අන්තර්ජාලය භාවිතා කරන මාධව ඇතුලු මේ ලෝක වාසීන්ගෙන් ඇතැමුන් පරිගණක ආශ්‍රයෙන් වැඩසටහන් ලියන්නෝය. අනෙකුත් අයවලුන් පරිගණකය හෝ ජංගම උපකරණ භාවිතයෙන් අන්තර්ජාලය භාවිතා කර කුමන හෝ කටයුත්තක් කරන්නෝය. මේ සැමට වැදගත් වන වෙබ් සර්වරයක් - Web Server යනු කුමක්දැයි අද මාධව මේ කතාවෙන් කියන්නේය.
වෙබ් සර්වරයක් - Web Server යනු?
Web Server යනු මෘදුකාංගයක් හෝ මෘදුකාංග සහ දෘඩාංග වල එකතුවක් වන අතර අන්තර්ජාලය හරහා පරිශීලකයාගේ ඉල්ලීම පරිදි පරිශීලකයා වෙත වෙබ් අඩවි හෝ එවැනි වෙනත් වෙබ් යෙදුම් ලබා දීම සඳහා පිහිටුවා ඇති පද්ධතියයි.
එහිදී පරිශීලකයා විසින් සිදු කරන ඉල්ලීම (Request) හඳුනාගෙන අන්තර්ජාලය හරහා ඔහුගේ ඉල්ලීමට අවශ්‍ය තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය මෙම Web Server මගින් කළමණාකරණය කරනු ලබයි.
එය සරලව පහත රූප සටහනේ පරිදි වේ.
මෙහිදී පරිශීලකයා විසින් වෙබ් බුවුසරයක් තුල වෙබ් ලිපිනයක් ඇතුලත් කල පසු එයට අදාල ඉල්ලීම අන්තර්ජාලය හරහා ලෝකයේ කොහේ හෝ ඇති එම ලිපිනයට අදාල වෙබ් අඩවිය සොයා සැරිසරන අතර අදාල වෙබ් සර්වරය විසින් එම ඉල්ලීම හඳුනාගෙන ප්‍රතිචාර දක්වමින් වෙබ් බ්‍රවුසරය තුල වෙබ් අඩවිය ප්‍රදර්ශනය කෙරේ! මෙය සරල අදහසයි.
Web Server හි වැදගත්කම
- දත්ත වල ආරක්ෂාව සම්බන්ධව කටයුතු කිරීම (Security)
- වෙබ් අඩවි පිහිටුවාලීම හා ඒ ආශ්‍රිත කටයුතු (Hosting)
- වෙබ් යෙදුම් භාවිතාව සඳහා ඉඩ සැකසීම (Web App)
- දත්ත සැකසුම් කිරීම (Data Processing)
- දත්ත හා තොරතුරු හුවමාරුවට කටයුතු සැලසීම (Data Transferring)
- දත්ත තැන්පත් කර තැබීමට අවස්ථාව ලබා දීම (Storage)
මේ ආදී වූ බොහෝ වැදගත්කම් මෙම වෙබ් සර්වර වල ඇති අතර සරලව මේ කරුණු දැනගැනීම ප්‍රමාණයවත්ය.
වෙබ් සර්වරයක් පිහිටුවා ඇත්තේ කොහේද?
![]() |
අන්තර්ජාල සිතියම - ගූගල් සෙවුමකින් ලබාගන්නා ලදී |
අන්තර්ජාලය යනු කුඩා පරිමාණයේ, මධයම පරිමාණයේ සහ විශාල පරිමාණයේ පරිගණක සහ තොරතරු සන්නිවේදන උපකරණ අඩංගු ජාලයන් වල එකතුවකි. ලොව පුරා මෙම පරිගණක ජාල පිහිටුවා ඇත. ඔබ නිවසේ ඇති Wifi සම්බන්ධතාවය මගින් අන්තර්ජාලය භාවිතා කරන නිවසේ ඇති ජංගම දුරකථන, පරිගණක සහ ලැප්ටොප් වල එකතුව ද රැහැන් රහිත කුඩා පරිගණක ජාලයක් ලෙස සැලකිය හැකිය.
එම කුඩා ජාලය අන්තර්ජාල සේවා සපයන්නා මගින් ලෝක ජාලය හෙවත් අන්තර්ජාලයට සම්බන්ධ වේ. එම අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති වෙබ් සර්වර් ප්‍රමාණය ඉතා විශාලය. ලොව පුරා විවිධ රටවල පිහිටුවා ඇති මෙම වෙබ් සර්වර් වලින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ඇමරිකාවේය. අමතරව ජර්මනිය සහ එංගලන්තය වැනි රටවලද වෙබ් සර්වර පිහිටුවා ඇති අතර ඔවුන්ගේ සේවාවන් මාර්ගගත ක්‍රම ඔස්සේ මිලදී ගැනීමට අවකාශ සලසා ඇත.
වෙබ් සර්වර් සපයන්නන්ගේ සේවාවන්
- ඩොමේන් නාම (Domain name - example .com / .net / .lk වැනි) සහ වෙබ් පිටු සඳහා අන්තර්ජාලයේ ඉඩ සැපයීම
- දත්ත සුරැකීම සඳහා ආකාස දත්ත ගබඩා (Cloud Storage Spaces) ලබා දීම
- දත්ත පද්ධති සඳහා ඉඩ ලබා දීම
- වෙබ් යෙදුම් ස්ථාපනය සහ ප්‍රවිෂ්ඨ වීමේ අවස්ථා ඇති කිරීම
Xampp and Wamp යනු?
වෙබ් අඩවි හෝ වෙබ් යෙදුම් නිර්මාණයේදී ඔබගේ පරිගණකය වෙබ් සර්වර්යක් කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන මෘදුකාංග ඇත. ඒවා පරිගණක භාෂා, දත්ත පද්ධති සමඟ සහයෝගයෙන් ක්‍රියා කරනු ඇත. එමෙන්ම ඒවා මුදල් ගෙවා මිලදී ගත යුතු වෙනත් පහසුකම් අත්හදා බැලීමට මෙම මෘදුකාංග භාවිතා කල හැකිය. මෙම ඉහතින් සඳහන් කල Xampp හා Wamp යනු අධ්‍යයන කටයුතු වලදී ලංකාවේ සිසුන් බහුලව භාවිතා කරන එවැනි සර්වර් නිර්මාණය කරගත හැකි මෘදුකාංග වන්නේය.
https://www.apachefriends.org/ -Xampp බාගත කර ගැනීමට
https://www.wampserver.com/en/ - Wamp බාගත කර ගැනීමට
මෙහිදී මාධවගේ අත්දැකීම් බහුලව ඇත්තේ Xampp සමඟ නිසා මෙහිදී ඒ ගැන විස්තර ටිකක් පහලින් දක්වා සිටින අතර Wamp පිලිබඳව වෙනම ලිපියක් ලිවීමට බලාපොරාත්තු වන්නේය.
web developing යන ක්ෂේත්‍රයේදී විවිධ පරිගණක වැඩසටහන් නිර්මාණය කරන භාෂා සමඟ කටයුතු කිරීමට සිදු වන අතර වෙබ් පිටු සහ වෙබ් යෙදුම් සංවර්ධනයේදී Php භාෂාව සමඟ කටයුතු කිරීමට සිදුවේ.
එහිදී මෙම Xampp සර්වර් මෘදුකාංගය ස්ථාපනය කිරීමෙන් පසු ඔබ පරිගණකයේ PHP භාෂාව ද ක්‍රියා කිරීම ඇරඹේ. එසේම දත්ත පද්ධති නිර්මාණය කිරීම සඳහා නිර්මාණය කරන My Sqlද මෙම Xampp තුල අඩංගු කර ඇත.
තවද කිව යුත්තේ මෙම Xampp යනු සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් බවය.මෙම Xampp හි අතුරු මූනත පහලින් දක්වා ඇත.
Xampp පරිගණකයේ ස්ථාපනය කල පසු මෙවැනි අතුරුමුහුණතක් දක්නට ලැබෙන අතර එමගින් අදාල Apache, My Sql, FileZila යන පහසුකම් ක්‍රියාත්මක කර ගැනීමෙන් පසු (Start) වෙබ් සර්වරයක් ලෙස ඔබේ පරිගණකය ක්‍රියා කරයි.
එවිට පරිගණකයේ ලූප් ලිපිනය හෙවත් 127.0.0.1 හෝ //Localhost/phpmyadmin ලෙස පරිගණකයේ බ්‍රවුසරයේ ලබා දුන් විට අදාල Phpmyadmin පිටුවට පිවිසේ. එයින් අදහස් වනේ පරිගණකයේ සැකසුම් නිසි පරිදි සිදු ව ඇති බවය.
පරිගණකය සර්වරයක් ලෙස සකසා ගැනීමේ මූලික ක්‍රියාවන් පිළිබඳ මෙම ලිපියෙන් දක්වා ඇති අතර ඉදිරියේදී ගෙන එන ලිපි තුලින් මෙම වෙබ් අඩවි නිර්මාණය පිලිබඳව වැඩිදුරටත් ලිපි ලියවෙනු ඇත.
උත්සහ කිරීමෙන් ජයග්‍රහණය ලබා ගැනීමට නම් උත්සහ කල යුතුමය.
තවද තාක්ෂණික ලිපිවල ඔබ දකිනා අඩුපාඩු මාධව වෙත දැනුම් දීම මෙම ලියමන් වල වැඩිදුයුණු කිරීම් වලට ඉමහත් රුකුලක් බවද මාධව විසින් මෙසේ සඳහන් කරමින් අදට නතර වන්නේය.