අලුත් ඇඳුම්

 

2024 අලුත් අවුරුද්දේ හැමෝම අලුත් පෙනුමින් එලියට එන බව මාධවට පෙනී යන්නේය. ඒ් ගැන පුංචි කතාන්දර දෙකක් මේ ලියුම ලියවෙන්නේය.

GOOGLE හි නව පෙනුම

දින කීපයක සිටම ගූගල් හි SIGN iN වීමට යාමේදී  ඉහලින් මතු වූ පණිවුඩය වූයේ නව පෙනුමක් දියත් බව බවය. ඒ් අනුව මාර්තු 15 දින වන විට ගූගල් හි පිවිසුම් ද්වාරය - Sign in Page හි සරල එහෙත් නව වෙනසක් සිදු කර තිබුනේය.

එය පහල රූපයෙන් දක්වා ඇත.


 

 ඒ්ත් මාධව හිතුවේ ඒහෙම් පිටින්ම ගූගල් ඇතුලාන්තය කරකවා අතහැර ඇති බවය. ඒ්ත් ඒ්ම නොවේය. දැනට සරල පෙනුමකින්ම සුලු වෙනසක් ඇතිව පිවිසුම් ද්වාරය පමණක් වෙනස් කර ඇති අතර ගූගල් ඩ්‍රයිව් හෝ වෙනත් කිසිදු තැනක පෙනුම වෙනස් කර නැත.


whatsapp නව පෙනුම

ඇන්ඩ්‍රොයිඩ සඳහා වට්සැප් යෙදවුමේ නව පෙනුමක් දැන් ලැබී ඇත. ඒ් අනුව තිරයේ ඉහලින් තිබුනු Chats, Status Updates, Calls ආදී පහසුකම් රැස තිරයේ පහලට ඇද දමා ඇති අතර අයිකන ස්වරූපයෙන් දිස් වේ. ඒය නව පෙනුමට වඩා පරිශීලකයාට පහසු යැයි සිතා සිදු කරන ලද යාවත්කාලීන බවක් පෙනී යයි.

එසේම Communities ද එසේ පහල ප්‍රධාන කාණ්ඩයක් ලෙස එක් කර ඇත.

පුද්ගලිකව මාධවට නම් නව සංස්කරණයේ යම් පහසුවක් තිබෙන බව හැඟේ.

අදට තාක්ෂණික තොරතුරු එපමණය..
සුභ දවසක්ය..

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form