පරිගණක වැඩසටහන් ලිවීමේ ආකෘති

 


පරිගණක වැඩසටහනක් ලියවීමේදී විවිධ ආකෘති නිර්මාණය කරගෙන ඇත්තේ කටයුතු පහසු කිරීමටය. ඒ වාගේම සංකීර්ණ කටයුතු සැලසුමකට අනුව සිදු කිරීමට නම් මුල සිටම මේ ආකාර දැන සිටිය යුතුය. මේ කියන්නට යන්නේ දැනට ව්‍යවහාරයේ පවතින මෘදුකාංග සංවර්ධනය කරන paradigm - ආකෘති ගැනය. මේ කියන කටයුත්ත නවකයින් සඳහා ඉතා වැදගත් කාරණාවක් ය.

පරිගණක වැඩසටහන් ලිවීමේදී Software Development Life Cycle යනුවෙන් කාරණාවක් ඇත. ඒ පිලිබඳව සරලව මේ ලිපියෙහිම සඳහන් කරන්නට මාධව කැමැත්තේය.


එහිද ආකාර කීපයක් ඇති අතර ඒවායින් එක් ක්‍රමයක් මෙහි සරලව සඳහන් කර ඇත. ඒ ආකාරයට සැලසුම් කිරීමේදී Design කොටසේදී සිදු කරන මෘදුකාංග සංවර්ධන කටයුතු වලදී භාවිතා කිරීමට යොදා ගන්නා පරිගණක භාෂාව තෝරා ගැනීම සිදු කිරීමට මෙම ආකෘතිද යම් බලපෑමක් සිදු කරනු ඇත. 

බොහෝ විට එය සිදු කරනුයේ සැලසුම් වලදී ඉංජිනේරුවරු විසින් තීරණය කරන ආකාරය අනුව ය. ඒ අනුව අදාල මෘදුකාංගයන් සංවර්ධනය කිරීම උදෙසා සුදුසු paradigm - ආකෘති ගැන පහතින් විස්තරාත්මකව දක්වා ඇත.

කෙසේ වෙතත් මෙම ආකෘති සමඟ විශේෂයෙන් සම්බන්ධ වූ අහවල් පරිගණක භාෂාවක් කියා දෙයක් නැත. පරිගණක පද්ධතිය ගොඩනංවන නිර්මාණවේදියාගේ දැනුම අනුව සුදුසු භාෂාවක් භාවිතා කල හැකි අතර paradigm - ආකෘති අවැසි වන්නේ පද්ධතිය සංවර්ධනය කිරීමේ පහසුව තකාය. එනම් මෙම paradigm - ආකෘතියක් අනුව සැලසුම් කල විට පහසුවෙන් අවැසි භාෂාවක් තෝරාගෙන වැඩසටහන නිර්මාණය කර ගැනීමට හැකියාව ඇත.

paradigm - ආකෘති පිළිබඳව විස්තරාත්මකව කතා කිරීමේදී ඒ ඒ paradigm - ආකෘති සඳහා සුදුසු භාෂා හඳුන්වාදීමට මාධව උත්සහ කරනු ඇත.

පහතින් දක්වා ඇත්තේ ඉහල කී ආකෘති වර්ග ටික ය.

  •     Imperative programming
  •     Procedural programming
  •     Functional programming
  •     Declarative programming
  •     Object-oriented programming 

 මේවා විස්තරාත්මකව පහලින් දක්වා ඇත.

Imperative programming - ඉම්පැරටිව්

මෙහිදී සිදු කරනුයේ පරිගණකය වෙත පියවරෙන් පියවර කටයුතු සිදු කල යුතු ආකාරයන් ලබා දී එම ලබා දුන් අනු පිලිවෙළට ප්‍රතිදානයක් ලැබීම සඳහා ක්‍රමලේඛනය කිරීමයි. උදාහරණයක් ලෙස දොඩම් යුෂ වීදුරුවක් සැකසීමේ පියවරයන් එකින් එක ලබා දීම වැනිය.

උදා -

  1. දොඩම් ගෙඩියක් මිලදී ගැනීම
  2. දොඩම් ගෙඩිය සේදීම
  3. දොඩම් ගෙඩිය දෙකට කැපීම
  4. වීදුරුවක් ගෙන දොඩම් ගෙඩිය මිරිකා යුෂ ගැනීම
  5. අවැසි ප්‍රමාණයට ජලය, සීනි, සහ ලුණු එකතු කර ගැනීම
  6. සියල්ල හොඳින් දිය කිරීම 
  7. පිලිගැන්වීම

ඒ ආකාරයට පයිතන් භාෂාව ඇසුරින් එම ඉම්පැරටිව් ආකෘතියට සැකසූ වැඩසටහනක් ධාවනය කර බලමු.

# Print "Hello, World!"
print("Hello, World!")
 මෙහිදී සරලව විධානයක් දී ඇත්තේ  Hello, World! යනුවෙන් මුද්‍රණය කිරීමට ය.

 


Procedural programming - ප්‍රසීඩියුරල්

මෙහිදී සිදු වනුයේ ඉහත ක්‍රමයට වඩා තවත් විස්තරාත්මකව කටයුතු කිරීමට සැකසීමයි. එහිදී ක්‍රමලේඛනය කියවා ගැනීමද පහසු වේ.

උදාහරණ ලෙස දොඩම් වීදුරුව සෑදීම

  • අවශ්‍ය දෑ සූදානම් කර ගැනීම
    • දොඩම් ගෙඩිය
    • සීනි
    • ලුණු
    • ජලය    
    • වීදුරුව
    • හැන්ද
  •  සැකසීම
    • දොඩම් කැපීම
    • මිරිකීම
    • සීනි ලුණු සහ ජලය එක් කිරීම
    • හැන්දෙන් දිය කිරීම
  • පානය කිරීම 

මේ පහතින් ඇත්තේ ඒ ආකාරයට ලියූ පයිතන් වැඩසටහනකි

 

 

Functional programming - ෆන්ක්ෂනල්

මෙහිදී සිදු කෙරෙන්නේ ක්‍රියාකාරකම් ලෙසින් වැඩසටහන් ලිවීමයි.එමෙන්ම එම ක්‍රියාකාරකම් මත වැඩසටහන ධාවනය වේ. උදාහරණ ලෙස යම් වේරියබල් එකකට අගයන් ආදේශ කර එය වර්ග සංඛ්‍යාවන් ලබා දෙන ලෙස කේත යොමු කල විට ප්‍රතිදානයන් ලබා ගැනීම ගත හැකිය.

 

Declarative programming - ඩික්ලියරේටිව්

මෙහිදී වැඩසටහන් ලිවීම වඩාත් පහසු කරවමින් මානවා භාෂාවට ආසන්න ලෙසින් වැඩසටහන් ලිවීමට අවකාශ ලබා දේ. 

මුලින් වේරියබල්ස් සකසා ඇති අතර ඉන් පසු වෙනමම විධාන ලබා දී ඒවා තිරයේ පෙන්වීමට සකසා ඇත. පැහැදිලිය. පහසුවෙන් තේරුම් ගැනීමට හැකියාව ඇත.

react වැනි ෆ්‍රෙේම්වර්ක් ක්‍රියා කරනුයේ මෙම ආකාරයටය.

Object-oriented programming - ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ්

වර්තමානයේ බොහෝ ජනප්‍රියම ක්‍රමවේදය මේකය. ජාවා වැනි භාෂා ප්‍රචලිත වූයේ මේ නිසාය. මෙහිදී වැඩසටහන් සඳහා කේත ලිවීම යම් කිසි වස්තුවක් - Objecet පාදක කොට සිදු කරන නිසා පහසුවෙන් වැඩසටහන් ලිවීමට භාවිතා කරන ක්‍රමවේදය වී ඇත. එසේම වෙන් වෙන්ව කේත ලියවෙන නිසා පහසුවෙන් තේරුම් ගැනීමට හැකියාව ඇත. ජාවා භාෂාව මෙම OOP ක්‍රමයේ හිතවතෙකි. 

පරිගණක වැඩසටහන් ලිවීමේදී වැදගත් වන මේ වැඩසටහන් ලිවීමේ ආකෘති පිලිබඳව සරල විස්තර ඔච්චරය. ඉදිරියේදී SDLC පිලිබඳව ලියැවෙනු ඇත.


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form