Python - වචන, අකුරු හා ඒ ආශ්‍රිත කාරණා සම්බන්ධව



 

පයිතන් වැඩසටහනකට අකුරු ප්‍රදර්ශනය කිරීම, වචන එකතු කර වැකි නිර්මාණය කර ප්‍රදර්ශනය කිරීම ආදී කටයුතු සඳහා විවිධ ක්‍රම වේද ඇත. අද පාඩමින් මාධව කියා දෙන්නේ ආන් ඒවායින් බිඳක් ය.

මාධව තවමත් මේ කටයුතු ඉටු කරනුයේ උබන්ටු වල, Visual Studio Code වලින්ය. මෙතැන් පටන් නුඹලාට කැමති මෙහෙයුම් පද්ධතියක, කැමැති IDE එහෙක කැමති විදියට මේවා අත්හදා බලා උගත හැකිය.

 අකුරු සම්බන්ධ මූලික කරුණු

අකුරු සම්බන්ධව මූලික කරුණු මෙසේය
පයිතන් අකුරු හා වචන Strings ලෙස හැඳින්වේ

ඒවා " " හෝ ' ' කොමා තුල ලියනු ලබයි

උදාහරණ

print ('welcome to python lesson')

print ("welcome to python lesson")

සෑම විටම තිරය තුල යමක් පෙන්වීමට print කේතය ලිවිය හැකි බව මීට පෙර කියා දෙන ලදී.

 

අකුරු හා වදන් වේරියබල්ස් ලෙස තැන්පත් කිරීම

variables ලෙස පයිතන් හි වදන් සඳහන් කිරීම පහසු ය

උදාහරණ - 

a="hello"

b="madhawa"

මෙහිදී a සහ b  යන අකුරු වලට අදාල වචන ආදේශ කර ඇත.

මීට අමතරව පහත පරිදි ද වදන් සඳහා වේරියබල්ස් නිර්මාණය කල හැකිය.

a=str(100)

b=str(1.65)

මෙහිදී මෙම සංඛ්‍යා හඳුනාගන්නේ වදන් ලෙසය. දශම සංඛ්‍යාවට අදාල වේරියබල් වර්ගය Float වුවද මෙහිදී str නැමති හදුනාගැනීමේ පන්තිය ලබාදී ඇති නිසා එය හදුනා ගන්නේ වචනයක් ලෙසය.

 

අකුරු හා වදන් එකතු කර වැකි ප්‍රදර්ශනය කිරීම

මෙහ පහසු කටයුත්තකි. බොහෝ සංකීර්ණ කාරණා වලට පෙර මෙවැනි සරල කාරණා අත්හදා බැලීමෙන් ක්‍රමලේඛය පහසු එකක් සහ ප්‍රියමනාප එකක් වනු ඇති බව මාධවගේ අදහසයි.

පළමු උදාහරණය -

මෙහිදී a සහ b යන වේරියබල් වලට hello සහ python world යන වදන් ආදේශ කර ඇති අතර ඒවා වෙන වෙනම පෙන්වීමට print (a) සහ print (b) කේත ලබා දී ඇත.

 

දෙවන උදාහරණය -


මෙහිදී a සහ b යන වේරියබල් වලට hello සහ python world යන වදන් ආදේශ කර ඇති අතර ඒම a සහ b එකතු කිරීමට a+b කේතය ලියා ඇති අතර එය c නම් වේරියබල් එකට ආදේශ කර ඇත.

එය තිරයේ පෙන්වීමට print (c) කේත ලබා දී ඇත.

 

තෙවන උදාහරණය - 

මෙහිදී

a = str(5.9) යනුවෙන් 5.9 නැමති සංඛ්‍යාව වචනයක් ලෙස ආදේශ කර ඇත. str යනුවෙන් සඳහන් කර ඇති නිසා මෙම සංඛ්‍යාව වදනක් ලෙස හඳුනා ගනී.

එසේම b සහ c සඳහා පිලිවෙලින් my height is සහ feets යන වචන ආදේශ කර ඇති අතර print (b+a+c) යනුවෙන් එය මුද්‍රණය කරන්නට කේත ලියා ඇති අතර d යනුවෙන් වෙනත් වේරියබල් එකක් නිර්මාණය කර එයට (b+a+c) සමාන කර ඇත.
අවසානයේ d ද මුද්‍රණය කිරීමට print (d) කේතය ලියා ඇත. 

අකුරු වල අවැසි කොටස් උපුටා ගැනීම

යම් කිසි වැකියක අවැසි කොටසක් පමණක් මුද්‍රණය කර ගත හැකිය. පහත උදාහරණය බලන්න.

 

මෙහිදී සිදු වන්නේ යම් වචනයක / වාක්‍යයක අකුරු හෝ කොටසක් උපුටා දැක්වීමයි.

ඒ සඳහා පළමුව a යන variable එකට python යන වචනය ආදේශ කර ඇත.

ඉන් පසුව print (a[1]) ආකාරයට විධාන ලබා දී ඇත. එයින් අදහස් වන්නේ වචනයේ හෝ වාක්‍යයයේ පළමු අකුර 0 සිට ගත් විට දෙවැනි අකුර මුද්‍රණය කරන්න යනුවෙන්ය.


තවදුරටත් පැහැදිලි කරන්නේ නම්....

 

ඉහත රූපය අනුව p අකුරට 0 ද අවසාන n අකුරට 5 ද සැලකීමෙන් print(a[4]) යනුවෙන් කේතය ලියූ විට o අකුර මුද්‍රණය වේ. 

එසේම print(a[2:5]) යනුවෙන් ලබා දුන් විට රූපයේ පරිදි "tho" යනුවෙන් තිරයේ මුද්‍රණය වේ.


ඒ අනුව මෙම කොටස මෙතනින් අහවර ය.
ඊළග පාඩම ද මෙම වචන සහ වැකි ආශ්‍රිත Strings ගැනය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form