චැනල් ෆෝ සහ ලංකාව




මීට පෙර කලක නිකුත් වූ වීඩියෝව ට වඩා මේක ආන්දෝලනාත්මකය. දෙමළා පීඩාවට පත් කලා යැයි පැවසූ ඒකට වගේ නොව මේක දැනෙන්නේ මහ ජාතියටමය. මොකද ඒක පාස්කු ගැනය. සමස්ථ ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමේ අසමත්කම පෙනෙන මේ රටේ පාලකයින් එදා පටන් ලංකාව රැගෙන ගිය මාර්ගය දැන් තවත් හොඳින් පැහැදිලි ව පේන්නේය. 

වේදනාවෙන් උවත් කිව යුත්තේ මේ රට ධර්ම රාජ්‍යයක් නොව රුධිරයෙන් පෙඟුණු ඒත් තව තවත් රුධිරයම ඉල්ලන පාලකයින්ගෙන් පාලනය වන අසමත් රාජ්‍යයක් බවය.

මේ වර්තමානය ගැන මාධවගේ විග්‍රහයක් වන්නේය!

පලමු කොටස - නො-ඉපදී උන් අතීතයක වූ කලු ජුලිය - 

මාධවට තේරෙන ඉතිහාසය කියවූ කල දැනෙන්නෙ කම්පාවකි. දෙමළුන් කෙරෙහි උසිගැන්වූ එකල එජාප ආණ්ඩුව එයින් රටට අහිමි කල දේවල් මහත්‍ ය. අදටත් දෙමළා කෙරෙහි වෛරයෙන් සැකයෙන් බලන්නෝ එමටය. දක්ෂ පිරිසක් ඉක්මණින් රට හැර ගියෝ අද වන තෙක් මවුබිමට පා තැබූවේ නැත. රටට කලු පැල්ලමක් එක් කල ඉතිහාසයේ අඳුරුම පරිච්ඡේදයක් වූ කලු ජූලිය සැබැවින්ම වලක්වාගත හැකිව තිබූ ව්‍යසනයක් බව පත පොත පරිශීලනයේදී පෙනී යන්නේය. ඉතින් සැකය ඇති තැන සැවොම එකිනෙකාව සැක කොට අවසානයේ ඒ සැකයම වසර තිහක යුද්ධයක් බවට පත්විය. කලකට පසු යුද්ධය නං නිමා විය. අවාසනාවට යුද්ධයේ නිමාව හමුවේ රටේ ඉදිරි ගමන සකස් කරගත නොහැකි වීය. ඒක අභාග්‍ය සම්පන්න කාරණාවක් ය.
 
මොකද යුද්ධය නිම වූ පසු මාධවලා සිතුවේ ඇත්තටම උන්ගේ පරම්පරාව අතිශය වාසනාවන්ත අනාගතයකට උරුමකම් කියනු ඇති බවය. ඒන් නොවුනේම ඒකය.

බලය රැකගැනම උදෙසා ජීවිත බිලිදීමේ පලමු කොටස ඒකය. 
 
 

දෙවන කොටස - උපන් වසරේ තිබූ ජවිපෙ භීෂණයේ පරිච්ඡේදය 

ජවිපේ ත්‍රස්තවාදී ක්‍රියාවලියක නිරත වෙද්දී, විවිධාකාරයට අවනීතික විදියට මිනිසුන් ඝාතනය කොට රටේ දේපල විනාස කරද්දී ආණ්ඩුවකට බලා ඉන්න නොහැක. එබැවින් ප්‍රතිවිරෝධන බුබුරා නැගුනේය. එහෙත් අවාසනාවට බොර දියේ මාලු බාන්නෝ එකල බහුල වූ බැවින් තක්කඩිකම් කල ජව්පෙ සාමාජිකයින් පිටින් දමා අසරණ කොල්ලෝ කෙල්ලෝ සහ විරුද්ධවාදින් රැසක් ඝාතනය කල බව නොරහසකි. එහෙව් රටේ එක තවත් පරිච්ඡේදයක බලය උදෙසා අමු ලේ වැගිරුණි. මාධව අසා ඇති අන්දමට එකල උන් පාලක පන්තියේ ප්‍රාදේශීය දේශපාලනික නායකයාගෙ ලැයිස්තුව අනුවද හිතූ හිතූ හැටියට මිනී මැරුම් සිදුවිය.

විශ්ව විද්‍යාල සිසුන්, දක්ෂ වෘත්තිකයින් සෑහෙන්න අතුරුදහන් විය. ඇතැම් ප්‍රසිද්ධ ඝාතනයන් ද බැර වි ඇත්තේ ජවිපේ නමටය. අදටත් එවා ආඩම්බර ස්වරයකින් දේශපාලන වෙදිකාවෙ කියන්නේය. 

බලය රැක ගැනීම උදෙසා ලේ වැගිරූ උච්චතම අවස්ථාවන්වලින් එකක් වන්නේ මේ ජවිපේ පරිච්ඡේදයයි.



තෙවන කොටස -  චන්ද්‍රිකා 

වික්ටර් අයිවන්ගේ චෞර රැජින පොත කියවීමට හැකි වූ අය දන්නා කතාව ඒකය. පොතේ ඇති කරුණු අනුව ඇය දෙවැනි වරට පත්වීමට ජන්දයෙන් දිනීමට අවශ්‍ය පදනම සාදා ගත්තේ එකැස් බෝම්බය භාවිතා කර ඇත. ඒ කතාන්දර කියවන විට ලාංකික දේශපාලනයේ අඳුරු පැතිකඩ මනාව පැහැදිලි වනවා ඇත. මෙවා මාධවද දැනග්ත්තේ චෞර රැජින පොතෙන් ය.

කෙසේ වුවද එම බෝම්බයෙන්ද සිවිල් වැසියන් ජිව්ත පූජා කලද එය ඔය කියනා සේ පාලන පංතියෙන්ම සැලසුම් කල එකක් නම් එයද බලය උදෙසා ලෙ වැගිරූ කතා ගොඩට එකතු කල යුතුම වන්නේය. කෙසේ වුවද එකැස් බෝම්බය දිනූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙවන වරටත් ජනාධිපති ධූරයට පත් විය. අනුකම්පා ජන්ද යනු ඒ දිනුමට වැටුනු ජන්ද වේ.

ඒ පාලන කාලයේ එල් ටී ටී ඊ විසින් සිදු කළ මහබැංකු ප්‍රහාරය, දළදා මාලිගාවේ ප්‍රහාරය, අලිමංකඩ අහිමිවීම ආදි කාරණා මෙන්ම ඒ සිදුවීම් වලින් සිදු වූ ජීවිත හානිය සුලුපටු නැත.

ඉක්බිති ඒ ජනාධිපතිනිය අයත් වූ ඒ දේශපාලන පක්ශයේ ලේකම් ලෙස මාලිගාවට බෝම්බ ගැහූ අපරාධකරුවා පත්විමම මේ ලාංකික දේශපාලනික සංස්කෘතියේ ඇති භයානකකම පැහැදිලි වන හොඳම සිදුවීමකි.


සිව්වන කොටස - ප්‍රභාකරන් සහ ඊළම

ඊළමේ නාමයෙන් දෙමළුද එයට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදාවද ගැටීමේ වසර ගණනාවක යුද්ධය එවකට තිබුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් නිමා කරන ලදී. එහිදී කාලකන්නි යුද්ධය නිසා මිය ගිය ජීවිත ගණන, වැන්දඹු වූ කාන්තාවන් ප්‍රමාණය, දෙමාපියන් අහිමි වූ දරුවන් ගණන, සදාකල් ආබාධිත වූවන් ප්‍රමාණය ඇතුලු විශාල වූ ජීවිත ප්‍රමාණයක් අගාධයකට ඇද දැමූ යුද්ධය අතීතයේ සිටම අලු යට පැවති ගැටලුවකි. එය මාධවට අනුව තවම ඇත්තේ අලු යට ගිනි පුපුරක් ලෙසය. සාමයට මේ රටේ පාලන පන්තිය කැමතිම නැති නිසාය ඒ!

සිංහල පමණයි ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවූ බණ්ඩාරනායක අගමැතිගේ උක්ත වු මෝඩම ක්‍රියාවලිය නිසා  අතීතයේ සිට තිබී අන්තිමේදී උග්‍ර වූ ගැටලුව ඔඩු දිවීමෙ ප්‍රතිඵලය වෙනම රටක් ඉල්ලීම දක්වා දිග්ගැස්සුනි. 

ප්‍රභාකරන් නැමති ත්‍රස්තවාදියාගේ බල තණ්හාව නිසා ඇතිවූ තත්වය ඒකය. අවසානයේ ඔහුගේ තන්හාව ඔහුටම විනාසය කැන්දුවේය. යුද්ධය නිමා වුවද එයින් පාඩම් උගත්තේ නැති පාලකයින් නැවත ප්‍රශ්නයක් සොයන්නට පටන් ගන්නේ මේන් මෙතනදිය.



පස්වන කොටස - හලාල් ප්‍රශ්නය

2009 යුද්ධය අවසන් වීම මහින්ද රාජපක්ෂ රජෙකුගේ තත්වයේ ලා තැබූ අතර එයින් උදම් වූ ඔවුන් රටේ සම්පත් ඔවුන්ගේ බූදලය ලෙස සලකා කටයුතු කිරීම අරඹන ලදී. ඒ අතරතුර නව සතුරෙක්ද කරලියට ගෙන ආවේ නැග එන විරෝධය මැඩලීමේ යටි අරමුණ ඇතිවය. සිවුරු හොරු සහ වෙනත් ඇම්බැට්ටයෝ ඒ වෙනුවෙන්ම කැපවිය. මාධ්‍ය යැයි කියා ගන්නා නයි ගෙන එන උන්ද ඒවාට යසට හවුල් විය. ටික කලකින් ඇතිවූ විරෝධයන් අවසානයේ නතර වුයේ බේරුවලදී මුසල්මානු සිංහල ගැටුමකිනි. එය පසුව දිගනේද තවත් රටේ කීප පලකින්ම ඇතිවුනු තත්වයන් කරා උත්සන්න විය.

මුසල්මානුවන්ගේ ඇදහිල්ලේ සිට වෙනත් ප්‍රශ්න, ව්‍යාපාර වර්ජනයන්, වඳ ඇඳුම්, වඳ ආහාර ආදිය ආදී කතා උත්සන්න වූ අතර ඒවා සඳහාම උන් විවිධ කණ්ඩායම් ආණ්ඩුව අවට විය. චීවරය පොරවාගත් තක්කඩි මෙන්ම විවිධ නම් වලින් අටවාගත් සංවිධාන ද විය.

කෙසේ වෙතත් මාධවගේ අදහස මේ කාලයේ සිදු වූයේ මුට්ටිය දමා බැලීම බවය. දමිල සතුරා පරාජය වූ පසු ‍රටට නව සතුරෙක් අවශ්‍ය වීමේ උපාය මාර්ගය එසේ පරීක්ශා කරන ලදී.

මාධ්‍ය වේදීන් මරා දැමීම (ලසන්ත වික්‍රමතුංග ඝාතනය ප්‍රධාන එකකි. චැනල් 4 හීද ඒ බව කතා කරනු දක්න්ට ඇත), පහර දිම් ද (මාධ්‍යවේදී පෝද්දල ජයන්න, කීත් නොයාර් ආදී...) අතුරුදහන් වීම් ද (එක්නැලිගොඩ අදටත් නැත. ) බහුල වූ මේ කාලය තුල සිදු වු වෙනත් ඝාතනයන් ගැන සඳහන් කිරීමට මාධවගේ අදහසක් නැත.



හයවන කොටස - පාස්කු සහ යහපාලනය 

යහපාලනය මඩේ එරෙමින් උන්නු සමයේ පාස්කුව පුපුරා ගියේය. මුලු පාලන තන්ත්‍රයම, ආරක්ශක අමාත්‍යාංශයේ ලේකම් පවා බුද්ධි අංශ වෙතින් ලද වාර්තා වලට අනුව මෙය සිදු වන බවට හොඳින් දැන උන් අතර රටේ තුප්පහි ජනපති රටවැසියා අනතුරේ හෙලා සිංගප්පූරුවේ සවාරි ගිහින් උන්නේය.

උක්ත ලේකම්වරයා මාධ්‍යයට කිව්වේ "ගහනවා කියලා දැනන් හිටියට මෙහෙම ගහයි කියලා හිතුනෙ නෑ" යනුවෙනි. ඒක සජීවීව මාධ්‍යයයේ දුටු මාධවට ඔහු ගැන දැනුනේ ඉමහත් පිළිකුලකි. 
 
එනයින් ආපහු ගැටුම ඇති වූයේ මුසල්මානුවන් සහ කිතුනුවන් අතරය. ඒක දුර නොගියේ ඒ ඒ ආගම් වල නායකයින් නිසාය. වාසනවකට මෙන් එම ගැටුම් හනික ඇවිලී  නිවී ගිය නමුත් ආරම්භයේ පටන්ම මහත් වූ විනාසයක් සිදු විය. ජීවිත හානි 200 ඉක්මවා ගිය අතර රටම යලිත් බෝම්බ බියෙන් ඇලලී ගියේය. 

ප්‍රහාර අවසානයේ අගමැති හිනා වෙවී ලෝකයටම වොයිස් කට් දුන්නේය. කාඩිනල් බොරුවට ටීවි එකේ අනම් මනම් දෙඩෙව්වාක් මිස කිසිදු දෙයක් නොකලේය. දේශපාලනය සුපුරුදු පරිදි දෙපිල බෙදී වාද කර ගත්තෝය. ඒ වාද විවාද මැද ජීවිත වලට සාධාරණයක් කරන්නෙමැයි පවසා ආපහු මහින්දගේ කර පිටින් සමඟ ගෝටාගමනය සිදු විය. ගෝටාබය ජනපති වූ අතර යුධ වීරයා අගමැති විය. සියල්ල යහතින් සිදුවේ දෝ බොහෝ අයට බලාපොරොත්තු තිබුනා්ය.

එහෙත් කිසිවෙක් කිසිවිටක නොකියනා ඇඟ හිරිවැටෙන ජාතියේ රහස් මේ දේශපාලන සංස්කෘතියේ අභ්‍යන්තරයේ සැඟවී වී ඇත.



හත්වැනි කොටස - අරගලයේ කතාව

පාස්කු වලට සාධාරණයක් කිරීමට ආව පොහොට්ටුවේ පාලනය මිනිස්සුන්ගෙන් ගුටි කා පාරට වැටුනේ යහපාලන කාලයේ අගමැති හෙවත් ජනතාව ප්‍රතික්ෂේප කිරිමෙන් පසුත් ජාතික ලැයිස්තුව මගින් ඇතුලට රිංගාගත් ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරමිනි.

එකල ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කොලඹ ලස්සන කල විරුවා, ලක්ශ 69ක වරමක් ඇතිව ජනාධිපති වූ පසුව ගෙන ගිය අමන අදූරදර්ශී පාලනය නිසා රටවැසියන් පාරටම වැටුනේය. රටම අකර්මණ්‍ය වූ කාලයේ පොදු මිනිසුන් ජීවත් වීමේ අයිතිය ඉල්ලා නිර්පාක්ශික අරගලය මිරිහානෙන් ආරම්භ කල අතර ඉක්බිති ඒ රැල්ල රට පුරා පැතිර ගියේය. එයට නොසිතූ විරූ ප්‍රසිද්ධිය ලැබුනේ මහින්ද වාදීන් අරලියගහ මන්දිරයට එකතුවී නැටූ නාඩගම් නිසාය. 
 
ගෝල්ෆේස් අරගලයට පහර දී යලි වතාවක් රුධිරයම ඉල්ලූ මහින්ද රාජපක්ශගේ සහයට ආ අපරාධකරුවන් ඇතුලු පොහොට්ටු නඩය ගෝල්ෆේස් අරගලයට වැටෙන්නම පහර දුන්නේය. අවසානයේ පොදු ජනතාවගෙන් හොඳ හැටි පහර කෑ පොහොට්ටු පාක්ශිකයින් කොළඹ බේරේ වැවේ සහ රටේ තැන් තැන් වල ප්‍රති ප්‍රහාර ලබද්දී මහින්ද රාජපක්ශ ඉල්ලා අස්විය.

ඒ අනුව යමින් ඊලඟ මාසයේ සහෝදරයා වූ ජනාධිපති ගෝටාභය පැන ගියේ මහ සෙනඟ රට වටෙන්ම කොළඹට එකතු වීම නිසාය. අරගලයේ අපේක්ෂාවන් කීපයක් ඉටු වුවද අරගලය සාමූහිකව නියම ජයග්‍රහණයක් ලබා නොගෙන අවසන් උනේ රනිල් මොලයෙන් ගැහුව නිසාය. මාධව මීට පෙරද කී ආකාරයට ඔහුට අවශ්‍ය උපායමාර්ග වෙන ඒවාය. ඒවා සාමයෙන් කර ගත යුතු මිස වලිය සුදුසු නැත. කොහොම වෙතත් ඒ වෙද්දී අරගලයට එල්ල කල ප්‍රහාර නිසා ජීවිත කීපයක් සහ රටේ ඇතිවූ තෙල් පෝලීම් වල මරණ, පොලිස් වෙඩි තැබීම් නිසා ආදී ලෙස රට පුරා සිදුවූ සමස්ථ මරණ සංඛ්‍යාවක් විය. අවසානයේ ඒ රුධිරය මතින් කොහේවත් උන් රනිල් අගමැතිවී ජනපති විය.



අවසාන කොටස - මාධවගේ අදහස

වහල්ලු වූ රාජපක්ෂ වාදීන් මෙ වන විට බුකිය පුරා චැනල් ෆෝ නාලිකාව ගැන පතුරු අරිමින් තමගේ සුවාමියා රකින බල්ලාගෙ කර්තව්‍යය ඉටු කරමින් ඉන්නෝය. එකාතට වහල්ලු එයට වඩා දෙයක් දන්නෙ නැත. මහ උන්ගේ නාලිකාද ඒවාටම හරියන ඒවාය. මිත්‍යාව වපුරමින්, මහ බොරු දෙසාබාමින් නයි ගෙන්නන නාලිකා, කුඩු බෙදන මාධ්‍ය සහ රූපවාහිනී නාලිකා එක පෙලට රාජපක්ෂමය පංතිය රකින්නේ ඒ පන්තියෙන් නඩත්තු වෙන මෝඩ වහල්ලු නැති දාට උන්ටද පැවැත්ම නැති නිසාය. 

උන් පුන පුනා කියන්නේ රටට චෝදනා එල්ල කරන බවය. ඒත් ඇත්තටම උන් චෝදනා කරන්නේ "රාජපක්ශ පාලනයට" මිස "ශ්‍රී ලංකා රාජ්‍යය" ට නොවන බව කීමට මාධව කැමතිය.

එසේම බයි අඥානයින්ට අනුව මේ රට යනු රාජපක්ෂ පවුලය. ඒ උන්ගේ පුංචි මැටි මොලේ තරමය. මෙ සා වූ වෘත්තිකයන්, උගතුන් රට හැර යන්නේ මේ රුධිරයෙන් පෙඟුනු භුමිය දැන් තවත් ජීවත් විම්ට සුදුසු නැති රටක් නිසාය.

එහෙව් රටක බහුතරයක් මෝඩ අඥාන බයියන් වීම අතිශයින්ම භයානක වන්නේ උන්ගේ මෝඩකමට දෙන ජන්දයෙන් ඇතිවන අහිතකර ප්‍රතිපලය විවිධ හේතු නිසා රටින් පිටව යා ගැනීමට නොහැකිව ඉන්නා වූ මාධව ඇතුලු පිරිසකගේද විනාසයම කැන්දන නිසාය.

ඉතින් මාධව මේ ලිපියේ අවසානය වශයෙන් සඳහන් කරනුයේ,  චැනල් ෆෝ උණුසුම ටික කාලෙකින් පහව යද්දී වෙරලබඩ වැල්ල යට පල්ලියේ කුරුසියේ හෙවනැල්ල තුල පවුල් පිටින් නිදන මිනිසුන්ට මෙන්ම බලලෝභී උන්ගේ බලය ඩැහැගැනීමේ ක්‍රීඩාව වෙනුවෙන් දිවි පූජා කල කිසිවෙකුට සාධාරණයක් නම් කිසිදාකදී ඉටු නොවනු ඇති බවය.

ඒ මේ කෙහෙම්මල් ධර්ම රාජ්‍යයේ ක්‍රමයයි.

එච්චර ය!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මගේ පක්ස්ථාන මුස්ලිම් යාලුවට අනුව මුස්ලිම් සහෝදරයෙක් ජිවිතය පුජා කරන්නේ ඉස්ලාම් ආගම සදහාම පමණයි, ඒ අනුව ඉස්ලාම් විරෝදී වැඩ කරන රාජපක්ස ජනාදිපති කිරීමට මුස්ලිම් සහෝදර පිරිසක් ජිවිතය පුජා කරා කියන එක ඔහුත් මමත් පිළිගන්නේ නැත.

    චන්ද්‍රිකා ගැන කියන දේත් ඒ හා සමානයි, එදා එයා බේරුනේ කාර් එක නිසා කියන එක ඉතා පැහැදීලියි. ඒ නිසා එයාට චන්ද වැඩියෙන් ලැබුණා, එක ආණ්ඩුව ප්ලෑන් කරා කියන එක ප්‍රබකරන්ට අපහාසයක්.

    පිත්තල හන්දය බෝම්බය ගැනත් පොන්සේකා මේ වගේ දෙයක් කිව්වා නේද? බෝම්බෙන් මැරුන ප්‍රේමදාස, රන්ජන් වීජේ, කොබ්බැකඩුව සහ පිරිස වැනි තව අනන්ත අයත් ඒවා ප්ලෑන් කරාද?

    මේවා ගැන පාට කන්නාඩි ගලවා බුද්දියෙන් බලන්න, හැම පාටෙන්ම වහල්ලු ඉන්නවා
    මම විජේබාහු

    ReplyDelete
  2. ඉතින් මාධව මේ ලිපියේ අවසානය වශයෙන් සඳහන් කරනුයේ, චැනල් ෆෝ උණුසුම ටික කාලෙකින් පහව යද්දී වෙරලබඩ වැල්ල යට පල්ලියේ කුරුසියේ හෙවනැල්ල තුල පවුල් පිටින් නිදන මිනිසුන්ට මෙන්ම බලලෝභී උන්ගේ බලය ඩැහැගැනීමේ ක්‍රීඩාව වෙනුවෙන් දිවි පූජා කල කිසිවෙකුට සාධාරණයක් නම් කිසිදාකදී ඉටු නොවනු ඇති බවය.

    කෝම උනත් සිදු වුනු ජීවිත හානි වලට කෝ සාධාරණය? මේ කියන්නේ ඒ ගැන?
    අනික ඇයි ඒ චෝදනා වලට උත්තර නොදුන්නෙ චන්ද්‍රිකා?

    හැම පාටෙන්ම වහල්ලු ඉන්නවා - අතිශයින්ම එකඟයි!

    ReplyDelete
Previous Post Next Post

Contact Form