කාර් කතාන්දර


ලාංකිකයා සහ කාර් අතර ඇත්තේ අපූරු සම්බන්ධතාය. වැඩිහරියක් ඒවා මෝඩකම් ලෙස මාධව දකින්නේය. මේ කියන්ට යන්නේ ඒ ගැන මාධවගේ අදහස් ටිකක්ය ය. නමුත් කිව යුත්තේ මාධව වාහන ගැන දන්නේ ඇබින්දක්ම ඇබින්දක් බව ය.

 

ළමයි ඔඩොක්කුවේ තියං යෑම

 

Should you bring a car seat when you travel with kids? #travel

මාධව දකින ලාංකික කාර් පාරිභෝගිකයාගේ ලොකුම මෝඩකම ඒකය. අනතුරුදායක තත්වයකදී තත්වයකදී වැඩිපුරම හානි විය හැක්කේ ළමයාටය. ආසන පටි පැලඳූ අම්මා අප්පච්චී ආරක්ෂා වෙද්දී ඔඩොක්කුවේ දරුවාට විය හැකි හානිය කෙතරම්ද?

Buy LuvLap 4-in-1 Infant/Baby Car Seat & Carry Cot with Canopy, 0 to 15  Months (Red) Online at Low Prices in India - Amazon.in

ඒ සඳහා ඉතා කුඩා ළමුන් නම් දරුවන් රැගෙන යන කුඩා ආසනයක තබා පිටුපස ගෙන යෑම සහ ලොකු ළමුන් නම් අනිවාර්යයෙන්ම පිටුපස අසුනේ තබාගෙන යාම ඇත්තෙන්ම සුභදායී වන්නේය.


 

බඩු ඔඩොක්කුවේ තියං යෑම

How Long Can Your Groceries Sit In A Hot Car Without Making You Sick? |  Prevention

වාහනයේ අතොරක් නැතිව ඉඩ තිබියදී සියල්ලම ඔඩොක්කුවේ පටවං යන කාන්තාවෝ එමටය. මාධවගේ පවුල පවා එසේ කරන්නී ඒක මහ මෝඩකමක්ය. එක්කෝ වාහනයට බර යැයි සිතා අතැති බෑග් සියල්ල ඔඩොක්කුවෙයි ඉස්සරහ  කකුල් ගාව බිම ය. 

හදිසියේ වතුර බෝතලය හෙම පෙරලී විත් බ්රේක් පැඩල්ලුව ඇතුලේ හිරවූ දාට දෙන්නම අබ සරණේ සරණයි ය.ඒ නිසා ඩිකියට හෝ පිටුපස අසුනකට බඩු භාණ්ඩ බාර දීම ඉතා යහපත් ය.

 

හතරමං හන්දියේදී ඩබල් සිග්නල් දැමීම

 Car Hazard Lights | Four Way Lights | Hazard Lights

හැසාර්ඩ් සංඥාව හෙවත් ඩබල් සිග්නල් යනු වාහනය අබලන් වී ඇති බවට හෝ රියදුරුට වෙනත් කරදරයක් ඇති බවට දක්වන සංඥාව පමණක්මය.  එය හකරමං හන්දියකදී දල්වා රියදුරු බලාපොරොත්තු වන්නේ කුමක්ද?

 

සෙකන් හෑන් මාකට් නැතැයි කියා හොඳ තත්වයේ ඇති වාහන මිලදී නොගැනීම

 European commercial vehicle market shrinks for 6th consecutive month

ලංකාවේ වාහන වෙලඳපල වෙනම කතාවක්ය. කෙසේ වෙතත් ඉතා හොඳ තත්වයේ ඇති වාහන වලට දෙවැනි පෙළ වෙලඳපලක් නැති බව පැවසෙන හෙයින් බොහෝ වාහන ලංකාවේ භාවිතා කරනුයේ සීමිත වශයෙන් ය. එබැවින් පාරිභෝගිකයාට අත්වී ඇත්තේ අවාසියකි. කෙසේ වෙතත් හොඳ තත්වයේ අතැම් ජපන් වාහන පවා මාකට් අඩු යැයි පැවසෙන මිත්‍යාමත සහ හිතා මතා නිර්මාණය කර ඇති වෙලඳපල නිසා ලඩ කෑලි මිලදී ගෙන දුක් විඳීම ලාංකික කරුමය නොවන්නේය. ඒක මෝඩකමය.

 

වාහනයට සුදුසු ලෙස නොව හිමිකරුට අවශ්‍ය ලෙස වාහනය Modify කිරීම

Car modifications - are they legal? | RAC Drive

වර්තමානයේ ලංකාවේ ඇති බොහෝ වාහන මිලදී ගැනීමේදී සහ විකිණීමේදී ඉන්ධන කාර්යක්ෂමතාවය පිලිබඳව නිතරම සලකා බැලේ. ලංකාව කුඩා රටක් බැවින් අඩු ඉන්ධන ප්‍රමාණයකින් රටයා කිරීමට හැකි වීම අපූරුය. එහිදී වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව අතිශයින්ම වැදගත් 

නමුත් බොහෝ ලාංකිකයින් වාහනයේ සම්මත තත්වයෙන් බැහැර කොට විශාල ටයර යෙදීම,බීට්ස් යෙදීම,අනවශ්‍ය ලෙස බර ඇති බෆල් සවි කිරීම, සහ වෙනත් පියාපත් (Tail) ආදිය යෙදීම නිසා වාහනයේ ගතිකතාවයට බලපෑම් ඇතිවීම සාමාන්‍ය විද්‍යාව දන්නා ඔනෑම අයෙක්ට තේරීම සාමාන්‍ය දෙයකි. එබැවින් වාහනයේ බර වැඩිවී ඉන්ධන කාර්යක්ෂම තාව පහල යෑම සිදු විීම මෙන්ම වෙනත් කාර්මික දෝශ පවා ඇති වේ.

එසේම අනවශ්‍ය ලෙස බල්බ යෙදීම නිසා බැටරියට හානි විය හැකිය. බැටරිය චාජ් වීමේ ගැටලු ඇති විය හැකිය.

එසේම අනවශ්‍ය බොඩි පාට්ස් නිසා වාහනයේ යට වැදීම, නිසි පරිදි හැරවීමට නොහැකි වීම (බෆර් වැදීම නිසා) සහ රිවට් වලින් මලකඩ කා වාහනය දිරීමට ලක් වීම පවා සිදුවේ.

මේවා මාධව දකින විදියට මෝඩකම් ය. සම්මත තත්වයේ ඇති වාහනයක් සමාගමෙන් නිර්මාණය කරන්නේ උපරිම කාර්යක්ෂමතාවයක් සහ උපරිම භාවිතාවක් ලබා ගැනීමටය. ලංකාවේ ඉන්නේ ඒවාටත් අභියෝග කරන උන්ය. 

එච්චර ය!


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form