ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල නම් දෙබර මුලකට පහර වැදුනේ ඉකුත් දා පාර්ලිමේන්තුවේදීය. දැන් එහි වසා රොන් උනා බිව් උන් තැන් තැන් වල පච වෙමින් එක එක විදියේ උත්තර බඳිමින් ඉන්නෝය. අවුල සල්ලි ගත්තාටත් වඩා සල්ලි ගත්තු ක්‍රමය බව මාධවගේ නං අදහස ය.

රාජ්‍ය පාලනයට මහජන වරමක් ලැබීම යනු හිතු හිතූ දේ කිරීමට ලයිසොමක් යැයි සිතූ කාලය අහවර විය යුතු යැයි එදා පටන්ම මාධව කෑ මොර දෙන්නේ මේ නිසාය.

බොහෝ දෙනා දන්නා පරිදි ජනාධිපති අරමුදල යනු දුප්පත් ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයෙන් ප්‍රතිකාර ගන්නා ඔනෑම පුරවැසියෙකුට යම් යම් සීමාවන්ට යටත්ව මූල්‍ය සහන ලබා ගැනීමේ ක්‍රමවේදයයි. බොහෝ විට අසාධ්‍ය රෝගයකින් පෙලෙන කෙනෙකුට ඉක්මන් ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ විට යාමට ඇති රාජ්‍ය අංශයේ සහන සේවාවන් වලින් එකක් ලෙස මෙම ජනාධිපති අරමුදල පෙන්වා දිය හැකිය.

 

[ ජනාධිපති අරමුදල යනුවෙන් වෙනමම වෙබ් අඩවියක් ඇති අතර ඒහි වෙබ් අඩවියෙන් මෙම ලිපියට අදාල බොහෝ තොරතුරු උපුටාගෙන ඇත.

https://www.presidentsfund.gov.lk/si/ ]

මෙහිදී අසාධ්‍ය රෝගියාට හෝ රෝගියා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට ඉදිරිපත් වී අදාල ඉල්ලුම්පත්‍ර පුරවා සම්පූර්ණ කල යුතු වෙනත් ලිපි ලේඛනද සමඟ ඉදිරිපත් කල යුතු දීර්ඝ ක්‍රියාවලියක් ලෙස මාධව මෙම ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය දකින්නේය.

අරමුදල් ඉල්ලුම් කිරීමට අදාල කොන්දේසි පහත ඇත.
උපුටාගැනීම -  ජනාධිපති අරමුදල වෙබ් අඩවිය


මෙම ජනාධිපති අරමුදලේ ඇති මුදල් වෙන් කර ඇති ආකාර පහත සබැඳියෙන් දිස් වේ.


https://www.presidentsfund.gov.lk/.documents/medical_prices_list.pdf

කෙසේ වෙතත් ඉකුත්දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර පරිදි කෝටි ගණන් ලක්ෂ ගණන් මුදල් ඉතා පහසුවෙන් සහ කඩිනමින් ලබා ගත් මැති ඇමතීන් සහ වෙනත් වරප්‍රසාද ලත් පුද්ගලයින් ඒවා ලබා ගත් ආකාර කෙසේ දැයි සොයා බැලිය යූතු වන්නේ මාධව ද අයත් වන සාමාන්‍ය කුළකයේ පුද්ගලයින්ට ඒවා ලබා ගැනීමට ඉටු කල යුතු කාර්යයන් ප්‍රමාණය දකිනා විටය.

ඒසේම එවන් මුදල් ප්‍රමාණ වරප්‍රසාද ලත් ඔවුන්ට පමණක් පහසුවෙන් හිමි වෙද්දී බහුතරයක් සාමාන්‍ය පුරවැසියාගේ ඥාතී රෝගියා ඇතැම් විට මිය ගොස් හත් වසරක දානයද පසුවී ගොස් රෝගියා පොලවට පස් වී ගිය සමයක ප්‍රතිලාභ ගෙවීමට නොහැකි බව පුංචි කොල කෑල්ලක් ලැබුනු පුරවැසියන් මේ රට පුරා විසිරී ඇත. මාධවද ඔබද දන්නා පරිදි බොහෝ විට ලියුම් වල ඇත්තේ ආධාර දීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බැවින් ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවට දැන්වූ අකුරු ඇලවීම් ය. එතකොට මෙච්චර කල් ඒකේ තිබූ - අරමුදලේ තිබූ මුදල් කොහිද?

කෝටි තුනක් ගත් හිටපු අගමැති කෙනෙක් සහ එවැනි විශෘල ප්‍රමාණ වලින් මුදල් ගත් දේශපාලකයින් කීපදෙනෙක් විවිධ අයගේ විමසීම් කීපයක් නිසාම පණ්ඩිත කතා කියමින් විවිධ උත්තර දුන් දේශපාලකයින් උන්ගේ නිරුවත මේ සමඟ තවත් විදහා දක්වමින් සිටින්නෝය. ජනාධිපතිගේ සභාපතිකමින් යුත් මෙම අරමුදලේ මුදල් අමු අමුවේ කොල්ලා කා ඇත්තේ අඩුම නිදහස් සෞඛ්‍ය සේවාවකින් ආසාවට පැනඩෝලයක් නොගන්නා උන් බව කැට තැබිය හැකිය. කෙසේ වෙතත් මාධව මේ ලිපියෙන් පෙන්වන්න හදන්නේ උන්ට එක හැන්දකිනුත් සාමාන්‍ය මිනිසුන්ට තව පුංචි හැන්දකිනුත් බෙදන්න තරම් මේ රටේ මිනිස්සුන්ව කොච්චර අන්දලාද කියන එක ය.

අමු අමුවේ මිනිසුන් රැසක් මරා දමන තෙක් දෑස් හැර බලා උන්නු අධම ජනාධිපති කෙනෙක් වූ මෛත්‍රීපාල සිරිසේන නම් ජරා මිනිසාගේ කාලයේදී මෙම මුදල් ලැබුනු බව මන්ත්‍රී කෙනෙක් වීඩියෝවක් නිතුක් කරමින් උත්තර දී ඇත. පාස්කුවට වග කිව යුතු, මාධවගේ මතය අනුව පසුගිය කාලය තුල බිහි වූ ජරාම දේශපාලකයා වූ, රටකට බිහිවූ ජරාම ජනාධිපති වූ මෛත්‍රීපාල නැමති අම්බරුවා තව කී දෙනෙක්ට මෙසේ සලකා ඇත්දැයි මේ රටේ ජනතාව දන්නේ නැත!

ඒවා හොයා ගන්න සාක්ෂි ද තිබේ යැයි මාධව නං හිතන්නේත් නැත. මොකද මේ රටේ ඒ් තක්කඩිකං වලට ගැලපෙන නිලධාරී පන්තියක්ද ඉන්නා නිසාය.

ඉතින් මාධව මේ ලිපියෙන් කියන්න හදන්නේ අහිංසක එක රෝගියෙක්ට ලක්ෂ පහක් ගෙවන අරමුදලකින් එක මන්ත්‍රී කෙනෙක්ට ලක්ෂ පහේ ඒවා විසි තිස් ගණන් දෙද්දී ඒ නීති සහ අමුතු බෙදිලි කොහෙන් ආවාද කියන එක ගැනය. ඒ් මේ රටේ සිස්ටම් එක උන්ට ඔනෑ හැටියට නමනා ආකාරය ය. 

දැන් කෙසේ වෙතත් පුලුවන්නම් මේවා ආයෙම අය කරගෙන අරමුදල තර කර ගත යුතුය. මේවා ගැන රටේ අහිංසක මිනිස්සු නිකං ඉන්න ඔනෑ නැත. හාට් පේෂන්ට් දයාසිරිට ඔනෑකම තිබේ නං  සිංදුවක් දෙකක් කියා දවසට ලක්සයක් දෙකක් නතිං හෙව්ව හැකිය. අවශ්‍ය නම් නඩු කියා සල්ලි හෙව්ව හැකිය. එසේම උන්ට මන්ත්‍රී රක්ෂණය ද ලක්ෂ ගණනින් ඉහල දමා ගද්දී වත් මුදල් නැති අහිංසක මිනිස්සු පිරුණු උන්ගේම නිර්මාණයක් වුනු මේ රට ගැන කැක්කුමක් කෙසේවත් තිබුනේ නැත. අසමානතාවය ඇති කර සියල්ලෝම පීඩනයට පත්කරමින් අහිංසක සාමාන්‍ය මහජනතාවගේ දිවිය තලා පෙලා දමමින් ජීවත් වීමේ සාධාරණ අයීතීන්ද උදුරාගත් රටක් ඔවුන් විසින් නිර්මාණය කර ඇත්තෝය.

සැමට සමානව සලකන සාධාරණ සමාජයක් බිහිවිය යුත්තේ ආන්න ඒ නිසාය.සැම දෙනම පවතින නීතියට ගරු කරන නීතියට යටත් කරන සමාජයක් නිර්මාණය කර ගත යුතු ආන්න ඒ නිසාය.

ඉතින් විය යුත්තේ සැමට සාධාරණව සලකන සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් අරගල කිරීම නොවේද?

මාධව සැමදා පෙනී ඉන්නේ ඒ වෙනුවෙන්මය.........


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form