විපක්ෂය එකතු වීම - සජිත්ගේ අවසානය

 

සජිත් ප්‍රේමදාස වටකොට පාර්ලිමේන්තුවේ විපක්ෂය සන්ධානගත වීම ගැන මාධවගේ සත දෙක මෙසේ පළ කරන්නෙමු. කලින්ම කියනුයේ සියල්ලෝම එක්කාසු කරගෙන සජිත් වාදනය කරගන්නේ තමාගේ දේශපාලන ගමනේ මල බෙරයයි.

විපක්ෂය පවතින ආණ්ඩුවට එරෙහිව නැඟී සිටීම හොඳය. විපක්ෂයේ කාර්යය භාරය යනු ආණ්ඩුවේ මාර්ගය පිලිබඳව සුපරික්ෂාකාරී ලෙස සිටිමින් කටයුතු කිරීම ය. හැබැයි වර්තමාන විපක්ෂයෙන් පමණක් නොව අතීථයේ ද විපක්ෂයෙන් එවා සිදු වූවා දැයි ගැටළු සහගතය.

දැන් සුදනන් ලෙස පෙනී සිටින උන් ගැන වෙනම ඇබින්ද ඇබින්ද කතා කල යුතුය.

චාමර සම්පත් පිලිබඳව බදුල්ලේ ඇත්තේ හොඳ චිත්‍රයක් නොවේ. ඉඩම් අල්ලා ප්‍රාදේශීය ලේකම් කෙනෙක් සමඟ ගැටෙමින් කටයුතු කර අන්දම නොදන්නා අයෙක් නැත. අවසානයේ එය පරිපාලන අමාත්‍යාංශයේ ඉහල තැන් වෙත ගමන් කලේ ප්‍රා ලේ වරදකරු වන තැනකට යොමු වෙමින් ය. දැන් ඔහු බයියොන්ගේ වීරයා වී ඇත. ජන්ද ක්‍රමයේ පිහිටෙන් යාන්තමින් පාර්ලිමේන්තු ගිය ඔහු නන් දොඩවමින් බයියොන්ව පිනවමින් කාලය කා දමමින් ඇත.

චෝදනා ලාභී නාමල් උන්නැහේ පාර්ලිමේන්තු ගියේ ලැයිස්තුවෙනි. පාරට බැහැලා ඉල්ලුවොත් ජන්ද කලඳක් නැති බව දන්නා කපටි උන්නැහේ අන්තිමට ඒම හරි පාර්ලිමේන්තුවේ ඉඳන් අනුරලාට උපදෙස් දෙන්නේ රට කරන හැටි ය. අවුරුදු 15කට අධික කාලයක් තාත්තලා බාප්පලා එක්ක රට කරපු උන් කරපු හරිය නිසා දැන් විඳවන්නේ මාධවලා ඇතුලු ජනතාව ය. ඒ නිසා නාමල් ඔවා දෙන්නේ තමන් පරහට හිටගෙන ය. ඒවා වලංගු නැති හිස් වචන ය.

සජිත් වටකොට ඉන්නා බහුතරයක් අය පාස්කුවට සාදාරණයක් ලබා දිය යුතු වගකිවයුත්තෝය. හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා තිබ්බ උන් ය. හැබැයි උන් අන්තිමට කොචොක් කලේ ඉතා පහසුවෙන් ය. ඇත්තටම  උන් දැන් එකතු වී ඇත්තේ ඇත්තටම රටේ අපි ගැන තියන ආදරයට ද?

රටට  හොඳම එකෙන් කෙලවූ උන්ට රට ගැන හෝ රට වැසියා ගැන ඇති කැක්කුමක් තිබේද?

කිසිසේත්ම නැත!

උන් මේ එක්කාසු වෙන්නේ ආණ්ඩුවේ ගමන පෙරලා දමමින් බාල්දි පෙරලමින් රටේ ඉදිරිගමනට බාධා කරන එකටය. බලයට ඇති කෑදර කම නිසා මිස වෙන කුමකටද? උන් ඒ සඳහා සජිත්ව භාවිතා කරන්නෝය.

දැන් බලාන ගියාහම සජිත් ගැම්මෙන් ඉද්දී ඒ වටේ ඉන්නෝ බහුතරය මොක්කුන්ද?

මිනිස්සුන්ට බාල බෙහෙත් ලබා දී අන්ධ කරපු ඇමතියෙකුට විරුද්ධව කටයුතු නොකර ඔහුව බේරාගැනීමට අත ඔසවා හෘද සාක්ෂිය මෙහෙවයා සිය බලය පෙන්වූ කල්ලිය මෙහි ඉන්නෝය. උන් මහ අමනයෝය.

පාස්කුවේදී මියගිය උන්ට සාධාරණයක් වෙනුවෙන් කතා නොකල කටවල් අගුල් වැටුනු උන් ඉන්නෝය. උන් නෝන්ජලයෝය.

ජාතිවාදය අවුස්සා මිනිස්සුන්ගේ මනස දූෂණය කරපු උන් ඉන්නෝය. උන් අපරාධකරුවෝය

විල්පතත්තුවේ ගස් කැපීමට අධිකරණයෙන් දඩුවම් ලත් අයෙක් ඉන්නේය. පරිසර දූෂකයෝය.

ජනාධිපති අරමුදලේ සල්ලි සදාචාරයක් රහිතව ගත් උන් ඉන්නෝය. උන් වංචාකාරයෝය.

සිය නාලිකාවෙ නයි පෙන්නා ආගමකට අපහාස කරමින් මානසික අල්ලස් ලබා දුන් සහ ඇන්ටිජන් වලින් හම්බුකරගත් තක්කඩියෙක් ඉන්නේය. ජනාධිපතිවරණයක් සඳහා වූ කුජීතම කැම්පේන් එක කලේ මිනිහාය.  උ රැවටිලිකාරයෙක් ය.

බැදුම්කර වංචාව වසා දැමීමට මෙන්ම, බැදුම්කර වංචාවේ මහ මොලකරුවන්ගෙන් මුදල් අල්ලස් ලබා ගත් සතොස හොරාද ඉන්නේය. ඌ අපතයෙක් ය.

තාත්තාගෙන් පසු දරුවන්ට උරුම වන සේ රජයේ දේපල ලියවාගෙන ඒවා නිත්‍යානුකූල ලෙස පෙන්වීමට රජයේ නිලධාරීන් ලවා බලපෑම් කරවාගත්, අතීතයේ ප්‍රභල ඇමති පදවියක් දැරූ අයෙක් ඉන්නේය. හෙතෙම සිල් රෙදි හොරෙක් ය.

මේ ආදී වූ චෝදනාලාභීන් රැස් කරවාගෙන, වටකරගෙන සජිත් මෙලෙස ගැම්මෙන් ඉන්නේ කෙසේද?

ඉතින් සජිත්, ඔබ ඉක්මණින්ම වටහා ගත යුත්තේ මහජනතාව තවමත් අවධියෙන් බවය. එසේ නම් අතීතය ද ඔවුන්ට අමතක නොමැති බවය. ඒසේම සජිත්ට වැටහිය යුත්තේ මේ වටකරගෙන ඉන්නා බලලෝභී පිසාචයින් බඳු සහචරයින් රැල විසින් ඒකමුතු වී කපනුයේ ආණ්ඩුවේ නොව විපක්ෂ නායක තනතුර හොබවන්නා වූ සජිත් ප්‍රේමදාස නම් වූ තමන්ගේ දේශපාලනයේ මිනී වල බවය.

ඒ මිනී වලට පස් දමන එක ජනතාව සුදුසු කාලයේදී කරනු ඇත.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form