Claude ක්ලෝඩ් කෘතිම බුද්ධිය


 

Claude කෘතිම බුද්ධි වැඩසටහන CHAT GPT හා සමාන කෘතිම බුද්ධිය ආශ්‍රිත වැඩසටහනකි. මූලික අදියරේදී ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක නොවූ එම වැඩසටහන දැන් ශ්‍රී ලංකාවේ පරිගණක වාසීන් සඳහාද සීමා සහිතව විවෘතව ඇත.


Anthropic - ඇන්ත්‍රොපික් සමාගමේ නිර්මාණයක් වන මෙම ඛෘතිම බුද්ධි වැඩසටහනට පිවිසීම උදෙසා පහත දක්වා ඇති  https://claude.ai/ සබැඳියෙන් පිවිසීමට පුලුවන. එහිදී ඔබගේ විද්‍යුත් ලිපිනය භාවිතයෙන් නොමිලේ ලබා දෙන සේවාවන් සඳහා ගිණුමක් නිර්මාණය කල හැකිය.

 https://claude.ai/ 

 

Claude AI LOGO


සබැඳියට පිවිසුනු පසු අදාල වෙබ් පිටුව පහත පරිදි දිස් වනු ඇත.


එහි ඇති Continue with Google භාවිතයෙන් ගිණුමක් නිර්මාණය කොට සේවා ලබා ගැනීම අරම්භ කල හැකිය. පහතින් දැක්වෙන්නෙ Calude සමඟ කතා කිරීමේ අතුරු මුහුනතයි. (Chat Interface)

 

 https://claude.ai/ වෙතින් පහත ආකාරයේ පහසුකම් ලබා ගත හැකිය. ඒවා සීමා සහිතව නොමිලේ ලබා දෙන සංස්කරණයේ ඇතුලත් වේ. 

  • නිර්මාණාත්මක ලියවිලි සකස් කිරීම
  • වෘත්තීය ලිපි සැකසීම
  • මෘදුකාංග සංවර්ධනයේදී කේත ලිවීම
  • දත්ත පද්ධති හෝ වෙනත් පරිගණක වැඩසටහන් වලදී සහය වීම
  • අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහය වීම
  • සංඛ්‍යා ලේඛන හා දත්ත ඇසුරින් තීන්දු තීරණ ගැනීම
  • අදහස් උපදවාලීම

මේ ආකාරයේ පහසුකම් සමඟින් එන Caude AI වැඩසටහන හා CHAT GPT  (මීට පෙර Chat GPT පිලිබඳව ලියූ ලිපිය මෙතනින්) අතර ඇති ප්‍රධාන වෙනස්කම් පහත පරිදි වේ...

  • Image නිර්මාණ කල හැක්කේ Chat GPT වන අතර එම පහසුකම Claude හි නැත.
  • Internet භාවිතය සඳහා Chat GPT ට අවසර ඇති අතර  එම පහසුකම Claude හි නැත.
  • Claude හි උපදෙස් සීමාවක් ඇත. එම සීමාවකින් පසු පැය ගණනකට ඔබගේ පහසුකම් අත් හිටුවුන ඇත. Chat GPT හි දැනට එවැනි දෙයක් නැත.

 ඉතින් Claude AI භාවිතා කර බලන්න. කෘතිම බුද්ධියේ අසිරිය විඳගන්න.      

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form