පරිගණක තිරයේ වර්තමානය


පරිගණක තිර ගැන මාධව මීට පෙර ද විවිධ ස්ථාන වල විවිධ ලිපි ලියා ඇති අතර වර්තමාන තත්වය ගැන ලිපියක් ලිවීම වැදගත් වනු ඇතැයි මාධව සිතන්නේය. ඒ අනුව මේ ලිපියෙන් කියන්නේ වර්තමානයේ භාවිතා වන පරිගණක මොනිටර වර්ග සහ ලැප්ටොප් තිර වර්ගයන් ගැන ය. 

වර්තමානයේ විවිධාකාර තිර වර්ග විවිධාකාර අරමුණු උදෙසා නිර්මාණය කරනුයේ පරිගණක ක්ෂේත්‍රෙය් විහිදීම නිසාවෙනි. ඒ අනුව පහත කාරණා සපුරාගැනීමේ  අරමුණු වෙනුවෙන් සුදුසු මොනිටර වර්ග විශේෂයෙන් බිහි වී ඇත.

පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය

පරිගණක මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රය

පරිගණක ග්‍රැෆික් නිර්මාණ ක්ෂේත්‍රය

ශබ්ද පරිපාලන ක්ෂේත්‍රය

පරිගණක වීඩියෝ නිර්මාණ ක්ෂේත්‍රය

මේ ආදී අරමුණු වලට අදාලව සුදුසු ආකාරයේ පරිගණක සහ ලැප්ටොප් වලට තිර වර්තමානයේ නිර්මාණය කර ඇත.

අතීතයේ තිබුනු ප්‍රධාන මොනිටර වර්ගය වූයේ CRT හෙවත් Cathode Ray Tube වර්ගයයි. 

CRT Definition - What is a CRT display?

විදුලි බලය වැය වීම, අක්ෂි වලට හානිකර වීම, වැඩි ඉඩ ප්‍රමාණයක් වැයවීම සහ තිරයේ ප්‍රමාණය කුඩා වීම ආදී කාරණා නිසා මෙම මොන්ටර වර්ගය අභාවයට ගොස් ඇති අතර ඉන් පසු LCD සහ LED වර්ගයේ මොනිටර පැමිණ ඇත.

LCD Monitor

 
LED Monitor























 

මෙම වර්ග දෙකෙහි පෙනුම බොහො විට එක සමාන වුවද තාක්ෂණය අතින් ඒවා තිබුනේ තැන් දෙකකය. LCD තිර වර්තමානයේදී පරිගණක ක්ෂේත්‍රෙය් භාවිතා වන්නේ අවම වශයෙන් වන අතර LED තවමත් භාවිතයේ පවතී. වර්ණ වල ගුණාත්මක බව සහ විදුලිය පිරිමැසුම්දායක වීම යන කාරණා නිසාම LCD  අභීබවා LED තිරය ඉදිරියට පැමි‍ණුන අතර වර්තමානයේද එම LED තිර වැඩි දියුණු කර ඇත.

එසේම වර්තමානය වන විට විවිධ ආකාරයේ දියුණු තිර වර්ග කරලියට පැමිණ ඇත්තේ තාක්ෂණයේ දියුණුව නිසාමය. ඇහැට හඳුනාගත නොහැකි අන්දමේ සියුම් වර්ණ පවා පැහැදිලිව පෙන්වන මෙම මොනිටර පිළිඹිබු වන්නේ නූතන පරිගණක සහ ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවරුන්ගේ දක්ෂතාවයයි. 

OLED තිරය


organic light-emitting diode (OLED) තාක්ෂණය අනුව පැමිණි වර්ණ ත්‍රීවතාවය සහ සංඛ්‍යාතය ඉහල ආසන්නතම මොනිටර වර්ගය මේවාය. මේ ආශ්‍රෙයන් විවිධ ආකාරයේ මොනිටර සහ ලැප්ටොප් තිර නිපදවා ඇත. මෙහිදි ඇත්තේ LED තිර වල ඇති LED පසු ආලෝකය ඉවත් කර ඇති තාක්ෂණයකි.

පරිගණක ග්‍රැෆික් ආශ්‍රිත කටයුතු සඳහා මෙම තිර විශේෂයෙන් භාවිතා කෙර්. එසේම මේ ආශ්‍රෙයන් 4K තිර සහ Curved තිර නිපදවා ඇති අතර ඒවා ගැන පහතින් දක්වා ඇත.

4K තිර

මෙම වර්ගයේ තිර වල ඉතා ඉහල රෙසලූෂන් අගයත් ඇති අතර එය සාමාන්‍ය අගය වන 1920 x 1080 මෙන් හතර ගුණයක් දක්වා ඉහල යයි. ග්‍රැෆික් නිර්මාණ

IPS තිර 

තාක්ෂණයෙන් LED සහ OLED වලට වෙනස් වූ තාක්ෂණයක් සහිත වඩාත් පුළුල් දර්ශන කෝණයන්ගෙන් සමන්විත වූද වර්ණාවලිය ඉතා ඉහල වූද මොනිටර මේවාය

මේවා වඩාත් භාවිතා කරනුයේ ග්‍රැෆික් නිර්මාණ කරුවන්, CAD භාවිතා කර සැලසුම් අඳින පරිශීලකයින් වේ...

 

Curved තිර සහ  Ultra Wide Curved තිර

Curved PC Monitor ...

 

අඟල් 49 තිරය

 

වර්තමානයේ ජනප්‍රිය මෙම තිර බොහෝ විට භාවිතා කරනුයේ Video Editing, Audio Editing,  Software Developing සිදු කරන ශිල්පීන්ය. මෙම මොනිටරයක් සාමාන්‍ය වශයෙන් ලංකා මුදලින් රුපියල් ලක්ෂ 3 කට ඉහල අගයක් ගනී.

අඟල් 49 යනු Ultra Wide Curved තිර වන අතර අඟල් 24 to 34 ප්‍රමාණයෙන් කුඩා Wide Curved තිර ඇත. එසේම මේවායේ පහසුකම් අතර එකම තිරයට පරිගණක දෙකක් සම්බන්ධ කිරීම විශේෂය.

එසේනම් තිර ගැන කතාව ඔපමණය......

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form