ඇය සිනාසෙද්දී දත් වලට පැලඳ සිටි "බ්‍රේසස්" දැකීමෙන් මා සිත කලකට පසු තිගැස්සීමට ලක් විය. බස් රථයේ යන එන ගමනේදී අහම්බෙන් දුටු ඇයගේ සිනහව මේ තරම් වූ වේදනාකාරී ආකාරයෙන් ම'හැඟුම් යලි පෙලා දමමින් මා සිත රිදවාවි යැයි කිසි දිනක නොසිතූ නමුදු එය එසේම සිදු විය. ඇගේ "දන්ත ආරක්ෂක වලල්ල" ක්ෂණිකව අතීතයේ ආලයක අවශේෂව නටඹුන් වී ඇති පරණ මතකයන් කරා, සුලඟක් සේ විත් මා රැගෙන ගොස් අතරමං කර දැම්මේ අනුකම්පාවකින් තොර වූ යමපල්ලෙකුගේ දඩුවමක් සේමය.
මේ කතාවේ ඇරඹුම කෙසේ සනිටුහන් කරම්දෝ හැඟුමක් මා සිතේ යුද්ධ කරන්නේ ටික වේලාවක සිට ය. බසයේ සිනහ පෑ ඇයගේ ඒ අපූරු සිනහව මාගේ ඇතුලු හදවත පාරා තුවාල කර ඇත්තේය. එක්තරා අන්දමකට මෙය කර්මය ලෙස හැඳින්වීම සුදුසු ය.
කෙසේ වෙතත් අතීතයේ සිටම මා විශ්වාස කරන්නේ ආදරයක ආරම්භය හැම විටම නැවුම් බවය. එයින් පසු එය හැඟීම්බර වන්නේය. ඉක්බිති ඉඩක් ලදොත් ශෘංගාරාත්මක වන්නේය. ඉක්බිති ප්‍රශ්න වලින් මිරිකෙන සමය එළැඹෙන්නේය. අවසානයේදී වියෝවෙන් හිත් වැලපෙන්නේය.
බස් රථයේ කවුළුව අසල හිඳගෙන ඉන්නා මේ සොඳුරු යුවතියගේ සිනහව මාගේ ජීවිතයේ කාලයක් අරක්ගෙන උන්නා වූ ප්‍රේමයක මතක යලි ගොඩ ගනිමින් සිටින්නීය. කලකට ඉහතදී මා විසින් වලලා දැමූ ඒ මතක දැන් දැන් මා සිත තුල දියෙන් ගොඩ දැමූ මාලුවෙකු සේ ගැහෙන්නට ගන්නේය. මාගේ දෑස් දෙස බලමින් අවිහිංසකව පානා ඇගේ සිනහව තවදුරටත් ඉවසා ගත නොහැකිවූ මා හනික බිම බලා ගත්තේ කිසිදු දෙයක් සිතූ පරිදි තවමත් නිමා වී නොමැති බව දැනුනු නිසාමය.
ඒ අතීතයෙන් එන ආදරණීය කතාන්දරය නැවුම්ය. අතිශය ශෘංගාරාත්මකය. වලත්තය. උක්ත වූ ශෘංගාරාත්මක බව නොමැතිව මෙම කතාන්දරය නිකම්ම නිකං වචන ගොඩක් ඇති පුංචි දරුවෙකුගේ රචනාවක් වාගේමය. සිත් දෙකක එක්තරා කාල වකවානුවක් තුල ඇති වූ ආදරයේ කතාන්දරය මේ අකුරු බවට හැරෙන්නේය. ඒ ප්‍රේමයම වන්නේය. මගේ ප්‍රේමය ම වන්නේය.
මට ඇය හමු වූයේ මල් පිපුණු උද්‍යානයකදී නොවේ. රැළිනගන වෙරළක හැන්දෑවේදීද නොවේ. මා උන්නේ දැඩි වේදනාවෙන් පෙලෙමින් මධ්‍යම රෝහලේ දන්ත ශළ්‍යාගාරය අසලය. ඇය ද එහි උන්නේ ඇයගේ දත් ඉදිරියට පැමිණ සිදුවන විකෘතිය වලක්වා ගැනීම උදෙසා දමා තිබූ කම්බිය සකස් කරගැනීමට පැමිණි අයෙක් ලෙසය. ඇය අවසාන රෝගියා ය. මා ඊට පෙර ය. දත් බොල්ලෑව තිබුනද සිනහවින් තොරව නිතරම පාහේ සිටින නමුදු ඇය සැබැවින්ම සුන්දර ය. ඒ සුන්දරයත්වය මා නෙත් පැහැර ගත්තේ ක්ෂණයෙන් ය. ඒත් එතැනදී අප දොඩමලු වූයේ නැත. මාගේ නම කතා කිරීමෙන් පසු මා ඇතුලට ගොස් ආසනයේ ඇඳිගත්තා මතකය. ඉන්ජෙක්ෂන් කටුව මුවට ලං වෙද්දී මා නෙත් පියවුනි.
සිහිය එද්දී ඇය මා දෙසට නැඹුරු වී උන්නී මට පවන් සලමින්ය. එයින්ම අපි මිතුරන් වීමු. මාගේ එන්නත් කටු ෆෝබියාව ඇයට මහත් වූ විනෝදයක් වූ බව පෙනුනි. කලන්තය මැද වුවද මාගේ දත ගලවා තිබුනි. ඇය සහයට පැමිණීම මා හට මහත් වූ සැනසිල්ලක් විය. කාත් කවුරුත් නැති මේ මොහොතේ ඇය හා ඇවිද යාම සිතටද සැහැල්ලුව දනවන්නේය.
ඇය මා හා මිතුරු වූයේ එදාය.
ඇයගේ ඊලඟ සායනික දිනය වන විට ඇය හා සායනයට යාමට මාද පැමිණියෙමි. දැන් ඇයගේ බ්‍රේසස් කම්බිය මනාව සකසා ඇති බැවින් ඇය සිනාසෙන විට ද ඇලුමිනියම් පැහැති මල් මල් කම්බිය මධ්‍යයේ වුවද ඒ සුන්දර සිනහව මාගේ සිත එලිය කරන්නේය. ඒක අපූරු අත්දැකීමක් විය. මීට පෙර ප්‍රේම සබඳතාවයක ගිලීමට වරම් නොතිබුනු නමුදු මෙවර ඇය වෙනුවෙන් මාගේ සිත් මඩල වෙන් වී අවසාන බව මට හැඟුනේය.
ඒ ප්‍රේමයේ නැවුම් සුවඳ බව මම අදටත් තරයේ විශ්වාස කරමි.
අපගේ පලමු හාදුව මට කිසිදාක අමතක නොවේ. අපි දෙදෙනා පේරාදෙණිය මල් වත්ත තුල මුරකරුවන්නේ නපුරු දෑසින් මිදී පළමු දෙතාල් හාදුව තිලිණ කරගත්තෙමු. එය අපූරු මොහොතක් විය. ඇයගේ සිහින් ඉඟ වටා දෑත යවා ඈ ලඟට කර ගත් මා ඇයට පළමුව නලලතට හාදුවක් දී ඇයගේ දෑස් දෙස බැලුවෙමි. ඇය කදිම බැල්මකින් මා දෙස දෑස් යොමු කර මුවට අත දමා ඇයගේ බ්‍රේසස් ගලවා අත්ලට ගෙන පෙන්වා ඇයගේ කදිම මිහිරි හඩින් මෙහෙම කීවාය.
මේක දාගෙන "කොස් කිරුවොත්" ඔයාට රිදෙයි.
අප දෙදෙනාගේ පලමු දෙතොල් හාදුව ඉක්බිති හුවමාරු විය. දෙන්නාටම ආශිර්වාදයක් සේ පුංචි වැහි පොදයක් මල් වතු භූමියේ විසිරී යද්දී අපේ දෙතොල් එකිනෙක පැටලී හැඟුම් හුවමාරු විය. අපූරු හැඟුමකින් මා පිනා යද්දී ඇය මවෙතින් ඉවත් වී "දැන් ඇති" යැයි පවසා ඉවතට දිව යන්නට විය. මඳක් වේලා ඒ ගවුම් පොඩිය සැලෙන අයුරුත්, ඇයගේ පිරුණු ක්‍රීඩාශීලී දෙපා දෙස බලා උන් මමද ඈව ලුහු බැන්දෙමි.
පළමු හාදුවේ මතකය සහ නැවුම් බව කිසිදාක අමතක නොවන්නේ ඇය මා කෙරෙහි දැක්වූ පුංචි සැලකිල්ලත් මා සිතට දැනුනු නිසාමය. ඉන් පසු ඇය හැමදාකම සිප ගැනුමේදී මේ ආකාරයට බ්‍රේසස් ඉවත් කරමින් මා වෙත සැනසුම ගෙන එන හාදු වැසි තිලිණ කලාය.
නිර්මාණිකා සහ මම හැකි සෑම විටම හමු වුනෙමු. ඇයගේ සිනිදු දෙතොල් වල පහස විඳීමට මා පෙරේත කමින් උන්නාදෝ දැන් සිතේ. කෙසේ වෙතත් රැකියා විරහිතව නව යොවුන් වියේ උන් අපට ජිවිතයේ බර පතල බව කිසිදාක නොවැටහුනා සේ අපි රස්තියාදු ගැහුවෙමු. ඒ රස්තියාදුකාර ජීවිතයේ ඇතැම් දවස් වල අප හැඟුම් වලට බොහෝ ඉඩ දුන්නෙමු. හැකි සෑම විටම සිප ගත්තෙමු. පුංචි අඳුරු අහුමුල්ලක පවා අපි හැඟුම් ආලෝකවත් කර ගන්නට උත්සහ කලෙමු.
ඒ ප්‍රේමයේ ශෘංගාරාත්මක අවධියේ ආරම්භයයි.
මා ඇයගේ පියයුරු තුල පළමු වරට සැඟවුනේ මහනුවර වේල්ස් උද්‍යානයේ ගහක් යටදීය. අතු පතර විහිදුන ඒ විශාල ගස යට වාඩි උනු අපි දෙන්නා බොහෝ වේලා දෙතොල් රස විඳිමින් උන්නෙමු. අපිට සෙවන දුන් ඒ ගසෙහි අඳුර යට ඇයගේ මල් වැටුනු දම් පැහැති පුංචි කුඩයට මුවා වී අපි උණුසුම් වෙමින් උන්නෙමු. සීතල මහනුවර සුසුම් සැමවිටම ගිණියම් වන්නේ මේ වාගේ වේලාවටය. ඒ පුංචි තොල් හැමදාම මාගේ වනු ඇතැමි මම එදා සිතුවෙමි. ඇයගේත් මගේත් දෙතොල් දෙදෙනාගේම ඛේටයෙන් පෙඟී රක්තවර්ණිතව පෙනුනේ රාගී හැඟුම් අවුලවාලිමිනි.
මා ඇයගේ ගෙල සිපගනිමින් ඇයගේ උඩු ඇඳුමේ මතුපිටින් ඒ පුංචි පියයුරු සිප ගැනීමට තැත් කරනු දුටු ඇය මඳක් පැකිලෙමින් ලැජ්ජා වුවද සෙමෙන් මා හට ඉඩ හසර ලබා දුන්නී ඇයද එය රස විඳිමින් සිටිනු මට වැටහුනි. ඇයගේ පුංචි උඩු ඇඳුමට යටින් අත දැමූ මා ඇයගේ පියයුරක් මෘදුව ප්‍රවේසමින් අල්ලා ගතිමි. මෘදු ගැහැණු පියයුරක් මා පළමු වරට ඇල්ලූයේ එදාය. එහි ඇඟිලි තුඩට සහ අත්ලට ඇයගේ උස් වූ තන පුඩුව හොඳින් දැනුනි. පුංචි පියයුරේ ඒ සිනිදු තන පුඩුවක් මුවින් ගෙන උරන්නට මාවෙත වූ ආශාව නොතිත්ව වැඩුනි. මාගේ නෙත් යුගල දෙස බැලූ ඇය කිසිත් නොකියා පෑ සිනහව එයට අනුබලයක් විය.
ඇගේ යට ඇඳුමින් මුදාලූ අපූරු රෝස දුඹුරු පැහැති පුංචි සිනිදු තන පුඩුව වැඩි වේලාවක් නොගොස් මාගේ දෙතොල් අතර තෙත් වෙද්දී ඇයට නිරායාසයෙන්ම කෙඳිරියක් නැගී ඒම ඒ ප්‍රභර්ශයේ කතාන්දරය අපූරුවට විස්තර කෙරුණි. ඇය දෙතොල සපාගනිමින් මාගේ හිස කෙස් අතර අතැඟිලි ඔබ මොබ ගෙනයමින් රාගික නෙත් බැලුම් මා වෙත හෙලමින් උන්නාය. ඒ සා වූ අපූරු පැය භාගයකින් පමණ පසුව ඒ රැඟුම් අවසන්ව අපි ආපසු යන්නට සැරසුනෙමු. එදා ඒ මල් වැස්ස මැද මා කෙතරම් ආශ්වාදයක් ලැබුවාදැයි කීමට වදන් මා සතුව නොමැති බව පමණක් සඳහන් කරමි.
ඒ මිහිර නොනැසී මාගේ සිත්හි ඇතුලාන්තයේ තැන්පත්ව ඇත. එදින ඇය දුන් සමුගැන්මේ හාදුවේදී ද, මට වේදනාව දැනෙනු ඇතැයි සිතා මුව පලඳවා තිබූ බ්‍රේසස් ඉවතලූ ඇය මවෙත තිලිණ කල හාදුව තවමත් මා දෙතොල් වලට දැනෙන්නේ ඒකය.
ඇය සමඟ පලමුවරට රැයක් ගෙවීමේ මතකය ද අමතක නොවන සිදුවීමකි. ප්‍රේමයට වසරක් වූ තැන අපි පුංචි සැමරුමක් කලෙමු. මහනුවර කැෆේ එකකදී දිවා ආහාරය ලබාගෙන අපි සතුටු උනෙමු. වැව රවුමේ ඇවිද ගියෙමු. විවිධාකාරයේ ජායාරූප ගොන්නකට ඇයව කොටු කිරීමට මට හැකි විය. බ්‍රේසස් පැලඳ සිටිනා නිර්මාණිකා සැබැවින්ම ඒ මල් ගවුමට සුන්දරය. අවු රහ්මිය ඇගේ දෙකම්බුල් සහ දණහිස් දෙකම රෝස පාට කරවා ඇත. සන්ධ්‍යාව එළැඹෙන බැවින් අපි දෙන්නා ඉක්මණින්ම වීදි අතර ඇවිඳගෙන ගියෙමු. රෑ බෝවීමෙ සනිටුහන් වූ පසු එදින රාත්‍රිය මා මිතුරෙකුගේ බෝඩිම් කාමරයේ ගත කලෙමු. එදා රෑ අපි රාගය නැමති ගංගාවේ කිමිඳී නා සැනසුනෙමු.
මගේ මිතුරා දුර බැහැර සේවය සඳහා යන විටෙක ඔහුගේ කාමරයේ පාපිස්නාය යට වූ යතුරෙන් දොර ඇර එහි පිවිසී ඉසිඹුලෑමට මමත් ඇතුලුව මාගේ මිතුරු කැලද සැදී පැහැදී උන්නෙමු. එදා ද මම ඇය කැටුව එසේ එහි ගියෙමු. දොරටුව විවෘත කොට ඒ අඳුරු කුටිය ඇතුලට පිවිසුනු අපි දෙන්නාට අලුත් ලොවක් උදා වූවා සේ දැනුනි.
ඇය ඇයගේ බ්‍රේසස් ගලවා එහි වූ මේසය මත තැබුවාය. මමද මාගේ ජංගම දුරකථනය සහ වොලැට්ටුව මේසය මත තැබුවෙමි. බ්‍රේසස් මේසය මත තැබු ඇය වටයක් කැරකී කාමරයේ ඔබ මොබ ගියාය. මා ඒ අතරතුර මාගේ ජංගම දුරකථන ගෙන මේසය මත බිත්තියට හේත්තු කොට සිටුවා එය ආරෝපණය වීමට විදුලියට සවි කලෙමි. ඔබ මොබ ඇවිදිමින් උන් නිර්මාණිකා විත් මාගේ ගෙල වටා දෑත් දමාගෙන මාගේ දෙතොල ඇය වෙතට ඇද ගත්තේ ඉමහත් ආසාවෙනි. නිදහස් හැඟුමෙනි.ඒ අඳුර තුල පුංචි ගවුමකින් සැරසී උන් ඇය මට වඩාත් සුන්දරව පෙනුනි. මම දැඩි ආශාවකින් නිදහස් සිතුවිලි වලින් පිපිරෙමින් ඇයව සිප ගත්තෙමි.
ඇය මාගේ කමිසය උනා දැම්මේය. මා වෙතින් වහනය වූ දහඩිය ගඳ ද නොසලකා ඇය මාගේ ගෙල වඩා සිප ගනිමින් වේගවත් සුසුම් ලන්නට විය. ඇයගේ ස්ත්‍රී සුවඳ මට දැනුනි.එය නාස් කුහරය හාරාගෙන මාගේ සිත් පතුලටම වැදුනි. තැන්පත් වුනි. ඒ සුවඳින් මම තව තවත් ප්‍රාණවත් භාවයට පත් වුනෙමි. ඇයගේ කෙටි ඇඟිලි වලින් ගැලවුනු බොත්තම් නිසා මාගේ කලිසම දෙපා මුල නතර වෙද්දී මා ඇයගේ සන්ෆ්ලවර් මල් වැටුනු කොට ගවුම ඉවත් කර අවසන් විය. පළමු වතාවට අප දෙදෙනා අඩ නිරුවතින් එකනෙකාව සිපගනිමින් ඉන්නෙමු.
ඇයගේ යටගවුම ඇයට අපූරු රාගිකත්වයක් එක් කොට ඇත. ඇගේ පිරුණු දෙකලවා වලිනුත් භාගයක් පමණ අඩ අදුරේ දිස්වෙන සුදු පැහැති යට ගවුමෙන් සැරසී සිටින යුවතිය සැබැවින්ම ප්‍රේමණිය ලෙස රාගිකව පෙනීම අරුමයක් නොවේ. ඇයගේ කෙටි වූත්, විනිවිද පෙනෙනා වූත් යට ගවොමෙන් පෙරී එන්නේ ඇය තවදුරටත් සඟවාගෙන ඉන්නා රහස් සොඳුරු තැන් වල දර්ශනයයි. මා ඇය දෙස බලා උන් අයුරු දුටු ඇය සිනාසී මා වෙතට යලි ඇදී ඇවිත් මාගේ පිම්බී ඇති යට කලිසම මතින් ඇගේ සිනිදු අත්ල ගෙනයද්දී මාගේ සිරුර හිරි වැටී අපූරු සංවේදනයක් දැනෙන්නට පටන් ගත් වග මට දැනුනි.මා ඇයව යලි තුරුලට ගෙන තදින් ආවේශ වූවා සේ දෙතොල් වල දැවටෙන්නට පටන් ගතිමි. ඇයටද එවර ඉවසුම් නොමැති සේ මා වෙතටම බර වී සුසුම් ලමින් මට ප්‍රතිචාර දැක්වූ අයුරු මට අදටත් මතකය.
මවඳ වේලාවකින් ඇය මා අභිසය දණ නවා බිම හිදගෙන මාගේ පුරුෂ නිමිත්ත පිටතට ගෙන දෑගිලි වලින් පිරිමදිමින් ආසාවෙන් එය මුව තුල රුවා ගත්ති මාගේ දෑස් දෙස බලා මුඛ සසඟෙහි යෙදෙන්නට විය. ඇයගේ මායාකාරී සංවේදනා දනවන ලිස්සන සුලු දිවගින් ඇය හිම කිරමයක් ගිලින්නා සේ මාගේ පුරුෂ නිමිත්ත රස බැලුවාය. පලමු වරට සරාගී කෙල්ලක සමඟ එසේ හැසිරෙන මා කෙරෙහි වූ බලපෑම, මාගේ නවමු අත්දැකීම, මාගේ ආධුනිකත්වය නිසා ඒ පුංචි කුටිය තුල වෙරලු මල් සුවඳ පැතිරෙන්නට මහ වේලාවක් ගත නොවීය. එදින රෑ එලිවන තුරුම අපි කිහිපවතාවක් එසේ කලෙමු. ඇය ඒ සුදු පැහැති යට ගවුම නොගලවාම අඩනිරුවතින් මා සමඟ එකම යහන බෙදා ගත්තාය. ඇය තුලට පිවිසීමට මා හට දැඩිව අවැසි වුවද ඇය එයට ඉඩ නොදුන්නී “ අපි බැන්දම ඒවා“ කියා මා පාලනය කර ගත්තීය.
පසුදා උදෑසනද ඇය විසින් අමතක වීමකින බ්‍රේසස් මුව තුල ලා හිඳිමින් මා සමඟ පෙර කී කටයුත්තම කිරීමට සූදානම් වීමෙන් මාගේ පුරුෂ නිමිත්ත මත එය ඇනී තුවාල වීම ඇයට මහත් වේදනාවක් විය. සියලු කටයුතු එයින් නිමා විය. අපි දෙන්නා නිහඩවම පිට වී ආවෙමු. කෙසේ වෙතත් ඒ රැය අපි දෙදෙනාටම අමතක නොවන රැයක් විය.
කාලය ගෙවුනද යලි අප දෙදෙනාට එසේ තනිවීමට අවස්ථාවක් නොවුනි. ඇය රජයේ හෙද පාසලට තේරීමත් මා රැකියාවට යාමත් අප දෙදෙනා අන්ත දෙකකට ඇද දමා තිබුනි. තවත් වසරක කාලයක් නීරසව ගෙවුනේ අප දෙදෙනාගේ හමුවීම් මුලු වර්ශයටම දින පහක පැය කීපයක් වැනි කෙටි කාලයකට සීමා කරමින්ය. ඒත් ඇගේ දෙතොල් හාදුව සුපුරුදු පරිදි රසවත් වූ අතර දුරකථන සංවාද ඉතා උණුසුම් විය. ඇය මා සිප ගන්නා සෑම දාකම පුරුදු පරිදි ඇයගේ බ්‍රේසස් ගලවා අතට ගන්නී ඒ අපූරු හාදුව මා වෙතට උණුසුම්ව තිලිණ කොට මඩකලපුව බලා ඇදෙන දුම්රියට නැග මා දෙස බලා ඉන්නීය.
දුම්රිය ඈත නොපෙනී ගිය පසු මා පාලුවෙන් ආපසු හැරී එන්නෙේය.
ඉක්බිති ප්‍රශ්න සමය හරි ඉක්මණින් පැමිණෙන බව අපි දෙන්නාම නොදැන සිටියෙමු.
දුරකථන සංවාද කෙටි වීමත්, ඇයගේ දුරකථනය කාර්යය බහුල වීමත් ඇයගේ වෙනස පිලිබඳ සංවේදනා මා සිතට ඇතුලු විය. ඇය හෙදියකි. මා නිකම්ම නිකම් අලෙවිකරුවෙකු බව ඇයගේ දෙමාපියන් විසින් පවසා තිබුනු බව ඇයම මා වෙත දිනක කීය. එය මහත් වූ වේදනාකාර හැඟීමකි. කෙසේ වුවද අපි හැකි සෑම විටම හමු වීමට උත්සහ කලෙමු. ඇයගේ නිවෙසින් ආ බලපෑම් සුලුපටු ඒවා නොවීය. ඇයගේ සහෝදරයාගේ අඩත්තේට්ටම් වලට මුහුණ පෑමටද මට සිදුවිය. නමුත් මම ඇය වෙනුවෙන් ඒවා දරා උන්නෙමි. ඒ සිදුවීම් දාමයත් සමඟින් කාලය හරි ඉක්මණින් ගෙවුනි.
ඒ දෛවපෛා්ගත දිනයේ අප පෙර සේ දුම්රියපලෙහි වේදිකාව මතදී හමුවුනි. ඇය මා දෙස කතාවකින් තොරව බලා උන්නාය. ඇයගේ හැඟුම් මට නොතේරේ. මේ සා වූ වසර තුනක් පමණ වූ කාලයේ ඇයව පහසුවෙන් තේරුම් ගත් මම ඇයව තේරුම් ගැනීමේ අපහසුවෙන් පෙලෙමි. ඇය කවදා කෙසේ වෙනස්වූවා දැයි මම නොදනිමි. තවදුරටත් ඒ අපූරු ආලය අප අතර නැති බව දැන් පැහැදිලිය.
දැන් ඇයගේ මුඛයේ දන්ත ගැටලුව විසඳී ඇති නමුදු ඇය පුරුද්දට මෙන් තවමත් බ්‍රේසස් දමන්නී, ඒවා ඉවත් කිරීමට ගැටලුවක් නැති බව කලකට පෙරම දන්ත වෛද්‍යවරයා විසින් නිර්දේශ කර තිබුනි. එහෙත් ඇය තවමත් ආභරණයක් ලෙසින් ඇයගේ බ්‍රේසස් පලඳින්නේ පුරුද්දක් ලෙසිනි.
අප අවසන් වරට හමු වූ ඒ දිනයේ ඇය මා සිපගත්තී වෙනදා මෙන් බ්‍රේසස් ඉවත් වූයේ නැත. එයින් මා හට දැනුනේ මහත් වූ වේදනාවකි. මාගේ ඇඹුල් වූ මුහුණ දුටු ඇයට සිනා පහල විය. දැඩි වූ සිතින් ඇය කීවේ බ්‍රේසස් සහිතව සිපගැන්මට, වේදනා දරාගැනීමට මා උගත යුතු බවය. ඇය තුරුලට ගෙන නැවත සිපගැනීමට උත්සහ කිරීමේදී ඇය මා ඉවතල තල්ලු කොට දුර ඈත බලාගෙන නිහඩ විය.
එයින් ඇ අදහස් කලේ අපගේ වෙන්වීම සංකේතාත්මකව අද සිදු වන බව නොවේද?
මා කලකිරුණි. එහෙත් ඇය සතුටින් ඉන්නා බව පෙනුනි. ඇය දුම්රියට නැගී මා දෙස නොබලා සිය අසුනයට වී පොතක් ගෙන පිටුව පෙරලාගෙ එය තුලට ගිලුනි. වෙනදා මෙන් දුක්බරව ඉන්නා නිර්මාණිකා වෙනුවට අද ඉන්නේ මා හැර දමා දුරක යෑම පිලිබඳව සතුටින් ඉන්නා නිර්මාණිකා කෙනෙක්ය.
කම්පණය වූ හදින් යුතුව මම ආපසු ආවෙමි. ඉන්පසු අප කවදාවත් කතා කලේ නැත. ඒ අපගේ අවසාන මොහොත විය. වසර තුනකුත් මාස කිහිපයකුත් දින ගණනකට පසු ඒ සා වූ අපූරු ප්‍රේමයකට නැවතුමේ තිත ඇලවුනි.
මම අඳුරේ ගිලී තනිවුනෙමි.
වසර දහයක් ගතවී ඇතත් මා තවමත් තනිකඩය. නිර්මාණිකා පිලිබඳව ඉන්පසු මා වෙතට කිසිදු ආරංචියක් ලද්දේද නැත. අහම්බෙන් දුටු නිර්මාණිකා මෙන් බ්‍රේසස් පැලැදි මේ යුවතිය මාව දශකයකටත් එහා දවස් වලට මා ආපසු රැගෙන ගියාය. ඒ සොඳරු, ප්‍රේමණිය, ශාංගාරාත්මක සහ වේදනාත්මක මතක අවදි විය. එනයින් යටි සිත පෑරී ආපසු සැරව ගලන්නට විය. දැන් මා කුමක් කරන්නද කියා නොවැටහේ!
නිර්මාණිකා සමඟ ගෙවූ කාලයට ආපසු යෑමට ඉඩ ලැබේනම් මැනැවියි සිතෙන්නේ ඒ වේලාවට ය....
එදා ඒ දවසේ රාත්‍රියේචදී ඒ මතක එක්ක මම මාගේ පරිගණකය අසලට ගියෙමි. වසර ගණනාවකට පසු මාගේ සිතෙහි තිබූ පැරණි මුරපදයක් යොදාගෙන මම ඇයගේත් මාගේ ජායාරූප නිධන් කර තිබූ ෆෝල්ඩරය විවෘත කලෙමි. ජායාරූප එකින් එක බැලූ මම අසම්පූර්ණ වූ සම්පූර්ණ කතාවම සිහිපත් කලෙමි. අද දිනයේ හමු වූ බ්‍රේසස් පැලදි ඈට වෛර කලෙමි. අතීතයට මා රැගෙන යන වේදනාකාරී බ්‍රේසස් වලට වෛර කරන්නෙමැයි කියා ගත්තෙමි.
ඉක්බිති එදා පටන් කිසිදාක නොබැලූ එකම එක ගොනුවකට මූසික යොමුව ගෙන ගියෙමි. එය ද වෙනත් වූ මුරපදයක් යොදා විවෘත කලෙමි. ඒ තුල වූ තවත් සැඟවුනු ගොනුව මත ද්විත්ව තෙරපුම යොදා මාගේ යහනට ගොස් හාන්සි වී තිරය දෙස බලා හිඳියෙමි.
ඒ මොහොත මෙසේ සිදුවේ.....
මාගේ නිවසේ අඳුරු වූ කුටිය තුල කෙලවරේ පරිගණක තිරය පමණක් දැල්වේ. තිරයේ දිස්වෙන රූ රටා අතරේ නිර්මාණිකා ඔබ මොබ ඇවිදිනු ඇදවූ කෝණයකින් පෙනේ. ඉක්බිති තිරය නියමාකාරයට සැකසෙද්දී නිර්මාණිකා මා වෙත එන්නීය. අපගේ සිපගැනුම් මට අඳුරේ වුවද හොඳින් පෙනේ. මා ඇයගේ මල් ගවුම සුලගේ පා කොට යවනු මට දැන් පෙනේ. මා ඇයගේ පියයුරු මැද මුහුණ හොවාගන්නා ආකාරයත් ඇය මාගේ මුහුණ තෙරපාගෙන ආනන්දය විදිනා ආකාරයත් ඉන්පසු තිරයේ දිස්වේ. ඇයගේ දෙතොල් සපාගන්නා සරාගී ඉරියව් පවා අඩ අඳුරේ වුවද පැහැදිලිව පෙනේ.
ඇය මාගේ කලිසම ගලවා ඉමහත් ආසාවකින් යුතුව යට කලිසම මතින් ඇගිලි ගෙන යමින් එය පිරිමදිනා ආකාරය හොඳින් පැහැදිලිව පෙනේ. ඉක්බිති ඇය බිම දණ ගසන අයුරුත්, යට කලිසම තුලින් “එය“ පිටට ගෙන මුවේ රුවා ගන්නා ආකාරය ද තිරයේ ගලා යයි. ඒ සලරුව දෙස බලාගෙන මම මාගේ පුරුදු අත දැන් ඇඳ සිටින සරම තුලට යවමි. ඒ දවසට මම සිහිනයෙන් මෙන් පාවී යන්නෙමි. මුව තුල මාගේ පුරුෂ නිමිත්ත දරා සිටින නිර්මාණිකාගේ සරාගී සුසුම් හඩත් මා ආවේගයෙන් කෙඳිරි ගානා හඩත් මාගේ හිසේ රැඳි රැහැන් රහිත කන් බණුව තුලින් ඇසේ. ඒ හඩට මා තුල තිබුනු නොස්තැල්ජියාව අවදි වී මාගේ පුරුදු අත වේගයෙන් ක්‍රියා කරන්නට පටන් ගනී. ඇයගේ මුව දෙපසින් මාගේ ඇලෙන සුලු උකු තුරුණු දහරාව ගලා යනු පෙනෙද්දීම මා හැඳ සිටිනා සරොම තුලද ගිනිකඳු පුපුරා වෙරලු මල් වැස්ස අකුනු ගසමින් විසිරී යයි.
ඉක්බිති හාත්පස අඳුරේ ගිලී යද්දී ස්නායු සන්සුන් වී සැනසීම උදාවී මම ගැඹුරු නින්දකට පිවිසෙමි.
පාසැල් දරුවන් පවා පරිගණක දැනුම ලබා ගැනීමට පැමිණෙන වෙබ් අඩවියක මෙවැනි අසෝබන දෑ පළකිරීම සුදුසු මදි නේද විදුරංග මහත්මයා?
ReplyDeleteස්තූතියි ඔබට!!
Deleteඉස්කෝලේ යන කාලේ බලපු සීදේවී පත්තරේ තිබ්බ කථාවක් වගේ...හැබැයි වචන වල පොඩි සංවර ගතියක් තියෙනවා - Mayya - https://maiyyagelokaya.blogspot.com/
ReplyDeleteස්තූතියි සහෝදරයා!
Delete