දුඹුරුපාට ප්‍රේමයක අංකුර


 

අහස දුඹුරුය

මිහිකත ද දුඹුරුය

ඒ් සා වූ දුඹුරුපාට ලෝකයක

ඔයාත් එහෙමය.


නුඹේ සිනහවද

දුඹුරු පාට ය

නුඹේ කඳුලද

දුඹුරු පාට ය

ඒ් සා වූ දුඹුරුපාට වතක

කතාව ඒකය

ඒ් නම් ප්‍රේමයමය

 

වැතිරිලා එක යහනක

පසෙකින් නුඹ පසෙකින් මා

නිහඩවම සවන් යොමමු

තිරයේ වැටෙන 

දුඹුරු පැහැ අංක දෙස

 

එකී තිරයේ 

ක්‍රමාංකය

අඩුව ගොස්

දුඹුරු තනි ඉර පෙන්වූ

කෲර බීප් නද

කියා දුන්නේ

නුඹ ගිය වග

මා පමණක් 

මේ දුඹුරු ලොව මත්තේ

තනිකර දමා

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form