Deep Seek - ගැඹුරේ සොයා යෑම


කෘතිම බුද්ධිය පිලිබඳව මාධව විවිධ ලිපි ලියා ඇත. මේ ලියන්නේ නවතම පෙරලියක් ගැනය. මඳක් ප්‍රමාද වූවත් තවමත් එ පෙරලිය අලුත් ය. මේ කියන්නේ Deep Seek ගැන ය.

Deep Seek සඳහා පිවිසීමට පහත සබැඳිය භාවිතා කල හැකිය

https://www.deepseek.com/en 

මේ පෙනෙන්නේ Deep Seek හි පෙනුම ය. එය පෙනුමෙන් අනෙකුත් Chat GPT  හෝ වෙනත් කෘතිම බුද්ධි වැඩසටහන්හි පෙනුමටම සමානය.


Deep Seek සහ අනෙකුත් වැඩසටහන් සැසඳීමක් සිදු කිරීමට මාධවගේ අදහසක් නැත. සරලව හැඳින්වීමක් සිදු කිරීම පමණි මෙහි අරමුණ වනුයේ. ඒ අනුව Deep Seek හි පහසුකම් පහත සඳහන් කරමි.

  • දිගු සංවාද සඳහා පහසුකම් ලබා දී තිබීම
  • වෙනත් වැඩසටහන් හා සමානවම ක්‍රියාකාරී වීම
  • කේත ලිවීම මගින් පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීම
  • නොමිලේ ලබා දීම
  • රූප සහ අකුරු සහ වචන පරිශීලනය කරමින් තොරතුරු ලබා ගැනීමට හැකිවීම

Deep Seek හි පහත සඳහන් පහසුකම් විශේෂ වේ

DeepSeek Chat - මෙහිදී සංවාදයක් ආකාරයෙන් Chat GPT මෙන්ම කටයුතු කරමින් පරිශීලකයාට තොරතුරු ලබා දේ

DeepSeek Coder - මෙහිදී විශේෂයෙන්ම පරිගණක වැඩසටහන් ලිවීම සඳහා පහසුකම් සහිතව නිර්මාණය වී ඇත.

DeepSeek ඉදිරිපත් වීමේදී සිදුවූ අලකලංචිය මතක ඇතිද?

DeepSeek  පරිගණක වැඩසටහන නිදහස් කිරීමට ප්‍රථම කෘතිම බුද්ධිය වැඩසටහන් පාදක වූ කොටස් වෙලඳපලේ Chat GPT, Claude AI, Gemini ආදී වැඩසටහන් සිය ආධිපත්‍යය පතුරවාගෙන සිටි නමුත් DeepSeek  පරිගණක වැඩසටහන විවෘත කල විගස අන් සමාගම් වල කොටස් මිල පහත යන ලදී. එසේම විවෘත කේත සහිත වූ මෙම DeepSeek  පරිගණක වැඩසටහන නිසා අනෙකුත්   Chat GPT, Claude AI, Gemini ආදී වැඩසටහන් හි මුදල් ගෙවා මිලදී ගත යුතු සංස්කරණ වල අලෙවිය දැඩිව පහල වැටුනු අතර බොහෝ දෙනා වැඩි පහසුකම් සහිත මෙම DeepSeek  පරිගණක වැඩසටහනවෙත යොමු විය. එසේම තොරතුරු තාක්ෂණය පිලිබඳව චීනය තුල ඇති දායකතත්වය පිලිබඳව අවධානය වැඩි විය.

වර්තමානයේ අනෙකුත් සමාගම් හා තරඟකරමින් DeepSeek  පරිගණක වැඩසටහනද ඉහල ස්ථානයක සිටින බව මාධවගේ මතයයි.  

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form