මාධවගේ අදහස නම් වර්තමාන නීතිපති උන්නාන්සේ හොඳම තැනින් ආණ්ඩුවට කෙලවන්නට පටන් ගෙන ඇත්තේය. ජනාධිපති පෙනුමට හොඳහැටි නිදිය! අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුව ඔහේ බලන් ඉද්දී දෙකයි පනහේ පැරණි රංචුව සියල්ල කඩාකප්පල් කරමින් සිටින්නෝය. 3න් දෙකේ බලයක් ආණ්ඩුවට හිමි වුවද පාර්ලිමේන්තුව තුල බෙරිහන් දීමෙන් විපක්ෂය ආණ්ඩුවේ කාලය නාස්ති කරමින් පාර්ලිමේන්තු කාලය සිය ග්‍රහණයට ගනිමින් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරමින් ඉන්නෝය. ආරක්ෂිතව බැට් කරමින් ඉන්නා "ආධුනික ආණ්ඩුව" පාණ්ඩුවක් කිරීමට පලපුරුදු තක්කඩින්ට අවස්ථාවක් දිය යුතු නැති බව මාධව නං තරයේ පවසන්නේය.
ඉතින් ලසන්තගේ ඝාතකයින් ආරක්ෂා කිරීමට ගත්තා වූ පියවරක් ලෙස පෙනෙන මේ ලිපිය යැවූ මේ නීතිපතිව මේ ආණ්ඩුව විසින් වහාම ඉවත් කල යුතු බව හෝ නීතිපතිම ඉල්ලා අස් විය යුතු බව මාධව දැඩිව පවසන්නේ ඒ සඳහා සාධාරණ කරුණු නීතියේම ඇති නිසාය. අනෙක් අතට අතීතයේ සිටම නීතිපතිවරුන්ගේ අනීතික සහ වැරදි ක්‍රියා කලාපයන් නිසා හිතුමතේ මෙසේ කටයුතු කිරීමට යාමෙන් අසාධාරණයට ලක් වන්නේ පොදු ජනතාව නිසාය.
ලසන්ත වික්‍රමතුංග යනු කවුද?
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කල 1958 දී උපන් ලසන්ත මනිලාල් වික්‍රමතුංග The Sunday Leader පුවත්පතේ ප්‍රධාන කතෘ විය. එම පුවත්පත මගින් සිදු කල ගවේෂණාත්මක මාධ්‍යකරණය නිසා එකල ආණ්ඩු වලින් ලසන්තට තිබුනු තර්ජනයන් සුලුපටු නොවීය. කෙසේ වෙතත් නිර්භීතව සිය පෑන මෙහෙයවූ මාධ්‍යවේදියා 2009 ජනවාරි මාසයේ අට වැනිදා මහ දවාලේ අධි ආරක්ෂක කලාපයක් තුලදී ඔහුගේම වාහනය තුල ඝාතනය කර දමන ලදී.
එම ඝාතනයට අදටත් සාධාරණයක් ඉටු වී නැත.
යහපාලන ආණ්ඩුව
යහපාලන ආණ්ඩුව මල මිනී ගොඩගනිමින් වෙනම වැඩකට අතගැහුවේය. තාජුදීන් ගොඩ ගත්තේය. ගොඩ ගැනුනු තවත් එක් මල මිනියක් ලසන්තගේය. ඒ අනුව ඉදිරියට ගිය පරීක්ෂණ වලින්හෙලි වූ ආන්දෝලනාත්මක කරුණු අනුව ඝාතනය පිලිබඳ සැකය රාජපක්ෂ ආණ්ඩුවේ බලවත්තු වෙත යොමු විය. කෙසේ වෙතත් කාරණා පෙලගැස්වී පරීක්ෂණ ඉදිරියට යද්දී මෛත්‍රීපාල ජනපති (මෑත කාලීනව ඔහු මේ රටේ උන් නීචතම අසික්කිතම ජනපතිවරයෙකි) මහින්ද රාජපක්ෂ අගමැති කල දින 52 ව්‍යවස්ථා විරෝධි ආණ්ඩුකරණයේදී පරීක්ෂණ යට ගැසීමට සමත් විය. ඒ එම පරීක්ෂණය සිදු කල නිලධාරීන් මාරු කර යැවීමෙන්ය.
එසේ හෙයින් ජන්ද පොරොන්දුවක් ම පමණක් වීමට ලසන්තගේ මරණයටත් සිදු විය.
ජාතික ජනබලවේගයේ ආණ්ඩුව
2024 දී අනුර කුමාර පුම්‍රඛ ජාතික ජනබලවේගය ආණ්ඩුකරණ්ය සියතට ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පැවති ජන්දයකින් ලැබූ ප්‍රභල ජන වරමක් සමඟය. පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයක් සහිතව ඔවුන් දැන් රට කරවමින් සිටින්නෝය.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ "මහජන ආරක්ෂාව සුරකින මිත්‍රශීලී සේවයක්" යනුවෙන් පිටු අංක 203 න් ලියා ආරම්භ කර ඇති අන්දමට යුක්තිය ඉටු කිරීම නම් වූ අනු මාතෘකාව යටතේ (ඉහත රූපයේ පරිදි ) "කාලයක් තිස්සේ නොවිසඳුණු ජනමාධ්‍යවේදීන්ගේ, ක්‍රීඩකයින්ගේ දේශපාලන ඝාතන සහ පැහැරගැනීම් විමර්ශන කඩිනමින් අවසන් කොට අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම" යන වැකිය අමතක නොකල යුතුය. එම ලිපියෙන් අදහස් කල කාරණා අතර ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය ප්‍රධාන කාරණාවකි.
නීතිපති වරයාගේ ලිපිය සමඟ මහ කලබගෑනිය
![]() |
නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කල ආන්දෝලනාත්මක ලිපිය |
මෙම රජයේ තවමත් පොලිස්පති තනතුරට ඇත්තේ වැඩ බලන්නෙක් ය. නීතිපති පරණ රනිල්ගේ පත්වීමම ය. මහබැංකු අධිපති ද ගෝඨාගේ සොයාගැනීමක් ය. කෙසේ වෙතත් මේ කියන නීතිපතිවරයා පසුගියදා අපූරු ලිපියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර ඒ මගින් ලසන්ත ඝාතනය ඇතුළු තවත් චෝදනා ලත් කීපදෙනෙක් සම්බන්ධව ඉදිරි කටයුතු සිදු නොකරන බවත්, ඔවුන් වහාම නිදහස් කල හැකි බව අධිකරණය දැන්විය හැකි බවත්, අධිකරණයේ ක්‍රියාමාර්ග පිලිබඳව තමාව දැනුවත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත.
අවාසනාවට මෙය සමාජ මාධ්‍ය වෙත යොමු වීමෙන් ඇති වූයේ මහත් කලබගෑනියකි. ඒ අනුව අද දිනයේදී මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන කීපයක් නීතිපතිවරයාට විරුද්ධව උද්ඝෝෂණයක්ද නීතිපති කාර්යාලය ඉදිරිපිටදී සිදු කරනු ලැබීය.
ආණ්ඩුව මේ පිලිබඳව ඉන්නේ නිද්‍රාශීලී පිලිවෙතක බව ඊයේ දිනයේ (05 - පෙබරවාරි) වෛද්‍ය නලින්දගේ කතාවෙන් පෙනේ. ඔහු මාධ්‍යයට කියා සිටින ලද්දේ “අපි තාම අධ්‍යනය කරලා නැහැ!” යන්න ය. අද දිනයේ දී අධිකරණ ඇමතිවරයාද පවසා සිටියේ “මාධ්‍යට කියන්න තරම් දෙයක් සිදු වුනේ නැහැ” යන්න ය. ඒ අනුව ලසන්ත ඝාතනය සිදු කල ඝාතකයින්ට නිදැල්ලේ හැරීමට මෙම ජා ජ බ ආණ්ඩුවද කටයුතු කරනු ඇතැයි සැකය පහල නොවන්නේද?
මාධවගේ සිතුවිල්ල වන්නේ හිටි හැටියේම අරගලකරුවන් විසින් ගිනි තබා යැයි පවසා වන්දි ලබාගත් විපක්ෂ ලැයිස්තුවක් (ඒ් ගැන මාධව වෙනම ලිපියක් ඉදිරිපත් කරන්ට බලාපොරාත්තු වන්නේය) ඉදිරිපත් කරන ලද්දේ ද මේ ලසන්තගේ ඝාතන සැකකරුවන් නිදහස් කිරීමේ ලිපියේ කලබගැනීය යටපත් කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා ලත් උත්සහයක් ලෙසයි. එය ඒසේ නොවන අවංක චේතනාවකින් සිදු කරන දෙයක් නම් එයට සුදුසු වෙලාව මේකදැයි මාධව විමසන්නේ සැබැවින්ම ලසන්ත ඝාතනය යටපත් කිරීමට ඉඩක් නොදිය යුතු නිසාමය.
මාධවගේ කතා තුලින් අතීතයේ මෙන්ම අද දක්වාම සහ හෙටත් මාධ්‍යකරණය වෙනුවෙන් කටයුතු කරමින් නිරපරාදේ මියගිය මාධ්‍යවේදීන් වෙනුවෙන් සාධාරණය ඉල්ලා ඇත. ලසන්ත වෙනුවෙන්ම පමණක් නොව පසුගිය ආණ්ඩු කාල වලදී තර්ජනයන්‌ට ලක්වූ මාධ්‍යවේදීන් උදෙසාද සාධාරණය ඉටු වන්නේ යැයි විශ්වාස කිරීමට නම් ආණ්ඩුව මේ නීතිපති වහාම ඉවත් කර නිත්‍යානුකූලව නව නීතිපතිවරයෙක් හරහා කඩිනම් නඩු විභාගයකින් සාධාරණ සැකයකින් තොරව වැරදිකරුවන් යැයි ඔප්පු නොවේ නම් පමණක් ඔවුන් නිදහස් කිරීම අගනේය. එසේත් නැතිව නීතිපතිවරයා යැවූ මේ ලිපියෙන් හටගත් කලබගෑනිය කෙසේ හෝ ගුලි අඹරා යටපත් කරන්නේ නම්, ආණ්ඩුවේ කෙලවා ගැනීම එයින් ඇරඹුනා යැයි සිතා ගැනීම වඩාත් හොඳය.