පසුගියදා මාධවලාගේ ප්‍රදේශයේ බසයක්
කලාවට ලතාවට බොහොම අපූරුවට තේ වත්තක තණකොල ගලෝගෙන ගියේ කීප දෙනෙකුටම මරු
කැඳවිමිනි. එම බස් රථයේ ප්‍රමිතිය ගැන කතා නොකර ඉඳිම හොඳය. ඒ බස් ගැන මාධවලා හොඳ හැටි
දන්නා නිසාය.
බොහෝ විට පවසන පරිදි ලංකාවේ පොදු ප්‍රවාහනයේ
අඳුරු පැතිකඩ එම සිදුවීමෙන් යලිත් නිරාවරණය විය.
දැන්
ආණ්ඩුවෙන් බස් රථ ප්රමිතිකරණය කිරීමේ කාරණය ඉටු කරමින් ඇත. එය කෙතරම් සාර්ථක
වේදැයි නොදන්නා මුත් එය සිදු කිරීම අත්‍යවශ්‍ය යැයි හැඟෙන්නේ පුද්ගලික බස් රථ පමණක්
නොව රජයේ ඇතැම් බස් රථද කිසිම වග විචාරයක් නොමැතිව සිදු කර ඇති අලංකරණ යැයි කියාගන්නා
හිසරදයන් නිසාය.
මේ
කියන්නට යන්නේ ඒ ගැන ය.
පොදුවේ ගත් කල ඉන්දියානු ලේලන්ඩ් සහ ටාටා ලඩ වල ඇති සැපයක් ගැන මාධව දන්නේ නැත. ඒ්වා මිනිස්සුන්ගේ ඇට මිරිකා මුදල් හෙවීඹට ආණ්ඩුව මෙන්ම පුද්ගලික අංශයද භාවිතා කරන බස් රථ ය. වෙනත් රටවල (අන්තර්ජාලයේ දැක ඇති පරිදි) පොදු ප්‍රවාහනය හා එහි මගියාගේ තත්වයන් ගැන සැසඳීමේදී ලංකාවේ පොදු ප්‍රවාහනය සහ එහි මගීන්ට ඇති තැන ගැන කතා කිරීමට මාධව කැමති නැහැ නොව කතා කර වැඩක් නැති තරමටම පහත් ය.
කෙසේ වෙතත් ආණ්ඩුවෙන් මේ ආරම්භ කර ඇති මොඩිෆිකේෂන් ගැලවීමේ කර්තව්‍යය නම් ඉතා හොඳ ක්‍රියාවක් ය.
මාධව
දැක ඇති පරිදි බොහෝ දුර ගමන් සේවා බස් රථ වල මහ හඩින් ගෝෂා කරන්නා වූ ශබ්ධ පද්ධතියක්
ඇත. එයටම පදිරි නොවන හෝන් ටිකක් ද ඇත. අහිංසක මගීන් පෙලන ශබ්දවාහිනීය මෙන්ම අහිංසක
පදිකයින් පෙලන මේ අවලං හෝන් ටික ගැලවීමම මහ පිනක් ය.
ඊළගට
වීදුරුව වැහෙන සේ පුරවා ගත් ලට්ට ලොට්ට සහ බුදු සාදු සමඟ යන මහන වූ බස් රථ සියල්ල උපැවදි
කල යුතුව ඇත. ඇතැම් බස් වල බහින තැනක් බලාගන්න බැරි තරමට වීදුරු කලු කර ඇත. ඒ මදිවාට
ජනෙල් කවුළු වල ඇත්තේ විවිධ වර්ණ මවන ආලෝක රටාවන් සහිත බල්බ් ය. සැබැවින්ම ඒවා හිසරදයක්
ය. ඒ නිසා රියදුරුට එර්දියෙන් පාර නොපෙනෙන බැවින් ඉදිරිපස වීදුරුව සැබෑ ලෙසම අවහිරයකින්
තොරව තැබීම ද, වාහනයේ ඇති කවුළු වීදුරු සියල්ල කලු නොකර තැබීම ද අනිවාර්යයෙන් සිදු
විය යුතුය.
ඊළඟට
ඇත්තේ ඒල්ලා ඇති තොරොම්බල් ගැනය. සුදු යකඩ භීෂණය ගැනය. පසුගියදා අනතුරට ලක්වූ බස් රථය
සරසා තිබුනේ සුදු යකඩ භාවිතයෙන් ය. එහෙත් එහි අසුන් ප්රමිථිගත නොවී ගැලවී තිබුනු
අයුරු නිරීක්ෂණය විය. ඇතැම් සුදු යකඩ කැලි වැදීමෙන් මහා මාර්ගයේ වෙනත් වාහන ද අනතුරුට
ලක් වන අවස්ථා එමටය. ඇතැම් බස් රථ වේගයෙන් ගමන් කිරීමේදී ෆයිබර් වලින් නිර්මාණය
කර අමුණා ඇති තටු ගැලවී මහා මාර්ගයේ වෙනත් වාහන මතට පතිත වීම හෝ පදිකයින්ට තුවාල
වීම සුලු පටු කාරණාවක් නොවන්නේය.
මාධව
නං කියන්නේ මේ බස් කලාවට යොදවන මුදල් බස් රථයේ
සම්මත තත්වයන් පවත්වා ගැනීමට යොදවන්නේ නම් එයින් ඇතිවන ප්රතිළාභ එමටය.
විවිධ
ව්‍යවසායකයින් මේ බස් රථ මොඩිෆිකේෂන් කිරීම නිසා ඔලුව ඔසවා ඇති බව සත්‍යයකි. එනමුත්
ඔවුන්ගේ ව්‍යාපාරය මගින් සිදු කරන කටයුතු නිසා පොදු ජනතාවගේ නිදහසේ ගමන් කිරීමේ අයිතියට
බාධාවක් නොවිය යුතු බව මාධව ප්‍රකාශ කරන්නේය.
මේ
කියන කතා ටිකම ටුක් වලටත් අදාලය. උන්ගේ මිදි වල්ලේ සිට මහ හඩ නගන රේඩියෝව හරිම කරදරයක්
නිසා මේ කියපු අකුරු එකක් නෑර ටුක් වලටත් අදාලය. ටුක් කියන්නේ ත්‍රී රෝද රථ බව නොදන්නා
අය නැත.
ඉතින්
අවසාන වශයෙන් මාධව කියන්නේ, මේක තමා බස් රථ
කලාව යැයි කියාගනිමින් හිරිහැරකාරී ලෙස පිස්සු නැටීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක
කිරීම ඉතා හොඳ තත්වයක්ය. අවශ්‍ය වන්නේ ඒක දිගටම පවත්වා ගැනීම ය. නොකඩවා ක්‍රියාත්මක කිරීම ය.
පදිකයින්ට
සහ මගියන්ට කිසිසේත්ම හිරි හැර නොවන පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීම දැන්වත්
සිදු විය යුතු වැදගත් කාරණාවක් ය. ඒ නිසා මාධව මේ බස් කලාව කියා ගන්නා පිංගුත්ර වැඩේ
නැවැත්වීම ගැන ඉත සිතින්ම කැමත්තේය.