කාන්තාවන්, දරුවන් දූෂණය වීම ගැන හැමෝම කතා කරන නමුත් පිරිමි වැඩිහිටියන්ද අතරවරයට ලක් වීම ගැන කිසිවෙක් කතා නොකරන්නේ කිමද?
හැඩි දැඩි පිරිමියා සියල්ල දරාගෙන ඉවසාගෙන සිටිය යුතු නිසාද?
සිනහවකින් එය අමතක කල යුතු නිසාද?
අසංවේදී සමාජයක සියල්ලෝම අයිතීන් වෙනුවෙන් හඩ නඟන මොහොතක, පිරිමියා සිය අයිතීන් නිහඩව දිනාගත්තා මිස, ගැහැණුන් මෙන් පාරවල් වල සමතැන, නිසි තැන යැයි මුරගෑවේ නැත.
ඇබින්දකදී වුවද මුරගාන කාන්තාවකට තඩි නොබා පසු බසින පිරිමින්ගේ අගය දැනෙන්නට නම් සිරුරේ රක්ත වර්ණ පැල්ලම් සහිතව හඩන කාන්තාවක සමඟ කතා කල යුතුය. ඒසේ නොවන්නේ නම් ඔබට එම වටිනාකම් නොපෙනෙන්නේය.
කාන්තාවක් දූෂණය වීම සමාජය කැළඹීමෙන් කම්පිතවීමෙන් පුරවාලූ නමුදු පිරිමියා වෙත සිදුවන හිංසාවන් සරල ලෙස දැකීමට සමාජය පුරුදු වී තිබීම කෙසේවත් වෙනස් කල නොහැකි තැනට පත්වී ඇත.
එනයින් පිරිමියා සිය සැනසීම සොයා යා යුතු ව ඇත්තේ අනියම් ක්‍රම වලින් මිස වෙන කෙසේද?
නිවසේදී, මාවතේදී, කාර්යාලයේදී හෝ වැඩබිමේදී, සමස්ථයක් ලෙස සමාජයේදී අසරණ වෙන පිරිමි පුද්ගලයාට සහනයත් වන්න සූදානම් සමාජයක් නොමැත්තේය.
බසයේදී ගැබිණි මවට අසුන ලබා දෙන්නේ පිරිමින්මය. එය ගැහැණියකටම කල නොහැක්කේ මන්ද?
අසීරු රැකියාවලට බඳවා ගන්නේ පිරිමින් ය. කාන්තාවන් ආරක්ෂා වී පිරිමින් විනාශ විය යුතු බවද ඒ පවසන්නේ?
පුරුෂ මූලික යැයි කියන සමාජය සැබැවින්ම පුරුෂ මූලිකද?
නිවසේදී පාපිස්ස පවා තිබෙන්නේ බිරිඳගේ අණට අනුව නම්, මවගේ අණට අනුව නම් එයි පුරුෂ මූලික පවුල් ඒකකය කොහිද?
කෙහෙම්මලකි! පුරුෂ මූලික සමාජයක් යනු නිකම් වාක්‍යයක් පමණි. කාන්තාව කපටිකමින් සියල්ල සිදු කරගන්නා සමාජයක පුරුෂයා සැබැවින්ම අනාරක්ෂිත ය.
හොඳින් හිතා බලන්න! සත්‍යය මෙය නොවේද?
ලෝකයේ ජීවය උපදවාලීමට පුරුෂ බීජය පවා කැපකරන්නා වූ පුරුෂයින්ට මෙයට වඩා ගරුත්වයක් ලැබිය යුතු වන්නේය! කාන්තාවකට ලැබෙන්නේ යම් ගෞරවයක්ද? ඒ හා සමාන ගරුත්වයක් පුරුෂයාටද හිමි විය යුතුය!