බොළඳ මිනිස්සුන්ගේ දේශපාලනය හෙවත් ශ්‍රී ලංකාවේ පක්ෂ සාමාජිකයින්ගේ කතාව - පළමු කොටස!

 


අනුර ප්රමුඛ NPP ආණ්ඩුව ගැන පුදුම වෛරයකින් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. ඇත්තටම සමහර හේතු හරිම බොලඳයි. මේකෙ තියන කමෙන්ට් එක දැක්කම.මට මතක් වෙන්නෙ අර නීලා වික්රමසිංහ මහින්ද පැරදුනු වෙලාවේ කිව්ව කතාවක්.

"ගහල හරි ගන්න තිබ්බනෙ දෙයියනේ"

ප්‍රජාතන්ත්රවාදී මැතිවරණයකින් බලය විපක්ශයට ගිහින් මහින්දට අන්ත පරාජයක් ලැබුනම ගහල ආපහු බලය ගන්න කියන කෙනාගෙ සිහිබුද්ධිය පරීක්ශා කරන්නෝනි. මම දකින දෙයක් තියනවා. ආණ්ඩුව අන්ධ භක්තියෙන් අදහන කොට්ඨාශයත් මම දාන්නෙ මේ ගොඩටම තමා. සිහිබුද්ධිය බලන්න ඕනි ගොඩට.

දේශපාලනයේදී විවිධ මතවාද තිබීම සාමාන්ය දෙයක්. හැබැයි තර්කානුකූලව බලන්නෝනි සමස්ථ දේශපාලනික ක්රියාවලියෙන් මහජනතාවට ලැබෙන සෙත මිස පෞදගලිකව තමන්ට වාසි වෙලා අනික් උන්ට හෙන ගහලා යාම නෙමෙයි.

හැබැයි බහුතරයකට රට හැදෙන්න ඕනි. ඒත්, තමන්ට අවාසි වෙන්න බෑ. කාලයක් තිබ්බා දොස්තරට උපරිම පහසුකම් දෙන්න ඕනි නර්ස්ලට දෙන්න බෑ ස්ට්රයික් කරනවා. දොස්තරට වාහන පර්මිට් එක දෙනවනම් නර්ස්ලට දෙන්න බැරි ඇයි? දුන්නම මොකක්ද අවුල? හැමෝගෙම ටැක්ස් අය කරගන්නෝනි තමන්ට බෑ කියන අය ඉන්නවා.

බස් වල තොරොම්බල් ගලවන්න කියලා රටම කියද්දි බස් ගැමුණුලා කෙහෙල්මල් බස් සංස්කෘතියක් කියවනවා. ආණ්ඩුව නීති සම්පාදනය කරද්දි ඒකට අපි හැමෝම යටත්. ඒකට රනිල් වික්රමසිංහ මහින්ද රාජපක්ශ හෝ අනුර දිසානායක හෝ මාධව විදුරංග කියලා වෙන වෙනම නීති නෑ.

ලංකාවෙ බහුතරයක් උන්ට තියෙන්නෙ උන් ආස නායකයා බලයේ නැතිවීම සහ මේ දේවල් බලේ තිබිලත් කරගන්න බැරිවීමේ ඇරියස් එකක් මිස වෙන දෙයක් නෙමෙයි.
ඒක උන්ගෙ මෝඩකමක් නෙමෙයි.

බහුතරයක් දන්නෑ රටකට අවශ්ය ප්රතිපත්තීන් මිස වන්දනාමාන කරන පුද්ගලයින් පදනම් කරගෙන පක්ශ නඩත්තු කිරීම නෙමෙයි කියලා. එහෙම පක්ශ වලටත් වඩා රනිල්, මහින්ද හෝ අනුරට හෝ ගැති උන දොස්තරලා, ගුරුවරු, පරණ විශ්රාමිකයින්, පරිපාලන ක්ශේත්රයේ නිලධාරීන්, පුද්ගලික අංශයේ වෘත්තිකයින්, වෙනත් අංශ වල රාජ්ය නිලධාරීන් මගේ මිතුරු ලැයිස්තුවේ ඉන්නව.

සමහරු වාසි තකා හෝ නැතුව.
එයාල හිතන්නෙ ඒකයි දේශපාලනය කියන්නෙ කියලා. පුද්ගලයින් වන්දනාව. පොහොට්ටුවෝ තමා සුපිරිම උදාහරණය. කොච්චර නිවටද කියනවනම් මහින්දගෙන් පස්සෙ පුතාව ගේන්න දත කනව. ඒ අස්සෙ කන්න බොන්න නැති, එදා වේල හොයාගන්න බැරිව ලතවෙන ගම්වල එව්වො කිරි හට්ටි අරන් මහින්ද මහත්තයව මිරිකන්න යනව. මෙව්වා නෙපෝටිසම් ඇන්ඩ් තව දේවල්.....!

එජාපේ කියන්නෙ රනිල් කියලා හිතාන තව කල්ලියක් ඉන්නව. උන්ට අනුව රනිල් හිරේ දාන්නත් බෑ. යක්ශ සංකල්ප ඒව.

සජබෙටත් සජිත්ගෙන් තොර ලෝකයක් නෑ. ඒ අස්සෙ අර හිටපු අගමැති කියනවා හුස්ම යනකම් දේශපාලනේ කරනවලු. ටිල්විනුත් රිටයට් වෙන්න ඕනි හරිනම්. ඩයි කලාට ඔට්ටු නෑ.

කොහොම වෙතත් බහුතරයක් තාම පුද්ගල වන්දනාවෙ යෙදෙනවා..

මිත්රවරුණි,
ඒක දේශපාලනය නෙමෙයි. ඒක තමයි ලංකාවේ නුඹලා ලබපු අධ්යාපනයේ අසමත්කම. 😊

මාධව හැමදාම කියන දෙයක් තියනවා.

රටකට අවශ්ය වෙන්නෙ ප්රතිපත්තීන්,

ප්රවාහනය, අධ්යාපනය, ආයෝජන, නීතිය සහ පාලනය, සෞඛ්යය, ඉඩම්, රැකියා, තොරතුරු තාක්ශණය මේ ආදී බොහෝ දේවල් වලට ස්ථීර ප්රතිපත්තීන් අවශ්යයි.

එහිදී පාලකයා අනුර, සජිත්, රනිල් හෝ නාමල් හෝ අර්චුනා හරි කමක් නෑ. අර කියූ ප්රතිපත්තීන් ඉදිරියට යාමයි විය යුත්තේ....

දැන් රනිල් කරගෙන ආව ඒවා අනුර වඩාත් හොඳට කරනවනම්, රනිල්ට ඒව කරන්න උනේ IMF කොන්දේසි නිසා නම්, කොහේවත් යන IMF එකකින් නීති දාලා ඇඟිල්ලෙන් ඇන ඇන අපේ රටට මේව කරපන් කියලා කියන්න තරම් රට බංකොලොත් කරපු පරණ උන්ගේ පාලනය හොඳයි කියන එව්වොන්ගේ ප්රශ්නයක් ඇත්තටම තියනවා.

දැන් අනුරගේ පාලනය හොඳයි කියන්න ලොකු සාධක නෑ. ඒකට තව අවුරුදු තුනක්ම තියනවා. අනුරගෙන් පස්සෙ එනකෙනා කල යුතු දේ අනුරට වඩා හොඳට හොඳ දේවල් කිරීම මිස වෙන දෙයක් නෙමෙයි.

ඒ වගේම බයි ටොයි බටොයි සේරමලට දැනගන්න කියන්නෙ...

ඔයාලා නලලේ තියාන අදහන අවුරුදු ගාණක් මේ රට කරවපු කෙහෙම්මල් නායකයෝ ලංකාවට අධ්යාපන ප්රතිපත්තියක්වත් තාම නිර්මාණය කරල දීල නෑ.. 😅

ක්ශේත්රයක් සඳහා ප්රතිපත්තියක් හදාගන්න බැරි එහෙව් කල්ලියක් රට හදනකම් බලා ඉන්න උඹලා හරි මෝඩයි බන්......!

~ විශේෂ කරුණු - ⚠️

අංක එක - 1945 දී කන්නන්ගර මහතා විසින් නිදහස් අධ්යාපනය හඳුන්වාදීම ප්රතිපත්තියක් ලෙස සලකන අය ඉන්නවා. ප්රතිපත්තියක් කියනෙ ඒක නෙමෙයි. ප්රතිපත්තියක් උනාම අරමුණු, ඉලක්ක ආදී ගොඩක් කාරණා ඇතුලත් වෙන්න ඕනි. 😊

අංක දෙක - සියල්ලන්ටම අදහස් දැක්වීමට හැකියි. කුණුහරුප පවා අනුමත වේ..

අංක තුන - නුඹලාට සුභ රාත්රියක්.

අංක හතර - නිදිමතයි. 😊

අංක පහ - උඹලගෙ නායකයට බනිද්දි උඹලට රිදුනට මට කමක් නෑ. මොකද උඹලා අනුරට ලපය කිව්වට මට රිදෙන්නෑ.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form