ගිනි හිවලා හෙවත් Firefox වලට වසර විස්සකි. නිල වශයෙන් 2004 වසරේ නොවැම්බර් මාසයේ හා හා පුරා කියා පළමු සංස්කරණය නිකුත් කර ඇති මෙම වෙබ් බ්‍රවුසරය විවෘත කේත සහිත මෘදුකාංගයකි.
වර්තමානයේ මෙම ලෝගෝවෙන් ඉදිරිපත් වල මෙම බවුසරය බොහෝ පහසුකම් රැසක් සහ පරිශීලකයාගේ දත්ත ආරක්ෂාව සහ පරිශීලනයේ පහසුව වෙනුවෙන්ම නිර්මාණය වූ යෙදුමකි. වින්ඩෝස්, උබන්ටු වැනි පරිගණක මෙහෙයුම් පද්ධති සමඟ සහ ඇන්ඩ්‍රොයිඩ් සහිත උපාංග සමග ද ඉතා මැනවින් ක්‍රියාත්මක වෙන මෙම බ්‍රවුසරයේ පහත පහසුකම් අඩංගුව ඇත.
- TAB විවෘත කිරීමේ පහසුකම්
- අකුරු පරීක්ෂා කිරීමේ පහසුකම්
- Full ස්ක්‍රීන් පහසුකම
- මුර පද සහ වෙනත් ලොගින් සේව් කර ගැනීමේ පහසුකම සහ පිවිසීමේ Master මුරපද පහසුකම
- Incognito පුද්ගලික බ්‍රවුසිං
- Bookmarks
- Extension apps and themes
ගිනි හිවලාගේ මාධව වඩාත්ම අගය කරන පහසුකම වන්නේ රැම් අගය අවම ප්‍රමාණයක් භාවිතා වීම ය. මක් නිසාද යත් වෙනත් බ්‍රවුසර වල බොහෝ විට අවශ්‍ය රැම් අගය තරමක් ඉහල යන නිසාය. ඒසේම නම්‍යශීලීව බෙව් පිටු වලට ප්‍රවේශ වීමටද firefox සුදුසු යෙදුමකි.
මෙවැනි පහසුකම් වලින් සමන්විත මෙම ගිනිහිවලාට මාධවගේ කතා වෙතින් සුභපැතුම්.