අද කියන්නට යන්නේ පරිගණකයක් භාවිතයේදී ඉතා වැදගත් කාරණාවක් ගැනය. එනම් පරිගණකයක තත්වය - හොඳ නරක බව බලා ගැනීම සහ ඒවා සිදු කරණ ආකාරයන් ගැනය.
පරිගණකයක් මිලදී ගැනීමේදී හා මිලදී ගෙන භාවිතයේදී විටින් විට පරිගණකයේ තත්වයන් නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්ය. එම නිරීක්ෂණ ඔස්සේ පහත කාරණා දැනගත හැකි වීම වාසියකි.
- පරිගණකයේ තත්වය
- වැඩිදියුණු කිරීම් අවශ්‍ය වන්නේ නම් ඒ පිලිබඳ තොරතුරු
- පරිගණකයේ දෝශ සහිත විය හැකි අවස්ථා
- පරිගණකයේ නඩත්තුව අවශ්‍ය බවට තොරතුරු ලැබීම
- නව පරිගණකයක් නම් එය මිලදී ගැනීමේ අරමුණු තෘප්ත වේදැයි බැලීමට හැකි වීම
මේ ආදී කාරණා පහසුවෙන් බලා ගැනීමට තම් පරිගණකය නිරතුරුව නිරීක්ෂණයට ලක් කල යුතුය. එහිදී භෞතික වශයෙන් මෙන්ම මෘදුකාංග සහ යෙදවුම් ඇසුරින්ද තොරතුරු ලබා ගැනීම ඉතා වැදගත් වේ.
පරිගණකය තුල අඩංගු පහත උපාංග පිලිබඳව වෙන් වෙන්ව තොරතුරු ලබා ගැනීම ඉතා වැදගත්ය.
- ප්‍රොසෙසරය
- රැම් මතකය
- දෘඩ තැටිය
- රූපක - ග්‍රැෆික්ස් කාඩ් හෝ ඒ ආශ්‍රිත දේවල් පිලිබඳව
- පොදුවේ පරිගණකයේ පද්ධති ඒකකය පිලිබඳව
- ක්‍රියාකාරී අවස්ථාවේ පොදුවේ තත්වයන්
ඒ අනුව මේවා පරීක්ෂා කිරීම සඳහා එක් එක් මෙහෙයුම් පද්ධතීන් වල විවිද පහසුකම් ලබා දී ඇත.
- පරිගණකය ක්‍රිියාකාරී අවස්ථාවේදී මෙම නිරීක්ෂණ මෘදුකාංග හෝ යෙදවුම් මගින් පහත තොරතුරු ක්ෂණිකව ලබා ගත හැකිය.
- ප්‍රොසෙසරයේ භාවිතාව සහ භාවිතාකරන ධාරිතාවන්
- රැම් මතක - අහඹු මතකයේ භාවිතාවන ප්‍රමාණය සහ නිදහස්ව ඇති ප්‍රමාණය
- දෘඩ තැටිය මත දත්ත ලියන වේගය සහ එමගින් දත්ත කියවන වේගය
- ජාලයකට - Network සම්බන්ධ පරිගණකයකදී දත්ත බාගතවීම - Download සහ උඩුගතවීම - Upload වේගය
- ග්‍රැෆික්ස් කාඩ් සඳහා වූ තොරතුරු
පළමුව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය උදෙසා ලබා දී ඇති පහසුකම් මෙසේ සඳහන් කර ඇත.
Task Manager
CTRL + ALT + Delete බොත්තම් ත්‍රිත්වය එකවර එබීමෙන් මෙම Task Manager විවෘත කර ගත හැකි අතර එහි ඇති Performance කොටස මගින් පරිගණකය ක්‍රියාකාරී අවස්ථාවේදී ප්‍රොසෙසරය, රැම් මතකය, දෘඩ තැටිය, ග්‍රැෆික් කාඩ් පතේ විස්තර, සහ ජාලයකට සම්බන්ධ වී ඇතිනම් එහි විස්තර පෙන්වයි. එහිදී ප්‍රස්ථාරයක ආකාරයෙන් සහ සංඛ්‍යාත්මකව තොරතුරු පෙන්වයි.
Resource Monitor යනු මෙම තොරතුරු වැඩිදුරටත් විශ්ලේෂණය සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ලබා දී ඇති යෙදුමයි. එය Task Manager හි ඇති Open Resource Monitor මත ක්ලික් කොට විවෘත කර ගත හැකිය. එහිදී පරිගණකයේ ක්‍රියාකාරීථ්වය පිලිබඳව සවිස්තරාත්මක විස්තර පෙන්වනු ඇත.
----- ------ ------ ------ ------ ~ ~ ~ ~ ~උබන්ටු පද්ධතිය සඳහාද මෙවැනි තොරතුරු පරීක්ෂා කිරීමට අවස්ථාවන් ලබා දී ඇත. එවැනි යෙදවුම් කීපයක් පහත දැක්වේ.
System Monitor
උබන්ටු හි ඇති System Monitor යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ Task Manager හා සමාන යෙදවුමක් වෙන අතර එය ප්‍රධාන මෙනුවේ අන්තරගත කර ඇත. එමගින් ද Task Manager හා සමානව පරිගණකය ක්‍රියාකාරී අවස්ථාවේදී ප්‍රොසෙසරය, රැම් මතකය, දෘඩ තැටිය, ග්‍රැෆික් කාඩ් පතේ විස්තර, සහ ජාලයකට සම්බන්ධ වී ඇතිනම් එහි විස්තර පෙන්වයි. එහිදීත් ප්‍රස්ථාරයක ආකාරයෙන් සහ සංඛ්‍යාත්මකව ද තොරතුරු ඉදිරිපත් කෙරේ.
පරිගණකයක මෙවැනි ආකාරයට තොරතුරු නිරතුරුව පරීක්ෂා කිරීමේ වාසි පහත දැක්වේ.
- ඉදිරියේදී පැමිණිය හැකි දෘඩාංග සම්බන්ධ දෝශ කල්තියා හඳුනාගැනීමට හැකිවීම
- පරිගණකයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට අවශ්‍ය පියවරයන් තීරණය කිරීමට අවශ්‍ය දත්ත ලැබීම
- යාවත්කාලීන හෝ උසස් කිරීමට අවශ්‍ය දෘඩාංග පිලිබඳව හඳුනාගැනීමට හැකිවීම
මෙම ලිපියෙන් මාධව කෙටියෙන් කීමට උත්සහ කරනුයේ ඔබගේ පරිගණකයේ තත්වයන් පිලිබඳව නිරතුරු අවධානයෙන් සිටීම වැදගත් බව හා ඒ සඳහා ඔබට උපකාරී වන යෙදවුම් පිලිබඳව ය.