සියාතු උන්නැහේ මැරිලා තිබුනෙ ඉස්පිරිතාලෙදි.
අසනීප වෙලා එක්තැන් වෙලා විඳවලා නම් නෙමෙයි. හරිම සතුටින්. පණ ඩිංග අහසට හා වෙලා ගිහින් බිම වැටිල තිවුනු සියාතුගෙ මල මිනියෙ මුහුණෙ මනමාල හිනාවකුත් තිබ්බ කියලා හැමෝම කිව්ව.
සියාතු සීයා වෙනදා වගේම පපුව කැක්කුම් පෙන්නන සායනයට ගියේ මහනුවර මහ රෝහලට.
පපුව කැක්කුම් සායනයට ගිය සියාතු සීයා මැරිලා වැටිලා ඉඳලා හම්බුනේ මාතෘ වාට්ටුව පහු කරලා ටිකක් ඉස්සරහට යද්දී. ඉතින් පරීක්ෂණයට අනුව උන්දැ මැරිලා තිබුනෙ පපුවෙ නහරයක් පුපුරලා. සායනයට එන අතරතුරේ සිදු උන මරණයට හේතුව කාටවත් දැනගන්න පුලුවන් උනේ නැහැ.
හෘදය වස්තුව අකර්මන්‍ය වීම නිසා සිදු වූ සාමාන්‍ය මරණයක් කියලා මරණ කොලේ තිබුනා.
ඒ්ත් සේරම කණපිට හැරුණු සිදුවීමක් සිද්ධ උනේ අවුරුදු හයක් විතර ගිය තැනදි.
සියාතු සීයාගේ මරණයෙන් හයක් වගේ උන අවුරුද්දේ ඒ ගෙදරට ආව පවුලක ළමයෙක් ඒ් ගෙදර උන්නු සියාතුගේ ලොකු දුවයි සියතුගෙ පවුල හීන් මැණිකා දිහා බලලා මෙහෙම කිව්වා.
"ලොකු දුවේ, හීන් මැණිකෝ! මං සියාතු! අලගු ගෙදර සියාතු! උඹලගේ ළමයින්ගෙ අප්පොච්චා!"
කලකට ඉහත සියාතු එක්ක පවුල් කෑව හීන් මැණිකා කම්පනයෙන් පපුව අල්ලාගෙන ගිහින් පුටුවේ ඉඳගත්තා. ලොකු දුව දොර උලුවස්සට වත්තම් වෙලා ලොකු හුස්මක් පහල දැම්මා. ඇගේ දෙනෙත් කඳුලෙන් පිරුනේ මොහොතකට.සිහියෙන් හිටියේ ලොකු දූගේ මහත්තයා කුමාර උන්නැහේ විතරයි. කට්ටියම ගෙට එන්නකෝ
ඔහු කිව්වම ඒ තුන්පත් රෑනක් වගේ උන්නු පවුලේ අය සෙරෙප්පු ගලවලා තියලා යන්තම් ගඩොල් බිත්ති නග්ගලා ඇස්බැස්ටෝස් හෙවිලි කරලා තිබ්බ පස් පොලවෙන් වැහුණු සාලයට ඇතුල් වෙලා පරණ සැටියේ අසුන් ගත්තා.
වැඩි දුර කතාව පටන් ගත්තේ මද්දුමී තේ හදාන ආවම. මද්දුමීව දැකපු ඒ දරුවා සතුටින් උඩ පැන්නා.
උඹ තාම බැඳල නෑ නේද? උඹට මං කිව්වෙ ඒ කාලෙදිම, ඕ කටයුත්ත හරියන්නෑ කියලා.
පස් වියැති දරුවා නාසික හඩකින් ආං එහෙම කිව්වහම "මද්දූමී" අඬාගෙන ගෙට දිව්වා. සියාතු ඒ කාලේ මද්දුමීගෙ සම්බන්දෙට විරුද්ධ උන හැටි ඒ වෙලාවේ කුමාර උන්නැහේ ඒ දරුවාගේ අම්මලාට මතක් කලා. කඳුලු පුරවාගෙන එක ලඟ වාඩි වෙලා හීන් මැණිකාත්, ලොකු දූත් ඉකි ගහනවා. දැන් නම් හැමෝටම විශ්වාසයි මේ ඉන්නේ වසර පහකට ඉහත මිය ගිය සියාතුමයි කියලා.
අපි එව්ව ලියුම් කරදහි හම්බුනා නේද? එතකොට එහෙම ඇහුවෙ ඒ් පවුලේ තාත්තා....
...............................................
එක දවසක් ආව ලියුමකින් තමා මේ හැමදේම පටන් ගත්තේ. ඒ ලියුමේ තිබ්බෙ මෙන්න මෙහෙම..
හීන් මැණිකා
තව ටික දොහකින් මම එනවා උඹලව බලන්න..
උඹලා හැමෝටම රත්නත්‍රරයේ පිහිටයි.
මම සියාතු.
මේ ලියුම තිබ්බේ නුවර මහයියාව ලිපිනයකින්. කාගෙදෝ විහිලුවක් කියලා නොසලකා හැරපු ඔවුන් පුදුම උනේ නලීන් වික්‍රමසිංහ කියලා නමකින් ආව දෙවැනි ලියුම දැකලා.
ඒකෙ තිවුන විදියටයි ඔවුන් මේ ලමයෙක් එක්කාගෙන ආවේ. නිර්මාණ් කියන මේ ලමයා කියන්නෙ තමන් නුවර රෝහලේදි මලගිය සියාතු කියාලයි.
ඉතින් අද තමා ඒ දෛවපෝගත දවස. ඒ අභිරහස විසඳෙන. සියාතුගේ පුනරුප්පත්තිය සියාතුගේ මරණයේ අභිරහස එලි කරයි. හැමෝටම මේ අලුත් කතාව ගැන කුතුහලයෙන් සාලයේ වටවෙලා උන්නා.
අර පුංචි දරුවා සාලේ මද බංකුවේ ඉඳ ගත්තා. හරියට සියාතු ඉස්සර විටක් කන්න බංකුවේ ඉඳ ගන්නා විදියටම. ඉන්පස්සෙ ඒ විදියටම සරම හදාගන්නවා වගේ කකුල් එහෙ මෙහෙ කරලා හරි සංසුන්ව ඉඳගෙන රැල් බුරුල් පෑදුවා.
ඉතින් කාටද ඕනි මට උන දේ දැනගන්න.......
අවුරුදු පහක් උන ළදරුවා අමුතු කටහඬකින් කිව්වෙ වටේටම බලලා.
හැමෝම නිහඬව වටවුනා. අහල පහල මිනිස්සුත් කීප දෙනෙක් වටවෙලා උන්නා..
පුංචි සියාතු පුතා කතාව පටන් ගත්තා.
..........................................................
එදා මම වෙනදා වගේම හෙමීට හෙමීට උදේම ගෙදරින් ආව බස් එකෙන් බැහැලා ඉස්පිරිතාලෙ පැත්තට ඇවිදන් ආවෙ මහන්සියෙන්. එදා උදේට මං කෑවේ ආප්ප දෙකක්. කිරි තේ එකක් බිව්ව.
මරණ පරීක්ශණේ කරපු වෛද්‍යවරයා මිනිය කපාලා කිව්ව කතා එතකොට බෑනට මතක් උනා. මේ උන්නැහේ ආප්ප වගේ දෙයක් කාලා. තාම දිරවන්නවත් පටන් අරන් නැහැ.
මෙච්චර දේවල් කියවුනාම තවත් මොන බොරුද? ඉතින් බෑන උනන්දුවෙන් කතාවට සවන් දුන්නා. කොලුවා ගිරවෙකුටත් වඩා ලස්සනට මේ කතාව කියනවා.
එදා පපුව බලන සායනය තියන තැන වෙනස් කරලා නෙව. ඒක දන්නේ නැහැ කලියෙන්. අපි පෝලිමේ ඉද්දි කවුදෝ ඇටෙන්ඩන්ට් කෙනෙක් ඇවිල්ලා පපුවෙ කැක්කුම් වලට අවුසද ගන්න අය අරෙහෙට යන්න කිව්වම මාව පෙරලාගෙන කට්ටිය ඇතුලට දිව්වා. මාත් එක්ක පෝලිමේ උන්නු, අපේ "වඩු වැඩ අබරන්ගේ" වල් කම් ගැන කිය කිය ඉඳපු එගොඩහ ගෙදර සීලවතී මාවත් අමතක කරලා එහෙ දිව්වේ ඉඩක් අල්ල ගන්න. හතිය තියන මට දුවාගන්න බෑ. අනික මට මොකෝ කලබල.
අබරන් ගැන කියද්දි කට්ටිය හිනාවුනා. කාලෙකට ඉස්සර මිය ගිය අබරන් ගැන ගම්තුලානෙ තිබුනෙ ආදර්ශමත් කතා නෙමෙයි. දුක්බර බව අමතක උන හීන්මැණිකටත් හීන් හිනාවක් මතුවෙලා නැති වෙලා ගියා. අතීතයේ එක දවසක අබරන් සියාතුව හොයාන ඇවිත් සියාතු නැති තැන ඇන්නෑවෙ තමාගේ නිතඹ දම් පාට වෙන්නම කොනිත්තලා ගිය හැටි හීන් මැණිකාට සිහි වෙන්නැති. හනික පියවි සිහියට ආව හීන් මැණිකා කොලු පැටියාගේ කතාවට සවන් යොමු කලා.
ඉතින් මන් එහෙ මෙහෙ ඇවිදන් යනකොට මට හම්බුන සුදු වයසක හෙදියගෙන් මං ඇහුව පපුව බලන තැන කොහේද කියලා!
ඒ ඇත්ති මට පෙන්නුව තැනින් මං ඇතුල් උන තැන මට කවදාවත් අමතක වෙන්නෑ. ඒ වෙලාවෙ මට දැනුන සතුට හත් දෙයි හාමුදුරුවනේ....
එහෙම කිව්වම කට්ටිය තව උනන්දුවෙන් අහගෙන උන්නා. සියාතු මැරිලා වැටිලා උන්නේ මාතෘ වාට්ටුව එහායින් නෙව. බෑනා හඬ අවදි කරාම සියාතු පැටියා රවලා බැලුවා. ඉන් පස්සෙ හිටන්කෝ කියනකම් කියලා සත්තමකුත් දාලා ආයෙ උගුර කාරලා කතාව පටන් ගත්තා. පැටියා නං ඉස්සර මහ එකා වගේමයි! බෑනා එහෙම හිතලා කතාවට අවධානය දුන්නා!
හීන් මැණිකෝ මට මතක් වෙනවා. ඔව් මං මැරෙන්න කලියෙන් දිව්‍යලෝකයේ ගියා බන්. එහෙම කියපු කොල්ලගේ ඇස් බැබලෙන්න ගත්තේ අවසාන මොහොතක් ගැන එච්චර ආසාවෙන් කතා කරන වෙන කෙනෙක් නැති වුනු ගානට.
මං ඇවිදන් ගියා. ඉස්සරහට යද්දි පලු දෙකේ දොරක් තිබ්බා. එතන ඉහල මොකක්දෝ ගහලා තිබුනා. අහලක පහලක තිබුන පෑන කොලයක් අරන් අකුරු ගලපා ගලපා පුංචි කොල්ලා මොනාදේ ලියලා බෑනා අතට දුන්නා. ඉඳාහ් කියලා! කොලේ අතේ ගුලි කරගත්තු බෑනා ආයෙම කතාවට යොමු උනා.
ඉතින් මන් ඒ් බරසාර දොර මගේ දෑතින්ම තල්ලු කලා.
තිස්තුන්කෝටියක් දෙවියන් වහන්සේලා දැක්කත් මං එච්චර සතුටු වෙන්නෙ නෑ. ඒ්ක දිව්‍ය විමානයක්
ඒ මොකද? කවුදෝ ඇහුවා..
ඇරපලු දොරින් ඉස්සරහට ගියපු මං දෙපැත්තෙ තං ගෙඩි 24ක් මං ඉස්සර තිබුනා දෙයි හාංදුරුවනේ. කවදාවත් කිසිම මිනිහෙක් නොදැකපු එක එක හැඩ වල එක එක පාට තං ගෙඩි. ඒ දැකපු මං සතුටින් ප්‍රමුදිත උනා.
සිහිනයක් වගේ මට දැනෙද්දි, දෙපැත්තෙන් බංකු වල වාඩි වෙලා උන්නු උඩුකය හෙලුවැල්ලෙන් උන්නු තුෂ්නිම්භූත වෙලා උන්නු ඒ ඇත්තියන් ටික දිහා බලපු මං පාවෙලා වගේ ඒ කාමරෙන් එලියට ගියා. සමහරු මාව දැකලා අත් වලින් ඒවා වහ ගත්තට මොකද කෑ ගැහුවට මොකද මං එක පාර තං 24ක් දැක්කා. කාමරෙන් එලියට ආව මගේ හිතේ සතුට දරාගන්න බැරුව පපුවේ නහර ප්‍රීතියෙන් ඔද්දල් වෙනවා වගේ දැනුන.මහන්සියක් වගේ ආව මං බිම ඉඳ ගත්තා. ඉන් පස්සෙ මොහොතකින් මං කලුවර ලෝකෙක තනි උනා.
ඔන්නෝකයි මගේ කතාව එහෙම කියලා ඒ පොඩි එකා හීන් මැණිකෙගෙ වැහැරුණු පපුව දිහාත් බලලා වල් බැල්මක් දැම්මා.
මේ මිනිහා මැරිල ඉපදිලාවත් වල්කම ගිහිල්ලා නෑ! අරන් පලයව් තොපේ දරුවව කියලා තේ එකත් පොලවේ ගහපු හීන් මැණිකා අමු තිත්ත කුණු හරුප දෙකක් කියලා ගෙට වැදුනා.
ආන්න ඒ කතා පෙට්ටිය අහවර උන කලබලය අතර වෙලාවෙ බෑනා අර කොල කෑල්ල දිගෑරියා. යමක් කමක් තේරෙන මද්දුමී බෙල්ල උස්සලා ඒ්ක දිහා බලලා ඇස් රතු කරල ලැජ්ජාවෙන් ගෙට ගියා. කැඩුනු අකුරින් කොලුවා මෙන්න මෙහම ලියලා තිබුනා
"breast feeding room"
මීඨ හාත්පසින්ම වෙනස් විදියකට සිදු උනු මේ සැබෑම කතාන්දරය හැබැහින්ම දෙසවනට අහපු බඹරා මේක මේ විදියට ඇබින්දක් වෙනස් කරලා ලියලා දැම්මා.
විසිහතර නොදැක්කනං තාම ජීවත්වෙනවා! අපිටත් හොඳ පාඩං!
ReplyDeleteඅවම සීමාව එකවර 23ක් දැකීම පමණයි! එනයින් 24ක් දැක්කොත් ඩයි!
Delete