඔයා බුම්මන් ඉද්දි මං ඇවිල්ලා කම්බුල මිරිකනවා. මට ඔනි ඔයාව අවුස්සගන්න...…?

හැබැයි එතකොට ඔයා දැන් වගේ කේන්ති ගන්නෑ! ඔයා උවමනාවෙන්ම ඇවිස්සෙන හැටි හරි ලස්සනයි ජානූ! අන්තිමට ඉනට අත් දෙක තියාගෙන ඔයා බෙල්ලත් ඇද කරලා රවලා බලද්දි හරිම හැඩයි.


ඒක මේ පායන හඳටත් හඳ එලියෙන් ආලෝකමත් වෙන මේ පරිසරයටත් වඩා ලස්සනයි…


ඔයා තමා ලස්සනම!

වෙඩින් එක නිසා අපි රණ්ඩු උන තරම් මතකද? මතක් කරන්නකෝ! ඔයාලගෙ නෑයෝ ලිස්ට් එක හදලා ඉවරවෙලා කොල්ලෙක්ව ලිස්ට් එකෙන් කපලා දැම්මා කියලාත් රණ්ඩු විතරයි. පහල ගෙදර කුමුදු ඇන්ටිලාගෙ පුතාට කියන්නෙපා කිව්වෙ මං හේතු ඇතිව නේඌ හැමදාම ඔයාගෙ පස්සෙන් ඇවිත් වද දුන්නා. එහෙම උන්ට අපි දෙන්නගෙ ලස්සන ආදරණීය දවසේ ඇවිල්ල ඔයාට ඊරිසියා කරන හැටි මට බලන්න ඔනි උනේ නෑ. ඒ ගැන වරුවක් වාද කරද්දි මට හිතුනා අනේ ඔයා ඌට ආදරේ කලාද ඇත්තටම කියලත්! පුදුම උවමනාවක්නෙ ජානුකී ඔයාට තිබුනෙ ගෙන්නන්න ඌව!


හරි හරි! මම දැන් නිදුකිට එන්න කිව්වටත් ඔයාට තරහ ගියේ ඒ වගේ තමා. මම දන්නවා නිදුකිගෙ හිතේ මං ගැන මොකක් හරි තියෙන්න ඇති. ඉතින් අපිට මොකද? අපි කිව්වෙ වෙඩින් එකට ගෙන්නමු කියලා විතරයිනේ... කෝම හරි ඒ නම කපලා දානකම් ඔයා බුම්මන් හිටිය හැටි මට තාම මතකයි.


ඇයි ඔයා හිනාවක්වත් වෙන්නැත්තෙ.

අනේ ජානුමං හැමදාම කියනවා ඔයාට මගේ උරහිසින් අත තියාගන්න කියලා. ඔයා කවදාවත් ඒක කරන්නෑ, මට එතකොට දැනෙනවනෙ ඔයා ඉන්නවා කියලා බයිසිකලේ පිටිපස්සෙබැරිවෙලා ඔයාට බිමට අපෝයියා උනොත්.…


හරි හරි! අපෝයියා කිව්වට සොරි! මං දන්නවා ඔයා මගේ මේ එකේක ළමා වචන දාලා කතා කරනවට අකමැති බව! ඔයා බිමට වැටිලා පාර මැද ඉද්දි මං නොදැනම යන්න යාවි. ඒකයි අත තියාගන්න කියන්නෙ..…


මගෙ කටත් දැන් රිදෙනවා. අනේ මං මෙච්චර කියවලත් ඇයි ජානු ඔයා කතා කරන්නැත්තෙ?


මට මේ නිහඩ කම ඉවසගන්න බෑඔයාට ඔච්චර නිහඩ වෙන්න මම කිව්ව දෙයක් නෑ කියලා හොඳට හිතන්න.…


හරි සේරම අමතක කරමුඔයා ලියපු ලියුම් ටික මට ආයෙම කියවන්න ඔනිඅපි ආදරේ අලුත් කරමු. අවුරුදු දෙකක් ආදරේ කරපු අපිට බැරි නෑ ආයෙම තව අවුරුදු දෙකක් ආදරේ වැඩියෙන් කරන්න.......…


ජානූ! මං ගාව, මේ දර්ශන ළඟ වචන දෙකක් නෑ! අපිට බඳින්න පුලුවන් උනා නම් මේ ආදරේ රණ්ඩු මැද්දෙන් අපි මෙච්චර කාලයක් ආවනම් තව මොනාද?


මේ ප්‍රශ්න අමතක කරන්නත් එක්ක ඔයාට මතක් කරන්න පුලුවන්ද අපි බෙල්වුඩ් ගිය ගමන ගැන? අපිට බැරි මොකද ඒ වගේ ආයේ ලස්සන ගමන් යන්න. මං හරිම ආසයි බෙල්වුඩ් තෘණ භූමියේ කොල පාට උස තණ පඳුරු අතර වැතිරිලා ඉන්න. තිරිවානා පිරුණු බෙල්වුඩ් භූමියේ ගුප්ත බවට මං ආසයි. මට මතකයි ඔයා දුවගෙන දුවගෙන යද්දි මං ගත්තු පොටෝ එක.


එදා එද්දි අපි හොඳටම වැස්සට අහු උනා. ඔයාට මතකද?

අපි ආපහු එද්දි ඔයා ඉඳලාම යමු කිව්වට මං ඇහුවෙ නෑ. කොහොම හරි අපි ගලහ පහලට ඇවිදිල් හෙමීට හිඳගලමහකන්ද කිට්ටුව අර ලොකු වංගුව වේගයෙන් වගේ ගත්තා මට යාන්තමට හීනයක් වගේ මතකයි.…


එදා කාත් කවුරුත් නැති පාර මැද මං ඔයාට කිව්ව දේ මට තාම මතකයි......


අනේ ජානූ! කතා කරන්නකෝ.


එදා නං මහ වැස්ස!

අද නං වැස්ස නෑ!

එදා වගේම අදත් ඇයි ඔයා කතා නොකර ඉන්නේ ජානු! මේ පාලු රාත්‍රියේ කතා නොකර ඉන්න තරම් තරහවක් තවත් මගේ හිතේ නෑ...................................…


අනේ මම ටිකක් වේගයෙන් වංගුව ගත්තට ඔයා තාම තරහද ජානු??

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form