ජාත්‍යන්තරය ඉස්සරහ බුදු බණ කියන්නට අල් ජසීරා ගිය රනිල් හොඳටම නාගත්තේය. රට ආරක්ෂා කරන්ට කටයුතු කලා යැයි පාරම් බාන බයියෝ වෙනුවෙන් මාධව කියන්නේ ආයෙම හොඳට වැඩසටහන බලන්ට යැයි කියලාය. කුමක් නිසාද යත් රනිල් එහිදී රෙදි ගලවා ගත්තේ තමාන්ගේ පමණක් නොම තමන් නියෝජනය කරන දේශපාලන පන්තියේ බොහෝ දේවල් එක්කමය.
මේ ඒ ගැන මාධවගේ අවංක අදහස ය.
වැඩසටහන ආරම්භයේදීම සුහදව ආරම්භ වුනු සාකච්ඡාව ඉක්මණින්ම උණුසුම් විය. වැඩසටහන නැරඹූ මාධවගේ සිතට එක් වරම ආ අදහස වූයේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සිය අදහස් තුලින් රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කිරීමේ වගකීම මැනවින් ඉටු කිරීම සිදු කරන බව ය. රට තුලදී පම්පෝරි ගැසුවද, මානව හිමිකම් සම්බන්ධව හෙතෙම තැකීමක් නැති බව ලබා දුන් සියලු පිළිතුරු වලින් පෙනී ගිය බවයි මාධවද තේරුම් ගත්තේ. ව්‍යවස්ථාව ගැන නිතරම කයි කතාන්දර පවසන වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා ව්‍යවස්ථාව කඩමින් කටයුතු කිරීම ගැන ප්‍රශ්න වලදී වල් පල් උත්තර ලබා දී ගැලවෙන්නට උත්සහ කලේය. කිසිදු කණගාටුවක්, වගවීමක් නොමැතිව මාධ්‍යවේදියාගේ ප්‍රශ්න වලින් ලිස්සා යාමට ගිය ඔහුට එය කිරීමට නොහැකි වී සාකච්ඡාව තුල අසරණව වල් පල් දොඩවන තත්වයටම ඇද වැටුනු අයුරු ලෝකයක් මේ වන විට නරඹා ඇත.
රට බංකොලොත් කල පුද්ගලයින් පිලිබඳව සඳහන් කිරීමෙදී ද සිය හීන් සීරුවේ ලිස්සා යාමේ තියරිය භාවිතා කරන්නට ගියද, මාධ්‍යවේදියා ඉපදීමටත් පෙරම තමන් දේශපාලනයට ආ බව කියමින් පම්පෝරියක් ගැසුවද, හෙතෙම අමාරුවේ වැටුනේ රැජිනගේ සහ ජපානයේ පැවැත්වුනු රාජ්‍ය අවමංගල්‍යයන්ට සහභාගී වීමට සිදු කල වියදම් අධික බවට නැගුනු ප්‍රශ්නයෙනි. එයට ඔහු ලබා දුන්නේ බොහොම බාල පන්නයේ පිලිතුරකි. එය සභාවට සිනා යාමට තරම් බාල පිළිතුරක් බවට පත් විය. මේ ශ්‍රී ලංකාව නැමති රට පාලනය කරන්නේ මෙවැනි පටු දෙකයි පනහේ අදහස් ඇති අය බවට එනයින් ජාත්‍යන්තරය තුල තවත් තහවුරු කිරීමට රනිල් සමත් විය. එයින් ඔහු ලංකාවේ මිනිසුන්ගේ ජන්ද අයිතියෙන් පාර්ලිමේන්තු යන අයගේ සලු පටවල් ජාත්‍යන්තරයේදී උනා දමන ලදී.
කල් දැමූ ජන්දය ගැන චෝදනාවෙන් ගැලවීමට ඔහු දුන් පිළිතුරු හාස්‍යජනක මෙන් පෙනුනද ඒවා දේශපාලනයේ තිබූ අඩු තත්වය කියා පාන පිලිතුරු ලෙස මාධව දකින්නේය. සාධාරණ පිළිතුරක් ලබා දීමට නොහැකිව වල් පල් කියවීමෙන්ද පෙනී යන්නේ මේ වික්‍රමසිංහ උන්නැහේගේ බාල දර්ශනයයි.
කෙසේ වෙතත් සාකච්ඡාව තවදුරටත් උණුසුම් කිරීමට උත්ප්‍රේරකයක් වූයේ බටලන්ද ගැන කතාව මෙන්ම රනිල්ගේ නොනිල පෙම්වතා යැයි එකල කියවුනු, බටලන්ද කොමිසමට රහසිගත සාක්ෂියක් ලබා දී පසුව ඝාතනය උනු වින්සන්ට් ගැන එලි වීමය. එම ප්‍රශ්නය හමුවේ රනිල්ට හැඟම් පාලනය කර ගැනීමට බැරි බව මුහුණෙන් මනාව පිළිඹිබු විය. පාර්ලිමේන්තුවට වාර්තාවන් ඉදිරිපත් කර නැතැයි කියමින් ප්‍රශ්නයෙන් ගැලවීමේ ප්‍රයත්නය දරමින් ලිස්සා යාමට උත්සහ කරනු ලැබූ රනිල්ගේ ප්‍රයත්නය අසාර්ථක ප්‍රයත්නයක් විය. මක් නිසාද යත් කොහේ වත් නැතැයි කී බටලන්ද කොමිෂන් සභා වාර්තාව එතන සිටි මාධ්‍යවේදිනිය විසින් පෙන්වීම නිසාය. රනිල් දැනගත යුතු වන්නේ අල් ජසීරා මාධ්‍යකරුවා කතා කලේම කරුණු කාරණා දැනගෙන බවය. ලංකාවේ දෙකයි පනහේ මාධ්‍ය සාකච්ඡා මෙන් නොව ඔවුන් ප්‍රශ්න වලට නිසි ලෙස සූදානම් ව පැමිණි බව පෙනෙන්නට තිබුණි.
බටලන්ද කොමිසම වාර්තාව ප්‍රසිද්ධ වීම ද මෙම කතා බහ උණුසුම් වීමට ප්‍රධාන හේතුවක් විය. කෙසේ වෙතත් රනිල් හැමදාම කලේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය කියමින් මිනිසුන් ඇන්දීමය. පාර්ලිමේන්තු කොමිෂන් ගැන කියමින් හැමදාම කලේ කොලේ වහ ගැනීමය. තමන්ගේම හෙංචයියන් ලවා කොමිෂන් වාර්තා නිර්මාණය කොට තමන් නිර්දෝශී කරවා ගැනීම ලාංකික දේශපාලනික සංස්කෘතියේ අංගයකි. එය රනිල්ද එසේම අනුගමනය කර ඇති බවයි තවදුරටත් කතාවෙන් පෙනී ගියේ....
ඉතින් සමස්ථයක් ලෙසින් ගත් කල උක්ත වැටසටහනට ටයි කෝට් දමා පැමිණි වික්‍රමසිංහ උන්නැහේ අන්තිමට හෙලුවෙන් සභාවෙන් නික්ම ගියේය.
නන්දන වීරසිංහ විසින් ලියූ යාපනය ගිනි ලෑම සහ බටලන්දට ගිනි තැබුවෙමු යන පොත් යුගලය කියවා ඇති අයෙකුට රනිල් වික්‍රමසිංහව උගතෙක් ලෙස පෙනීමට කිසිසේත්ම ඉඩක් නැත. පාස්කුවේදී සජීවීව ජාත්‍යන්තරය වෙත අදහස් දැක්වූ අයුරු මතක අයෙකුට රනිල් මානව හිතවාදියෙකු ලෙස පෙනෙන්නට විදියක් නැත. අරගලයේ පිහිටෙන් කණාවට ජනාධිපති වුනු රනිල් මිලිටරි බලය යොදා අරගල කරුවන්ට පහර දුන් අයුරු මතක නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස සැලකිය නොහැක. උද්දච්ච ලෙස හැසිරීම් පෙන්නුම් කල ඔහු සැබෑ පාලකයෙක් නොවන්නේය.
රනිල් යනු අසමත් මිනිසෙකි. රට නිසි මගට ගත්තා යැයි පවසන නමුත් වර්තමාන කෝප් කමිටු හමුවේ දිගහැරෙන්නේ ඔහුගේ නාස්තිකාර පිලිවෙත් මිස වෙන මොනවාද? බටලන්ද වාර්තාව අනුව දස වද දී තරුණයින් බර ගණනක් මරා දැමීමට ඍජුව හවුල් වී ඇති මොහු අපරාධකරුවෙක් නොවන්නේද?
රනිල් සැබැවින්ම භාවිතා කරන වචන වල ඇත්තේ ඔහුගේ ගැලවිජ්ජාවට නිර්මාණය කර ගත් කතා මිස වෙන මොනවාද? බටලන්ද චෝදනා ලාභියා අන් අයට පිළිතුරු දෙන්නේ බුදු බණ භාවිතයෙන් ය. බැංකු හොරා යැයි චෝදනා ලාභියා අවවාද අනුශාසනා කරන්නේ ගාන්ධි ඇසුරෙන් ය. ගුරුවරුන්ට අමානුෂිකව පහර දෙන්න අණ කල රනිල් ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය භාවිතා කරන්නේ තමන්ගේ ගැලවිජ්ජාවට සහ විලි වසා ගැනීමට මිස අන් කුමකටද?
ඇත්තටම මේ රටේ ඉන්නා ලොකුම භයානකම මිනිසා රනිල් වික්‍රමසිංහ බව මාධව සිතන්නේ අතීතයේ මෙන්ම වර්තමානයේදී ද ඔහුගේ හැසිරීම අනුව ය. එහෙව් රනිල් ගැන කවි ලියන්නෝ කවුරුන්දැයි මාධවට සිතෙන්නේය. රටේ බත් පතට කෙලිය රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීමේ මුර කරුවා මිස රනිල් යනු අන් කවරෙක්ද?
වැලිකඩ බන්ධනාගාර සිදුවීම, මහ බැංකු වංචාව ඇතුලු අපරාධ ගණනාවක් යට ගැසූ ඔහු සුදුසු රාජ්‍ය පාලනය සඳහා නොව කල්දේරම් බත් ඉවීමට යැවීමට ය.
නන්දන වීරසිංහගේ පොත් වල ඇති තොරතුරු අභියෝගයට ලක් වී නැත. කතාන්දර කියවෙන හැටියට චන්ද්‍රිකා බටලන්ද කොමිශන් වාර්තාව යට ගැසුවේ නැතිනම් රනිල්ට බඩුම තමා ය. ඒ් නිසා ඒ දෙදෙනාගේ මිතුදම ගැන සැකයක් නැත. පාස්කුව කෙරෙහි කිසිදු හැඟීමකින් තොරව කටයුතු කල මේ අධම මිනිසා අඩුම තරමේ ඒ පිලිබඳව කණගාටු වන බවක් වත් කියා නැත. කෙසේ හෝ වගකීමෙන් මිදුනු ඔහු ඒවා පොලිස්පති පූජිතට, ආරක්ෂක ලේකම්ට සහ එකල හිටි ජනපති අර කාළකණ්නි සිරිසේනයාට බෝලය පාස් කර ඇත.
නමුත් රටක රාජ්‍ය ආරක්ෂාව බිඳ දමා මිනිසුන් මිය යාමට සැලැස්වීම වෙනුවෙන් රනිල් ද වග කිව යුතු වන්නේ ඔහු එ වන විට මහජන චන්දයෙන් පත් වූ අගමැති නිසා ය. ඒ වගකීමෙන් පැන යාමට ඔහුට නොහැකිය.
බටලන්ද ගැන වර්තමාන ජනපති අනුරට සහ අගමැති හරිනිට ඇත්තේ අපූරු අවස්ථාවකි. සිය පක්ෂයේ සගයින් මෙන්ම පක්ෂයට අදාල නොවූ අහිංසකයින්ද මරා දැමූ මේ අධම මිනිසා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අනුර ඇතුළු ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමක් විය යුතුය.
බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ අලුතෙන් ඒ සම්බන්ධව කටයුතු සිදු කොට නිකරුණේ අතුරුදහන් කල හෝ මරා දැමුණු මිනිසුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට අනුර දිසානායක ජනාධිපතිවරයා තරම් සුදුසු මිනිසෙක් මේ ලංකාවේ තවත් නම් නැත.
මක් නිසාද යත් අනුර ගොඩනැගුනේ ඒ සාවූ උදාර මිනිසුන්ගේ මල සිරුරු වලින් ගලා ගිය රුධිරයෙන් පන්නරය ලැබූ පක්ෂයෙනි.
මටත් රනිල් ගැන ඇති මෙව්වා එකක් නෑ, එත් මෑන් බල්ලටම් දාලා නිසා ලියන්නේ
ReplyDeleteරට බන්කොලොත් උනේ රාජපක්ෂලාම නිසාද? ඉකොනොමට්ට ලියන ලංකාව නය ගත්ත හැටි බලන්න.
බටලන්ද ගැන රනිල්ට කියන්න දෙයක් නෑ, එයාට දඬුවම් දුන්නේ නැත්තේ කව්ද? එදා ආණ්ඩුව ප්‍රේමදාසගේ නේද?
රටම ගිනිතියන බුරියානි අරගලය පාලනය නොකරේ නම් අද රටක් ඇත්ද? හමුදා ලොක්ක රට එයාගේ අතට එනකන් බලා හිට්යා කියලා ඇහුනද? එහෙම උනා නම් ඉන්දියාව මොනවා කරයිද?
රනිල් අසමත්? හැමෝම දිව්ව වෙලාවේ ඉදිරියට ආව එකම අසමත් මිනිහා (මට හිනා)
රනිල් උද්දච්ච බව ඇත්ත, මෑන් එකම වෙන්න පුළුවන් ඉගෙනුම, දනය, බලය තියෙන නිසා
වැලිකඩ බන්ධනාගාරයේ මොන සිදුවීමද? එදා STF දෙවෙනියා රණවන ගේ ඔලුවට උඩින් ගිය වෙඩි පාරවල් දැක්කද? ඒවා යුබටේ අදත් බලන්න පුළුවන්. වහලේ සංදර්ශන දැම්ම උන් ගාව තිබුනේ බට තුවක්කුද? නම් හොයලා මැරුව වෙන්න පුළුවන්. රංගජීව ඉස්සර උන නිසා අදත් ඉන්නව නේ.
ජනපති අනුරට සහ අගමැති හරිනිට ඇත්තේ අවස්ථාවක් ඇත, බටලන්ද පමණක් නොව ජවිපෙ අතින් මැරුම් කෑ අපේගමේ ග්‍රාමසේවක, චන්දෙ දාන්න ගිය ගුරුවරයා, හමුදුරෝවෝ උපකුලපති, තේවිස් ගුරුගේ, විජය කුමාරතුංග ඇතුළු අනෙක් දේශපාලන පක්ෂ නායකයින් ගැනත් සදාරණයක් ඉටුකිරීමයි
එතකොට ඔබ කියන්නෙ රනිල් මේ සිදුවීම් වලට වගකියන්නැති බවද? මම නං කියන්නෙ අපරාධකරුවන් ආරක්ෂා කිරීමෙන් රනිල් කරපු වැරැද්ද සේරටම වඩා උඩින් තියෙන්නෙ!
Deleteමේ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ රනිල් වුවද මේවා ලංකාව පාලනය කළ සෑම පාලකයෙකුගෙන්ම ඇසිය යුතු හා ඔවුන් පිළිතුරු දියයුතු ප්‍රශ්න ය. වත්මන් පාලකයින් පවා මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන සිටීම වැදගත් ය.
ReplyDeleteඅනිවාර්යයෙන් වර්තමාන පාලකයින්ට මේවා නැවත සිදු නොවීමේ වගකීම තිබෙනවා
Delete