මට ඒ ඇස් හොඳටම මුණ ගැහුනෙ මාරවිල ඔෆිස් එකේදි. හැබැයි ඊට කලින් අපේ ඇස් එකට යා වුන දවසක් දෙකක් තිවුනා.
ඇත්තටම ඒ ඇස් එක්ක යාවෙද්දි මගේ අතැඟිලි ආයෙමත් එයා ආස තනු වාදනය කරමින් ගිටාරයේ කම්බි මත සැරිසරණ දවසක් ඒවිද? අහම්බෙන් හමුවන ජීව්ත කාලයත් එක්ක කොහේට හරි ගැලවී යන්න ගියත් මතක එහෙම්ම දැවටෙනායුරු පුදුමයි. හිරිවැටෙන සුලුයි. මන නන්දනියයි..
මහ රෑක සෙනඟ මැද්දේ ගීතවත් වෙන පිරිස අහසට වාෂ්ප වෙලා ගිහාම, එහෙම හිතමු, තනියම ඉද්දි හිත ඔච්චම් කරනවත් වැඩී නෙව, ඔයත් මමත් මුහුණට මූණලා ඉඳගත්තම, අතෝරක් නැතුව මගේ ඇඟිලි ගිටාරය හඬ නංවද්දි මං ඔය දිගැටි මුහුණේ කුරුලෑ පිරි කම්බුල් දිහා හොර බැලුම් බැලුවට මං දැනන් හිටියෙ නෑ ඔයා ඇලුම් කරපු කෙනෙක් වෙන්න මට පුලුවන් වෙලා තිවුන කියල.
ඒ ප්රේමයට මම නමක් දෙන්නෑ. කිසිදාක නොදැවටුනු දෙතොල් පොපියන හැටි දැක්කම එදාට පස්සෙ දාක මාරවිලදි, මම හිතුවෙම දෙනෝදාහක් මැද නොවුනත් ඔයාව දෑතින් වඩාගෙන දෙතොල් උරච්චි කරන්න පුලුවන්නම් කියලා. එදා ඒ බව නොකිව්වට උඹේ ඒ පෞර්ෂය මාව ඇදල බැඳල තියාගත්තා.
අවාසනාවට මට එදා හයියක් තිවුනෙ නෑ. මට ඒකට ඉඩක් තිවුනෙත් නෑ. හැබැයි මම දැනන් හිටපු දේ සහ තවමත් දන්න දේ ඔය දෙතොල් හරි රසවත් කියලා විතරයි. මෙච්චර හරියක් හිතලත් පස්සෙ කාලේක ඇමතුමකින් දෙකකින් අපි ලං වෙලා කතාකරද්දි ඔයා අවංකව කියපු හැඟීමක් කියලා හිතමුකෝ, මම පුදුම උනා.ඔයා මගෙ මොකට කැමති වෙන්නද.?
මාරවිල පැත්තෙන් ඈත් වෙලා ආපහු ගමට ගියාය කියලා දැනගත්තම මට සතුටු හිතුනා. මන්දාරම් නුවර කියන්නෙම අමුතු පාරාදීසයක්. ඔයා අලුතෙන් ගත්ත කිව්ව යතුරුපැදියෙ නැගලා ඒ කඳු පන්ති අතර තියෙන මහ මාවත් අතර එහෙ මෙහෙ යන්නෙ හරි පරෙස්සමින් කියලත් මන් දන්නව.
නොවැටී!
හැමදාමත් වගේ.
කවදාවත් කාටවත් වට්ටන්නත් බැරි හරි අභිමානයක් ඔයා ගාව මම දැක්ක. ඒක ඔයාව දැක්ක පලවෙනි දවසෙව් ඉඳන්ම මම දැකපු දෙයක්.
එකාතකට මේක ඔයාට නොතේරෙන, මටත් ප්රෙහේලිකාවක් වෙලා තියෙන ලෝකයට නොතේරෙන, හාදු නොලැබෙන, එක්වීමක් නැති අමුතු පහේ ප්රේමයක්. ඉර එළිය අඩුම පලාතේ පුංචි තරුවක් ආකාසේ සැඟවිලා වගේ ඔයා ආයේ නොදකින්නම ගියාය කියලා හිතෙද්දි, මේ පුංචි රටේ ඔයාව හොයාගෙන ඇවිල්ලා පුංචි අත් දෙක අල්ලාගෙන කතාන්දරයක් කියන්න අවකාශයක් නැති උනාය කියලා හිතෙද්දි මේ හිත චුට්ටක් රිදෙනව.
හැබැයි සංජී, මාධවට පුංචි ප්රාර්ථනාවක් තියනව. හැමෝටම එහෙම ප්රාර්ථනා තියනවානෙ. සමහරු ජීවත් වෙන්නෙම ප්රාර්ථනා හින්ද.....
ඒව ඉෂ්ට සිද්ධ වෙන්න ඕනි අර පාලු පුහුණු මධ්යස්ථානයේ දි වගේ නං නෙමෙයි.
චූටි චූටි ලස්සන මල් ගොඩාක් පිපුණු, ඉර එලිය හරිම සෞම්යව විහිදුන හරිත වර්ණ වින්ටේජ් පාට සානුවක ඔයත් මමත් වාඩි වෙලා ඔයා ආසම තනුව මගේ අතින් වයලා අහවර කොට ගිටාරය අහක තිවුනට පස්සෙත් ඒ තනුව නොනවතින පසුබිම් සංගීතයක් වෙලා නිම්නය සිසාරා මඳ ශබ්දයකින් අනුනාද වෙද්දි ඔය ඇස් දිහා ආයෙම බලාගෙන අහන්න තිවුනා නම්
...................... ඇයි බන් අපි ආදරේ නොකලෙ කියලා...
මං දන්නව උඹ ලඟ පණ්ඩිත උත්තරයක් තියේවි. හැමදාම වගේ......
දිගැට් මූනිච්චි, දවසක හම්බෙමු. එදා තිවුන උඹ ආස උන රතු ගිටාර් එක දැන් මා ගාව නෑ. ඒක මට දුන්නු ඒ හඬ මට වෙන ගිටාර් එකකින් ගන්න අමාරුත් නෑ. අමාරුම දේ ඔය ඇස් දිහා කෙලින් බලන එක විතරයි. මොකද ඔය ඇස් වල කතාවක් තියන නිසා.
ඒ නිසා මම බිම බලාන තනුව වයන්නම්.ඔයාට පුලුවන්නම් ඒ වෙලාවට මන්දාරම් නුවර නීල හරිත උස් කන්දෙන් ඇද හැලෙන බොහොම ලස්සන කොලපතන ඇල්ල සිඹ පාවෙලා එන සුලඟ වගේ මගේ දෙතොලේ තැවරෙන්න.
ඒකට මේ ජීවිතෙන් තත්පරේ ඉඩක් තියේවි..මොකද එහෙම මොහොතවල් මගෑරගන්න මම කවදාවත් ලෑස්ති නෑ.................
ඉතින් සංජී, මේක කාටවත් නොකියූ මාධවගේ ප්රාර්ථනාවක්.
පසුව ලියමි -
සංජී ඔයාට කවුරුවත් කිව්වද නැද්ද දන්නෑ මේක හැබැයි මං මාරවිලදි දැක්ක දේ තමා, නාභිය අඩවන් වෙලා පේන ඇඟට එතුනු රතු පාට සාරියටම තමයි ඕං ඔයා ලස්සනම..
ඕං කිව්ව!