Windows S?


 

Microsoft Windows හි S (එස්) නැමැති සංස්කරණය ගැන ඔබ දන්නේ මොනවාද? මේ ඒ කතාවය..

Microsoft Windows S යන සංස්කරණය අත පත ගෑමට මාධවට කිහිප වාරයක්ම අවකාශ ලැබුනු අතර එය සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික බහුතරයකට භාවිතා කිරීමේ ගැටළු මතු කරන බව මාධවගේ අදහසයි. කෙසේ වෙතත් එහි තතු මේ ලිපියෙන් ගෙන එන්නේ එය පිලිබඳව දැනුවත් කිරීම සුදුසු නිසාවෙනි.

Microsoft Windows S යනු වැඩිමනක්ම මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව සහ ක්‍රියාකාරී බව පිලිබඳව සැලකිලිමත් වෙමින් නිර්මාණය කර ඇති Windows 10 හා Windows 11 හි සංස්කරණ දෙකකි. 

මූලික වශයෙන් මාධව මෙහිදී Windows 10 පිලිබඳව කතා කරනු ඇත. ඒ අනුව Windows 10 හි විවිධ සංස්කරණ එලි දැක්වූ අතර ඒවා පහත දක්වා ඇත.

  • Windows 10 Home. The basic Windows 10 version.
  • Windows 10 Pro
  • Windows 10 in S mode
  • Windows 10 Enterprise (E3 and E5)
  • Windows 10 Enterprise 2015 LTSB
  • Windows 10 Education
  • Window 10 Mobile and Mobile Enterprise 

Windows 10 in S mode යනු?

ඉහත සංස්කරණ අතුරින් Windows 10 in S mode යනුවෙන් සඳහන් කර ඇත්තේ මේ ලිපියේ කියවෙන වින්ඩෝස් සංස්කරණයයි. මෙම වින්ඩෝස් සංස්කරණය සකස් කර ඇත්තේ පද්ධතියේ සහ දත්ත වල ආරක්ෂාව පදනම් කොට ගෙන සහ පරිගණකයේ හොඳ ක්‍රියාකාරීබවක් පවත්වාගැනීමට හැකි පරිදි ය. බොහෝ විට විදේශයෙන් පැමිණෙන අය ගෙනෙන ලැප්ටොප් වල මෙම මෙහෙයුම් පද්ධතිය අඩංගු වේ.

Windows 10 in S mode සංස්කරණයක් දැයි තහවුරු කර ගත හැක්කේ කෙසේද?

https://www.bettertechtips.com/wp-content/uploads/2018/09/system-properties-windows-10.jpg
This PC Properties

This PC Properties වෙත පිවිසුනු විට සාමාන්‍යෙයන් පෙන්වන පරිදි Windows EDITION පෙන්වන තැන Windows 10 in S mode යනුවෙන් පෙන්වයි...

 මෙහි අභ්‍යන්තරයේ විශේෂ ලක්ෂණ - 

  • ප්‍රතිවෛරස මෘදුකාංගයේ සේවාවන් නැවතීමට නොහැක
  • බාහිරින් මෘදුකාංග ස්ථාපනය කල නොහැක
  • Microsoft Edge හැර වෙනත් බ්‍රවුසර භාවිතා කල නොහැක 
Microsoft Edge Web Browser ...
EDGE බ්‍රවුසරය

වාසි - 

  • දත්ත වල ආරක්ෂාව
  • පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් බව
  • වෛරස පැමිණීම අවම වීම
  • ඉතා අවම දෘඩාංග පහසුකම් (Hardware Facilities) යටතේ පවා හොඳින් ක්‍රියා කිරීම.

අවාසි - 

  • බාහිර තෙවන පාර්ශවීය මෘදුකාංග ස්ථාපනය කල නොහැකි වීම
  • වෙනත් බ්‍රවුසර භාවිතා කල නොහැකි වීම
  • බොහෝ මෘදුකාංග සඳහා මුදල් ගෙවීමට සිදු වීම  
  • භාවිතා කිරීමේදී සීමාසහිත සැකසුම් තිබීම නිසා අපහසුතා ඇතිවීම.

මෙම Windows S වලින් ඉවත් වීමට නම් කල යුත්තේ සම්පූර්ණයෙන්ම නව Windows 10 හි වෙනත් සංස්කරණයක් ස්ථාපනය කිරීම ය. මෙය සාමාන්‍ය ඇපල් අයි  ඔ එස් දැමූ ඇපල් පරිගණකයක්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යෙදූ ක්රෝම් බුක් ලැප්ටොප් උපකරණයක් වැනි ය. මක් නිසාද යත් ඒවා (ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ්) යේ යෙදවුම් ලබා ගත හැක්කේ අදාල App Store වලින් වන අතර මෙම වින්ඩෝස් S වල ද Store වලින් ඇප් ලබා ගත යුතුව ඇත.

Microsoft Details Improvements To The Windows Store For Users, Businesses,  And Developers
Windows Store

ඒ අනුව වින්ඩෝස් S ගැන කතාන්දර එච්චරය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form