රතු හම!



ඇය හොදම බෙර වාදනේට සහතිකේ ගද්දි ඇගේ බෙරය වේදිකාව පල්ලෙන් තියල තිවුන. රතු පාටට හුරු හමක් දාල තිව්න ගැට බෙරේ නිසා ඇය හැම වාරෙකම මේ අංශයෙන් දිනුව.

හොඳම බෙර වාදන ශිල්පිනිය. සමස්ථ ලංකා තරඟය 2024!

නිම්නාදී රණසිංහ

අත්පොලසන් හඬින් සභාව ඇලලී යද්දී ඇඟේ සීයා ජේ. රණසිංහ පමණක් වේදිකාව පහලින් තිවුන බෙරය දෙස රවාගෙන උන්නා. හම මතට වදින සෑම බෙරපදයක් පාසාම බෙරයේ හම ඉලිප්පෙනු ඔහුට පෙනුනා. රතු ලේ පාට හම ඇති ඉරි ඉරි තියෙන ගැට බෙරයක්. 

හීරුණු තුවාල වගේ කඩතොලු ඇති බෙරයේ හම මතට වේගයෙන් දැඩි පහරවල් වැදිල හඬ නංවද්දි ඔහුට හරි සතුටක් දැනෙනවා. හතුරෙක්ට තඩිබාද්දි දැනෙන තෘප්තිමත් බව දැනෙනවා. බෙර හම කම්පනයෙන් ඉලිප්පෙද්දී එයට සමාන්තරව සියාගේ ඇස නටන්නට පටන් අරන්. අත්පොලසන් නාදය මැද්දේ ඔහු අතීතයේ සැරි සැරුවා.

ජේ රණසිංහ හෙවත් ජොස්ටන් රණසිංහ හොද බෙර කරුවෙක්. බෙර නිර්මාණය කරන්නෙක්. මහනුවර පිලිමතලාව පැත්තෙ ඉදපු දක්ශ ගුරුන්නාන්සේ කෙනෙක්. ජොස්ටන් කියන්නෙ තොවිල් එහෙමත් නටන කෙනෙක් නිසා දුර පැති වලට එහෙම නම් තබාපු වැදගතෙක්.

ඔහුට උන්නා දියණියක්. ඒ තමා සුරූපී ආදරණීය දුව, සුනන්දා! තලෙලු කේශ කල්‍යාණියෙන් පිරිපුන් අපූරු සිංහල කෙල්ල.

සුනන්දා උපතින්ම පියාගෙ ආරෙට ආව. නැටුන් ගැයුන් ඇඟෙ සරීරෙ ඇතුලෙන්මයි ආවෙ. සිංහල කමට නැටුම් කරන ඈගෙ හැකියාවන් ගම් නියම් ගම් වල ප්‍රසිද්ධ වෙද්දි ඇගේ සුරූපී කමට නිලමෙලා, මහ ඒජන්තලාගෙන් පවා යෝජනා ආවේ ඈ යන්තම් දහ අට වයසෙදි.

ඒත් කරුමෙ ඉස්සර වෙනව නෙව. ඇගේ හිත ගියේ කඩුගන්නාවෙ උන්නු සිරිසේන බෙරකාරයට. රණසිංහ ගුරුන්නාන්සෙගෙ තොවිල් වලදි කදිමෙට යක් බෙරේ ගහන මේ තරුණ කාල වර්ණ මිනිහගෙ බාහු මැද්දෙ තෙරපිලා තිරිහන් වෙන්න ඔනි කියලා නිදි පැදුරෙදි තනියම මනෝ ලෝකෙ පියාසලන්න තරම් මේ දැරිවි මෝරලා අහවරයි එතකොටත්. 

එක දාක ඇගේ පැදුර පෑගුනේ ඔහු අතින්, කොහොමත් නොහිතපු වෙලාවක. හදිසි පයිණ්ඩයක් අරන් ඔහු ගුරුන්නාන්සේව මුණ ගැහෙන්න එද්දි රණසිංහ ගුරුන්නාන්සේ පිටත් වෙලා අහවරයි ගමන. ආපහු යන්න හදිසියක් උනේ නෑ ඔහුට ඈ තනි කරල. උපන්දා සිට අම්මා නැතිව හැදුනු ඈගෙ තනි රැක්කෙ දෙවැටෙ සීල අත්තම්මා මෙ කිසිත් දන්නෑ. ගුරුන්නාන්න්සෙ හදිසියේ ගමනක් ගිය විත්තිය. දන්නවනම් උදේ ඉදන් අමාරු කොරපු සෙම් වාතෙ නොසලකා ඈ එනව මල් කැකුල ආරස්සා කොරන්ඩ. ඒත් කරුමෙ ඉස්සර උනා.

ගුරුන්නාන්සෙ ආපහු ගෙදර එද්දි සහවාසය ඇරඹිල ටිකක් වෙලා. තුරුණු ජවයේ රස ඉවසගන්න බැරි කමට සුනන්දගෙ ඇගිලි නිය සිරිසෙනගෙ පිටේ කිඳාබැහැල හීරිලා. දොර අරිද්දි එක සැරෙම පුපුරපු අකුණෙන් තමන්ගෙ ඉහ අද්දර ඉස්සෙල්ලම දැක්කෙ සිරිසේනගෙ කුණු හම මතුවෙච්ච පිටයි තට්ටම් දෙකයි. ඔහුට යට වෙලා ඔහුව බදාන පිට පහුරු ගාමින් සිරිසේනගෙ උකුල දෙපැත්තෙන් දෙකකුල් දෙපසට දාගෙන කෙඳිරි ගාමින් උන්නෙ තමන්ගෙ එකම දෝණි.

එක සැරේම නොහිතපු වෙලාවක දැක්ක කිසිදාක නොදකින්න ඕනි මෙ දර්ශනේ දැකපු රණසිංහ ගුරුන්නාන්සෙ මඳක් තෝන්තු උනත් නොසැලී බලාන ඉද්දි එක සැරේට බෙල්ල හරෝල බලපු සිරිසේන, තමන්ගෙ අධිපති රණසිංහ ගුරුන්නාන්න්සෙව දැකල තෝන්තු වුනා.ඒ සැනින්ම උගේ දුරුවල හදවත කඩාන වැටෙද්දි වෙරලු මල් ඉස්ම ඇබින්දක් කොහොමින් හරි සුනන්දගෙ යටි කයේ තවරගෙනම පණ ටික ආකහේට මුදා හැරිල තිබ්බෙ ගුරුතුමාට ඇති බය නිසා පපුවට ආ කම්පනයට නහරයක් පුපුරපු නිසාමයි.

අප්‍රාණිකව කඩාවැටෙන, සහවාසයෙන් මිදුනු සිරිසේනගෙ සරීර බවට දැහැනෙන් මිදුනු සුනන්දා, සිරිසේනව පසෙකට තල්ලු කරල පැදුරෙ කෙලෝරක තිවුනු චීත්තෙ පොරවාගත්තම දැක්කෙ දොර ගාව උන් අප්පච්චි. ඈ හනික ඔහුගෙ දෙපා මුල වැටුනා.

එතකොට තමා ඈ දැක්කේ මොහොතකට පෙර අමා සුව මිහිර දුන් ඒ ජවසම්පන්න වල්ලභයා දැන් ඉන්නේ අවලංගු වෙලා සෙම පෙරාන මියගිහිල්ලා බව එහායින් පතබෑවිලා.

ඇය විලාප දෙමින් නිවසේ මුල්ලට වෙද්දි අකුණු සහ වැහි හඬ ඒ විලාපය යට කලේ ඔය අපූරුවට. සියල්ල වහං කරන්ට ඇති කාලය හරි කෙටි එකක්. ගුරුන්නාන්සෙ බලය අතට ගත්තා. මහ රෑ මද්දේම නිරුවත් සිරිසේනගෙ මල කඳ කරට ගත්තු ඔහු මහ වන මැඳින් බලන කන්ද දිහා ඇදුන. කන්දෙ සිංහ කට වගේ තැනට ආව හෙතෙම එතනින් පහල හෙලට ගස් අතරෙ රැඳෙන්න මේ මිනිය විසි කරන්න සුදානම් වෙද්දි තමයි තව සැරයක් තමන්ගෙ දියණිය වින්ද ප්‍රභර්ෂයේ ප්‍රතිචාරයක් උනු පිට හීරුනු නිය පහරවල් ටික දැක්ක. කෝපය ඉවසාගත නොහී ඔහු ඉන රැඳි කිණිස්ස ගෙන සිරිසේනගේ පිට මැද්දටම ඇන්නා. 

එදා ඉර පායද්දී වැහි කෝඩේ තුරුල් වෙද්දී ගුරුන්නාන්සේත් දියණියත් අතුරුදන් වෙලා.

...............................................................................................

අවුරුදු ගාණකට පස්සේ සීතාවකපුර පොඩි ඉස්කෝලෙක පුංචි ගෑල්ලමේක් හරි අපූරුවට බෙරයක් වාදනය කලේ කාගෙත් හිත් ගනිමින්. අවුරුද්දෙන් අවුරුද්ද ඈ ලොකු වෙද්දි ඇගේ බෙර වැයිල්ලත් ඒ හාම සමාර්ථවත් උනා. උපතේදිම ඇගේ අම්ම මියෑදිලා නිසා සීයා තමා ඈව බලාගන්නෙ.

ඒ අපූරු ගැට බෙරය සීයා විසින්ම නිර්මාණය කරපු එකක් කියල ඈ ආඩම්බරෙන් කියනවා. ඒ බෙරේ හම වෙන බෙර වල වගේ නෙමෙයි. හම් බෑ දෙකම කුණු ලේ කලු පාටයි. ඒ හමේ නිය පහරවල් වැදුනු සලකුණු පේන්න තියනවා.  ඒ අමුතු පාට ගැන අහන අයට, ගමේ උන්නු කුලප්පු උන රතු වල් හරකෙක්කෙ පදං කොරපු හමක් කියලා මහ හයියෙන් හිනා වෙනවා. 

ඒ බෙරයෙන් මේ පුංචි කෙල්ල නිම්නාදී සිය නාමය දිග් විජය කරනවා.

...............................................................................................................

එකමත් එක රෑක කඩුගන්නාවෙ සිංහ කට ලඟ මිනිහෙක් දණ ගහගෙන හති අරිනවා. ඉනෙන් කිණිස්සක් ඇදල ගන්න ඔහු වෛරය පිරි දෑසින් ආවේගයෙන් තමා අසල ඇති කලේබරයේ පිට මැදට අනිනවා. ඉන්පසු මඳක් කල්පනා කරන ඔහු හෙමින් ප්‍රවේසමින් පිටින් හම වෙන් කරගෙන ගලෙන් වෑහෙන දියෙන් සෝදා පසෙක තබා, හම ගැසූ පිටක් නැති මල මිනිය කඳු බෑවුමේ තුරු මතට විසි කරනව.

මිනී හම රෝල් කොට අතට ගන්නා ඔහු කිණිස්ස එහි පිසදාගෙන ගෙදරට විත් අතට හසු වූ දේ පොදි බැඳ දියණිය සමඟ කඩිනමින් පාරට පැමිණ සීතාවක පෙදෙසට පිටත් වෙනව.

එහි ගම්මානයක පදිංචිය අරඹා දින කීපයකින් පසු සිය ඔලගුවේ තිබූ වියලි සම් කැබැල්ල ඉවතට ගෙන  දින කීපයක් පුරා අපූරුවට පදම් කරගන්නවා. ගැට බෙර නිර්මාණයේ කෙල පැමිණි ජොස්ටන් රණසිංහ නම් බෙර නිර්මාණකරුවා සිය මිණිබිරියගේ අපරාජිත බවට හේතුවන බෙරය නිර්මාණය කරන්නට මංගල රැය දා මියෑදුනු සිය ගෝලයාගේ පිට කොන්දේ හම් කැබැල්ල භාවිතා කරනවා.

එසේ නිමැවූ ගැට බෙරය භාවිතා කරන මිණිපිරිය සිය නාමය රට පතල කරද්දී ඒ අපූරු ගැට බෙරයේ දෙපස ඇති නලියනවාක් මෙන්, පණ ගැහෙනවාක් මෙන් පෙනෙන නිය පහර කිඳාබැසි බෙර හමට සදාකල් වෛර කරන බව රණසිංහයානන්ගේ සිත ඔහුට සෑම හෝරාවකදීම සිහිපත් කරනවා.
 
ඒ කරුණු කාරණා අවු අස්සෙ, ඔහුගෙ මිණිපිරී එයාගෙ අප්පච්චීගෙ හමට ඇඟිලි පුපුරනකම්ම තඩි බාලා හැමදාම දිනුම අරගන්නවා.

10 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. කියවලා ඉවරවෙන කොට Horroe Movie බැලුවා වගේ හැඟීමක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මට ඇති! මට ඔනි ඒ හැඟීම දනවන්නයි

      Delete
  2. මරැ කතාව. හොඳ ප්ලොට් එකක් 👌

    නිකමට හිතුන 'ඒ බෙරෙන් මේ පුන්චි කෙල්ල.' කියන තැනින් කතාව නැවතුවානම්... තවත් කතාවෙන් ඇතිවන දැනීම වැඩිවෙනව කියලත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා! ඔබේ කමෙන්ටුවට ස්තූතියි! අදහසත් අපූරුයි

      Delete
  3. මේ කථාව ලෙසටම ලියලා තියෙනවා. කෙටි චිත්‍රපටියක් වගේ - Mayya

    ReplyDelete
  4. සෘංගාරාත්මකයි, කලාත්මකයි, ඛේදජනකයි, භයානකයි.👌

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කමෙන්ටුව වටිනවා

      Delete
  5. https://www.facebook.com/alaafinoyo/photos/a.322566881203723/4001571443303230/?type=3

    ReplyDelete
    Replies
    1. ඒක යකාගෙ වැඩක් නේද? බුදාම්මෝ!

      Delete
Previous Post Next Post

Contact Form