මනුස්සකමේ වර්ග - Ubuntu ගැන

  
 

උබන්ටු යනු මනුස්සකම යන්නට තේරුම දෙන අප්‍රිකානු වදනකි. ඒ වදන නමක් ලෙස භාවිතා කරමින් අපූරු විවෘත කේත සහිත මෙහෙයුම් පද්ධති නිර්මාණය කර ලොව පුරා නොමිලේ භාවිතා කිරීමට බෙදා හැරේ.

මාධවගේ කතා තුලින් අද කියන්නට යන්නේ මෙම මනුස්සකමේ මෙහෙයුම් පද්ධති ගැනය.

විවෘත කේත සහිත මෘදුකාංග යනු?

විවෘත කේත සහිත මෙහෙයුම් පද්ධති හෝ මෘදුකාංග යනු පද්ධති නිර්මාපකයා / සමාගම විසින් අදාල මෙහෙයුම් පද්ධතියේ හෝ මෘදුකාංගයේ කේත බාහිර පාර්ශවයන් සදහා විවෘතව ලබා දෙනු ලබන ඒවායි. එයින් අදහස් වන්නේ යම් සමාගමක් විසින් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක් හෝ මෘදුකාංගයක කේත නිදහසේ තැබීම මගින් තවත් පුද්ගලයෙකු හෝ සමාගමකට එය අවශ්‍ය අරමුණක් වෙනුවෙන් පරිශීලනය කරන අතරතුර එය සංවර්ධනය කිරීමට අවකාශ ලබා දීම වේ. 

උබන්ටු මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් පාදක වූ මෙහෙයුම් පද්ධතියක් වන අතර ලිනක්ස් යනු විවෘත කේත සහිත මෙහෙයුම් පද්ධතියකි. වර්තමානයේ බහුලව භාවිතා වන ඇන්ඩ්‍රොයිඩ් පවා ලිනකස් පාදක වූ විවෘත කේත සහිත මෙහෙයුම් පද්ධතියකි.

විවෘත කේත මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති තිබීමේ වාසි - 

  • මෘදුකාංග වේගවත්ව සංවර්ධනය සහ බෙදා හැරීම
  • භාවිතයේදී මූල්‍ය වියදම් අඩුකම / නැතිකම
  • බොහෝ උපකරණ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම
  • වේගවත් ව්‍යාපෘති සඳහා මනා රුකුලක් වීම
  • හිමිකාරීත්වය සම්බන්ධ නීතිමය ගැටලු අවමවීම හෝ නැතිකම නිසා පහසුවෙන් බෙදා ගැනීමට ඇති හැකියාව.

විවෘත කේත  මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති තිබීමේ අවාසි - 

  • සංවර්ධනය කිරීමේ ගැටලු නිසා පරිශීලකයාට භාවිතා කිරීමේදී ගැටළු ඇතිවීම
  • පරිගණක අලුත්වැඩියාවේදී ගැටළු ඇතිවීම  - බොහෝ දෙනා වින්ඩෝස් භාවිතා කරන නිසා විවෘත මෙහෙයුම් පද්ධති දෝශ පිලිබද අත්දැකීම් නැතිකම.
  • ඇතැම් මෘදුකාංග සංවර්ධනය කර ඇති ආකාරයේ ගැටලු නිසා බිඳවැටීම
  • අන්තර්ජාලය පාදක වීම නිසා ඇතැම් විට ගැටළු ඇතිවීම
  • මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධතිය අතර ගැටලු පැන නැගීම.

 ඇයි උබන්ටු?


උබන්ටු යනු දැනට පවතින බොහෝ පහසුවෙන් බාගත කර ගත හැකි සහ ස්ථාපනය කර ගත හැකි මෙහෙයුම් පද්ධතියකි. අනෙකුත් විවෘත කේත ඇති මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව උබන්ටු සඳහා සහය දක්වන පරිගණක උපාංග සහ මෘදුකාංග බොහෝය. එසේම උබන්ටු වලදී මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා වැය වන දෘඩාංග ප්‍රතිශතය පහල අගයන් ගන්නා නිසා ඉතා හොඳින් බොහෝ පරිගණක වල වේගයෙන් ක්‍රියා කරනු දක්නට ලැබේ. එසේම අතුරු මුහුණත ඉතා ප්‍රියමනාප ලෙස නිර්මාණය කර ඇති අතර පහසුවෙන් බොහෝ යෙදවුම් බාගත කර ගත හැකිය. එසේම උබන්ටු පරිගණකයක පිහිටුවීමේදී ඔෆීස් පැකේජය ඇතුලු වැදගත් මෘදුකාංග ද අඩු ඉඩක් තුල එකවර ස්ථාපනය වීම මෙන්ම මාර්ගගත යාවත්කාලීන වීම් නිසාම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

 

උබන්ටු පාදක කොට ගෙන නිර්මාණය වී ඇති තවත් මෙහෙයුම් පද්ධති කීපයක් ගැන.

උබන්ටු හි නමට විවිධ අකුරු ආදේශ කර  උබන්ටු මෙහෙයුම් පද්ධතිය පාදක කොටගෙන විවිධ අරමුණු උදෙසා නිර්මාණය කර ඇති මෙහෙයුම් පද්ධති බොහෝය. මේ කියන්නේ ඒවා ගැනය. ඒවා භාගත කර ගැනීමට කැමති අයට සබැඳින්ද දක්වා ඇත

Ubuntu Logo PNG Transparent & SVG Vector - Freebie Supply

Logo Kubuntu Linux Tux, PNG, 668x720px, Watercolor, Computer, Installation,  Kubuntu, Linux Download Free

 

Lubuntu png images | PNGWing


File:Xubuntu logo.svg - Wikimedia Commons

 

 File:Ubuntustudio v3 logo only.svg - Wikimedia Commons

මේවා ගැන වැඩිදුරටත්... 
 
උබන්ටු භාවිතා කර විවිධ ආකාරයේ සංස්කරණ නිමවා ඇත්තේ විවිධ වූ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි. උදාහරණ ලෙස Ubuntu Studio නිර්මාණය කර ඇත්තේ පරිගණක ආශ්‍රයෙන් නිර්මාණකරණය (ග්‍රැෆික් ඩිසයින් / වීඩියෝ නිර්මාණකරනය.... ආදී) සිදු කරන තාක්ෂණවේදීන් සඳහාය. එබැවින් ඔබට අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය අදාල සබැදිවලින් පිවිස කියවා බලා සුදුසු පද්ධතියක් තෝරාගන්න.
 
කෙසේ වෙතත් මෙම විවෘත මෘදුකාංග වල රසිකයෙක් ලෙස මාධව මේවා භාවිතා කරනුයේ පළපුරුදු අත්දැකීම් සමඟ වන අතර ඔබ සතුව එසේ අත්දැකීම් නොමැති පුද්ගලයෙක් නම් මූලික පියවර ලෙස virtual Machine  - අතත්‍ය පරිගණක  ලෙස මෙම විවෘත කේත සහිත මෙහෙයුම් පද්ධති භාවිතා කරන මෙන්ද මාධව ඉල්ලීමක් කරනු ලබයි.

විවෘතකේත සහිත මෙහයුම් පද්ධති පිලිබද දැනුම අදට ඔච්චර ය. ඉදිරියේදී තවත් ලිපි ලියෙවෙනු ඇත.
ඔබට සුභ දවසක්.....

 

 

 


1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form