සහල් ගැටළුව විසඳා අවසන් නැත. මේ ලියන මොහොතේදීත් විසඳීමට උත්සහ කරමින් ඇත. ප්‍රවෘත්ති නාලිකා වල දුටු ආකාරයට අරලිය, නිපුන ආදී හාල් මෝල් අයිතිකරුවන් ළග තබාගෙන අනුර සැරෙන් කතා කරපු බව පෙනී ගියේය. ඒ් ස්වරය ආවාට ගියාට ආව එකක් නොවන්නේය.
මේ ඒ ගැනත්, හාල් ප්‍රශ්නය ගැනත් මාධවගේ අදහස ය.
කෝම කවුරු මොනවා කීවත් මාධවගේ අදහස නම් වෙනදා වගේම මේ සැරෙත් මේ හාල් හිඟය කෘතීම එකක්ය.
සාමාන්‍ය ජනතාවද දන්නා පරිදි යල සහ මහ කන්න දෙකම වගා කරන රටක හාල් හිඟයක් ඇති වීම මාර කාරණාවක්ය. එහි ඇත්තේ සැබෑවටම කළමණාකරන ප්‍රශ්නයක් දැයි මාධවට සිතෙන්නේ සංඛ්‍යා ලේඛන ගැන වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී කී සංඛ්‍යාලේඛන කතාන්දරය ද ඇහුවාමය.
කෙසේ වෙතත් මෙයට මාධව දකින දේ දේශපාලනික අසමත් බව පමණක් නොවේ.
- පළමුව අවශ්‍ය වන්නේ නිවැරදි ආහාර ප්‍රතිපත්තියක් ය.
- ඒ සඳහා අවශ්‍ය වන කෘෂිකාර්මික ප්‍රතිපත්තියක්ය.
- ඉන්පසු අවශ්‍ය වන්නේ පරිපාලනමය ප්‍රතිපත්තියක්ය.
- ඒසේම පරිගණක දත්ත පද්ධතියක් අවශ්‍ය වන්නේය.
- සේරමත් එක්ක ඍජු නිර්භීත නොසැලෙන මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය වන්නේය.
කෙසේ වෙතත් ලංකාවේ අතීත පාලකයින් තීරණ ගනු ලැබුවේ ව්‍යාපාරික පන්තියක් සහ ගජ මිතුරු පන්තියක් නැලවීම සහ තුටු කිරීම සඳහා මිසක් වෙන කාරණාවක් උදෙසා නොවේ. උදාහරණ ලෙස රනිල් නැමති බටලන්ද චෝදනාලාභියාගේ බැදුම්කර මගෝඩිය ගන්ට පුලුවන්ය.
කෙසේ වෙතත් අනුර ඇතුළු ජවිපෙ සහ NPP කණ්ඩායමට නලවන්න ව්‍යාපාරික මිතුරන් සිටිය නොහැකිය. ආණ්ඩුවක් සිටිය යුත්තේ සාමාන්‍ය මහජනතාවගේ පැත්තේය. නමුත් අතීත පාලකයින් තීරණ ගත්තේම තමන්ගේ සුඛ විහරණය සහ ගජ මිතුරු කැල පැනවීම පිණිසය. ඒ් සඳහා ඔනෑතරම් උදාහරණ මේ රටේ ජීවමානව පවතින්නේය.
මුළු රටෙන් බහුතරයක් ජන්දය ලබා දුන් මේ රටේ අලුත් ආණ්ඩුවට නම් එසේ නැලවීමට ගජ මිතුරන් නොමැති බව මාධව විශ්වාස කරන්නේය. "විශ්වාස" කරන්නේය.
ඉතින් පසුගිය දිනයේ හාල් මෝල් හිමියන් ටික ළගින් තියාගෙන වසන්ත ඇමති සහ වෙනත් රාජ්‍ය නිලධාරීන් ටිකත් ලං කරගෙන අනුර ජනපති වරයා අමුතු ස්වරයෙන් පැවසූ කාරණා සරල නොවේ.
ඔහු පැවසූ ආකාරයට,
ව්‍යාපාර වැට්ටීමට අවශ්‍ය නැති බව අවධාරණය කල ජනාධිපතිවරයා පැවසුවේ මහජනතාව වෙනුවෙන් තීරණය ගැනීමට පෙර දින දහයක් ලබා දෙන බව නොවේද?
ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව නිසි මඟ නොයන බව බොහෝ අය මැසිවිලි නගද්දී මාධවගේ අදහස වන්නේ තව එසේ කීමට කල් වැඩි බවය. කල් යල් ගතවෙද්දී අනිවාර්යයෙන්ම තීරණයක් ලැබෙනු ඇත.
කෙසේ
වෙතත් හාල් ප්‍රශ්නය පිළිබඳව දැඩි තීරණයක් ගත යුතුය. වෙන කිසිවක් නිසා නොව ජනාධිපතිතුමාම
කී පරිදි
- මෝල් හිමිකරුවාට ණයට ලැබෙන්නේ මහජනතාවගේ බදු සල්ලිය. ඒවාද ඉතාම සහන පොලියට ය.
- වී නිපදවන ගොවියාට සහනාධාර දෙන්නේ මහජනතාවගේ බදු සල්ලිය.
- කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දායකත්වය ලැබෙන්නේ මහජනතාවගේ බදු සල්ලි වලින්ය.
- වාරිමාර්ගයන් නගා සිටුවන්නේ බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින්ය.
- ඒ සැමටත් ඉහලින් මෙම ජරා ව්‍යාපාරිකයින් විසින් මං කොල්ල කන්නේ මහජනතාවගේ ආහාර ලබා ගැනීමේ මානුෂීය අයිතිවාසිකම ය.
එබැවින් මේ පිලිබඳව දැඩි තීරණයක් ගත යුතු වන්නේය. මක් නිසාද යත් ශ්‍රී ලංකාවේ උතුර දකුණ, බස්නාහිර නැගෙනහිර සහ රට මැද සියලූම පලාත් එකාවන්ව තුනෙන් දෙකක බලයක් දුන්නේ නිර්භීත තීරණ ගැනීමට ය.
ඒ නිසා නිර්භීත තීරණ ගැනීමට අනුරට හෝ NPP කණ්ඩායමට අමුතුවෙන් බය වෙන්න දෙයක් නැත.
ඉතින් අනුර ජනපති සහෝදරයා ආන්න ඒ විදියට ලොකු ලොකු මෝල් හිමියන් ළග තියාගෙන කිව්ව අමුතු ස්වරයේ විධානාත්මක කතාන්දර ටිකට කොච්චර බරක් ලැබේදැයි ඉදිරියේදී බලාගන්න පුලුවන්ය. ඒ් නිසා හාල් ප්‍රශ්නය, පොල් ප්‍රශ්නය සහ මතුවෙමින් පවතින ලුණු ප්‍රශ්නය කෙසේ විසඳේදැයි මාධවලා ඇතුලු NPP යට කෙඩ් ගිය බහුතරයක් බලාගෙන ඉන්නෝය.
මාධව මේ ලිපිය අවසන් කරන්නේ ෂර්ලොක් හෝම්ස් වොට්සන්ට කී පුංචි වාක්‍යයකින් ය.
රශින්බාක් දිය ඇල්ල පිලිබඳව කියවුනු ෂර්ලොක් හොම්ස් කතාන්දරයේ ෂර්ලොක් හෝම්ස් වොට්සන්ට මොරියාටි නැමති විද්‍යාඥයා ගැන පවසන්නේ අපූරු වැකියක් ය.
කයිවාරුකාරයින්ට වඩා අඩුවෙන් කතා කරන්නා වූ පුද්ගලයා භයානකයි වොට්සන්!
රැ්ස්වීම් වල කයිවාරුකාරයා යැයි දේශපාලන ප්‍රතිවාදීන් විසින් පට්ට ගැහූ අනුර සැබැවින්ම කයිවාරුකාරයෙක්ද කියන්න නම් කල් වැඩි ය. හැබැයි මාධව
දැක්ක විදියට මෝල් හිමියන් සමඟ රැස්වීමේදී අනුර කතා කලේ හරිම අඩුවෙන්ය. ඒත් කියන්න ඔනි ටික කියලා දැම්ම බව මාධ්‍ය වලින් රටටම පෙන්වා ඇත. සමහර මෝල් හිමි කරුවන්ගේ මුහුණු කජු ලෙල්ලක් සේ තැලී ගිය බව පෙනුනේ ඒකය.
එතකොට දැන් මෝල් හිමියන්ට අනුව ඔවුන්ගේ නපුරු සිහිනයේ සැරිසරන භයානක පුද්ගලයා කවුද?
මහජනතාවගේ වීරයා වීමට අවස්ථාව ඇත්තේ කාටද?
ඒ් ප්‍රශ්න දෙකට පිළිතුරු යථා කාලයේදී ලැබෙනු ඇත........
සැබෑ විසඳුමක් ඇත්දැයි බලාගතහැක්කේ ඊලඟ කන්නයේ වී අසවැන්න ලැබෙන විට ය.
ReplyDeleteඔව්! අනිවාර්යයෙන්ම ඒ වෙද්දි විසඳුමක් නිර්මාණය වෙලා තියෙන්නෝනි!
Deleteමාධව ඇතුළු මාලිමාවට කඩේ යන වහලුන් බේරේ වැවේ නාන දිනය වැඩි ඈතක නොවන බව සටහන් කරමි.
ReplyDeleteපොහොට්ටු බයියන් මෙන් අහිංසක මිනිස්සුන්ට චන්ඩි පාට් දැමීමට මාධවට නං උවමනාවක් නැත. ඒ නිසා බේරේ වැවෙන් කෑම ඉල්ලා දීමට නොහැකි බව සලකන්න! පොහොට්ටු ජරාජීර්ණ දේශපාලනය අවසන් කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන අතර ඒ වෙනුවෙන් පෙනී සිටීමි.
Deleteපුද්ගලික වරදාන හෝ වරප්‍රසාද වෙනුවෙන් NPP වෙත කඩේ නොගිය බව කාරුණිකව සලකන්න. පොහොට්ටු බයියෝ අම්මා අප්පාද විකුණන මෝඩ කාළකණ්නි වුවද මාධවලා ඒසේ නොවේ. මාධවලා ඇතුලු ලක්ෂ ගණනක් NPP වෙත ජන්දය ලබා දුන්නේ ඉතිරි වී තිබූ එකම විකල්පය නිසාමය