පයිතන් - Data Types

 

උබන්ටු සමඟ පයිතන් කතාව මෙතැන් පටන් පයිතන් පමණි! වින්ඩෝස් හි පයිතන් ක්‍රමලේඛනය සමඟ කිසිදු වෙනසක් නැති නිසා ඉදිරියේදී එහෙමය. මාධව උබන්ටු වලදී මෙම කටයුතු සිදු කරනා නිසා මුලදී ඒම නම දැම්මේය.

අද කියන්ට යන්නේ කතාන්දරය දත්ත වර්ග හෙවත් Data Types ගැනය. 

පරිගණක වැඩසටහන් ලිවීමේදී මෙම දත්ත වර්ග හෙවත් Data Types වලින් කෙරෙන කාර්යයන් සුලුපටු නැත. වේරියබල්ස් නිර්මාණය කිරීමේදී මෙම විවිධ Data Types වලින් වේරියබල්ස් නිර්මාණය කොට විවිධ ආකාරයේ වැඩ කටයුතු සිදු කර ගත හැකිය. 

Data Types කතාන්දරය ඉතින් ඇරඹෙන්නේය.

පයිතන් වලදී Data Types අන්තර්ගතව ඇත්තේ පහත ආකාර වලට ය. ඒවායේ අදහස් ද එහිම දක්වා ඇත. මාධව එම ටේබලය ඩිසයින් කලේ සරලව කැන්වා වලින්ය.


( දැනුමට - කැන්වා වල තවමත් සිංහල යුනිකෝඩ සම්බන්ධව ගැටලු ඇති බව මාධවට පෙනී ගොස් ඇත. ශ්‍රේණිය, සංඛ්‍යා වැනි වචන වලට සිදු වී ඇති දෙය බලන්න.... )

මේ මාධවගේ පයිතන් කතාන්දර වල Data Types වලට අදාල පලමු පාඩමේ හඳුන්වා දෙන Data Types ටිකය. ඒවා තවත් පැහැදිලි කර ගැනීම වැඩසටහන් ලිවීමෙන්ම සිදු කර ගත යුතුය.

(දැනුමට - CLI and GUI - Command Line Interface and Graphical User Interface)

මෙම වැඩසටහන් සංවර්ධනයේදී මුලින්ම CLI හි ප්‍රතිදාන ලබා ගැනීම සදහා වැඩසටහන් නිර්මාණය කිරීමට හේතු මාධව මෙසේ සටහන් කරනු ඇත. බොහෝ අයට ඇති ගැටලුවක් වන්නේ කෙලින්ම GUI සඳහා වැඩසටහන් නිර්මාණය නොකරන්නේ මන්ද යන්නය....

හේතු - සරල කේත ධාවනය කිරීම සඳහා CLI භාවිතා කල හැකි අතර එමගින් සංකීර්ණ කේත වෙත ටිකෙන් ටික ඉදිරියට යා හැකිය. සෘජුවම GUI හි කේත ලිවීම සිදු කිරීම මගින් බොහෝ දෑ මඟහැරෙනු ඇත. උදාහරණ ලෙස GUI වින්ඩෝවක් නිර්මාණය කිරීමට කේත බොහෝ ලිවීමට අවශ්‍ය වන අතර ඒ පිලිබඳව මූලික කරුනු නොදැන කටයුතු කිරීම නවකයා තුල ලොකු හිඩැසක් නිර්මාණය කෙරෙනු ඇත. එසේ හෙයින් මූලිකවම ඔනෑම ක්‍රමලේඛන භාෂාවක මූලික දැනුම අත්‍යවශ්‍ය වන බව මාධවගේ හැඟීමයි.

elements Drag and Drop කිරීම සහ ඒවාට විධාන ලබා දීම යනු මාධවට අනුව නම් කේත ලිවීම නොවේ! (උදා - Visual Basic වැනි)


Strings - වචන හා අකුරු

වැඩසටහනක වචන හා අකුරු පෙන්වීමට සහ ඒවා වේරියබල්ස් ලෙස රඳවා ගෙන වැඩසටහන පුරාවට භාවිතා කිරීම සඳහා මෙම Strings භාවිතා කරයි. එය Str ලෙස ලබා දීමෙන් වේරියබල් එකක් ලෙසට නිර්මාණය වේ. 

පහත කේත අධය්‍යනය කර බලන්න.

 

 මෙහි z යනු str එකක් ලෙස ඉබේම හඳුනාගෙන ඇත.

ඒ අනුව str මගින් වචන වේරියබල් එකක් ලෙස ලබාගෙන කටයුතු කරයි.

 

Integer - සංඛ්‍යා

වැඩසටහනක සංඛ්‍යා පෙන්වීමට සහ ඒවා වේරියබල්ස් ලෙස රඳවා ගෙන වැඩසටහන පුරාවට භාවිතා කිරීම, ගණනය කිරීම් සිදු කිරීම ආදී කටයුතු සඳහා මෙම Integer භාවිතා කරයි. එය  Int ලෙස ලබා දීමෙන් වේරියබල් එකක් ලෙසට නිර්මාණය වේ. 

පහත කේත අධය්‍යනය කර බලන්න.


 

 

Float - දශම සංඛ්‍යා

වැඩසටහනක සංඛ්‍යා දශම ඒකක සමඟ පෙන්වීමට සහ ඒවා වේරියබල්ස් ලෙස රඳවා ගෙන වැඩසටහන පුරාවට භාවිතා කිරීම, ගණනය කිරීම් සිදු කිරීම ආදී කටයුතු සඳහා මෙම float භාවිතා කරයි. එය  float ලෙස ලබා දීමෙන් වේරියබල් එකක් ලෙසට නිර්මාණය වේ. 

පහත කේත අධය්‍යනය කර බලන්න.


 

 

Complex - සංකීර්ණ සංඛ්‍යා ලෙස / වීජීය සංඛ්‍යා ලෙස

වැඩසටහනක සංකීර්ණ සංඛ්‍යා වේරියබල්ස් ලෙස රඳවා ගෙන වැඩසටහන පුරාවට භාවිතා කිරීම, ගණනය කිරීම් සිදු කිරීම ආදී කටයුතු සඳහා මෙම complex භාවිතා කරයි. එය  complex  ලෙස ලබා දීමෙන් වේරියබල් එකක් ලෙසට නිර්මාණය වේ. 

පහත කේත අධය්‍යනය කර බලන්න.

වැදගත් -
සංකීර්ණ සංඛ්‍යා වලදී i හෝ j භාවිතා කරන අතර එමගින් සරලවම නොදන්නා අගයක් අදහස් කෙරේ. වැඩිදුර දැනගැනීමට සඳහා සංකීර්ණ සංඛ්‍යා පිලිබඳව පාඩම් ඇත. ඒවා බලන්න. 2+ 5j හි 2 යනු දන්නා සංඛ්‍යාවද 5j යනු එහි නොදන්නා කොටසද අදහස් කෙරේ.

List  - ලැයිස්තු

වැඩසටහනක වේරියබල්ස් සමූහයක් එකට භාවිතා කිරීමට  සහ ඒවා වේරියබල්ස් ලෙස රඳවා ගෙන වැඩසටහන පුරාවට භාවිතා කිරීම  ආදී කටයුතු සඳහා මෙම list භාවිතා කරයි. එය  list ලෙස ලබා දීමෙන් වේරියබල් එකක් ලෙසට නිර්මාණය වේ. 

පහත කේත අධය්‍යනය කර බලන්න.


Range - රටාවක්, ශ්‍රේණියක්

වැඩසටහනක සංඛ්‍යා රටාවක් භාවිතා කිරීමට  සහ ඒවා වේරියබල්ස් ලෙස රඳවා ගෙන වැඩසටහන පුරාවට භාවිතා කිරීම  ආදී කටයුතු සඳහා මෙම range භාවිතා කරයි. එය  range ලෙස ලබා දීමෙන් වේරියබල් එකක් ලෙසට නිර්මාණය වේ. 

පහත කේත අධය්‍යනය කර බලන්න.


මෙහිදී range දත්ත වර්ගය කොටස් තුනකින් යුක්තව ඇත. start යනුවෙන් ආරම්භය, Stop යනුවෙන් නවතුම සහ step වෙතින් පියවර යන්න ය. සමාන්තර ශ්‍රේණි මතක් කර ගැනීම වැදගත්ය.

ඒ අනුව මෙහි a නැමති වේරියබල් එක තුල 0 න් ඇරඹෙන 50න් අවසන් වන සංඛ්‍යා ශ්‍රේණිය 10ක පරතරයක් සහිතව ලැයිස්තතුවක් ලෙස පෙන්වීමට විධාන කර ඇත.

data types වල පලමු කොටස අහවරය. තවත් data types සමූහයක් පිලිබඳව ඉදිරියේදී කොටසක් ලියවෙනු ඇත.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form