ගවේෂණාත්මක මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද දිනයේ (2025-01-19) දිවි සැරයි නිමා කර ඇත. මියෙන විට වයස අවුරුදු 76ක් වන ඔහු ක්‍රියාකාරී මාධ්‍යවේදියෙක් ලෙස කමන්ගේම පුවත්පතක් පල කරමින් කටයුතු කල අයෙකි. අතීතයේදී බලය උදුරා ගැනීම සඳහා ආයුධ සන්නද්ධ අරගලයක නිරතව සිර දඩුවම් විඳි අයෙකි. ශ්‍රී ලංකාවේ දේශපාලනික ගමන ගැන විවේචනාත්මකව බැලූ අයෙකි.
මාධවගේ කතා වෙතින් ඔහුට සුභ ගමන් යැයි ප්‍රාර්ථනා කරන්නෙමු. මේ ඔහු පිලිබඳව මාධවගේ අදහස් ඇතුලත් කෙටි ලියවිල්ලකි.
1979 ජූනි මස 26 දින උපන් ඔහු 1986 දී මාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරන ලදී. ඊට පෙර ඔහු ජනතා විමුක්ති පෙරමුණේ “පොඩි අතුල” නමින් පෙනී සිටි කැරලිකරුවෙකු විය. 1971 දී ඇති වූ කැරැල්ලේ කටයුතු කල ඔහු පසුව සිර භාරයට පත්වී ඉන් පසු නිදහස් විය. එයින් පසු යලි ඔහු ජනතා විමුක්ති පෙරමුණට එක් නොවී ආයුධ අතට ගෙන කටයුතු කිරීම ගැන විවේචනාත්මකව අදහස් පල කරමින් කටයුතු කරන ලදී.
1986දී පමණ මාධ්‍යකරණයට පැමිණි ඔහු උතුරේ ඇති වූ ප්‍රශ්න වෙනුවෙන්පෑණ හසුරවීම සිදු කර ඇති අතර රාවය පුවත්පත විකල්ප ධාරාවේ පුවත්පත ලෙස හඳුන්වා දෙමින් පවතින දේශපාලන සංස්කෘතියට දැඩිව විවේචන එල්ල කරමින් කටයුතු කල ඔහු ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන්ගේ සමකාලීනයෙකි. ලසන්තගේ දේශපාලනික භාවිතාව පක්ෂග්‍රාහී වුවද චන්ද්‍රිකා බලයට ගෙන ඒමට සම්බන්ධ සිදුවීමේදී හැරෙන්නට අයිවන්ගේ පෑන හැසිරවුනේ දේශපාලනික භාවිතාවකින් තොරව බව මාධවගේ නිරීක්ෂණයයි.
කලු සුදු අකුරින්ම පමණක් පල කල රාවය පුවත්පතේ නම දැක්වුනේ මෙහෙමය |
1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් පෙනී සිටියේ විධායක ජනාධිපතිදූරය අහෝසි කරවා ගැනිමේ පොරාන්දුව නිසාය. ඔහු එවර ජනාධිපතිවරණයේදී ඇය වෙනුවෙන් පෙනී සිටියද පසුව ඇයට සිටි ප්‍රභලම විවේචකයා ලෙස කටයුතු කරන ලදී. අවසානයේ චන්ද්‍රිකාව චෞර රැජිනක් ලෙස හඳුන්වමින් ආන්දෝලනාත්මක කතාන්දර රැසක් චෞර රැජින යනුවෙන් පොතක් ලියා ප්‍රසිදධ කරන ලදී. එහි ඇති කරුණු අභියෝගයට ලක් වී නැත.
අන්තර්ජාලයෙනි.චෞර රැජින නමින් නිකුත් වූ පොත සඳහා හිටපු ජනපතිනියගේ රුව ඍජුවම භාවිතා කර ඇත. පිට කවරයේ රූපය අන්තර්ජාලයෙනි. |
අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා චෝදනා ලැබූ විනිසුරුවෙකුට එරෙහිව රාවය පුවත් පත ඔස්සේ ඔහු ගෙන ගිය පෑනේ සටන “නොනිමි අරගලය” නමින් පොතක් ලෙස මේ වන විට නිකුත් කර ඇති අතර එම පොත කියවීමේදී ශ්‍රී ලංකාවේ අධිකරණයේ පැවතුනු දූෂිත තත්වය පිලිබඳව පැහැදිලිව සදහන් වේ. අනීතිකව නුසුදුසු ලෙස පත් කල අගවිනිසුරු පදවියට විරෝධය පා රාවය පුවත්පතේ මුල් පිටුව සකසා තිබූ අයුරු මාධව කුඩා කල දුටු අතර අදටත් එය මාධවට පහසුවෙන් මතකයට නැගේ.
අධිකරණ නිදහසේ මලගම යනුවෙන් රාවය පුවත්පතේ මුල් පිටුව සැකසීම |
අවසානයේ එම කතාන්දර වලින් එකක් උසාවිය නිහඩයි යනුවෙන් සිනමාවටද ගෙන ප්‍රසන්න විතානගේ මහතාට හැකියාව ලැබුනු අතර එම සිදුවීම් පිලිබඳව මහජනතාවගේ පිබිදීම නම් ඉතා අල්ප බව මාධවගේ හැඟීමයි. උක්ත සිනමා කෘතියේදී ද ඔහු සිය අත්දැකීම් ඉදිරිපත් කරනුයේ කුණුවී ඇති අධිකරණ සංස්කෘතිය පිලිබඳව ඍජුව අදහස් දක්වමිනි.
මුල් කාලීනව යුධ විරෝධී මතයක උන් ඔහු මහින්ද රාජපක්ෂ යුගයේ දී එක් වරම යුද්ධය අගය කරමින් එයට සහය පල කරමින් ලිපි ලිවීම මාධවගේ ද විශ්මයට හේතු වූ අතර ඔහුගේ තර්කය වූයේ කෙසේ හෝ යුද්ධය නිම උවහොත් රට සංවර්ධනය කිරීමට ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගත හැකි බවය. විවිධ නායකයින් විසින් වවාගෙන කමින් වසර ගණනාවක් ඇදි ඇදී ගිය යුද්ධය පිලිබඳව ඔහු මුලදී දැරූ ආකල්පය වෙනස් වූයේ ඇතැම් විට යුද්ධය නිම කිරීම පිලිබඳ රාජ්‍ය නායකයා සහ සේනාධිපතිවරුන් දැරූ ඍජු අදහස් විය හැකිය.
දේශපාලනික වශයෙන් ඉතා සිත්ගන්නා සුලු ආකාරයේ ග්‍රන්ථ කීපයක් රචනා කර ඇති ෙජ්‍යෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ රාවය පුවත්පත දැන් වැසී ගොස් ඇති අතර, ඔහුගේ විශ්‍රාමයෙන් පසු කාර්යය මන්ඩලය සමඟ ඇතිවූ මතවාදී ගැටළු සහ ප්‍රාග්ධන ගැටළු එයට හේතු වී ඇති ව මාධවගේ නිරීක්ෂණයයි. මාධවද කියවා ඇති පරිදි, නොනිමි අරගලය, චෞර රැජින, දෙමල අභියෝගයථ, චෞර රැජින ආදී බොහෝ දේශපාලනික වශයෙන් වැදගත් ග්‍රන්ථ රැසක් ඔහු විසින් රචනා කර ඇත.
ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් ලෙස අභියෝග වලට මුහුණ දෙමින්, තර්ජන වලින් බැටකමින්, මරණීය අවස්ථාවන් වලින් බෙරී සිට මාධ්‍ය කලාවට නව මානයක් සිය පුවත්පත ඔස්සේ සහ ග්‍රන්ථ ඔස්සේ පෙන්වා දෙමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුගේ පෑන හසුරවමින් කටයුතු කල වික්ටර් අයිවන් මහතාට සුභ ගමන් යැයි කීමට මාධව කැමැත්තේ, “මාධවගේ කතා” හි දේශපාලනය සම්බන්ධ ලිපි ලිවීමට මෙන්ම ලාංකීය චෞර දේශපාලනය අවසන් කිරීමට ඇති උනන්දුව පහල වූයේ රාවය පුවත් පතෙහි පලවූ ඔහුගේ ලිපි කියවීමෙන් ලද උත්ප්‍රේරකයන් සහ දැනුම නිසා බව අවසන් වශයෙන් සඳහන් කරමිනි.