උබන්ටු වලදී මෘදුකාංග ලබා ගැනීම

 


උබන්ටු වලදි මෘදුකාංග නැති කම බොහෝ අඩුපාඩුවක්ය. ඒත් වර්තමානයේ බොහෝ යෙදවුම් වල ලිනක්ස් සඳහා ද නිර්මාණයක් ඇත. එසේ නැතිනම් ඒ සඳහා ආදේශක සොයා ගන්නට පුලුවන් ය. එසේත් නැතිනම් Wine වැනි යෙදුමක් භාවිතා කර වින්ඩෝස් වලදී භාවිතා කල ඇතැම් සරල යෙදවුම් (උදා  - මධුර ඩික්ෂනරි වැනි) ස්ථාපනය කර ගත හැකිය.

මේ ලිපියෙන් මාධව කියන්නට යන්නේ උබන්ටු වලදී මෘදුකාංග බාගත කර ගන්නා ආකාරය මෙන්ම එයට අදාල වෙනත් කරුණු කීපයක් ය.

Show Application  / Main Menu in Ubuntu

ප්‍රධාන මෙනුව වන මෙම උබන්ටු හි යෙදවුම් අඩංගු කර ඇති ද්වාරය පෙනුමෙන් ඇපල් වල ඇති පෙනුමට සමාන ය. පහසුවෙන් සියලු යෙදවුම් සොයාගත හැකි පරිදි සෙවුම් සඳහා (Search) අවස්ථාව ද ලබා දී ඇති අතර ඇන්ඩ්‍රොයිඩ වලද මෙම පෙනුමට සමානව මෙනුව සකසා ඇත. 

එසේම තිරයේ පහලින් ඇති Dock එක මතට පරිශීලකයා කැමති ආකාරයට යෙදවුම් සහ ෆෝල්ඩර්ස් අමුනාගත හැකි අතර ප්‍රධාන මෙනුවේ අයිකනයක් මත Right click කර Add to Favorite තේරීමෙන් අදාල යෙදවුම මෙම Dock මතට යොමුවේ. 


 Setting - Applications

උබන්ටු අඩංගු පරිගණකයේ ඇති Settings හි Applications වල ඇති ලැයිස්තුවේ දැක්වෙන්නේ පරිගණකයේ අඩංගු වී ඇති සහ බාහිරින් බාගත කල සියලූම මෘදුකාංග සහ යෙදවුම් ය. එහි ඇති Open in Software නැමති බොත්තම ක්ලික් කොට මෙම අවශ්‍ය මෘදුකාංගය හෝ යෙදුම ඉවත් කිරීමට ඇති ස්ථානයට පිවිසීමට හැකිය. එය පහතින් දක්වා ඇත.

Ubuntu Software 


Ubuntu Software යනු ඇන්ඩ්‍රොයිඩ මෙහෙයුම් පද්ධතියේ ඇති PLAY STORE හා සමාන යෙදුමකි. එහි ඇත්තේ උබන්ටු වල භාවිතා කල හැකි යෙදවුම් අඩංගු ද්වාරයයි. ඉහතින් කී Open in Software නැමති බොත්තම ක්ලික් කිරීමෙන්ද පිවිසෙන්නේ මෙතනටයි. මෙහි ඇති Installed නැමති tab එක තුල පරිගණකයට බාගත කර ඇති මෘදුකාංග පෙන්වන අතර එයින් අවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම සිදු කල හැකිය. මෙහි ඇති සියලූම යෙදවුම් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ නොමිලේ ලබා දෙන ඒවා වන අතර මේවායේ ඇන්ඩ්‍රොයිඩ් වල මෙන් වෙලඳ දැන්වීම් අඩංගු නොවන අතර ඇතැම් විට සාර්ථකව ක්‍රියාකාරී නොවන යෙදවුම් නම් තිබීමට ඉඩ ඇත.

 

මෘදුකාංගයක් ඉවත් කිරීමට මෙහි ඇති Installed හි අදාල මෘදුකාංගයේ නම ඉදිරියෙන් ඇති පහත රූපයේ දක්වා ඇති රතු පැහැති  අයිකනය ක්ලික් කිරීම ප්‍රමාණයවත් වේ.


යෙදුමක් බාගත කර ගැනීම

ඉහලින් පැවසූ ආකාරයට Ubuntu Software වෙත ගොස් අදාල යෙදුම පිලිබඳව සෙවුමක් දැමිමෙන් යෙදුමක් බාගත කර ගැනීමට දැන් උබන්ටු වල අවස්ථාව ඇත. අදාල යෙදුම සම්පූර්ණයෙන් බාගත වන තුරු Ubuntu Software වසා නොදැමිය යුතු අතර ඇතැම් විට ඇතැම් මෘදුකාංග බාගත කිරීම සඳහා Ubuntu මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීනවී තිබිය යුතුය. 

පහසුවෙන් මෘදුකාංග බාගත කර ගැනීමට හැකි අනෙක් ක්‍රමය වන්නේ ටර්මිනල් භාවිතා කිරීමය.


ඒ පිලිබඳව වෙනමම ලිපියක් ලියවෙනු ඇති අතර උබන්ටු යෙදවුම් බාගත කිරීමට ප්‍රථම අන්තර්ජාලයේ ඇති review කියවා සිටීම පහසු වනු ඇති බව සඳහන් කිරීමට මාධව කැමැත්තේය. එසේනම් උබන්ටු ගැන තවත් ලිපියක් මෙතනින් නිමා කිරීමට මාධව දැන් කටයුතු කරන අතර උබන්ටු ටර්මිනල් භාවිතයෙන් මෘදුකාංග බාගත කර ගැනීම සරලව ඉදිරි  ලිපියකින් ලියවෙනු ඇත.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form