අයිස් පොහොට්ටුව!

මාධව හැමදාම කිව්වේ අපරාධකාරයින්ගේ මහගෙදර පොහොට්ටුව බවය. මේක මහා විනාශයක පෙර නිමිත්තක් වැලැක්වූවා වගේය. පොහොට්ටුවේ බත්බැලයින්ගේ අයිස් පැට්ටේරිය ගැන මේ කතාව ය.

පොහොට්ටුවේ බලු ගතිය රටටම පෙන්නූයේ අරගලයට පහර දීමෙනි. මුළු රටක් බලා ඉද්දී පොහොට්ටුවේ තුට්ටු දෙකේ හිඟන හැත්ත අරක්කු බෝතලයට වහල් වී ගෝල් ෆේස් අරගලයෙ උන්නු මිනිසුන්ට පහර දුන්නෝය. ඒ නිකම්ම නිකම් මිනිස්සු නොවේය. ඒ ජීවත් වීමේ අයිතිය ඉල්ලූ අසරණ මිනිස්සු ය. කාටවත් බරක් නොවුනු මිනිස්සුය. එහිදී පක්ෂ පාට වලට බෙදෙන තෙක් උන් සියල්ල උන්නේඑ එක කැලක් ලෙසය.

එදා පොහොට්ටුවේ බත්බැලයින් ටික රෙදි නැතුව යන්නම ගුටි කෑවේ සාධාරණයක් ඉල්ලූ මිනිසුන්ගෙන්ය. උන්ගෙන් ගුටි කා වෙනස් උන එකෙක් නැත. අද අයිස් හදන අමුද්‍රව්‍ය ගෙනැල්ලා රටේ තරුණයින් විනාශ කරන්න පාදම හදන උන්ව සුද්ධ කරන්නේද මේ ගොබ්බ රැලය.

පොහොට්ටුව වටා ඉන්නේ උපන්ගෙයි අපරාධකාරයින් ය. උන්ගේ හැමෝටම මොකක් හෝ චෝදනාවක් ඇත්තේය. නාමල්ගේ ලැම්බෝගිනි කතාන්දර, චිචීගේ කතාන්දර ඔප්පු නොවුනාට මේක අතේ පත්තූ උන සිදුවීමක්ය.

අවසානයේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට  පත් වූ අපරාධකාරයින්ගේ වැමැරීම නිසා පොහොට්ටුවෙක් අතේ මාට්ටු වී ඇත. දැන් ඌ අතුරුදහන් ය. මාධවට තියන ප්‍රශ්නය දේශභන්දුවා නැමති අමන පොලිස් කාරයා පාසල් ළමයින්ගේ බෑග් බලද්දී  ද මේවා මේ රට තුල නිදැල්ලේ සැරසැරුවේ කෝමද යන්නය?

කොහොම වෙතත් දැන් පොහොට්ටුව හෝ ගා ක්‍රියාමාර්ග ගන්නා බව දින නැති පශ්චාත්බාග ලියුම් ලියා අර පොහොට්ටු ලේකමාගේ අත්සනත් යොදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. හැබැයි එදා ලන්සාව අල්ලාගත් විට බඩුත් එක්කම අතිගරු මහින්ද උතුමානෝ හෙලිකුට්ටෙං ගොස් නාකොටික් එක ඉස්සරහම ඌව බදාගත්තා මිස බැල්ලිගෙ පුතා යැයි කණ පැලෙන්න දෙකක් ගසා පොලීසියට පදක්කම් දී උසස් කලේ නැත. පක්ෂ සාමාජිකත්වය තහනමක් ගැන හිතුවේවත් නැත.

 ඒ අපරාධ හිතකාමී කාළකණ්නි පොහොට්ටුයේ ක්‍රමයයි.  ජේ ආර් ලා පටන්ගත්ත ක්‍රමය වඩාත් හොඳින් හදාරා ලසන්ත, එක්නැලිගොඩ සහ පාස්කුවේ ලේ මතින් හොඳටම කරගෙන යන්නේ පොහොට්ටුවය. 

පොහොට්ටුව එදාත් අදත් අපරාධකරුවන් ආරක්ෂා කර පහත් තැනින් ජලය ගලා යන සේ වැඩ කරන කසික්කාඩු පක්ෂයක් කියා තේරුන් ගත යුතුය. උන්ගේ පාක්ෂිකයින් ලංකට් එකත් නැතුව මහපාරේ ගුටි කද්දී ඒ පාක්ෂිකයා වෙනුවෙන්  කටක් ඇරියේ නැති සක්කිලි පක්ෂයක් ය. පොහොට්ටුවේ ඉන්නේ මහින්දලාගේ පවුලේ අසූචි පවා රහයි කියනා පාක්ෂිකයින් රැලක් මිස අන් කවරක්ද?

පොහොට්ටුව ආපහු ගේන්න හිතන් ඉන්න උන්ට සහ පොහෙොට්ටුව ගේන්න උවමනාවක් නැති අයද දැනගත යුතු එකක් මාධව අද කැට තියා කියන්නේය.

පොහොට්ටු විරෝධි, දූෂණ විරෝධී. අපරාධ විරෝධී මාධව ඇතුළු කණ්ඩායමක් මේ රටේ ඉන්නෝය, උන් සජබ වේවා, උන් එන් පී පී වේවා උන් ශ්‍රී ලංකා වේවා! උන් නිර්පාක්ෂික වේවා කවුරු උනත් මේ පොහොට්ටුවෝ  විසින් යම් දිනෙක දේශපාලන බලය යම් හෙයකින් යලි අත්පත් කොට ලබා ගත හොත් මහා කසික්කාඩු අමානුෂික වන්නා වූ පලිගැනීමක නොනවත්වා නිරත වනු ඇත.

ඒක පොහොට්ටු ක්‍රමය මිස වෙන කුමක්ද? 

ඒ නිසා පොහොට්ටුවේ මලගම දැන් කඩිනම් කල යුතුව ඇත්තේය!

ඒක නීතියේ ප්‍රතිපාදන මතින් සාධාරණව සිදු විය යුත්තේය.

මොකද මාධවලා සතුරාට උනත් සාධාරණයක් වන නීතියක් සහිත රටක් බලාපොරාත්තුවන පිරිසක් නිසාය. 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form