ලිනක්ස් කතාන්දරය

 


FOSS යනුවෙන් කෙටි කර හදුන්වන Free And Open Source Software කාණ්ඩයේ ඇති මෙහෙයුම් පද්ධති වලට අයත් ලිනක්ස් ගැන කතාව කීම මාධව බෙහෙවින් ප්‍රිය කරන කටයුත්තක් ය. සිරි ලංකා භූමිය ලිනක්ස් වලින් ස්වයං පෝෂිත වීම ද මාධවගේ සිහිනයක් ය.

ඒ අනුව ලිනක්ස් වල ඉතිහාසයේ සිට වර්තමානය දක්වා වූ කතාන්දරය කෙටියෙන් මෙහි සඳහන් කරන්නේ ලිනක්ස් ලෝලීන් වෙනුවෙන් සහ තවත් ලිනක්ස් වලට ආසාවෙන් ඇති ඒවා භාවිතයට ගැනීමට ආසා කරන අයවලුන්ට ය.

මේ ලිනක්ස් කතාන්දරය ය.

 kernel වර්ගයන්

පරිගණකය කර්නලය යනු පරිගණකයේ දෘඩාංග සහ මෙහෙයුම් පද්ධතිය අතර සම්බන්ධය ඇති කරවන ක්‍රමලේඛනයයි. මෙසේ විවිධ මෙහෙයුම් පද්ධති වලට අදාලව ප්‍රධාන ධාරාවේ කර්නල් වර්ග කීපයක් ඇත.

  1.     Monolithic Kernel.
  2.     Micro Kernel.
  3.     Hybrid Kernel.
  4.     Nano Kernel.
  5.     Exo Kernel.


මෙයින් ලිනක්ස් අයිති වන්නේ Monolithic Kernel වර්ගයට ය. කර්නල් වර්ග පිලිබඳව වෙනමම හැඳින්වීමක් ඇතුලුව කර්නල් සම්බන්ධ ලිපියක් මාධව විසින් ඉදිරියේදී ලියනු ඇත.

fact - Windows, IOS වැනි මෙහෙයුම් පද්ධති අයත් වන්නේ Hybrid kernal වර්ගයට ය.

ලිනක්ස් ඉතිහාසය

(උපුටා ගැනීම Wikipedia වෙබ් අඩවියේ මූලාශ තුලිනි )

ලිනක්ස් නිර්මාතෘ - Linus Torvalds

1991 දී මෙම Linus Torvalds විසින් පුද්ගලික ව්‍යාපෘතියක් ලෙස මෙම ලිනක්ස් නිර්මාණය කරන ලදී. floppy තැටි තුල මූලික මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර තිබූ අතර ඔහුගේ වදන් වලින්ම එය නොමිලේ ලබා දෙන විනෝදාස්වාදය උදෙසා කල කටයුත්තක් බව සඳහන් කර ඇත.

FOSS

FOSS analytical solutions for food quality improvement and control

Free & Open Source Software යනුවෙන් හැඳින්වෙන්නේ නොමිලේ ලබා දෙන නිරාවරණය වූ කේත සහිත මෘදුකාංග පිලිබඳවයි. එහිදී කේත දන්නා පුද්ගලයින්ට හැකියාව මත මෙම මෘදුකාංග වල Source Code  - අභ්‍යන්තර කේත අදාල වෙබ් අඩවි වලින් ලබාගෙන තවදුරටත් සංවර්ධනය කොට භාවිතා කිරීමට හැකියාව ඇත.

මෙම මෘදුකාංග ඇත්තේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගැනීමට වන අතර VLC මීඩියා ප්ලේයරය හොඳම උදාහරණයකි.



ලිනක්ස් පාදක වූ මෙහෙයුම් පද්ධති

Fedora 

 Fedora to drop support for 32-bit Linux with Fedora 31 - NotebookCheck.net  News

Ubuntu

What is the difference between Red Hat, Fedora, CentOS, and Ubuntu Linux  distributions? - Quora

Linux Mint

GitHub - mikeroyal/Linux-Mint-Guide: Linux Mint Guide

Red Hat

Red Hat Linux Linux Mint Linux distribution Fedora, linux, gadget,  electronics, kde png | PNGWing

Kali Linux

Kubuntu

Debian


වාසි

  • වේගවත් බව
  • කේත දන්නා සංවර්ධනය කරන්නන්ගේ හැකියාව අනුව වැඩිදියුණු කර ගැනීමට හැකි වීම
  • වින්ඩෝස් වලට මෙන් නිතරම වෛරස නොපැමිණීම
  • දෘඩාංග වලින් අවම ප්‍රතිශතයක් වැය කරමින් මෙහෙයුම් පද්ධතිය දියත් වන නිසා වේගවත් බව පැවතීම
  • ජාලකරණ කටයුතු වලදී ඉතා ඉහල ශක්‍යතාවයක් පැවතීම
  • සිත්ගන්නාසුලු අතුරුමුහුණත


අවාසි

  • ඇතැම් මෘදුකාංග වල අවම කම සහ නිසි පරිදි ක්‍රියා නොකරන මෘදුකාංග පැවතීම
  • ඇතැම් දෘඩාංග සඳහා ධාවක මෘදුකාංග (Drivers) නොමැති කම
  • ඇතැම් දෘඩාංග නිසි පරිදි ක්‍රියා නොකිරීම
  • පරිගණක ක්‍රීඩා වලදී ගැටලු ඇති වීම
  • විශාල පරිමාණයේ ව්‍යාපෘති සඳහා ඇති මෘදුකාංග වල ලිනක්ස් සංස්කරණ නොමැති කම


වෙනත් කරුණු

වින්ඩෝස් පරිශීලකයින්ට මෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධති windows තුලම ස්ථාපනය කර ගත හැකිය.

වින්ඩෝස් සඳහා ඇති බොහෝ මෘදුකාංග වලට ආදේශක මෘදුකාංග මෙන්ම වර්තමානයේදී ලිනක්ස් සඳහා සංස්කරණ ද එලි දක්වා ඇත.

වෛරස ආරක්ෂක මෘදුකාංග නොමැත

ජාලකරණ ආරක්ෂාව, පරිගණක වැඩසටහන් ලිවීම වැනි කටයුතු සඳහාම වෙනමම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති ඇත.



ලංකාවට වැදගත් වනුයේ ඇයි? 

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා ගෙවන ඩොලර් ඉතුරු කර ගැනීම අවකාශය සැබැවින්ම මෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නිසා ඉතුරු කර ගත හැකිය. එසේම ලංකාවේ ඉන්නා දක්ෂ සයිබර් ආරක්ෂක වරු සහ මෘදුකාංග සංවර්ධනය කරන පුද්ගලයින්ගේ හො සමාගමක් සමග එක්ව මෙම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් සංවර්ධනය කර ගැනීමෙන් වඩාත් ආරක්ෂිත ලංකාවට ආවේනික මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කර ගැනීම සිදු කර ගැනීමෙන් දත්ත වල ආරක්ෂාව ද සහතික වනු ඇත.

එසේම වාර්ෂිකව විවිධ මෘදුකාංග සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණයන් ඉතුරු කර ගැනීමට ද අවකාශ ලැබෙනු ඇත.


සාරාංශය

  • ලිනක්ස් යනු සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෙහයුම් පද්ධතියකි.
  • ලිනක්ස් පාදක කොට ගෙන විවිධ මෙහෙයුම් පද්ධති නිර්මාණය කර ඇත. 
  • බොහෝ ලිනක්ස් පාදක වූ පද්ධතී යොදා ගන්නේ සයිබර් ආරක්ෂාව, (System Administration) පද්ධති පරිපාලනය වැනි කටයුතු උදෙසාය. 
  • ලිනක්ස් සඳහා වෛරස ආරක්ෂණ මෘදුකාංග නොමැත.
  • Linux වලට ලංකාව ආධුනික නිසා භාවිතයේදී ගැටලු ඇති විය හැකිය. එසේ නමුත් නිසි මගපෙන්වීමකින් එම ගැටලු මඟහරවා ගත හැකිය. 

ලිනක්ස් පිලිබඳ ලිපි වලින් තවත් එකක් මේ විදියට නිමා කරනු ඇත. ඉදිරියේදී ලිනක්ස් වෙනුවෙන් පෙනී ඉන්නා මාධව විසින් තවත් ලිපි ලියමින් මෙම ලිනක්ස් පිලිබඳව දැනුම බෙදා ගනු ඇත.


 

 

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form