තේ දෙකක්!

https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/547783805_10223348298375698_5432935120634055273_n.jpg?_nc_cat=108&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=7JoIETVPhkwQ7kNvwE-pHNM&_nc_oc=AdmmRJfQk2DvWn0-uzrEgtPpcstSdWuIiFRyO_IRLheR37VKwDFJz6Z1GzdNvTUj86iOteYbtKI51zQhAuc2cCFi&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=JQhLgnooaoZTc5UHFsO2qQ&oh=00_AfZwGkxUxWA0hIoGBZZvASWrlHulqS0BoNBjL2INdZHyYg&oe=68CE2317

කාලෙකින් කඩා පාත් උනු, මාධව දැන් ඉන්නා කුලී ගෙදරට අල්ලපු ගෙදර ඉන්න ඇන්ටිගෙ ප්රශ්නය ලේසි නෑ! මාධවගේ නෝනා ගෙදර නැති දාට මාධව වෙන කාටහරි තේ හදන බව මේ ඇත්ති කෝමද දන්නවද දන්නෑ?

හැබැයි කතාව ඇත්ත! මාධව නෝනා ගෙදර නැති දාට තේ දෙකක් හදනවා තමයි. ඒක කවුරුත් දන්නෑ බිරිඳ ඇරෙන්න...…
රහස් පරීක්ෂක සිදුවීමක් වගේ! කතාව පටන් ගන්නෙ බිරිඳට දවසක් දා හැන්දෑවක සමරසිංහ නෝනාගෙන් ආව ඇමතුමකින්..…

ඔයාගෙ මහත්තයා ඔයා නැති දාටත් තේ දෙකක් හදනවා ඉස්කෝලෙ හාමිනේ!



ඒ ඇමතුමෙන් ඒම කිව්වහම බිරිඳ ඒක වැඩිය ගණන් නොගෙන පැත්තකට වීමම ලොකු සහනයක්. හැබැයි ඒ නාකි ඔත්තුකාරි දන්නෑ මාධව තේ දෙකක් හදන්නෙ කාටද කියලා? ඇයට ඔනි උනේ පවුළ ගිනි තියන්නද?

නැතිනම් ගෙදර ඇත්ති නැති දොහක අනීවාරතේ අනීතිකව මාධවගේ තේ බොන්න පැමිණෙන අනිකුත් ස්ත්රී පරාණය කවුරුන්දැයි හෙලි කරගැනීමේ වීර වික්රමය සිදු කිරීම ද?

වියපත් සිදුරු ඇති ජීවිත.............…

මුලදි විහිලුවට ආව ඇමතුම බිරිඳ ගෙදර ගිය හැමදාකම වගේ ඇයට ලැබිලා තිබුනා. ඒක මහ හිසරදයක් උනා. සත්ය දැනගෙන ඉන්න කෙනා උනත් මේ ඇමතුම් බිරිඳට මලම කරදරයක් උනා. ඒ නිසා මේ වියපත් අසල්වැසි ලඳට කොච්චි සම්බෝල එක්ක වෙල්ලවැහුං කැවීමේ දැඩි උවමනාවෙන් මාධව දැඩිව පෙළුණා. අන්තිමට ඒකට අවස්ථාව ආවා.

ඊට කලින්දා මාධව ගෙදර උන්නෙ තනියම. සැලසුමේ ආකාරයට කටයුතු සිදු උනා නම් සුපුරුදු පරිදි ඇමතුම යාවි. බිරිඳට කලින් කිව්ව විදියට කියන්නැයි උගන්වලා තිබුනා.

ඇත්තටම ඇමතුම ඇවිල්ල තිබුනා.
ඔයාගෙ මහත්තයා අදත් තේ දෙකක් හැදුවා ඉස්කෝලෙ හාමිනේ...…!!

--------------------------------------------------------------------------------------

"ඇන්ටි අද එන්න තේකක් බොන්න!”

ඇය සුපිලිසන් මුවකින් හැබැයි කුතුහලයකින් උනත් ඇරයුම පිළිගත්තා. මාධවගේ බිරිඳගේ තේ පානයන් සහිත උණුසුම් හැන්දෑව ගින්දර වගේ වේවි.

එදා ඉර බැහැලා හඳ පායනකම් මාධව ජනේලේ ගාව හිටගෙන පාර දිහා බලාගෙන උන්නා. කොයි දේටත් වෙලාව එන්න ඔනි. ඔහුගේ අතේ තිබුනෙ කලක් ඉඳන් කියවන චර්නොබිල් ඛේදාන්තය ගැන කියවෙන ලොකු පිටු ගාණක පොතක්. ඒකෙ පිටු අතර ඇඟිලි ගෙනියන ගමන් ඔහු තව ටිකකින් සිදුවෙන දේ ගැන හිතුවා. චර්නොබිල් ඛේචාන්තය හිරෝෂිමා නාගසාකි වගේම තමයි. අණු ඛණ්ඩනය වෙවිී විකිරණ පැතිරෙමින් රුසියාවේ මානව සංහතිවයට බලපෑම් කිරීම කොච්චර කණගාටුවක්ද? කොච්චර හානිකරද?

ඒ න්යෂ්ඨික බෝම්බ වගේම තමයි මේ වියපත් විශබීජ එකාතකට....

හැබැයි මේ මාධවගේ හමුවෙන් පස්සේ න්යෂ්ඨික බෝම්බයකට අහු උනානම් මීට වඩා හොඳ බව නාකිච්චිට අද හිතෙයි...…

ජනේලෙ පොලු අතරින් හුස්ම පොදක් දිගට දිගට යවලා මාධව ඒම හිතුවා..................

---------------------------------------

බිරිඳ ගෙදර නැති දාට මාධළු තේ කෝප්ප දෙකක් හදන්න පුරුදු උනේ වෙනම සිදුවීමක් නිසා. කවරුත් දන්නැති කතාවක් ඒ පිටිපස්සෙ තියනවා.

ඒක අභිරහසක්..........................…

ඒක වෙලාවට එලි වෙයි. හැමදේකම අවස්ථා සම්බන්ධය අදාල ලෙස ගැලපුනාම කතාන්දරය නිසි පරිදි එලි පෙහෙලි වෙයි.
-----------------------------------------------------

පහන් ආලෝකය දැල්වෙන්න ගත්තා. පාරේ වාහන වේගයෙන් ඒ මේ අත යද්දි වෙලාව හවහ හයයි කියලා සීනුව වැදුනේ ගෙදර සාලේ ඔරලෝසුවේ. මාධව හනික පහල කඩේට දුවලා ඒකෙන් ෂෝට් කේක් කිරි බිස්කට් පැකට්ටුවක් ගත්තා.

ඇය, ඒ කිව්වෙ සමරසිංහ වනිතාව එනතෙක් කේතලේ රත් වෙන්න කියලා විදුලි පේනුවට සවි කරලා සුවිචය පණ ගන්වා ජලය නටන තෙක් කල් මැරුවා. දිලිසෙන මේස පිහිය අතට අරන් කොච්චර මුවහත්ද කියලා බලද්දිම ගෙදර සීනුව නාද උනා. මාධව හෙමින් ආපහු මේස පිහිය තිබුන තැන තියලා කමිසයකුත් ඇඳගෙන දොර ගාවට ගිහින් දොර විවෘත කලා.

මෙන්න ඇය ඇවිදින්. තනියම.
හැරමිටියකුත් අඩුපාඩුවට අරගෙන................…
සමහර විට ආරක්ෂාවට කියලා ගේන්න ඇති.

සමරසිංහ නෝනා! ඇවිල්ලා වාඩිවෙන්න!

ඇය එන්ට පෙර මාධව නිවසේ ප්රධාන සාලයේ තිබුනු පුටු සෙටිය වෙනම ක්රමයටක ඇරේන්ජ් කලා. ඇයට වාඩි වෙන්න උනේ හරියටම සාලේ තනි පුටුවේ. අලුත් සැටි පුටු වල ක්රමය මතක ඇති නෙව. තනි, ද්විත්ව හා ත්රිත්ව ලෙසනෙ තියෙන්නෙ. ඇය එන්න කලින්ම ද්විත්ව පුටුව අයින් කරලා මුහුණට මුහුණ සිටින සේ හැදුවා තනි පුටුව සහ ත්රිත්ව පුටුව. මැද තියෙන්නේ ස්තූලය..…

දැන් හරි! අපරාධයට දඩුවම දෙන්න ක්රමය. මාධවගේ බිරිඳත් හරි කුරිරු එකියක්. ඒ පුටුපේ පරාල ඇණ ගහමු කියලා යෝජනා කලේ ඇය. ඒ වගේ කුරිරු දේකට හිත දුන්නෑ මොක උනත් මාධවට. ඊට පස්සෙ ඇය යෝජනා කලේ සුපිරි ගම් තොගයක් ගාලා ඇය සදාකල්ම කොට්ටයට ඇලවෙන සේ කටයුතු කරමු කියලා. ඒකත් ප්රතික්ෂේක කරාට පස්සෙ මාධවට හොරෙන් ඇය පුටුවට විදුලි වයරයක් සම්බන්ධ කරලා තිබුනා.

අමෘතය බඳු වචන ටිකකින් සංග්රහ කලාට පස්සෙයි ඇය මාධවට මේ වැඩේ තනියම කරගන්න ඉඩ දුන්නේ!

ඒ අවු අස්සේ සාලය මාරන්තික ලෙස හැඩ උනා. අඩ අඳුර, කහ ආලෝකය, ස්පීකරයෙන් ලාවට ඇහෙන අඳෝනා සංගීතයක්.හැමදේම අධි රුධිර පීඩනය නංවන පෙනුමයි. හැම තැනම ගහපු හඳුන්කූරු නිසා දුම පැතිරිලා.

ඉතින් වික්ෂිප්තව ගේ ඇතුලට ආව ඇයට "තනි" පුටුව පෙන්නලා මාධව ගිහින් අනික් පුටුවේ මැද ඉඳගත්තා. දැන් අසල්වාසීන් දෙන්නා මුහුණට මූණ ලා ඉන්නවා. ටිකකින් බිරිඳ ගිහින් උතුරණ කේතලය අරන් ආවා. ඒකෙන් දුම් දානවා. පුංචි සාලය තුල මීදුම පැතිරෙනවා. ඔහු ඇගේ ඇස් දෙස කෙලින්ම බැලුවා.

ඊළගට වැඩි කතා නැතුව දුම මැද්දෙන් ආව වායු උණ්ඩය වගේ කෙලින්ම ඇහුවා...…

ඈ මිසිස් සමරසිංහ! තේ දෙකක් හදන්නෙ කාටද කියලා ඔබතුමී හරි උනන්දුයිනේ........................?

ඒම කියන ගමන් මම ජොග්ගුවට නටන වතුර දැම්මා..දැන් බාපු වතුර ටික ඇසිඩ් වගේ නටනවා. මේ කේතලේ මගේ අතින් ලිස්සලා ගියොත් ඇසිඩ් ගැහුවා වගේ තමා සමරසිංහ නෝනා. අපායේ ලෝදිය ගැන බණට අහලා තියනවා නේද?

මාධව ඇගේ ඇස් දිහා බලමින් ඇහුවා.....

ඇගේ මුහුණ සුදුමැලි උනා. ඇඟිලි වලින් හැරමිටිය අල්ලාගත් වග පෙනුනා. සිත කැළඹිලා ගිහින්. හදිස්සියට පෙසර් නැගලා ගෑනි මැරෙයිද කියලා මාධවට මොහොතකට හිතුනා!

ඒ අවු අස්සේ කුස්සියට ගිය බිරිඳ යලිත් සාලයට ආවේ තේ අල්ලන තැටියක් අරගෙන. ඒකෙ උඩින්ම අර දිලිසෙන මේස පිහිය තිබුනා. පැත්තකින් අර කලින් ගෙනාව බිස්කට් පැකට්ටුව තිබුනා. තව කෝප්ප තුනක් තිබුනා. තේ කොල සහ සීනී බෝතලෙත් තිබුනා.

ස්තූලය උඩ ඒක තියලා බිරිඳ පුටු ඇන්දෙ පැත්තට වාඩි උනා. වයසක උන්දැ දැන් වෙවුලනවා. ඇය දිහාවට දැන් ඇස් හතරයි. බිරිඳගේ ඇස් වල වෛරය උතුරනවා.

මීට කලිනුත් ඔය ප්රශ්නෙ අහපු අය හිටියා. දැන් එයාලා ඒ ප්රශ්නෙ අහන්නෑ.
ඒම කියලා මාධව පිහිය අතට අරන් දිලිසෙන්න ආලෝකයට ඇල්ලුවා.

අනේ පුතේ! ඒක ඒක.....…
නාකි උන්දැ අමාරුවෙන් වචන ඇහුලුවා.

ඇයව ගණන් නොගත්තු මම පිහියෙන් ඇනලා බිස්කට් පැකට්ටුව අතට ගත්තා. ඇය දිහා බලාගෙනම පිහියෙන්ම පැකට්ටුව ඉරලා තසිමකට බිස්කට් හැලුවා.

ඒ කරලා ඇය දිහාට දික් කරමින් කිව්වා.

කන්න මිසිස් සමරසිංහ! මේවා කිරි බිස්කට්. හරිම රසයි! කිරිම කිරි බිස්කට්!

ඇය බයෙන් වෙවුල වෙවුල එකක් ගත්තා!

කම්පනයෙන් හේත්තු උනා පුටුවට. බිස්කට් කමින් ගමන් තේකක් බොමු. මේවා ලෝදිය වගේ වතුර! කට පිච්චෙන්නත් පුලුවන්! ඔපාදූප කියවන ගෑනුන්ට මේවා අපායෙදි පොවනවා කියලා අපේ ආච්චි කියනවා!

මාධව කියවාගෙන යනවා.

ඒම කියලා ඇයට මාධව කෝපපයක් පිරිනැමුවා. ඇය ඉස්සරහින්ම තිබුනු තේ කොල දාපු කෝප්පයට උණු ජලය දිය කරලා ප්ලේන්ටියක් හැදුවා..…

මාධළු ඔහුට ඉස්සරහින් බිරිඳ විසින් තියලා තිබුනු කෝප්ප දෙකට ප්ලේන්ටී දෙකක් හදා ගත්තා. ඒවට සීනි හැඳ දෙක දෙක දාලා කට කට ගාලා තේ හැන්දෙන් කලත්තන ගමන් ඇහුවා ආයෙම!

මේ හඩ පුරුදුයි නේද මිසිස් සමරසිංහ!
කෝමද දන්නෙ මම තේ දෙකක් හදන බව නෝනා නැති දාටත්??

මට ඇහෙනවා පුතේ! දෙපාරක් කට කට ගාලා තේ කලතන හඩ! නෝනා නැති දාක තේ දෙකක් ඇයි කියලා හැමදාම මට හිතුනා!

ගෑනි දැන් ඔනවට වැඩියි! වෙන මොනා කලතන හඩ අහන් ඉන්නවද කියලා මාධවට හිතුනා!

බිස්කට් පැකට්ටුවෙන් එකක් අතට ගත්තු ඔහු ඇයට සන් කලා

මිසිස් සමරසිංහ! බිස්කට්ටුව ඒහෙනම් පොඟවපන්..................… මාධව ඇයට ගෙරෙව්වා!

මාධව ඔහුගේ තේ දෙකෙන් එකකට බිස්කට්ටුව දාලා ඒක පොඟවලා කටේ දාගත්තා! අනික් කෝප්පයේ තිබුනු තේ වලින් උගුරක් බීලා කෝපපෙ ආපහු තිබ්බා!

වෙවුලන අතින් තේ කෝප්පයට ඔබපු අසරණීගේ බිස්කට්ටුව දියවෙලා කෝප්පයේ පතුලට අවක්ෂේප උනා.

ඔහු දරුණු ගනයේ මෘග හිනාවක් ඇයට පෙන්නුවා.
ඒ කරලා ආයෙමත් අනික් තේ කෝප්පෙන් (බිස්කට්ටුව පොඟවපු එක නොවේ!) තේ උගුරක් බිව්වා!
බීළා හොඳින් කාරලා ඈ දිහාවෙ බලලා විරිත්තලා කිව්වා.

දැන් තේරුණාද කෝප්ප දෙකක් කාටද කියලා?

එකක් බිස්කට් පොඟවන්න! අනික බොන්න. රෙද්දෙ කාටවත් තේ හදලා කන්න බොන්න දෙන්න මට පිස්සු නෑ! දැනගන් ඕපාදූප මල්ල!

ආන්න ඒකයි තේ දෙකක්! දැනගත්තනං හොඳයි මිසිස් සමරසිංහ! ඒම කියලා මාධව ඔහුගේ මාරයා ආවේශ උන සිය මූණේ නාසය ඇගේ උල් නාසයෛ් ගෑවෙන තරම් ලං කලා!

එක සැරේට වීරිය අරන් නැගිටපු අසරණ සමරසිංහ නෝනා දෙයියෙොන්ට වැඳ වැඳ වෙවුල වෙවුල නැඟිටලා යන්න ගියා.

-----------------------------------------

වසරකුත් දින කීපෙකට පස්සෙ හිටිගමන් සමරසිංහ උන්දැගෙන් ආයෙම ඇමතුමක් නෝනට ආවා!

ඇයි නෝනා, මහත්තයා නෝනා ගෙදර නැතිදාටම අන්ඩ වෙයාර් දෙකක් එලියෙ දොර ළග වැටේ වනන්නෙ?

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form