අඳුරු රාත්‍රිය නිශ්චලව තිබුනත් එක සැරේම මහ රෑ දොලහට විතර වැස්ස පටන් ගත්තා. මුලින්ම වැටෙන්න ගත්තු පොද වැස්ස, වාහන දුමින් අපිරිසිදු වෙලා තිබුනු කොල, තුරු හිස්, තුරු කඳන් වල කැත කුණු හෝදාගෙන යන මහ වැස්සක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.
අකුණු ගහන වැස්සේ පාලුවේ ඒ මහ පාරේ කවුරුත් උන්නෙ නැහැ. මහ රෑ දොලහ පහුවෙලා හෝරාවක් විතර ගත වෙද්දි ක්රාස් හඩින් තිරිංග තද කරලා මහ වැසි වතුරෙන් පෙඟුන පාර මැද නතර කලේ කලුම කලු අඳුරු වාහනයක්. ඒකෙ පැති දොර ඇරුනු විගසම පොට්ටනියක් වතුරට ඇද දැමුනා. හනික වාෂ්ප උනා වගේ වාහනය අදුර මැද අතුරුදහන් උනා.
ඒ අතරතුර පහුවදා රටේ හැම පත්තරේකම පිටුවක තිබුනා “ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලද පරිසරය භාර ඇමති රටින් පිට වේ” කියලා පුවතක්.....
දොස්තර වරුන්ට අනුව පොට්ටනියකට ඔබලා මේ පුද්ගලයාට පහර දීලා තියෙන්නෙ අමානුෂික විදියට. හිස් කබල බිඳිලා ඇතුලට ලේ බැහැලා. කකුලේ දෙනුත් පලකින් බිඳිලා, ඉල ඇට හානි වෙලා. ඔහුව අඳුනගන්න පුලුවන් කිසි දෙයක් නැහැ. හැඳුනුම්පතක් වත්. පහරදීම් වලට මුහුණ තැලිලා ඉඳිමිලා. ඔහුට කතා කරන්න වත් සිහිය නැහැ. ඇස් අරින්නෙ නැහැ. ඒත් අවසිහියෙන් මිනිහා එක ඒක දේවල් කියෙව්වා. ටික වේලාවකින් එවත් නැතිව කෝමා වගේ උනා. මිනිහා කියවපුවාගෙන් හෙදිය ටිකක් කොලේක ලියාගෙන තිබුනා.
මං තමයි කාශ්යපයගෙ උපදේශක. සීගිරිය හැදුවෙ මගේ උපදෙස් වලට. මං තමයි ඇමතිතුමාගේ බලය. මං තමයි අනාගතය දකින්නෙ. මට පිස්සු කියලා හිතන්නෙපා! ඇනා! ඇනා! ඇවිල්ලා කකුලේ තියන පුංචි මුද්ද ගලවන් පලයන්! ඇනා......
එකිනෙකට නොගැලපෙන කතාන්දර කෝමත් කියවනව ඔය මොලේට ලේ බැහැපු අනතුරුකාරයෝ. කොහොම වෙතත් දොස්තරලා මේ ලෙඩා ගැන උනන්දුවෙන් කටයතු කරපු නිසා මේ කියන ඇනා ගැන පොලීසියට කිව්වහම පොලීසියත් ඇනා ගැන හෙව්වා. හැබැයි ඔය කියන පුද්ගලයා ට සම්බන්ධ ඇනා කෙනෙක් ගැන හොයාගන්න බැරි උනා.
ලෙඩාට ප්‍රතිකාර කරන එක නැවතුනේ නැහැ. හැබැයි ලෙඩාගේ තත්වය හොඳ අතට හැරෙන බවක් පෙනුනේත් නැහැ.
-------------------------------------------------------------------------------
මං හදි හූනියම් සාත්තර කීම දැන ගත්තේ පොඩි කාලෙදිමයි. මම පොඩි කාලෙදි අපේ ආච්චි ගාව ගොඩක් කාලේ ගත කරද්දි ඇයගේ කටේ තිබුනේම හූනියම් ගැන. කොයි වෙලේත් ගමේ උන්නු බවලත් කාට හරි සාප කරේම ඔකිගේ හූනියම, ඔකිගේ නූල් පැන්නිල්ල නිසා තමා මම ලෙඩ වෙන්නේ කියලා.
පිට එව්වො පැත්තක තියන්ටකෝ. එකසැරේක තමන්ගේ පොඩි දුවගේ සැමියාගෙන් ලැබුනු පෙරේරා බේකරියෙන් ගෙනාපු කේක් කෑල්ල මල පෙරේත කමට කාලා දිරෝ ගන්න බැරුව අන්තිමට කිව්වෙ මාධවයා හූණියමක් කරලා මට මේක උනේ. ආයේ උන් මෙහෙ නාවට කමක් නැහැ කියලා. ඇත්තටම එදායින් පස්සෙ මම මාධව බාප්පව දැකලා නැහැ. මොකද එයාලා ආයෙ එහෙ එන එක නතර කලා!
ඔය වගේ ගොඩක් සිදුවීම් මැද්දෙ මම හැදී වැඩුනට මොකද මට පුංචි අසනීපයක් හැදුනම උනත් අම්මලා මාව රෝහලට අරන් ගියා. හැබැයි ආච්චිට ඒක මදි! අම්මලාගේ විරෝදය මැද මාව තනියම අරං ගිහින් හේරත් බණ්ඩාගේ දේවාලෙට නූලක් බඳින එක තමා ආච්චිට සැනසීමක් දෙන කාර්යය. එකාතකට ඇය අනික් උන්ට මොක කිව්වත් මේ මුණුපුරාට ඉහටත් උඩින් ආදරේ නිසා නෙව ඒම කරන්නෙ.
කොහොම හරි මගේ පාසල් ජීවිතේටත් ඇතුලු වෙද්දි, මම පන්ති වලින් සමත් වෙලා විශ්ව විද්‍යාලයේ යනකම්ම ආච්චිගේත් හේරත් බණ්ඩාගේත් නූල් මගේ ඇඟ පුරාම බඳින එක නතර උනේ නැහැ. අන්තිමට ඒක නතර උනේ හේරත් බණ්ඩා කොහෙන්දෝ කෙල්ලෙක් වශී කරගෙන ගෝනගල්දෙණිය පැත්තට පැනලා ගියාහම. අදටත් දේවාලේ නං පාලුවට ගිහින් ඔය තියෙන්නෙ!
හැබැයි ආච්චිගේ සෙවණේ උන්නට, ඇයගේ සෙවණේ වැඩුනට, මට ඔය මල කෝලම් විහිලුවක් වෙලා තිබුනෙ. විද්‍යාවට සහ තාක්ෂණයට ආසා කරපු මම ඔවා බොරු කියලා දැන ගත්තෙත් හරි අපූරු විදියට.
දවසක් මට උණ ගත්තා. උණ හැදුනෙ වෙන කාරණාවකට. ඒක පස්සෙ කියන්නම්කෝ. කෝම හරි දවසක් ගිහිල්ලත් මට උණ අඩු නොවුන නිසා ආච්චි මාව පේනයක් බලන්න කියලා අර මිනිහගෙ ගුබ්බෑයම හෙවත් හේරත් බණ්ඩාගේ දේවාලෙට එක්කන් ගියා.
ඒත් හේරත් බණ්ඩා ගාවට!
හේරත් බණ්ඩා තිරයෙන් වැහිලා ඉන්න දේව රූපය ඉස්සරහ ඉඳගෙන මොනාදෝ කුටු කුටු ගාලා අත්තම්මට කියපි මේ දරුව ඉගෙන ගන්න දක්ෂ නිසා කවුදෝ හූනියමක් කරලා! ඒක නිසා මේ දරුවට උණ අඩුවෙන්නෑ කියලා. මේ දරුවා පින්වන්තයි. කිසිම වැරැද්දක් කරන්නෑය! අනම් මනම් කියලා මට කහ නූලක් මතුරලා බෙල්ලෙ බැන්දා! ආයේ බෝධි පූජා පවත්වන්ටත් කිව්වා!
ඒක අහපු අත්තම්මා කිව්වෙම අල්ලපු ගෙදර පාර එපිට රේණු තමා ඔක කරන්න ඇත්තෙ මොකද ඔය ගෑනි එදා ඉඳන්ම ඊරිසියයි කියලා හිටං! ඔකිට පලි ගහන්න ඔනි කියලා කියලා සාප කරලා ඒහෙම උන්දැ හේරත් බණ්ඩට දණ ගහලම වැන්දා.
ඉන්පස්සෙ උන්දැ හේරත් උන්නැහේගෙ අතේ රු 100ක් (ඔය කියන කාලේ ලොකු ගාණක්) ගුලි කරලා තිබ්බා. අනේ හේරත් බණ්ඩගෙ කතාව අහපු වෙලේම මගේ උණ බැහැල ගියා. ඇත්තටම එදා මට උණ ගැනුනෙ ඇයි? මගේ උණ බැස්සෙ හේරත් බණ්ඩාට අනාවැකි කියන්න බැරි බව තේරුන නිසා දැනුන සැහැල්ලු මිසක් වෙන දෙයක් නෙමෙයි.
අපේ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ පැවැත්තුව ඒ කාලේ අපේ කොල්ලො කුරුට්ටෝ එකේක දේවල් අත්හදා බලනවනේ. ඒ අතුරින් මං ආසම උනේ ජරා අවලම් කතා තියන පත්තර කියවන්න. ක්‍රීඩා උත්සවයට දවස් තුනක් වගේ වෙද්දි අපේ ගැමුණු ක්‍රීඩා නිවාසේ හදලා තිබුනෙ. ඒකෙ උඩ අට්ටාලයේ අපි කීප දෙනෙක් සුදු ගෑනුන්ගෙ හෙලුවැලි රූප බල බල උන්නෙ. ඒතකොට අපිට උඩ පන්තියක අයිය කෙනෙක් එක සැරේට ඇවිල්ල ඒ කොල උදුරලා අරන් අපිට බැන්නා.
තොපිව ප්‍රින්සිපල්ට අල්ලලා දෙනවා කියලා ඌ යන්න ගියා ඒ කොල ටික සාක්කුවේ දාගෙන. ප්‍රින්සිපල්ගෙන් පුදිය ලැබෙන හැටි මැවිල පෙනුන මට ගෙදර එද්දි උණ. හේරත් බණ්ඩා එකාතකට හූනියමක් කරලා කිව්ව කතාව ඇත්ත.
මං එදා දැනගත්තා ඔකුන් පීරිසියක් දිහා බලාන කියන්නෙ අමූලික බොරු කියල.
කොහොම හරි කාලෙ ගෙවිලා මාව තේරුනා විශ්ව විද්‍යාලයට.
මම ඇනාව දැක්කෙ ඉස්සෙල්ලම විශ්ව විද්‍යාලයේදි. සුදු ජාතික පෙනුමැති ඇනා ඇත්තටම පෘතුගාලයේ කාන්තාවක්. මම හිටියෙ තොරතුරු තාක්ෂණ ඉන්ජිනේරුවෙන් වෙන්න ඉගෙනගනිමින්. ඇනා ආවේ මොකක්දෝ පර්යේෂණ වාර්තාවක් හදන්න. ඒක ගුප්ත දේවල් වලට අදාල දේවල් ටිකක්.
අහම්බෙන් කැන්ටිමේ තේකක් බොද්දි මේ අපූරු ගෑනු ලමයාව දැක්ක මම ගිහින් කතාවට වැටුනා.හඳුනාගැනීම් වලින් පස්සෙ මම ඇහුවෙ එක දෙයයි.
What is the purpose of your visit to sri lanka?
අපි දෙන්නම එකම අදහසක් දරන “ගුප්ත” දේවල් ගැන කතා ඇදිලා ආවේ එකතොට. මේ ලස්සන කෙල්ලව ලගින් ආශ්‍රේ කරන්න පොටක් මට පෑදුනේ ආන්න ඒහෙම! අපි ඇවිද්දා! නුවර ගිහින් විකුණන්න තියන යක්ෂ වෙස් මුහුණු බැලුවා. ඒවා සම්බන්ධ කරන තොවිල් පවිල් ගැන හොයලා ඒවා බලන්න ගියා. දවසක් මම ඇනාව එක්කන් ගියේ අපේ ගමේම තියෙන හේරත් බණ්ඩගෙ පාලු දේවාලය බලන්න. අවුරුදු ගාණකින් එකට මොකෙක්වත් රිංගලා නැහැ. ඒක ඇතුලට අපි ගියේ ජංගම දුරකථන වල පහන් දල්වාගෙන. ඒ අඳුරු සෙවණැලි මැද්දෙ මම දන්න ඉංග්‍රීසියෙන් ඇයට ඒ දේවල් පැහැදිලා කලා. මිනිස්සුන් පිස්සු සහ ඒවා හොඳ කරන්න කියලා යාතිකා කරන දේවල්, ලංකාවේ දේශපාලකයෝ මේවා පස්සෙ යන හැටි. ගුරුකං වලින් විවාහ බන්ධන ඇති කරන හැටි. කලවා බන්ධනය ඇති කරන හැටි. අනම් මනම් සේරම. කලවා බන්ධනය ගැන කිව්වම ඇයට මහ හයියෙන් හිනා ගියා. ඒම කරන්න පුලුවන්ද අනේ? ඇය කැඩුනු සිංහලෙන් ඇහුවම මම කලේ දන්නෑ! අපි උත්සහ කරමුද කියලා විතරයි.
Shall we try?
ඒ වෙද්දි මාස තුනක් විතර තැන තැන ඇවිදපු, එක කාමරේ බෙදාගෙන ඉඳපු අපි දෙන්නා, අමනුස්සයො පිරුණු අඳුරු කුටියක තනි වීමම හැඟුම් වෙනම ලෝකෙකට අරන් ගිහින් කියලා නොතේරුනා නෙමෙයි මටත්.
කතා බස් ඉවර උනේ ඒ පාලු ගුහාවේ හේරත් බණ්ඩගේ පුස්කාච්ච රතු රෙද්දෙන් වැහිලා ඉන්න දෙයියො ඉස්සරහ අපි පළවෙනි වතාවට දෙතොල් සිප ගන්න පටන් ගත්තම. අන්තිමට දෙයියොන්ට බම්බු ගහගන්න කියලා මමත් ඇයත් පළමු වරට රමණයක් කියන්නෙ කොයි වගේ දෙයක්ද කියලත් දැනගන්න තරම් දුරක ගියේ හේරත් බණ්ඩාගේ පාලු දේවාලෙ ඇතුලෙ පූජා මේසෙ උඩ! අපි දෙන්නා දිහා බලන් හිටියෙ බිත්තියේ එල්ලලා උන්නු විවිධ දේව රූපයි, මේසෙ උඩ තිබුන මිනී හිස් කබලයි විතරයි.
මිනී හිස් කබලත් ටික වේලාවකින් මේ රංගනයේ උද්වේගකර බව දරාගන්න බැරුව මේස පල්ලට රෝල වෙලා යන්න ගියා. ඒ පාලු මූසල ගොඩනැගිල්ලේ අපි ජීවිතේට අලුත් පියවරක් තිබ්බා. රමණය අවසානයේ අපි බිම වැතිරිලා ඒකේක දේවල් කතා කලා. ජීවිතේ ඇයගේ ආශාවන් ඇය මා එක්ක කියද්දි මගේ අරමුණු මං ඇය එක්ක කිව්වා. අපේ අදහස් ගැලපෙනවා කියලා අපිට දැනුනා. දේව රූපෙ වැහිලා තිබුන රතු රෙද්ද උදුරලා අරන් අපි ඒක බිම එලලා ඒක උඩ අමු හෙලුවැල්ලෙන් නිදාගත්තා.
අපි එදා එතනින් යද්දි මහ රෑ වෙලා. අපි අතරේ උන දේට දෙයියෝ සාක්කි කියලා කියන්න පුලුවන් කතාවක් සිදු උනේ ඇත්තටම. අන්තිමට පෘතුගාල ගෑනියි මායි අඹු සැමියෝ වෙලා. දෙයියෝ සාක්කි!
කාලය ගෙවුනා. ඇයයි මායි අවුරුද්දක් විතර එකට හිටියා. ඇයගේ රටට ඇය ගිහින් එන්න පොරොන්දු වෙලා ඇය යන්න ගියා. ඇය යන්න කලින් ඇගේ කකුලෙ තිබුන මුද්ද ගලවලා මගේ වම් කකුලේ මැඳ ඇගිල්ලට දැම්මා. කටුනායකින් යන්න කලින් ඇය මාව බදාගෙන හුඟක් ඇඩුවා. ඉන් පස්සෙ ඇය යන්න ගියා. ඇගේ ආපසු පැමිණීම ගැන මම දැනට කිසි දෙයක් දන්නෙ නැහැ.
ඔය අස්සෙ උපාධිය අහවර කරපු මම මෘදුකාංග සංවර්ධනය කරන්න පටන් ගත්තා. අන්තර්ජාලයේ පෝරමයකදි හාද උන ඉන්දියන් සික් කාරයෙක් මට කිව්වා ඒ රටේ කේන්දර ඇප් වලට පුදුම ඉල්ලුමක් තියන බව. මම දෙපාරක් හිතුවෙ නැහැ. මිනිස්සු බය කරන්න පුලුවන් දේවල් නෙව ඔය හූනියම් දේවල්.
මං හැදුව ඇප් එක උනේ හූනියම!
ඒකෙන් කරන්නෙ ඔබේ විස්තර දුන්නහම ඔබට ඇති අපල මෙන්ම ඔබට කවුරු හරි හූනියම් කරලා තියනවා නම් ඒවා පෙන්නනවා. කොම්පියුටර වලින් ඇත්ත කියනවා කියලා හිතපු හුඟක් අය ඇත්තටටම මේ යෙදුමට වශී උනා. විශේෂයෙන් නවීන දුරකථන භාවිතා කරන නාකි සල්ලිකාර නෝනලා මේවට ඉක්මණින් අහු වෙනවා.
ඇත්තටම ඒක හිතුවට වඩා නැගලා ගියා. මුහුණු පොතෙන් පවා ඒ ගැන ප්‍රචාරය උනාහම මං ගාවට ආව පිරිස පුදුම විදියට වැඩි උනා. රු 1000 ට සේවාවන් පටන් ගත්තු මම අන්තිමට ජ්‍යෙතිශවේදී ඉන්ජිනේරු කියලා නම දාගෙන ලක්ෂ ගණනින් අය කරන පුද්ගලයෙක් දක්වා ජනප්‍රිය උනා. රූපවාහිනී වැඩසටහන් දෙකක් විතර කරගත්ත ගමන් නොහිතුව විදියට ලංකාවෙ ලොකුම හාමුදුරුවරු, පල්ලියේ කෝවිලේ පූජකවරු, ප්‍රභූ ධනපති ව්‍යාපාරිකයෝ, දේශපාලකයෝ පවා තමන්ගෙ නියෝජිතයෝ මා ළගට ඒවන තරම් මේ යෙදවුම ජනප්‍රිය උනා. හැබැයි මේක හූනියම් කරන ඇප් ඒකක් නෙමෙයි. හූනියම් ගැන හොයන ඇප් එකක්. අන්තිමට හූනියම් කරන්නත් මගේ ඇප් එක සංවර්ධනය කරන්න මම පියවර ගත්තා. ඒකට මෘදුකාංග සංවර්ධනය කරන කන්ඩායමක්ම බඳවා ගත්තෙ දත්ත පද්ධතියක්ම නඩත්තුව අවශ්‍ය නිසා. මොකද හූනියම් කපලා නිදහස් වෙනවට වඩා අපේ රටේ ආගමික ධාර්මික මිනිස්සුන්ට උවමනා උනේ තව එකෙක්ට කෙලවලා ප්‍රීති වෙන්න. ඒක මේ රටේ නිදන් උන ගතියක්...
මං කලේ ඒ අවශ්‍යතාවය භාවිතා කරලා මුදල් හොයපු එක. මොකක්දෝ කරුමෙකට මගේ ඇප් එක සාර්ථක උනේ මගේම වාසනාවට. මම හූනියම් කපන්න සහ කරන්නත් පැකේජ හැදුවා. ඒවාගේ මිල ගණන් ඉතා ඉහලයි. හැබැයි මගේ බිස්නස් අඩු උනේ නැහැ.
අන්ධ ජාතියක අන්ධ බව අපූරුවට භාවිතා කරලා ඉක්මණින්ම මම පෝසත් උනා. ඇනා ආපහු අවුරුදු දෙකකින් මා ගාවට එද්දි මම ගෙයකුත් හිමි, බෙන්ස් කාර් එකකුත් පදින සල්ලිකාරයෙක්. ආවට ඇනා නතර උනේ මං කොටස් අරන් දාපු ගාල්ලේ හෝටලේ මටම තියෙන VIP කාමරේ. කවුරුත් දන්නෑ ඇනා ගැන. මං සල්ලි හොයන මගේ යෙදුම ගැන කිව්වහම ඇනා හයියෙන් හිනා උනා. You torched the real point! ඇය කිව්වෙ එච්චරයි. අන්තිමට අපි ආයේම ජීවිතේ පටන් ගත්තා! සති අන්තයේ මම ඇයව බලන්න ගියා. ඇය ඇයගේ සංචාරක ජීවිතේ පවත්වාගෙන ගියා. මං ඇයට වාහනයකුත් සල්ලිත් දුන්නම ඇය නිදහසේ ජීවත් උනා. දේවාලේ ඇතුලේ උන දේවල් හැමදාම සිදු නොවුනත් ඇනා පුදුම විදියට මට ආදරේ කලා. මාත් ඇයට ඇත්තටම ආදරේ කලා.
මෙහෙම ගෙවුන ජීවිතේ හරිම සුන්දරයි කියලා මම හිතුවා.
සේරම කණපිට ගැහුවේ රටේ පරිසරය භාර ඇමතිතුමාම, කාශ්‍යප ඇමතිතුමාම ඇවිල්ලා මගේ ඉස්සරහ ඉඳගත්තට පස්සෙ!
ඇමති ඉස්සෙල්ලම ආව දවසේ මගෙන් ඇහුවෙ සැලසුමක් ඇඳලා ගන්න පුලුවන්ද වාස්තු දෝශ සහිතව කියලා. ලොකු හෝටලයක් හදන්න. මම මං ගාව ඉඳපු කොල්ලෙක්ට කියලා හෝටලයකට සැලසුමක් ඇඳලා දුන්නා. ඒකෙ නම උනේ “සීගිරිය”. ඒ වෙද්දි මං ඒවත් කලා. හූනියම් නොවදින වාස්තු විද්‍යාත්මක ගෙවල් සැලසුම් නිර්මාණය. ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍යයි නෙව අපි.
ඉතින් මේ කියන “සීගිරිය” හෝටලය හැදුවෙ දුප්පත් මිනිස්සු ටිකක් ඉඳපු වතු කෑල්ලක් අල්ලලා. ඇමතිතුමා ඒක සද්භාවයෙන් මිනිස්සුන්ට ගෙවල් දෙන්න වගේ වැඩසටහනකින් පටන් ගත්තෙ. මුලදි මමත් පැහැදුනා. ඒත් ඒකේ සැබෑ අරමුණ දැනගත්තේ සැලසුම අඳින්න ආව දවසේ. අවුරුදු ගාණක් උන්නු ඒ මිනිස්සු තමන්ගේ ඉඩම් අතෑරලා නගරයට යන්න බලන් ඉද්දි ඇමතිගෙ මිනිස්සු ටිකක් ඇවිල්ලා ගහල පන්නලා දැම්මා. අන්තිමට එතන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අපූරු හෝටලයක් හැදුනා.
හිතට අර මිනිස්සු ගැන වේදනාවක් දැනුනත්, මම ඒවා නොසලකා හැරියා. මට අවශ්‍ය සල්ලි විතරයිනේ කියලා මම හිතුවා. ඉතින් හෝටලයට අවශ්‍ය වෙනත් තාක්ෂණික පහසුකම් සැපයීමත් මම ඇමති මාර්ගයෙන් මගේ සමාගමට පවරා ගත්තා. ජ්යොතිශ්ය උනත් හැමදාම කල්පවතින ව්‍යාපාරයක් නෙමෙයිනේ! වෙනත් අංශ අල්ලා ගැනීම අවශ්‍යයයි.
හෝටලය හැදීගෙන එද්දි ඒ ප්‍රදේශයේ අලුත් පරිපාලන නිලධාරීතුමෙක් පත් වෙලා ආවා. කලින් උන්නු නිලධාරී තැන වගේ අලුත් ඒජන්ත උන්නාන්සේ ලේසි උනේ නැහැ. අන්තිමට පරිසරය භාර ඇමති අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් වගයක් අල්ලලා කියලා ඒ සිදුවීම ලොකු තැන් වලට පත්තු වේගන යද්දි අදාල රජයේ නිලධාරියට විරුද්ධව හූනියමක් කරන්නයි කියලා ඇමති මට තවත් ලොකු ඇනවුමක් දුන්නා. නිලධාරියාගේ පවුලම හැඳි ගෑවිලා යන්නම. ඒ මෝඩ මිනිහා ඒකට මට කෝටි දහයක් ගෙවුවා. ඇමතිට කෝටි දහයක් කොහෙන්ද කියලා මම නොසිතා මම ඒ සල්ලි මගේම ගිණුමට ආසාවෙන් බැර කර කරගත්තා. ඉන්පස්සෙ මම ඇමතිතුමාගේ ලේකම්ගෙන් හූනියම වදින්න ඔනි කෙනාගේ විස්තර අහලා ඔවුන් එවපු රූපයක් එහෙම ඇතුල් කරලා වැඩේ කරලා ඇමතිවරයාට විද්‍යුත් ලිපියකින්ම දැනුම් දුන්නා. මේ සේරම කලේ ඇමති ලේකම් ඉස්සරහමයි!
හැබැයි මගේ ඒ හූණියම මටම කැරකිලා ආවේ මගේම ව්‍යාපාරික අදහස් නිසා.
කෙනෙක් හූනියම කරන්න යද්දි අදාල හූණියම වැදෙන කෙනාගේ විස්තර මට දෙනවනේ! මම ඒ විස්තර අරන් හූණියම කරලා මොනවා හරි අටෝලා දෙනවා. වින්ධිතයා වෙන්න යන (හූනියමෙන් විඳවන්න නියමිත කෙනා) කෙනාටත් මම WHATSAPP වෙතින් පණිවුඩයක් දෙනවා.
ඔයා ලගදි මේම කරා නේද? ආන්න ඒ නිසා ඔයාට හූනියම් සහ කොඩිවින කරදර තියනවා. කරුණාකර ඉදිරි විස්තර දැනගන්න නම් යෙදුම භාවිතා කරන්න කියලා. ගොඩක් අය එතකොට ඇප් එක බාගත කරගෙන අපි ළගට එනවා. සමහරු නාවත් ගිණුමට සල්ලි දාලා විස්තර කියලා හූනියම කපා ගන්නවා.
හූනියම් කරන කෙනාගෙන්ම තව පාරිභෝගිකයෙක් හොයාගන්න ක්‍රමය මං ලොකුවට භාවිතා කලේ එහෙම. මගේ නරක වෙලාවට අර නිලධාරියා ඇමතිට කතා කරලා කියලා හූනියම් කලාට මං මේවා නවත්තන්නෑ කියලා. ඔය මෝඩ බොරු වලට මං බය නැ කියලා බැනලා තිබුනා. ඇමතිගෙ ලේකම් තනිවම ඇවිල්ලා කරපු දේ අර රජයේ නිලධාරියා දන්නෙ කෝමද කියන ප්‍රශ්නෙ ඇමතිට හිතාගන්න වැඩි වේලාවක් ගියේ නැහැ. යෙදවුමෙන් ස්වයංක්‍රීයව පණිවුඩයක් යනවා කියන දේ පැහැදිලි කරනකම්වත් ඇමති මං ඉස්සහර තත්පරයක් රැඳිලා හිටියෙ නැහැ. ඒ වෙද්දි ඇමතිට දෝශාභියෝගයක් ගේන්න නියමිත වෙලා තිබුනා කියලා රාවයකුත් ඇවිල්ලා. ඒ නිසා ඇමති උන්නෙ ගිනි පෙනෙල්ලෙන් බැට කාපු නයා වගේ කිපිලා.
එදා ඇමතිගෙ ගෝලයෝ මාව ඉස්සුවා. මට දුන්නු දස වද ගැන මම මෙතන කියන්නෙ නැහැ. මාව උස්සලා නොමරා මරපු ඇමතියා, පරිසරය භාර ඇමතියා එදා රෑම රටින් ගිහින්. සැකය එල්ල වෙන්න විදියක් නැති වෙන්නම. හැබැයි ඌ දන්නෑ සැබෑ හූනියම දැන් පරිසරය භාර ඇමතියාට කැරකෙන බව. ඇමති උඹ දැන ගනින්! දැන් තමා සෙල්ලම පටන් ගන්නෙ! ඒ වෙලාවෙ ඇනා උන්නෙ සප්ත කන්‍යා ගිහින්. මං දන්නවා ඇනා! උඹ මාව හොයාගෙන එයි. ඇය ගැන තිබුනෙ ඒ බලාපොරොත්තුව විතරයි. ඇය ගෙදර නොහිටිය එක මට ලොකු සහනයක් උනා.
මොකද මං ගාව උන්නු ඇනා ආදරය වෙනුවෙන් දිවි පුදන්න සූදානම් හැපින්නක් වගේ ගැහැණියක්. ඒ කලබගෑනිය අස්සේ ඇමති ඇනාට හදි කරන්නත් ඉඩ නැතුව නෙමෙයිනේ. කොහොම උනත් මං දන්නවා ඇනා මං වෙනුවෙන් මොනා හරි කරයි. මං තව ටිකකින් යන්න යනවා! ඇනා! උඹ මට බැරි උන දේ කරපන් ඇනා. මං උඹට ආදරෙයි. ගොඩක් ආදරෙයි. මෙච්චර කලින් උඹෙන් ඈත් වෙලා යනවට සමාවෙයන් ඇනා................!
----------------------------------------------------------
ඒ බීප් නාදය ඉස්සෙල්ලම ඇහුනෙ වාට්ටුවේ කෙලෝර නිදි කිර කිර උන්නු හෙදියට ඇය දුවන් ආවේ වෛද්‍යවරුන්ට කෑ ගසමින්. කෘතීම ස්වසන යන්ත්‍රය පලක් නැති උනා. විදුලි පපු තෙරපුම් ද කිසි වැඩක් නැති උනා. දැඩිව පහර කා මොළය මැරෙමින් උන්නු නමක් නැති හඳුනාගත නොහැකි මනුස්සයෙක් මිය පරලොව ගියා. එදා රෑ පැය කිහිපයකින් අඥාත මල සිරුර මිනී කාමරයේ කෙලවරක සුදු රෙද්දෙන් වහලා තිබුනා.
මිනී කාමරේ මුරකරු දොර ගාව එලියේ නිදි. මහ රෑ ජාමේ මිනී කාමරයේ දොර ඇරුනා. ඒ ශබ්දයට ඇහැරුණු මුරකරුවාගේ හිසට පතිත උනේ ලොකු මුගුරක්. ඔහු අවසඟ වෙලා බිම ඇද වැටුනා. සුළගට වගේ ඇරුනාත අඳුර මැද උනේ කොණඩෙ කඩාගත්තු අමුතු විදියට ඇඳ පැලඳ ගත්තු ගැහැණු කෙනෙක්. එයා හෙමින් හෙමින් අඳුර මැඳින් ඇවිදගෙන අර අඥාන මිනිය ඉස්සරහ හිටගෙන මොහොතක් බලාගෙන උන්නා. ඇරුනු දොර කවුරුවේ සුළගින් ආපු හුලගට සුදු රෙද්ද ගහගෙන ගියා. තුවාල උන, කකුල් අත පය ඇද කුද උනු දම්පාට කලු පාට තැළුම් පිරුණු හිසැති මල මිනිය දැක්ක ඇයගේ දෑසින් කඳුලක් වැටුනා. ඒක කම්බුල දිගේ රූටගෙන ඇවිත් බිමට වැටිලා නිහඩබව බින්දා. හෙමිහිට පාත් උනු ඇය ඔහුගේ නලලත සිම්බා. ඒ නලල කුණු ලේ ගඳයි! සීතලයි! ඒත් ඇයට අපුලක් දැනුනෙ නැහැ. ඉන් පස්සෙ ටිකක් වෙලා බලන් උන්නු ඇය ඔහුගේ කකුලේ ඇඟිල්ලෙ තිබුන මුද්ද ගලවාගෙන ඒ සැනෙන් අඳුර තුල අතුරුදන් උනා.
----------------------------------------------------------
දින කීපයකින් පසු සිංගප්පූරුවේ තවත් ලස්සන දවසකට ඉර උදා උනා.
තරුපහේ හෝටලයේ කාමරයට කොච්චර තට්ටු කලත් සේවකයාට දොර ඇරුනෙ නැහැ. විනාඩියකට පෙර උදෑසන තේ දෙකක් ඉල්ලලා කාමරෙන් ඇමතුමක් ලැබුන නිසා තේ අරන් ගිය සේවකයට කිසි පිළිතුරක් නොලැබුන නිසා කළමණාකරු ගෙන්නලා හදිසි යතුරෙන් දොර ඇරියාම දැක්ක දසුනෙන් හැමෝම තුෂ්ණිම්භූත උනා.
කාමරයේ තිබුනෙ බිලි පූජාවක් වගේ ලෑස්ති කරපු පරිසරයක්. රුධිරයෙන් රටා බිම පුරා ඇඳලා තිබුනා. රවුමක් ආකාරයට ඉටිපන්දම් ගහලා තිබුනා. ඒ ඉටිපන්දම් රවුම මැද පුටුවක ඉඳගෙන හිටියේ මහත නමුත් තරුණ මනුස්සයෙක්. මුහුණ විකෘති වෙන්නම පිහියකින් තුවාල කරලා. මුවේ දත් එකක්වත් නැහැ. ඒ දත් සේරම අර රවුමේ හිටවපු ඉටිපන්දම් 16 ලග තියලා. එක ඉටිපන්දමකට දෙකක් බැගින්. බඩට නියන් කීපයකින් ඇනලා. ඒවා ගලවලා නැහැ! එක ඇහැකට ගම් වගයක් දාලා! ඒ ඇහැ ගන්නම දෙයක් නැහැ! ඇස් පියන් ඇලවිලා! හිස කෙස් උදුරලා! නැතින් තැන ඉටි කිරි තිබුන හැටියෙන් පෙනුනෙ ඉටි කිරි වක්කරලා පුච්චලා කියන දේ! කකුලේ නියපොතු සේරම ගලවලා කට අස්සේ ඔබලා. අතේ නියපොතු වලටත් ඒ සෙතේමයි. ඉන් පස්සෙ පාන්කඩ ඔබලා. පොලීසිය නං කිව්වෙ නියපොතු ගලවද්දි පාන්කඩ ගහලා තියෙන්න ඇති. ඉන් පස්සෙ වේදනාවට සිහි නැති උනාම නියපොතු කටේ ඔබලා කියලා.
කොඳු ඇටයේ නිල වලට වදින සේ තැනින් තැන පරාල ඇන ගහලා. ඒ ඇන සාමාන්‍ය වෙළදපලකින් ගන්න පරාල ඇන. වෛද්‍ය වාර්තාවලින් පසුව තහවුරු උනේ ඒ නිසා ඔහුට ආපසු කවදාවත් ඇවිදින්න බැරි බව. හැම තැනින්ම කුඩා තලයකින් හීනිවට පහුරු ගාලා තුවාල කරලා. ඒවයෙන් ගලපු ලේ වලින් බිම පුරා රටා ඇඳලා තිබුනා. කලවා වලට ගහලා තිබුනේත් ලොකු පරාල ඇන දෙකක්! ඒ ඇන දෙක කකුල ඉරාගෙන ගිහින් පුටුවට ඇමිනිලා තිබුනා. ඒක ගලවන්න බැරි නිසා එහෙම්මයි රෝහලට අරන් ගියෙත්!
මේ සේරම කරද්දි පුද්ගලයාගේ දෑත් පිටිපස්සට කරලා බැඳලා තිබුනෙ. ඔහුගේ බෙල්ලෙ පොඩි මාලයක් වගේ දෙයක් එල්ලලා තිබුනා. ඒ මල්ලෙ තිබුනෙ කුඩා පෙන් ධාවකයක්!
ඔහුගේ නලලේ තිබුනා පොඩි රවුමක හැඩයේ තුවාලයක්. පෙනුමට නම් මුද්දක් වගේ දෙයක් රත් කරලා තිබ්බම වගේ තුවාලයක්. හරියට හරකෙක් හංවඩු ගැහුවම වගේ!
මේ මොන දේ උනත් තාම කවුරුත් දන්නෑ මොහු කවුද කියලා! පසුව පාස්පෝට් ආදිය පරීක්ෂා කරනකම්.
මරණයට ආසන්නව සිටි ඔහු දැඩි වේදනාවකින් උන්නු බව පේන්ට තිබුනා. මොනවාදෝ ඔහේ කියෙව්වා! ඇනා! ඇනා! කොහේ ඉන්න ඇනා කෙනෙක්ද? ඔහු වේදනා විකාරයෙන් කියවන බව සැලකූ වෛද්‍ය වරු ඔහුගේ ඒ කියමන් නොසලකා හැරියා. නොමැරෙන නමුත් සදාකාලික අබ්බගාත අයෙක් වන බවට සිංගප්පූරු වෙදදුරුවන් තහවුරු කරලා තිබුනා. ඇත්තටම ඔහු ලංකාවට ආවා නෙමෙයි! ගෙනාවා.
----------------------------------------------------------
මේ සිදුවීමෙන් දවස් කීපයකින් පස්සෙ ලංකාවේ පත්තරේක මෙහෙම තිබුනා.
සිංගප්පූරුවේ තරු පහේ හෝටල් කාමරයකදී හමු වූ විකෘති වී තුවාල වූ මිනිසා පරිසරය භාර ඇමති බව තහවුරු වේ.
----------------------------------------------------------
ඊටත් පස්සෙ මාස කීපයකින් ආයෙම පත්තරේක මෙහෙම තිබුනා.
සිංගප්පූරුවේදී අබ්බගාත වූ පරිසරය භාර ඇමතිගේ කෙරුවාවල් වලට දැඩි දඩුවම්. වසර 20ක සිර දඩුවම්! දේපලද රාජසන්තකර කරයි. වන්දි ගෙවීමටද නියෝගයක්. අනෙකුත් ඇමතිවරුන්ගේද වත්කම් විගණනයට ලක් වන ලකුණු!
----------------------------------------------------------
මේවා මෙහෙම සිදු වෙද්දී හූනියම ඇප් එක කාටත් අමතක වෙලා නැතිම වෙලා ගියා.