2005 ට යමුද?

 

 

 

 

 

 

 

මේ දෙන්නා හිනාවෙන්නේ මහජනතාවට විය හැකිය! එහි එකල තිබූ පණිවුඩය කවුරු පැරදුනත් අපි දෙදෙනා නම් දිනුම් බව නොවිය හැකිද?  කොහොම උනත් 2005 ජන්දය තීරණාත්මක වූයේ කාරණා තුනක් නිසාය

එක  - ජවිපේ විසින් මහින්දව කර තියාගෙන යෑම ය.

දෙක - එල් ටී ටී යේ ජන්දය වර්ජයනය කිරීම ය

තුන -  අපේක්ෂකයා අතර ජන්දයේ පරතරය  180786 වීමය.

2005 වන විටදී මාධව පුංචි ළමයෙක්ය. පුංචි කිව්වාට දෙශපාලනය තරමක් තේරන හොඳ නරක  වැටහෙන සාමය අගයපු යුද්ධය නැති වසර කීපයක අත්දැකීම් සහිත යමක් කමක් තේරුන් ගත හැකි අයෙක් විය. මේ විස්තරය මාධවගේ කෝණයෙන් ලියන්නේ ඒ මතක එක්කය.

ගමට මළ මිණී පැමිණීම නතර කලේ සාම ගිවිසුම හරහා රනිල් ය. දැන් රනිල්ව කර තියාගෙන යන පොහොට්ටුවෝ දැන් මොනා කිව්වත් එකල කිව්වේ රනිල් විදේශ ඒජන්තයා බවය. ඒක පාරම් බෑව ලොකුම එකා වීරවංශ නැමති පනික්කියා අන්තිමට නතර උනේ මහින්දගේ ඔඩොක්කුවේ ය. ඉන් පසු මහතිර් මොහොමඩ්ගේ නම පතුරු ගසා රටට කෙලවා මේ ඊයේ පෙරේදා රනිල්ව බේරා ගන්ටත් ආවේ ය. ඒම නෑවිත් කොමද රනිල් උන්දැව පාස්පෝට් හුටපටෙන් බේරාගත්තු එකට කෘත ගුණ සලකණ්නත් එපැයි. 

එකල ජනද සටන උණුසුම් විය. මහින්දට දිනන බලාපොරාත්තුවක් තිබුනාට තමන් දිනයි දැයි විශ්වාසයක් තිබුනාදැයි මාධව දන්නේ නැත.  කෝම වෙතත් මහින්දගේ බලාපොරාත්තු දැල්වූයේ ජවිපේ මිස අන් කවරෙක්ද?

චන්ද්‍රිකා මහින්දට අපේක්ෂකත්වය දෙන්න අකමැති වෙද්දී  ජවිපේ එ වෙනුවෙන් පෙනී සිටියේය. චන්ද්‍රිකා මහින්දට සහය නොදක්වා මඟාරිද්දී ජවිපේ මහින්දව කර තියාගත්තේය. චන්ද්‍රිකා ළග උන් ඇච්චෝ බැච්චෝ ඇතුළු කීපදෙනෙක් ඇරෙන්න අනික් උන් නාකි අබලං සීයලා ටිකක් නිසා ජන්ද ව්‍යාපාරය පන ගහන්නට හේතු උනේද ජවිපේ ආකර්ෂණීය කතා විලාසය මිස අන් කුමක්ද?

ජවිපේ එ කලේ ඉතිහාසගත වරදක් යැයි මාධව කිසිදිනෙක කියන්නේ නැත

මොකද ජවිපේ ඒ කල දේ නිසා මහා යුද්ධය ඇවිලී ගියද අවසානයේ රටේ යුද ගිනි නිවුනේ මහින්දගේ රාජ්‍ය නායකත්වය නිසාය.  ප්‍රශ්නය උනේ යුද්ධයෙන් පසු පාලනයෙන් තොරව රට හූරන් කෑම මිස මහින්දගේ යුධ නායකත්වය පිලිබඳව මාධවට කවදාවත් ගැටළුවක් තිබුනේ නැත.

රනිල් හිටියේ ශක්තිමක් තැනක ය. ජවියේ ඇලවූ දේශ ද්‍රෝහී ලේබලය සහ මංගල කාලයක් පාරම් බෑ රනිල්ට බෑ කියන වාක්‍යය යසට හිට්ටේය. මහින්ද චින්තන යන නම ආකර්ෂණීය විය. එය විමල්ගේ නිර්මාණයක් විය. රනිල් ශක්සමත් තැනක උන්නේ සාම ව්‍යාපාරය සහ ආර්ථිකය කෙටි කලකින් ගොඩ දැමූ නිසාය. හැබැයි රනිල් චන්ද්‍රිකාගෙන් ඇරගත් ඇරගැනිල්ල අරගලය වෙනතෙක්ම ජනාධිපති වීමට නොහැකි වීම රනිල්ගේ කර්මය මිස අන් කුමක්ද?

ඒ අනුව අපේක්ෂකයින් දෙදෙනා අතර පැවතියේ තියුණු සටනකි.

රනිල්ව පරද්දන්න මුදල් බෙදුවා යැයිද ඊට ප්‍රභල දේශපාලකයින් කීප දෙනෙක් එල් ටී ටී ය වෙත ගිය බවද  එයට මංගල හා ශ්‍රීපතිගේ නම ඇඳී තිබුනේය. කලකට පසු ශ්‍රීපති වාහනය හැප්පී මලේය. මංගල බේරී සිට කොවිඩ් වලින් ගැලවීමක් නැති විය. ඒවා මාධව ඒ කාලයේ පුවත්පත් වලින් කියවූ වාර්තාය. 

මේ එයට අදාල බී බී සී පිටුව ය

https://www.bbc.com/sinhala/news/story/2007/03/070329_mahinda_ltte

අවසානයේ යාපනයේ සිදු වූ ජන්ද වර්ජනයෙන් රනිල්ට ජන්ද විශාල ප්‍රමාණයක් අහිමි විය. ඉතිරි ජන්ද ජවිපේ විසින් දිනාදුන් ජන්ද කුට්ටිය බව අමුතුවෙන් කිව යුතු නැත. දේශප්‍රේමය නැමති කිරෙන් මහින්දව නාවා භෞතීස්ම කලේ ජවිපේ පිරිස බැවින් රනිල් නැමති විජාතිකයා පැන්වීමට උතුරේ දකුණේ මිනිසුන් බලෙන් සහ සිතුවිල්ලෙන් එකතු විය. සෝමවංශ අමරසිංහ ප්‍රමුඛ ජවිපේ එදා කල දෙයින් මහින්ද නූලෙන් දිනුවා මිස, ජන්ද පරතරය මහ විශාල ප්‍රමාණයක් නොතිබුනි.

වලංගු ජන්ද 98%ක් වැටුනු  2005 ජනාධිපතිවරණයේ ප්‍රථිඵල පහත පරිදි වේ.

















ඒ අනුව ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර ජන්ද පරතරය වූයේ ජන්ද 180786 පමණී. එය ජවිපේ කුට්ටිය ජන්ද 150,000ක් සහ යාපනයේ ජන්ද 30000ක් කියා කිව්වත් රනිල් නූලෙන් දිනන්න තිබුන ජන්දයකි.

ඒ අනුව මහින්ද පළමු වර දිනා දෙවැනි වරද යුද්ධය නිමා කල උණුසුමේම ජවිපෙත් රහිතවම පාවෙන ජන්ද සියල්ල ඩැහැගෙන විශාල බලයකුත් සමඟ ආණ්ඩු සැදීමට පියවර ගත් අතර අවසානයේ 2015 දී කුජීත විී ගෙදර ගියේය. ඉන්පසු ආ ආණ්ඩු ගැන වෙනම කතා කල යුතුය.

කෙසේ වෙතත් මහින්දට මේ සා වූ බලයක් ලැබීමට හේතුව "ජවිපේ" වීම අහඹුවක් නොවේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ උන්ම කර අරිද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා මහින්දලාව කර තියාගෙන ගොස් රජ පුටුවේ ඉන්දවූ ජවිපේ දැන් පාලක පක්ෂය ලෙස සිටිනා එන් පී පී යේ හෙවත් ජාතික ජන බල වේගයේ ප්‍රධාන කොටසයි.

ඉතින් මහජන දේපල සූරන් කමින් දේශීය දළ ජාතික නිෂ්පාදනයෙන් කූඹියෙකුටත් වඩා කොටසක් අනුභව කරමින් සුර සැප විඳිමින් උන් මහින්දව නිල නිවෙසින් ඉවත් කොට සිටි තැනටම ඇද දැමීමට අයිතියක් ඇත්තේ ජවිපේ කොටස්කරුවෙක් ව ඇති එන් පී පී ආණ්ඩුවකට හැර  අන් කවරෙක්ටද?

මතක තියාගත යුත්තේ ඒ බලය එන් පී පී ආණ්ඩුවට ලබා දුන්නේ මහින්දට යුද්ධ කිරීමට බලය දුන් ජනතාවම මිස වෙන කවුරුත් නොවන බවය. 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form