පරිගණකයක් කැබලි කිරීමේදී සැලකිලිමත් වන්න.



 

 

පරිගණකයක් ගැලවීම සිදු කරන්නේ කාරණා කීපයක් නිසාය. බොහෝ විට අලුත්වැඩියා කටයුතු සහ නඩත්තු කටයුතු මෙන්ම අධ්‍යයන කටයුතු ඉන් ප්‍රධාන ය. එසේම අභ්‍යන්තර උපාංග යාවත් කාලීන කිරීම (Upgrade RAM, Install New Hard Drive ආදී කාරණා ) වැනි කටයුතු වලදීධ මෙම පරිගණක ගැලවීම සිදු කරයි.

 

වැදගත් - පරිගණකයක් ගැලවීම යනුවෙන් මාධව අදහස් කරන්නේ පරිගණකය කැබලි කිරීම නොව පද්ධති ඒකකයේ වැස්ම ඉවත් කිරීම, ලැප්ටොප් පරිගණකයක කවරය ගැලවීම ආදී සරල කාරණා බව සලකන්න.

මෙලෙස පරිගණකයක් කොටස් කිරීමේදී යලි සවිකිරීම අවශ්‍ය නොවන අවස්ථාද තිබිය හැකිය. කෙසේ වුවත් අලුත්වැඩියාවන් සහ නඩත්තු මෙන්ම උපාංග යාවත්කාලීන කිරීම් ආදී කටයුතු වලදී පරිගණකය යලි සවි කල යුතු වේ. 

එසේ සවි කිරීමේදී පහත අපහසුතා ඇති විය හැකිය.

  • ඇණ වැඩිවීම හෝ අඩු වීම නෝ නොගැලපීම් සිදුවීම.
  • කුඩා ප්ලාස්ටික් හෝ රබර් වැනි කැබැලිති අඩුපාඩු හෝ  අතිරික්තයන් තිබීම.
  • ඇතැම් ස්ථාන වල අගුලු නිසි පරිදි සවි නොවීම
  • ලැප්ටොප් පරිගණකයේ තිරය බකල් වීම නොහොත් නිසි පරිදි විවෘත නොවීම
  • රැහැන් කැඩී යාම

මෙසේ සිදු නොවීමට නම් පහත කරුණු අනුගමනය කල හැකිය.

 01 - ඇන නොගැලපීම් ඇති නොවීමට ඇන ගැලවීමේදී ලේබල් කර ගත හැකිය. විශේෂයෙන් මෙම තත්වය ඇති වන්නේ ලැප්ටොප් පරිගණක ගලවා සවි කිරීමේදීය. එම පරිගණක සඳහා විවිධ දිගින්, ප්‍රමාණ වලින් යුතු ඇණ වර්ග බොහෝ පැවතිය හැකිය. එබැවින් ඇණ ගැලවීමේදී පිට කවරය, මවු පුවරුව, දෘඩ තැටියේ ඇණ ආදී ලෙස ලේබල් කර ගැනීම මෙම අපහසුතාවය මඟහරවා ගැනීමය හොඳම ක්‍රමය ලෙස මාධව දකින්නේය

02 - කුඩා ප්ලාස්ටික් කැබලි හෝ රබර් කැබැලි ඉතිරිවීම අතීතයේ නම් සුලභ කාරණාවකි. මක් නිසාද යත් අතීතයේ පරිගණක වල විවිධ අගුලු, පූට්ටු ආදිය සකසා ඇති අතර ඒවා පරිගණක, ලැප්ටොප් ගැලවීමේදී නොසලකා හැරීමෙන් කටයුතු අවසන් කොට යලි පරිගණකය සවි කිරීමේදී හෝ සවි කිරීමෙන් පසු විව්ධ දෝශ (පරිගණකයෙන් විවිධ ශබ්ද මතු වීම, ඇන සවි නොවීම ආදී දැ) මතු වේ. එවැබින් හැකි විට මේවා ජායාරූප ගත කිරීම හෝ ලේබල් කිරීම සුදුසුය.

03 - අගුලු නිසි පරිදි සවි නොවීම සිදු නොවීම සඳහා වර්තමානයේ දී පරිගණක ගැලවීමේදී එය වීඩියෝ ගත කිරීම හෝ පින්තූර ගත කිරීම කල හැකිය. එමගින් අදාල අගුල හෝ කැබැල්ල පිලිබඳව අවබෝධයක් ඇති කර ගත හැකිය.

04 - රැහැන් සහ වෙනත් කැබලි කැඩී යාම හෝ කුඩු වීම සඳහා කල හැක්කේ පරිගණකයේ වර්තමාන හිමිකරුට එය සිදුවිය හැකි බවට පැවසීමය. මක් නිසාද යත් විවිධ පරිශීලකයින් විවිධාකාරයට පරිගණක භාවිතා කරන අතර නඩත්තුව අවම වන පරිගණක අභ්‍යන්තරයේ පරිපථ කැබලි, රැහැන් ආදිය දිරාපත් වී තිබිය හැකිය. එබැවින් ගැලවීමේදී ප්‍රවේසම් විය යුතු අතර අදාල පරිගණකයේ බාහිර පරීක්ෂාව මගින් පරිගණකයේ අභ්‍යන්තරයේ තත්වය පිලිබඳ දල අවබෝධයක් ගත හැකිය.

කෙසේ වෙතත් විවිධ පරිගණක මාදිලි වල විවිධාකාරයේ පරිගණක එකලස් කිරීමේ ක්‍රම තිබිය හැකිය. මාධව පුරුද්දක් ලෙසින් නම් පරිගණකයක් ගැලවීමට පෙර එම පරිගණකයේ තත්වයන් පිලිබඳව, ගලවන ආකාරය පිලිබඳ Youtube වෙතින් නරඹා අවබෝධයක් ලබා ගනී. එසේම අදාල පරිගණකය පිලිබඳව අදාල පරිගණක වර්ගයට අදාල සමාගමේ වෙබ් අඩවියෙන් තොරතුරු ද ලබා ගනී. එමගින් එම පරිගණකයේ පොදු දෝශ ගැනද වැටහීමක් ගත හැකිය.

තවද මෙම ඉහත පැවසූ කරුණු බොහෝ විට අදාල වන්නේ Branded පරිගණක වලට සහ ලැප්ටොප් පරිගණක වලට ය. උපාංග එකලස් කර නිර්මාණය කරනු ලබන පරිගණක සඳහා මෙම කරුණු අදාල නොවේ. කෙසේ වෙතත් එහිදීද මවු පුවරුව අයත් වන සමාගමට අදාලව තොරතුරු ලබා ගත හැකිය. පරිගණක වැස්ම නිර්මාණය කරන සමාගම් වලට අදාල වෙබ් අඩවි වලින් විස්තර ලබා ගත හැකිය.

මේ ආකාරයට කටයුතු කිරීමෙන් පරිගණක අලුත්වැඩියාව මෙන්ම අධ්‍යයන කටයුතුද පහසුවෙන් සිදු කර ගත හැකි වනු ඇති බවට මාධවගේ අදහසයි.

 

 

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. වටින අදහසක්. නොසලකා හරින පුංචි කරුණක් නිසා ලොකු හානියක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්! සමහර ප්ලාස්ටික් කැල්ලක් කියන්නෙ පොඩි මූට්ටුවක් අගුලක් වෙන්න පුලුවන්! ඒක නොසලකා හැරලා සවි කලොත් ඇතැම් විට අභ්‍යන්තර උපාංග ඝට්ටනය වීම් / සිසිලන පද්ධතියේ දෝශ / වයර් කැබැලි හරි හැටි සවි නොවීම් ආදී ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.

      දැන් වර්තමාන ලැප්ටොප් වල නම් ඔය ගැටලු අඩුයි. ගලවන්න පහසුයි. පැරණි ඒවගෙ තමා අනම් මනම් ඇණ කැබලි වැඩි!

      Delete
Previous Post Next Post

Contact Form