පරිගණකය් සඳහා තිර කීපයක් ඇති විට එක් එක් තිරය සඳහා පින්තූර (Wallpapers) යොදා ආකාර ගැන කතා කරන්නට මේ ලිපිය සරලව ලියවෙන්නේය.
01 - මොනිටර කීපයක් භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ ඇයි?
සත්‍ය වශයෙන් මොනිටර කීපයක් භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ කාරණා කීපයක් නිසාය. ඒ ඔබ කරණා කාරණාවට අදාල සියලූම අවස්ථාවන් දැක බලා ගැනීමට තනි තිරයක ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමය. වර්තමානයේ නම් විශාල සහ පුළුල් තිර පැමිණ ඇති නමුත් ඒවා මිල අධික වන බැවින් තවමත් බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ මොනිටර කීපයක් භාවිතා කරන්නටය.
කේසේ වෙතත් පරිගණක වැඩසටහන් ලියන්නෝ, වීඩියෝ නිර්මාණ කරුවන්, පරිගණකය භාවිතයෙන් Trading සිදු කරන අයවලුන් මේ ආකාරයට තිරයන් කීපයක් තනි පරිගණකයට සම්බන්ධ කරගෙන කටයුතු කරන්නෝය.
පහත රූපයේ දක්වා ඇත්තේ මාධවගේ පරිගණකයේ තිර තුනක් සවි කර ඇති ආකාරය පරිගණකයෙන් හඳුනාගෙන ඇති ආකාරයයි.
ඒ් අනුව මෙම පරිගණකයේ අංක 01 , අංක 02 හා අංක 03 යන තිරයන් සම්බන්ධ වී ඇති අතර ඒවාට වෙන වෙනම රූප යොදා ගන්නා ආකාරය පහත අනු පිලිවෙලට සිදු කල හැකිය.
i - පළමුව Desktop මත Right Click කර Personalization යන්න

ii - ලැබෙන window වෙතින් Background යන්න තොරා Background Type හි Picture තෝරා Choose Your Picture හි පින්තූර වලට යටින් ඇති Browse ක්ලික් කරන්න
iii - Browse ක්ලික් කල විට පින්තූර තේරීම සඳහා windowවක් ලැබෙන අතර එයින් අදාල මොනිටර වලට අවශ්‍ය පින්තූර අවස්ථා තුනකදී Browse කර Choose Your Picture වෙතට යොමු කර ගන්න.
iv - ඉන්පසු අදාල පින්තූර Choose Your Picture වෙතට යොමු වී ඇති බව පෙනී යයි. එයින් පළමුතිරය මතට වැටීමට අවශ්‍ය පින්තූරය මත Right ක්ලික් කර Set for Monitor 1 යන්න ක්ලික් කරන්න. ඒ ආකාරයටම අනෙකුත් මොනිටර සඳහා අවශ්‍ය පින්තූර මත Right ක්ලික් කර Set for Monitor 2 සහ Set for Monitor3 යනුවෙන් ලබා දෙන්න.
පින්තූර පරීක්ෂා කර බලන්න.
.png)
Set for Monitor1
.png)
![]() |
Set for Monitor2 |
![]() | |||
Set for Monitor 3 |