සීයලා උන්ගේ කාර්යාලයටවත් ආදරේ කර නැත!

 

ලොහාන් නැමති කාළකණ්නියා මිය ගොසිනි. ඌ මැරුණා කල් වැඩිය. උන්ට නිසි දඩුවම් නොලැබී මිය යාමට සිදු වීම කණගාටුවට කරුණක්ය. නමුත් මහජනතාවගේ සාපය බලවත්ය. ඊළග කාළකණ්නියා කවුදැයි රටම බලා සිටී. සනත් නිශාන්තගෙන් පටන් ගත්තු රැල්ල දැන් දැන් කොහේ හෝ කාළකණ්නියෙක්ව බිලි ගනු ඇත. මාධවගේ අදහස නම් ශ්‍රී ලංකාවේ මිනිස්සු නොමරා මැරූ උන් පණුවෝ ගහලා පණ පිටින් විඳවිය යුතු බවය. 

කෙසේ වෙතත් මේ කතාව උඩතලවින්න දස දෙනෙක් මරා කෙසේ හෝ නීතියේ හිඩැසින් බේරුණු ලොහාන් නැමති මහනුවර දිස්ත්‍රික්කයේ අපරාධකාරී කාළකණ්නියා ගැන නොවේය. 

මේ කතාව කියන්නේ බන්ධනාගාර ඇමති කාලයේ සිරකරුවෙකුගේ හිසට පිස්තෝල තබා තමන් පොර යැයි වැඩ දැමූ රත්වත්තේ පවුලේ කාළකණ්නියා ගැන නොවේය.

බීමත්ව ගොස් පොලීසියට මාට්ටු වී රූපවාහිනියේද පෙන්වූ පොහොට්ටුවා ගැන නොවේය.

මහින්දලා කිව්වේ රටට ලොකු පාඩුවක් බවය. මහින්දටත් නාමල්ටත් ඌ වස්තුවක් උනාට ඔකුන් මේ රටට බරකි. උගේ අප්පා වූ අනුරුද්ධ රත්වත්තේ ද සිදු කලේ යුද්ධය වවාගෙන කෑම පමණය.  වික්ටර් අයිවන්ගේ චෞර රැජින පොතට අනුව අනුරුද්ධ රත්වත්තේගේ සේප්පුවේ එකල තිබූ මුදල් කන්දරාව ඔවුන්ගේ අපරාධකාරී ඉතිහාසය පෙන්නුම් කරයි. 

පහලින් උපුටා දක්වන්නේ මුහුණු පොතේ කමෙන්ටුවකි! 

ලොහාන් රත්වත්තේගේන් රටට වුණු සේවාවල් කීපයක්..
1. ජොයෙල් පෙරේරා ඝාතනය 1997
2. මඩවල, උඩතලවින්න දස පුද්ගල මිනීමැරුම් 2001
3. W15 ක්ලබ් වෙඩිතැබීම
4. කුමාර් පොන්නම්බලම් ඝාතනය
5. සිරකඳවුරකට ගොස් සිරකරුවෙකුගේ කටට පිස්තෝල ගිනි අවිය ඔබා දණගස්සා තර්ජනය කිරීම.
6. රුවන්වැලි මහා සෑ පුදබිමට අළුයම් කාලයේ බීමතින් ගොස් පිස්තෝල අවිය පෙන්වා කලහකාරී ලෙස හැසිරීම.
7. සිය අනියම් පෙම්වතිය රාත්රී කාලයේ නිසි අවසරයකින් තොරව බීමතින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එල්ලුම් ගස පෙන්වීම.
 

මේ සා වූ අපරාධකාරී ඉතිහාසයක් ඇතැයි කියන්නා වූ ලොහාන් රත්වත්තේ අහිමි වීම ඇත්තටම පාඩුවක් වන්නේ  පොහොට්ටුව නම් වූ අපරාධකරුවන්ගේ තිඹිරිගෙයි අයිතිකරුවන් වූ රාජපක්ෂ පවුලේ උන්ටමය!

 කෙසේ වෙතත් ලිවීමට ආ ලිපිය වෙනත් කාරණාවක් ගැනය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තුවේ අලුත්වැඩියාව ගැන තමා මේ ලිපිය ලියවෙන්නේ. රනිල්ගේ මාම වූ ජේ ආර් ජයවර්ධන විධායක ජනාධිපතිගේ සංකල්පයට මේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගොඩ නඟා 225ක් වූ සභිකයින්ට භාවිතා කරමින් නීති නිර්මාණයට විවෘත වන්නේ 1978 දී ය. ඒ ගොඩනැඟිල්ල කලින් කලට පොඩි පොඩි අලුත්වැඩියාවන් සිදු කලද දැනෙන අලුත්වැඩියාවන් සිදු වෙන්නේ වසර 42කට පසුය. ඒ වර්තමාන කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සංකල්පයක් සහ මෙහයවීම මත බව පුවත් වාර්තා විය.

සැමදාම ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ දේශනා දෙන රනිල් උන්නැහේට, මහින්දලාට, චන්ද්‍රිකාලාට සහ මෙතෙක් කල් ප්‍රජාජන්චවාදය නමින් බඩ වඩාගත් මන්ත්‍රීලා ඇත්තටම රටට දෙයක් කර නැත. තමන්ගේ කලිසම හරියට තෝරාගන්න බැරි රනිල් වික්‍රමසිංහ උන්නැහේට රටට ඔනෑ දේ තෝරාගන්න බැරි වීම පුදුමයක් නොවනු ඇත. 

ඒ වගේම උන්ට බඩා වඩා ගැනීමට ඉඩ ලබා දුන් පාර්ලිමේන්තුවටද කිසි දෙයක් කර නැත. 

තමන්ගේ රාජකාරී ස්ථානයට ගෞරවයක් නැති සෙංකෝලය උස්සන් දුවන මිරිස් කුඩු ගහන ආයුධ රැගෙන විත් මැර පිටියක් බවට පාර්ලිමේන්තුව පත් කල උන්ට කොහොමත් උන්ගේ තැන ගැනවත් වගේ වගක් තිබී නැත.

ඉතින් උන් රට ගැන කෙසේ සිතම්ද?

උන් උන්ගේ බඩ වඩාගෙන පරම්පරා ගණනාවකට හම්බු කොරගන්න පමණක් කටයුතු කර ඇත.

එහෙව් එකේ තමන් ජනපති යැයි පොඩි බේබිලා දෙනම සිතාගෙන සිටියාට, 2029 උන්ගේ එකෙක් ජනපති කරන්නට ඉතින් ලංකාවේ මිනිස්සුන්ට පිස්සු නැතැයි මාධව සිතන්නේ ඒ නිසාය. 

සැමට සුභ රාත්‍රියක්! 

  • පාර්ලිමේන්තුවට අදාල ජායාරූපය - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙනි! 
  • මූලාශ්‍රය  - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙනි - 
    https://www.parliament.lk/si/news/view/4721?category=6 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form