ඒ් සීතල රාත්‍රියේ ඇහෙන සංගීත රාවයට ඇය නර්තනයේ යෙදුනා. තල එළලු ශරීරයේ නූල් පොටක් නැති යුවතිය සංගීත රටාවට පියවර තබමින් අපූරු ලාලිත්‍යයකට නර්තනයේ යෙදුනා. ජනේලයෙන් පෙරිලා ආව මඳ ආලෝකයෙන් ඇගේ පියවුරු නැහැවුනා...
ෂොක්මන් හිටියෙ මට්ටක්කුලියේ ෆ්ලැට් වල. ටිකක් තලත්තෑනි මනුස්සයෙක්. ශොක්මන්ගෙ ඇහැක් පොට්ටයි. ඒක සිදු උනේ කොහොමද කියලා පස්සෙ කිව්ව හැකි. ශොක්මන් කියන්නෙ අමුතු මනෝ ව්‍යාධියෙක් කියලා කිව්ව හැකි මනුස්සයෙක්. කොහොම උනත් අවිවාහක පුද්ගලයෙක් වුනු මේ මනුස්සයා ජීවිතේ ගෙව්වෙ තනිවම. කාත් කවුරුවත් නැති ලෝකයක් මිනිහට තිබුනෙ. වෙනමම මනෝ ලෝකයක් මිනිහගේ මානසික තෘප්තිය වෙනුවෙන් ඉදි වෙලා තියෙන්න ඇති.
1960 දශකයේ උපන් ශොක්මන් ඇබින්දක් ඉස්කෝලෙන් ඉගෙනගෙන රජයේ ලිපිකරු තනතුරකට පත් වෙලා වැඩ කරපු මනුස්සයෙක්. උන්නැහේ උපන්නෙ මරදාන ගෙන්දගම් පොලවෙ. අලුපාට කළුපාට පරෙයියෝ පියාඹන අලු පාට පරිසරය, මලකඩ කාපු පරණ දුම්රිය පෙට්ටි ගොඩ, මරදාන ස්ටේශම සහ ඒකෙ වෙලාව නතර උන මහ ඔරලෝසුව, විනාඩි ගානෙන් ගානට ඇහෙන යකඩ යකාගෙ ශබ්දය, පරණ බුහාරි හෝටලය කියන්නෙ ෂොක්මන් එදා ඉඳන්ම දන්න කියන තැන්.
කොහොම හරි ෂොක්මන් මරදාන ඉඳන් මට්ටක්කුලියෙ යන්න කලියෙන් මරදානේ ඇතුලට වෙන්න පොඩි ගෙදරක උන්නෙ. ෂොක්මන්ගෙ පවුලෙ නංගිලා දෙන්නෙක් උන්නා. උන් දෙන්නාව අඩු වයසෙන් බන්දලා දුන්නට පස්සෙ ගෙදර උන්නු ෂොක්මන්ට කසාදයක් ගැන හිතන්න තරම් උවමනාවක් තිබුනෙ නැත්තෙ ඒ කාලේ විසේට මරදානෙ ගෑනු පස්සෙ ගිහින් ගෑනු අප්පිරියම වෙලා තිබුන නිසාද කියලා කාටහරි හිතුනා.
පඩිය අතට අරන් මරදානෙ හන්දියේ තැබෑරුමෙන් පුංචි අරක්කු කාලක් ඒක හුස්මට කටට හලාගෙන පිටකොටුවට ගිහින් බෝ ගහ යට හිටගෙන ඉන්න බුදු වෙන්න නොව කීයක් හරි හොයාගන්න ඇඟ වෙහෙසන ගෑණු පරාණයක් දක්කාගෙන වුල්ෆන්ඩාල් වීදිය දිහාවට ඇවිදන් ගිහින් අඳුරු මුල්ලක සිතැගි සනසාගන්න ෂොක්මන් සමහරදාට එහෙම්ම රාජකාරියට වාර්තා කරන අවස්ථාවන්ද තිබුනා. කාර්යාලයේ ඉස්සරහ කැඳ කරත්තෙන් කැඳ අවුන්සයක් බීලා කාරලා කෙල ගැහැව්වම දත් මදින්නත් ඔනි නැ කියලා කාටදෝ ෂොක්මන් ඒ කාලේ කියලත් තිබුනා.
ෂොක්මන් ඉස්සෙල්ලම තමන්ගෙ ප්‍රිය රස රහස හොයා ගත්තෙ මට්ටක්කුලියේ ෆ්ලැට් වලට ගිය අලුත. ප්‍රේමදාස උන්නැහේගෙ කාලේ කොහෙම හරි ඇඳුනුම්කම් භාවිතා කොරලා තමන්ටම කියලා පුංචි ප්ලැට් කෑල්ලක් ඉල්ලා ගන්න හැකි උනේ 1990 ගණන් වල. ෂොක්මන් ප්‍රේමදාස උන්නැහේ පුපුරලා මැරුණ මැයි පළමු දා ප්ලැට් ඒකේ මිදුලේ පෙරලිලා පස් කෑවේ ඇත්තටම දුකෙන් තමා. අලුපාට මරදානෙ හුණ්ඩුවක උන්නු ෂොක්මන්ලට යහමින් ඉන්න තැනක් දුන්නු උතුම් මනුස්සයට නෙව කාළකණ්නි කොටි බෝම්බ ගැහුවෙ....
මහ රෑක තමන්ගෙ ගෙදරට යද්දි අල්ලපු ප්ලැට් ඒකෙන් කෙඳිරියක් ඇහිලා මොකද කියලා බලන්න යතුරු සිදුරට ඇහැ යවපු ෂොක්මන්ගේ පන්චේන්ද්‍රියන් හනික අවදි උනා. ඇඟේ කිසි හැඩයක් නැති උදේට නාවර පෙරාගෙන ඉන්න අල්ලපු ගෙදර සුමනක්කා අමු හෙලුවැල්ලෙන් කවුදෝ නන්නාදුනන මිනිහෙක් එක්ක සාලෙම පෙරලිලා රති සුවය විඳින අපූරුව ෂොක්මන්ව අරන් ගියේ වෙනම ලෝකයකට. යතුරු සිදුරෙන් එයා ඇවිලෙන රාග ලෝකය හරිම රසවත් උනේ එතන උන්නු මිනිහා සුමනක්කාගේ වල්ලභයා උන පියදාස නොවුන නිසාමයි.
එදා පටන්ගත්තු රස වැටිල්ල නිසා ෂොක්මන් මේ දවස එනතෙක් කල් මරාගෙන ඔත්තු බලන්න ගත්තා. ඒත් එදායින් දින කීපයක් යනකම් තිබුනු යතුරු සිදුරේ සුදිය ඒකසැරේම මහ වැස්සක් පෑව්ව වගේ නැතිවෙලා ගියා. ඉන් පස්සෙ මාස දෙකක් යනකලුත් අර නන්නාදුනන මිනිහත් සුමනක්කාගෙත් පටලැවිල්ල බලන්න තරම් වාසනාවක් තිබුනෙ නැහැ. තුන්වැනි මාසය වෙද්දි සුමනක්කලා යන්න ගියා. ගේ හිස් උනා. දැන් ෂොක්මන්ට හරිම වෙහෙසයි. මෙතන තියන රහ කොටුවෙ බෝධිය වටේම ඉන්න ගෑනු කන්දරාවම එක්ක එක සැරේ නිදි වැද්දත් නැති බව ෂොක්මන්ට දැනුනා.
ඉතින් ෂොක්මන් තැනින් තැන යන්න පුරුදු උනා. සමහර විට ගෑනු ඇඳුම් මාරු කරන ඒවා, සහවාසයේ සිදුවීම් බලන්න අවස්ථාවන් ලැබුනා. හරියට කණ කැස්බෑවා විය සිදුරින් අහස බලනවා වගේ හරිම දුර්ලභ අවස්ථාවන්. කාලයක් යද්දි අහම්බෙන් කොහොම හරි ෂොක්මන් ප්ලැට් ඒකේ තට්ටු දෙකකට පහල ගෙදරක යතුරු සිදුරෙන් බලන්න සිදුවීමක් හොයා ගත්තා. ඒත් සතියක් දෙකක් යද්දි කොහොම හරි ඇන්ටන් කියලා ඒ ගෙදර උන්නු මනුස්සයට මේ බව ඉව වැටිලා ඊළග දවසේදී සූදානම් පිට ඉඳලා ෂොක්මන් යතුරු සිදුරට ඇහැ ඔබන් ඉද්දි තමන්ගේ ගෙදර තිබුනු මල් ඉස්කුරුප්පු නියන අරන් යතුරු හිලට ඇන්නම ඒක ගිහින් ෂොක්මන්ගෙ කලු ඉංගිරියාවෙ ඇනුනා.
මහ හයියෙන් කෑ ගහගෙන දරුණු වේදනාව මැද තමන්ගෙ ඇහැට ඇනුනු යකඩ උල ගලවාගත්තු ෂොක්මන් වැටි වැටී පයින්ම දිව්වෙ කොළඹ මහ ඉස්පිරිතාලෙට. මාසෙකින් විතර ගෙදර ආවෙ එකැස් ෂොක්මන් කෙනෙක්. ආයෙ මිනිහා කවදාවත් යතුරු සිදුරු වලින් බලන්න ගියේ නැහැ. ලැජ්ජාවෙන් මිරිකුනු මේ මනුස්සයා ජීවිතේ වැඩිහරියක් ගෙව්වෙ ගේ අස්සෙමයි. ඒ වෙද්දි මනිහා තනියම ජීවිතේ ගෙව්වෙ. රස්සාවෙනුත් පැන්ෂන් ගිහින්.....
ඇහේ තුවාලේ හොඳ උනත් සිතේ තුවාලෙ පැහැව පැහැව තිබුනා. යතුරු සිදුරෙන් ලැබූ තෘප්තිය නොමැති දිවියක අසහනය ෂොක්මන්ගෙ ඇඟ පුරාම ඔඩු දුවන්න පටන් ගද්දි මිනිහගෙ ඇස් අන්ධ වීමේ සිදුවීමට අවුරුද්දක් විතර ගත වෙලා. කොච්චර හිත පාලනය කර ගන්න හැදුවත් සංකර විලාසිතා දකින ෂොක්මන්ට මතක් වෙන්නෙ සුමනක්කගෙ තඩි මහත දෙහත ශරීරෙ ආම්බාන් කරන නන්නාදුනන මිනිහගෙ කෙරුවාව. යතුරු සිදුර අස්සෙන් පෙරීගෙන එන සුමනක්කාගේ රාගික කෙඳිරිල්ලේ සිත් අදනා සුලු ස්වරය. වෙනදට මහ ගොරෝසු විදියට ආ සොක්මන් අයියා කියාගෙන ඉන්න ගෑනිගෙ උගුරෙ මෙච්චර ලස්සන හඩක් කොහෙන්ද කියලා ෂොක්මන්ට හිතෙද්දි හිතේ වේදනාව, මානසික අසහනය හොඳටම වැඩි වෙනවා.
තවත් ටික දවසක් ගෙවිලා යද්දී ඉවසීමේ සීමාව පැන්න ෂොක්මන් දවසක් මහ රෑක කොටුවෙ හන්දියට ගියේ මුදලට ගෑනු සරීරෙක රස විදලාවත් මේ රුදාව අහවර කරගන්නවා කියලා. එදා මහ වැසි දවසක්. හතර අතින් අකුණු ගහනවා. කැඩිච්ච කුඩ කෑල්ලක් ඉහලා ගත්තු ෂොක්මන් කෙලින්ම ගියේ බෝ ගහ ගාවට. ඒතන යද්දි ඈතට පෙනුන විදියට වැසි දිය මැද බෝ ගහ යට හිටගෙන උන්නෙ එකම එක ගෑල්ලමයයි. ඒ ඇත්තිගෙ අතින් අල්ලාගත්තු ෂොක්මන් මොකුත් නාහා තුන් සක රියක නැගිලා ඇයවත් කැන්දාගෙන මට්ටක්කුලියේ ප්ලැට් එකට ආවා. ඒ ඇත්තිත් සල්ලි ඔනෑකමට ඔන්නොහෙ කියලා ෂොක්මන් එක්ක ආවා. සමහර විට කලින් ෂොක්මන්ව දැකල ඇති. අඳුනනවා ඇති....
තමන්ගෙ නිවසට ගියපු ෂොක්මන් ඇයට ඔහුගේ නිදන කාමරේ දොර ඇරලා දීලා කිව්වෙ එක දෙයයි.
මෙතන රුපියල් දෙදාහක් ඇති. ඒ සෙරම උඹ ගනින්. අර කැසට්ටුවේ ඇති තරම් සිංදු ඇති. උඹ එයින් කැමති සිංදුවක් දාගෙන නටපන්. හෙලුවැල්ලෙන්ම නටපන්. මං දොර වහගෙන යන්න යනවා.....
ඒම කියලා ෂොක්මන් දොර වහලා අගුලු දාගෙන නිදන කාමරෙන් එලියට ආවා......
වැස්ස පායලා පුර හඳ පෑව්වා.......
යතුරු සිදුරෙන් එහා පැත්තෙ සංගීත රාවයට ඇය නර්තනයේ යෙදුනා.
ඒ් සීතල රාත්‍රියේ ඇහෙන සංගීත රාවයට ඇය නර්තනයේ යෙදුනා. තල එළලු ශරීරයේ
නූල් පොටක් නැති යුවතිය සංගීත රටාවට පියවර තබමින් අපූරු ලාලිත්‍යයකට නර්තනයේ යෙදුනා.
ජනේලයෙන් පෙරිලා ආව මඳ ආලෝකයෙන් ඇගේ පියවුරු නැහැවුනා...
ඇගේ පිරුණු දෙපා තාල රටාවට පියවර
නගද්දී ඇගේ නිතඹ සෙමෙන් සැලුනා. ඉඳ හිට ආ සුළගට කෙහෙරැලි පාවෙලා යද්දී ඇගේ රාගික
නෙත් දිලිසුනා. ඇගේ හීනි අතැඟිලි ඇගේ කෙහෙරැලි අතර සැරි සරද්දී, සංගීත රාවය උච්ච වෙද්දී ඇය අඩවන් වූ දෙනෙත් ඇතිව කාමරය පුරා ඔබ මොබ සැරි සරමින් නටද්දී යතුරු
සිදුරෙන් මෙහා පැත්තේ ඔහු ඔහුගේ ලෝකයේ සතුටින් තනි උනා.
අනවසරයෙන් විඳින රස තහනමක් නැතිව විඳිද්දී වෙනසක් දැනුනේ නැද්ද දන්නෑ.
ReplyDeleteපොයින්ට්!!
Deleteවෙන්න පුළුවන්!!