Microsoft Office පැකේජයේ අඩංගු දේවල් ගැන



Microsoft Office
යනු සැබැවින්ම ඉතා ප්‍රයෝජනවත්  මෘදුකාංග එකතුවක් වන අතර වර්තමානය වන විට සංවර්ධනය වී ඇති නැතිවම බැරි තත්වයේ ඇති මෘදුකාංගයකි. බොහෝ සමාගම් සහ ආයතන වල කාර්යාලයීය කටයුතු සඳහා භාවිතා කරන මෘදුකාංග පැකේජයක් වන මෙම Microsoft Office වර්තමාන සංස්කරණයක් පිලිබඳව සරල හැඳින්වීමක් සිදු කිරීම මාධවගේ මෙම ලිපයේ අපේක්ෂාවයි.


ඉතිහාසය

1988 වසරේ අගෝස්තු 01 දී බිල් ගේට්ස් විසින් පළමු වරට ප්‍රකාශ කල පරිදි (Announced) කාර්යාලයීය ඵලදායී බව වැඩි කර ගැනීමට පරිගණක මෘදුකාංග පැකේජයක් නිර්මාණය කර ඇත. ඉන්පසු 1990 දී පළමු සංස්කරණය වෙළඳපලට ඉදිරිපත් කර ඇති අතර එහි Word 1.1, Excel 2.0 සහ PowerPoint 2.0 ඇතුලත්ව තිබී ඇත. 

ඉන් පසු අද වන තෙක් විවිධාකාරයේ සංවර්ධනයන්ට ලක්ව ඉතා දියුණු Cloud පහසුකම් සහිතව Office 2021 සහ Office 365 වෙළඳපලට ඉදිරිපත් කර ඇත්තේ දියුණුම Office Package වශයෙනි.

 

සංස්කරණයන්

1990 සිට පහත පරිදි සංස්කරණයන් ලබා දී ඇත. මෙහිදී ලංකාවේ වඩාත් ජනප්‍රිය Office 2003 / office 2007 සහ 2013 වැනි සංස්කරණයන් බව මාධවට පෙනී ගොස් ඇත.

Title

Components

The Microsoft Office for Windows

Word 1.1, Excel 2.0, PowerPoint 2.0

Office 1.5

Word 1.1, Excel 3.0, PowerPoint 2.0

Office 1.6

Word 1.1, Excel 3.0, PowerPoint 2.0, Mail 2.1

Office 2.5

Word 2.0a, Excel 4.0, PowerPoint 2.0e, Mail 2.1

Office 3.0

Word 2.0c, Excel 4.0, PowerPoint 3.0, Mail 3.0

Office 4.0

Word 6.0, Excel 4.0, PowerPoint 3.0, Mail 3.1

Office 4.3

Word 6.0, Excel 5.0, PowerPoint 4.0, Mail 3.2, Access 2.0

Office for NT 4.2

Word 6.0, Excel 5.0, PowerPoint 4.0, Office Manager

Office 95 (7.0)

Word, Excel, PowerPoint, Schedule+, Binder, Access, Bookshelf

Office 97 (8.0)

Word 97, Word 98, Excel, PowerPoint, Access, Publisher 97, Publisher 98, Outlook 97, Outlook 98, BookShelf Basics, Small Business Financial Manager 97, Small Business Financial Manager 98, Automap Street Plus, Direct Mail Manager, Expedia Streets 98

Office 97 Powered by Word 98 (8.5)

Office 2000 (9.0)

Word, Excel, Outlook, PowerPoint, Access, Publisher, Small Business Tools, FrontPage, PhotoDraw

Office XP (10.0)

Word, Excel, Outlook, PowerPoint, Access, FrontPage, Publisher, Small Business Tools

Office 2003 (11.0)

Word, Excel, Outlook, PowerPoint, Access, Publisher, OneNote, InfoPath

Office 2007 (12.0)

Word, Excel, PowerPoint, Outlook, Publisher, Access, Groove, OneNote, InfoPath, Communicator, Visio Viewer, OCT

Office 2010 (14.0)

Word, Excel, PowerPoint, OneNote, Outlook, Publisher, Access, InfoPath, SharePoint Workspace, Visio Viewer, OCT, Lync

Office 2013 (15.0)

Word, Excel, PowerPoint, OneNote, Outlook, Publisher, Access, Lync, Skype for Business, Visio Viewer

Office 2016 (16.0)

Word, Excel, PowerPoint, OneNote, Outlook, Publisher, Access, Skype for Business, Visio Viewer

Office 2019 (16.0)

Word, Excel, PowerPoint, OneNote, Outlook, Publisher, Access, Skype for Business, Visio Viewer

Office 2021 (16.0)

Word, Excel, PowerPoint, OneNote, Outlook, Publisher, Access, Skype for Business, Visio Viewer

 

ඒසේම Office 2007 හි හඳුන්වා දුන් Groove නම් විශේෂාංගය පසුව SharePoint Workspace යනුවෙන් වෙනස් කර ඇත. ඒසේම Skype for Business යනුවෙන් විශේෂාංගය 2013 සංස්කරණය සමඟ ලබා දී ඇත. ඒසේම 2007 සංස්කරණයේ Communicator යනුවෙන් තිබී පසුව Lync යනුවෙන් සඳහන් කර office 2010 සංස්කරණය වෙත ලබා දුන් සන්නිවේදන මෘදුකාංගය මෙම Skype for Business යනුවෙන් පසුව වැඩි දියුණු කර අද තෙක්ම ලබා දේ.

Office 2021 සහ Office 365 


මෙහි වෙනස්කම් කීපයක් ඇත. ඒ්වා වෙන වෙනම දක්වා ඇත

office 365 යනු Cloud සම්බන්ධ Apps සමූහයකි. ඒ සඳහා ගෙවීම් ආකාර කීපයක් ඇත. ඒසේම වරින් වර යාවත්කාලීන කිරීම් වලට අවස්ථාවන් ලබා දේ. ඒසේම Cloud සම්බන්ධ Apps සමූහයක් නිසාවෙන් කටයුතු සිදු කර ගැනීමේදී නවීන තාක්ෂණය සමඟ පහසුවෙන් ගැලපී ක්‍රියා කරයි. මුදල් ගෙවීමේදී වාර්ෂිකව හෝ මාසිකව ගෙවීඹට හැකියාව ඇත.

නමුත් Office 2021 යනු ඒ්හා සමාන නමුත් එක් වරක් ගෙවා මිලදී ගත යුතු පැකේජයයි. එහිදී update (යාවත්කාලීන කර ගැනීම) සඳහා අවස්ථාවන් නැත. ඒසේම මෙහිදී Online Storage හිමි නොවේ. ටැබ් උපකරණ වලදී භාවිතා කල නොහැක. පරිගණක සඳහාම පමණි.


Microsoft 365 for the web 

Microsoft 365 for the web යනු ඔබගේ පරිගණකයේ වෙබ් බ්‍රවුසරය  මගින් භාවිතා කල හැකි සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සංස්කරණයයි. මේ සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවේ. ඔබ විසින් Hotmail ගිණුමක් සාදාගෙන එමගින් Sign in වී අදාල පහසුකම් අත් විීමට හැකියාව ලබා දී ඇත.

Microsoft 365 for the web  සඳහා මෙම සබැඳියෙන් පිවිසීමට හැකියාව ඇත

https://www.microsoft.com/en/microsoft-365/free-office-online-for-the-web

 

වෙනත් තොරතුරු - 

මෙම Microsoft සමාගමට අයත් මෘදුකාංග නොමිලේ ලබා දෙන මෘදුකාංගයන් නොවේ. ඔෆීස් පැකේජය ද ඒ ආකාරයට මුදල් ගෙවිය යුතු පැකේජයක් වේ. ඒසේම පරිගණක ආශ්‍රිත කටයුතු සඳහා ඔබින පහසුකම් රැසකින් සමන්විත මෘදුකාංග පැකේජයකි. විශේෂයෙන් Excel යනු සැබැවින්ම විශේෂ ගණයේ පහසුකම් රැසක් ඇති මෘදුකාංගයක් වන අතර එය අධ්‍යයනය කිරීමම අපූරුය.

මිලදී ගත යුතු මෙම පැකේජ වල මිල ගණන් පහත පරිදි ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා ඇත.

https://www.microsoft.com/en-us/microsoft-365/get-started-with-office-2021

වර්තමාන පැකේජයේ සාමාන්‍යයෙන් අඩංගු මෘදුකාංග

ඒ් අනුව Office 2021 හි පහත මෘදුකාංග අඩංගු වේ...



  • Word - ලිපි සැකසීම

  • Excel - ගිණුම් කටයුතු



  • PowerPoint - ඉදිරිපත් කිරීම් සඳහා



  • OneNote - ඩිජිටල් සටහන් පොත



  • Outlook - විද්‍යුත් ලිපි ගණුදෙනු




  • Publisher - ප්‍රකාශන නිර්මාණ
  • Access - දත්ත පද්ධති නිර්මාණය
  • Skype for Business - සන්නිවේදනය
  • Visio Viewer  - Visio භාවිතා කර අදින ලද සැලසුම්, ගැලීම් සටහන් හා ඒ් ආදී නිර්මාණ විවෘත කර ගැනීම සඳහා ලබා දේ.

 Microsoft Office නැමති මෘදුකාංග පැකේජය ගැන හැඳින්වීම ඔපමණය.

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මුදල් ගෙවා මිලදී ගත නොහැකි අයට නොමිලේ ලබාගත හැකි LibreOffice පැකේජය ද මේ තරමටම හොඳ ය.

    ReplyDelete
    Replies
    1. ඒ තරම්ම එකඟ වෙන්න අමාරු ප්‍රකාශයක්. ලයිබර් ඔෆීස් වල නොමිලේ ලබා දෙන පහසුකම් අතින් බැලුවොත් ඇත්තටම ඒක නොමිලේ දෙන හොඳම මෘදුකාංගයක්.

      නමුත් වෘත්තීය වශයෙන් භාවිතයේදී මගේ පුද්ගලික අදහස වන්නේ Liber Office වලට වඩා ඉදිරියෙන් Microsoft Office ඉදිරියෙන් ඉන්නවා. මුදල් ගෙවා ලබා දෙන සේවාවවන් නිසාම ගුණාත්මක බව බැඩියි.

      මමත් විවෘත මෘදුකාංග ප්‍රචලිත කරන කෙනෙක් උනත් මයික්‍රොෙසාෆ්ට් හි මෙම පැකේජය ඉහලින්ම තිබෙන බව කියන්න කැමතියි.

      Delete
Previous Post Next Post

Contact Form