SNAPSEED ගැන

 


ජංගම දුරකථනයෙන් ජායාරූප ගැනීම සහ සංස්කරණය (Editing) දැන් ඉතා ජනප්‍රිය කලාවකි. තවද ජංගම දුරකථනයෙන් සමාජ ජාලා පරිහරණය කරන්නෝ එමටය. ඔවුන්ද කැමැති වන්නේ සිය ජායාරූප සිත් ගන්නා සුලු ආකාරයෙන් සංස්කරණය කොට පල කිරීමටය. මේ කියන්නට යන්නේ ඒ සඳහා ඉතා උචිත ජංගම දුරකථන යෙදුමක් ( APP ) ගැනය.

එහි නම SNAPSEED ය!

Snapseed යනු?

ජංගම දුරකථනයකින් ලබා ගන්නා ජායාරූප සංස්කරණය (Editing) කිරීම සඳහා නිර්මාණය කර ඇති යෙදුමක් වන අතර ඇපල් සමාගමේ උපකරණ සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති උපකරණ සඳහා නිර්මාණය කර ඇත.

මෙම යෙදුම භාවිතා කිරීමට උපකරණයේ පහත පරිදි පහසුකම් (System Requirements) තිබිය යුතු වන්නේය.

RAM - 2 GB හෝ ඉහල මතකයක්

Disk Space -  200 MB හෝ ඊට ඉහල ඉඩ ප්‍රමාණය

OS - IOS for Apple or Android 4.0 (Ice Cream Sandwich) හෝ ඉහල මෙහෙයුම් පද්ධතිය

මෙය ඔබගේ ඇපල් ජංගම දුරකථනයේ නම් Store වෙතින්ද 

 

ඇන්ඩ්‍රොයිඩ් උපකරණයේ නම් Play Store වෙතින්ද 


 උපකරණය වෙත බාගත (Download) කර පිහිටුවාගත (Install) හැකිය.

අරමුණ - 



ජංගම දුරකථනයකින් ලබා ගන්නා ජායාරූප එම උපකරණය තුලින් පහසුවෙන් හා වෘත්තීය ලෙස සංස්කරණය (Editing) කර ගැනීම අරමුණ වේ. 

පහසුකම් - Facilities

මෙහිදී පෙර සැකසුම් රැසක් ලබා දී ඇත. පින්තූරය විවෘත කල විට එම සැකසුම් වලින් සාම්පලයක් ලෙස පෙන්වයි. එසේත් නැතිනම් ඔබට අවශ්‍ය ලෙස Tools වෙතින් සංස්කරණය (Editing)කර ගැනීමට පහසුකම් ලබා දී ඇත.






 

Tools හි ජායාරූපය සංස්කරණය කර ගැනීමට අවශ්‍ය පහසුකම් රැසක් අඩංගු තේරීම් සමූහයක් ලබා දී ඇති අතර ඒවා භාවිතයෙන් කලාත්මක හැකියාව ඇති අයෙකුට මනා සංස්කරණයක් (Editing) ඉටු කර ගත හැකිය.

 

Tune Image, Details, white balance ආදී පහසුකම් මගින් පින්තූරයේ වර්ණ සැකසුම් කල හැකිය

Crop මගින් පින්තූරයේ අනවශ්‍ය කොටස් ඉවත් කර ගත හැකිය.

මෙවැනි සරල සංස්කරණ පහසුකම් ඇතුලුව බොහෝ පහසුකම් රැසක් අන්තර්ගත කර ඇත.

Tune Image වෙත පිවිසුනු විට ඉහත ආකාරයේ අනු පහසුකම් අන්තර්ගතව ඇත.  මේ උදාහරණයක් ලෙස දක්වා ඇති අතර පරිශීලකයාගේ පහසුව සලකා මෙම යෙදුම් නිර්මාණය වී ඇත.

Export වෙතින් සංස්කරණය කල ජායාරූපය උපාංගය තුල සුරැකුම් කිරීම සහ අන්තර්ජාලය හෝ වෙනත් ක්‍රම ඔස්සේ බෙදා ගැනීමට (Share) පහසුකම් ලබා දී ඇත.


Snapseed භාවිතයෙන් මාධව විසින් සංස්කරණය කරන ලද ජායාරූප කීපයක් මෙහි දක්වා ඇත. මාධව යනු ජායාරූප සංස්කරණයේ දක්ෂයෙක් නොවන බවත් කාරුණිකව සලකන්න







SnapSeed වෙනුවට?

SnapSeed වෙනුවට ආදේශක යෙදවුම් බොහෝ ඇත.ඒවායින් කීපයක් පහත දක්වා ඇත.

Adobe Lightroom යනු බොහෝ ජනප්‍රිය යෙදවුමක් වන අතර එය Android, Apple IOS, Windows, Mac OS ආදී මෙහෙයුම් පද්ධති සඳහා හොඳින් ක්‍රියා කරයි. පහසුකම් රැසකින් අනූන මෘදුකාංගයකි.

 


Picsart ද අපූරු යෙදුමක් වන අතර ඇන්ඩ්‍රොයිඩ් සඳහා හොඳින් ක්‍රියා කරයි. Play Store වෙතින් බාගත කර ගත හැකිය

 

Prisma යනු තවත් ජනප්‍රිය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මිත ජායාරූප සංස්කරණය කල හැකි යෙදුමකි. පහසුකම් රැසකින් සමන්විත මෙහි Filters, Image Corrections ආදී කටයුතු කිරීම සඳහා පහසුකම් අන්තර්ගතය.

ජංගම දුරකථනයෙන් පින්තූර සංස්කරණය කිරීමට අදාලව ලියූ ලිපිය අහවරය. ප්‍රයෝජනවත් වූවා නම් මාධවට එපමණය.

සැමට සුභ වේවා ය!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form