Ubuntu 24.04.2 LTS යනු අලුතින්ම නිකුත් වූ උබන්ටු හි නව සංස්කරණයයි. මීට පෙර සඳහන් කර ඇති පරිදිම විවිධ වූ උබන්ටු සංස්කරණයන් දැනට භාවිතා වන අතර මේ කෙටි ලිපිය උබන්ටු නවතම සංස්කරණය වන Ubuntu 24.04.2 LTS පිලිබඳවයි.
Ubuntu 24.04.2 LTS ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් පහත දක්වා ඇත.
ඒ අනුව පෙනී යන්නේ ඉතා අවම පහසුකම් සහිත පරිගණකයක වුවද මෙම උබන්ටු ස්ථාපනය කොට වැඩ කල හැකි බවය. නොමිලේ දෙන මෘදුකාංග රැසකින් පරිපූර්ණ වූ මෙම උබන්ටු නව සංස්කරණය සමඟ පෙර සංස්කරණ සේම Open Office හි සංස්කරණයද නොමිලේ ලබා දේ.
එසේම සිත් ගන්නා සුලු පෙනුමක් පෙර සේම ලබා දී ඇති අතර Dock මගින් සහ ප්‍රධාන මෙනුවක් මගින් යෙදවුම් වෙන (Apps) ප්‍රවේශ වීමට ඉඩ ලබා දේ.
ප්‍රධාන මෙනුව සඳහා පිවිසීමේ අයිකනය |
Ubuntu Dock |
අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා ගිනි හිවලා නොහොත් Firefox බ්‍රවුසරය ලබා දෙන අතර එය පහසුකම් රැසකින් අඩංගු වූ ගිනි හිවලා නවතම සංස්කරණය ලබා දී ඇත.
අන්තර්ජාලයෙන් යෙදවුම් ලබා දීම සඳහා පෙර සේම App Center ලබා දී ඇති අතර නොමිලේ ලබා දෙන බොහෝ මෘදුකාංග යෙදවුම් එහි අඩංගුව ඇත.
App Center |
එය ස්ථාපනය නොකර අත්හදා බැලීමට මෙන්ම වින්ඩෝස් තුල ස්ථාපනය කිරීමටද අවස්ථාව ලබා දී ඇත. Windows මෙහෙයුම් පද්ධතිය මෙන් නොව ඉතා නම්‍යශීලීව ක්‍රියාකරන්නට කැමැත්තෝ සිටී නම් උබන්ටු ස්ථාපනය කොට බලා පරිගණක ලෝකයේ නව මානයක් සොයා යන්නට පැමිණෙන ලෙස මාධව මෙහි සඳහන් කිරීමට කැමැත්තේය.
මෙම උබන්ටු බාගත කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ පහත ලිපිනය වෙත පිවිසීමෙන් සිදු කල හැකිය.
https://ubuntu.com/download/desktop
එය පරිගණකයේ දෘඩ තැටිය තුල ස්ථාපනය නොකර අත්හදා බැලීමට මෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල ස්ථාපනය කිරීමටද අවස්ථාව ලබා දී ඇත. Windows මෙහෙයුම් පද්ධතිය මෙන් නොව ඉතා නම්‍යශීලීව ක්‍රියාකරන්නට නිර්මාණය කර ඇති මෙම උබන්ටු පරිගණකය සමඟ පහසුවෙන් ක්‍රියා කරයි. වෙනසකට කැමැත්තෝ සිටී නම් උබන්ටු ස්ථාපනය කොට බලා පරිගණක ලෝකයේ නව මානයක් සොයා යන්නට පැමිණෙන ලෙස මාධව මෙහි සඳහන් කිරීමට කැමැත්තේය.