මාධවගේ විෂය ක්ෂේත්රය මේකය. මේ දක්වා මාධවගේ බ්ලොගයෙන් මේ ගැන කිසිත් කියා නැත්තේ කම්මැලි කම නිසාය. මාධව නෙට්වර්කින් ගැන සරල කාරණාවේ සිට සංකීර්ණ කාරණා ගැන විස්තර කරන්නට උත්සහයක් දැරීමට සිතුවේ අහේතුකවය.
මේ ජාලකරණය පිලිබඳව පළමු පාඩමය.
Computer Networking හෙවත් පරිගණක ජාලකරණය
පරිගණක ජාලකරණය යනු සරලවම පරිගණක අතර අන්තර් සම්බන්ධතා ඇති කරමින් දත්ත හා තොරතුරු බෙදා හදා ගැනීමේ ක්‍රියාවලියයි.
Why Computer Network is important? පරිගණක ජාල වැදගත් කිමද?
පරිගණකයක් ඇසුරින් කටයුතු කිරීමේදී වඩාත් වේගවත්ව දත්ත හුවමාරුව, ක්‍රියාවන් හි ඵලදායී බව වැඩි කර ගැනීමට, දත්ත වල ආරක්ෂාව ගැන සැලකීම, අවම මූල්‍ය වියදම් පවත්වා ගැනීම, දත්ත සුරැකීමේ (Storage) ක්‍රියාවලියන් සඳහා මේ ආකාරයට පරිගණක ජාලයන් වැදගත් වේ.
පරිගණක ජාලකරණය සඳහා ඇති මාධ්‍යයන්
පරිගණක කීපයක් අතර සම්බන්ධතා ඇති කරවීම සඳහා වර්තමානයේ ප්‍රධාන මාධ්‍යයන් දෙකක් භාවිතා වේ. රැහැන් සහිත මාධය්යන් සහ රැහැන් මාධ්‍යයන් වේ.
රැහැන් සහිත පරිගණක ජාලකරණයන් වලදී Fiber රැහැන්, Copper Twisted රැහැන්, Copper Coaxial Cable භාවිතා කරන අතර රැහැන් රහිත ජාලයන් වලදී Radio තරංග භාවිතා වේ.
පරිගණක ජාල වල අවාසිදායක තත්වයන්
වර්තමානයේදී සියලූම පරිගණක ආශ්රිත උපාංග කිසියම්ම හෝ ජාලයකට බැඳී ඇත. එහි වාසි මෙන්ම අවාසිද ඇත. අවාසිදායක කරුණු කීපයක් පහත දක්වා ඇත.
- දත්ත වල ආරක්ෂාව පිලිබඳ ගැටළු
- ජාලකරණ බිඳවැටිම්
- තාක්ෂණය සඳහා නිතරම සහය අවශ්‍ය වීම
- මූලික කටයුතු සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වීම
කෙසේ වෙතත් පරිගණක ජාලය යනු වර්තමානයේදී අත්‍යවශ්‍ය කාරණාවක් නිසා ඒ පිලිබඳව දැනුමින් සන්නද්ධ වීම වැදගත් යැයි මාධව සිතන්නේය. ඒ අනුව පළමු ලිපිය සරලව මෙතනින් නිමා කරන අතර දෙවැනි ලිපියෙන් තාක්ෂණික කරුණු වඩාත් විස්තරාත්මකව ගෙන එන්නට අරමුණක් ඇත්තේය.
(ග්‍රැෆික් රූපක නිර්මාණය CANVA භාවිතයෙනි.)