වීදුරු තිර නාටකේ කියන කතාන්දරයෙන් කියවෙන්නෙ ජීවිතේ කියන්නෙ සෙල්ලමක් නොවන බව! කසාදයකදි සිදු වන බරපතලම තත්වයක කතාව මේක. ලංකාව වගේ රටක කොච්චර මිනිස්සු මේ විදියට විඳවනවද කියලා හිතාගන්න බැරි තරම්ම මේවා යටපත් කරගෙන අලු යට ගිනි වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් මේක!
ඒ නිසා කතාවටක බනින්න කලියෙන් තමන්ගේ ජීවිතේ දිහාව බලන්න!
පෙරුම් පුරලා කසාද බැන්දම විශාලම බලාපොරාත්තුවක් වන ලිංගික සතුට නැතිවෙන්න ප්‍රධානම හේතුව දෙදෙනාගේ ලිංගික තෝරාගැනීම් වල විශම බව වීම නිසා ඇතිවන පීඩනය, පසුබෑම සමහරවිට කාළකණ්නි ලෙස ජීවිත කෙලවර වීමකින් අවසන් වෙන්න වීම කොච්චර ඛේදවාචකයක්ද?
කාලෙකට කලින් සයපෙති කුසුම කතාන්දරයේ කතා කලේ ඔය ප්රශ්නය ගැනම තමා. තමන්ගේ අවශ්‍යතාව යටපත් කරගෙන සල්ලි වලට කසාද බැන්ද පිරිමියෙක්ගෙ සිදුවීම කතාව ඇතුලෙ පැත්තකින් කියද්දි, ඒ නිසා දුක් විඳින කාන්තාව ගැන සියුම්ව කතා කලා! ඒ සයපෙති කුසුමේ කතාන්දරය.
හැබැයි මේක ඊට එහා පෙන්වන කතාන්දරයක්!
ලංකාවෙ මිනිස්සු හැමදාම හඳ පෙන්නද්දි දැක්කෙ ඇඟිල්ල! මේ නාටකේ ගැනත් එහෙමයි!
සංස්කෘතියෙන් යටපත් කරගෙන ඉන්න සොභාවික හැසිරීම් ගැන අමුතුවට බලන රටක සමලිංගික වීම නීතියෙනුත් තහනම් කරලා තියන රටක ඇත්තටම සිද්ධ වෙන්නෙ හැංගි හැංගි වෙස් බැඳීම විතරයි.
කාඩිනල් උන්නැහේ පහුගියදාක කියනවා පිරිමි දෙන්නෙක්ගෙන් ළමයි බිහිවෙන්නෑ කියලා. පිරිමි දෙන්නෙක්ගෙන් ළමයි බිහි උනත් නැතත් උන්දැට මෙොකද? ආගමික ලොක්කෙක් කියලා උන්දැට කෝමද එම කියන්න අයිතියක්? ඒ නිසා මේ වගේ කතා දැන් අවසන් වෙන්න ඔනි!
මාධව හිතන්නෙ සමලිංගික විශමලිංගික අනම් මනම් කියලා හෝ සංක්‍රාන්තික ප්‍රජාව කියලා වෙනම බෙදෙන්න අවශ්‍ය නැහැ. තමන් ස්වාධීන වීමයි අවශ්‍ය වෙන්නේ!
තමන් සමලිංගිකයෙක් නම් ඒ බව තැන තැන අඩබෙර නොගැහැව්වුට අවශ්‍ය විටෙක වැනි වැනී ඉන්නැතිව ඒ බව නොබියව ප්‍රකාශ කරලා ජීවිතේට මුහුණ දෙන්න පුලුවන් වීමෙන් ප්‍රශ්න ගොඩක් නැති වේවි. ජීවිත විනාශ වීම අවම වේවි.
ඒ නිසා තමන්ගේ ලිංගික දිශාතතිය අඳුනා ගන්න! නිර්භීත වෙන්න! ස්වාධීන වෙන්න! තමන්ට ගරු කරන්න! එ වගේම අනේකාට ද ගරු කරන්න! නිවැරදි වෙන්න! දෙමාපියන්ගේ හෝ වෙනත් අයගේ බලපෑම් වලට යට නොවී වැඩිහිටියෙක් විදියට දුර දිග බලලා වැඩ කරන්න!
එතකොට වීදුරු තිර නාටකයේ වගේ කතාන්දර ඇති නොවේවි! මේක පොඩි ප්‍රශ්නයක් නෙමෙයි! ලංකාවේ සංස්කෘතියෙන්, ආගම් වල කඩතුරාවෙන් තාවකාලිකව වහගෙන ඉන්න මහ විශාල ගැටලුවක්!
ඒ නිසා දැන් එලියට බැහැලා ශබ්ද කරන්න කාලය ඇවිල්ලා! තවත් නිහඩව ඉඳලා මැරිලා නොයා ඉදිරි පරම්පරාවට වත් නිදහසේ සෙක්ස් ගැන කතා කරලා සෙක්ස් කියන දේ විඳලා මැරිලා යන්න පාර හදලා දෙන්න!
ඒකෙදි ආගම් වලටයි ආගම් වල පූජක හැතිකරේටයි බම්බු ගහගෙන පැත්තකට වෙන්න කියන්න!
එච්චරයි!