තක්කඩියන් එක්වූ 79 වැනි සමුළුව හා ආණ්ඩුවේ වසරක සංවත්සරය ගැන!

  

කාලයකට ඉහතදී ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂය වූත්, ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂයක් වූත්, විධායක ජනාධිපති ධූරය නිර්මාණය කොට සදාකල් වැජබීම සඳහා පිඹුරුපත් සැකසුවා වූත් එක්සත් ජාතික පක්ෂය අද 79 වැනි සැමරුම සිදු කලේ යන්තම් සදං ලෙසය...

පක්ෂය කඩා විනාශ කලේ උද්දච්ච රනිල් වික්‍රමසිංහ මිස අන් කවරෙක්ද? පක්ෂයේ ප්‍රධානියා ලෙස ලෝභ කමේ සිටිමින් නව නායකත්වයකට ඉඩ නොදී පක්ෂය විනාශ කලේ රනිල් සහ සහචර කැල මිස අන් කවරෙක්ද?

 

ඉත් අද කල්ල  කුජීත වූ 79 වැනි සැමරුමකට පැමිණ සිටි උන් කවුද?

සජබේ විපක්ෂ නායක තෙමේ වෙනුවට අවශේෂ කීපයක් එවා තිබුනේය. මොකද විපක්ෂ නායක තෙමේ ගෙදරට වී වත්කම් බැරකම් සාදනවා විය හැකිය. ඒ පුතානෝගේ හැටිය.

ඊලගට ඇවිල්ලා උන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන් ටිකය. උන් හැමදාම කලේ රනිල්ගේ පතුරු ඇරපු එකය. උන් රනිල්ට එකල කීවේ කොටියා කියලාය. දැන් උන් රනිල්ගේ  සෙවණැල්ලට පැමිණ ඇත්තේ ගැලවීමට හේතුවක් සොයාලා බව මහජනතාවට පෙනිය යුත්තේය. 

ඊළගට පොහොට්ටුව නම් අපරාධකාරී කල්ලියයි. උන්ගේ මහ උන් වෙනුවට ලේකම් යැයි කියාගන්නා බොරු ප්‍රෝඩාකාරයෙක් එවා ඇත්තේය. ඌ කියූ කතාව හරි වැදගත්ය. ඌ කිව්වේ අපි දෙගොල්ල හොරු යැයි එකිනෙකාට චෝදනා කර ගැනීම හරි වැරදි බවය. දූෂණය වංචාව පවත්වාගෙන යාමට රනිල්ගේ සහ එජාපයේ ආරක්ෂාව අවශ්‍ය බව නොකියා කියූ බව මාධවට නං සිතෙන්නේය. කොහොමත් රනිල් එදා සිටම උන් ආරක්ෂා කලේ හරි ආදරයෙන් ය.

ලැජ්ජා නැති ගම්මන්පිල, චම්පිකලා ද ඇගේ ඇති කුණු වැසෙන්නට සුදු ඇදගෙන ඇවිත් පිරුවට උන්නේ හරි පෙනුමටය. උන් මහ ප්‍රතිපත්තියක් නැති ජරා එවුන්ය. කෝමත් උන් ගැන කතා කිරීමද අපරාධයකි.

රනිල්ගේ කතාවේදී ඔහු කිව්වේ දූෂණයට විරුද්ධව ක්‍රියා කිරීමට විරුද්ධ නැති බවයි. ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරද්දන්ට පමණක් එකතු වෙමු යැයි කීවේය. නොකියා කියන්නේ පැරණි දේශපාලක පන්තියේ වරප්‍රසාද සහ තක්කඩිකම් වසාගැනීමට එකතු වී මහජනයා කුලප්පු කල යුතු බව නොවේද?

පාස්කුවට එකතු නොවුනු, යුද්ධය කාලයේ එකතු නොවුනු, රටේ සංවර්ධනයේදී එකතු නොවුනු, කොවිඩ් වලදී එකතු නොවුනු, සුනාමියේදී එකතු නොවුනු, ආර්ථික අර්බුධයේදී එකතු නොවුනු ඒ තක්කඩි රැල රනිල්ගේ සිරගතවීමත් සමඟ එකතු වූයේ වෙන එකක් නිසා නොවේ. ඊළග අවස්ථාව උන්ගේ නිසා බව ඉවෙන් දැනීම නිසාය. ඒ නිසා මේ ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තවදුරටත් ශක්තිමක් කිරීමටයි කටයුතු කල යුත්තේ.....  

රනිල් හිරගත නොවන්නට උන් ප්‍රසිද්ධියේ එකතු වන්නේ නැත. දිය යටින් හොර රහසේ කුමන්ත්‍රණ කරමින් මහජනයා රවටමින් රට කාබාසිනියා කරන්නේය. සියලූ දෙනා අද එකමුතු වී ඇත්තේ මහජනයා වෙනුවෙන් නොවේය. එකතු වී ඇත්තේ උන්ගේ වරප්‍රසාද කැපීම නිසාය.

වරස ගණනාවක් උන්ගේ අමන වැඩ නිසා අනාථ වී සිටින මහජනතාවගේ අරමුණ විය යුත්තේ මුංට යලිත් නැගිටීමට නොහැකි වන සේ දේශපාලන පිටියෙන් අතුගා දැමීම මිස අන් කුමක්ද? 

උන්ගේ කල්ලි වෙනුවෙන් එකතු වන උන්, නොකා නොබී මහජනතාවට පටි තදකරගන්න කියනා උන් වෙනුවෙන් පෙනී සිටින්නේ උගත්කමක් නැති චින්තනයක් නැති මෝඩ මිනිස්සුය. උන් වහල්ලු මිස අන් කවරෙක්ද?
ඒ සා වූ වහල්ලුන් යනු තරයේ ප්‍රතික්ෂේප කල යුතු වස කුප්පි මිස අන් කුමක්ද?

ඒ වහල්ලුන්ගේ ක්‍රියා නිවැරදි කිරීමට කාලයක් දැන් නැත. ඉතුරු වහලුන් ටික එසේ ඉද්දී යම්තරමින් හෝ බුද්ධියක්, චින්තනයක් ඇති මිනිසුන් කටුවෙන් එලියට පැමිණ මඳක් විමසා බැලීම වටී.

ජනාධිපති වරප්‍රසාද කප්පාදුකරගෙන, මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කරගෙන, නීතිය ශක්තිමක් තරමින්, ආයෝජන ගෙන එමින් ඉදිරියට යන ආණ්ඩුවේ වසරක ගමන මේ 79 වසරකට වඩා සුභදායී නොවන්නේද?

මහජනතාව වෙත මාධවගේ ආයාචනය ඒ නිසා මෙච්චරය!
කරුණාකර සාධාරණ සමාජයක්, නීතිගරුක සමාජයක් උදෙසා තමාගේ පෞද්ගලික දේශපාලන අභිලාෂයන් ඉවත ලා පෙල ගැසෙන්න

එය අඩුමතරමේ ඔබගේ දරුවාට හෝ ජීවත් වීමට නිවැරදි රටක් නිර්මාණය කරනු ඇත. 

------------------------------------------------

ආණ්ඩුවේ මිනී පෙට්ටියට ඇනයක් ගැහුවේ රංවලයාය. ඉන් පසු එකා දෙන්නා කට අරින ගානේ යම් යම් දේවල් වෙන්නේය. ඒ නිසා ආණ්ඩුවට වගකීමක් ඇත. තමන්ගේ බැලයින්ගේ කට වැසීමය.

මහින්දගේ අවසානය සිදුවීමට හේතු වූ කාරණා තිබුනේද මේ ආකාරයටය! මරවින් සිල්වා නම් පාදඩයාගේ ක්‍රියාවන් උඩින්ම තිබුනේය. ඊලගට තව උන්ගේ වැඩ ද මහිනදගේ ගමන 2015දී නවතා දැම්මේය. හැබැයි රනිල් උන්ව ආරක්ෂා කිරීම සිදු නොවන්නට හරි හමන් (සමණල් යහපාලනය) ආණ්ඩුවක් තිබුනේ නම් මහින්දලාගේ දේශපාලනය එතනින් නිමාවන්නේය. 2019 දී යලි ගෝටා පැමිණෙන්නේ රනිල්ගේ සහ මෛත්‍රීගේ කොන්ද පණ නැති කම නිසාය. 

අන්තිමට මිනිස්සුන්ට මහින්දලාව එලවන්න උනේ පාරට බැහැලාය. එහිදී මහින්දලාගේ ගමන ඉක්මන් වීමට  නැසි ගිය සනත් නිශාන්ත නැමති තක්කඩීන්ගේ ක්‍රියා කලාපයන් උඩින්ම හේතු විය.

ඒ නිසා රන්ජන් ජයලාල් වැනි තක්කඩියන් ඉවත් කර දමා හෝ නිහඩ කරවිය යුතුය. නලින් හේවගේලා ඇමතිකමේ වැඩ බලාගෙන නිහඩව සිටිය යුතුය. මේවා සෙල්ලම් නොවේය. යලිත් අමාරුවේ වැටෙන්නේ මහජනතාවය. පොහොට්ටුවෝ, අලියෝ යලි ආවෝතින් අනුරලා නම් රට පැන හෝ බේරෙනු ඇත. එක්කෝ හිර බත් කනු ඇත. කෙසේ වෙතත් කබලෙන් ලිපට වැටෙන්නේ මහජනතාවය. ඒ නිසා අනුර ප්‍රමුඛ ආණ්ඩුව සාර්ථක වසරක් ගෙවා ආ දුර දෙස හැරී බලද්දී කිරි කල ටිකට ගොම දමනා උන් ටිකක් ඈත් කර තැබීම සුදුසුය. 

ආණ්ඩුවේ වසරක කාලය සාර්ථකව ගෙවාගැනීම ගැන සුභපැතුම් ය!

අනාගතය දෙස මාධව විචක්ෂණශීලීව බලා හිදිමින් සාධනීය විවේචනයන් ඉදිරිපත් කිරීම සිදු කරනු ඇත.

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form