Libre Office ගැන බිදක්


 
මාධව මේ ටිකේම ලියන්නෙ තාක්ෂණික ලිපි නෙව. වෙන හේතුවක් නිසා නෙමෙයි. ඒක පොඩි ඇම්මක් නිසා. මොකද උබන්ටු භාවිතා කිරීමේ ප්‍රීතිය ගෙදර උන්දැට කිව්වට තේරෙන්නෑ. යාලුවොන්ට කිව්වට උන් කියන්නෙ ගේම් ගහන්න බෑ කියලා. මක්ක කොරන්නෙ මිත්‍රවරුණි. ඉතින් එ නිසා මාධව බ්ලොගේ දානවා. ප්‍රීිතියෙන් යුතුව....

අද කියන්ට යන්නෙ විවෘත කේත සහිත මෘදුකාංගයක් වන සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන කාර්යාල කටයුතු පහසු කර ගන්න නිර්මාණය කර ඇති Libre Office ගැන.

වර්තමානයේ ලංකාවේ රාජකාරී කරන හුඟක් අයවලුන් පුරුදු වෙලා ඉන්නෙ - ඇත්තම කිව්වොත් කොටු වෙලා ඉන්නෙ Microsoft Office භාවිතා කරන්න. ඇත්තටම ඒක පාසල් කාලයේ ඉදන්ම කරනු ලැබූ පුරුදු කිරීමක් නිසා සහ බහුතරයක් පරිගණක පාඨමාලා වලින් සිදු කරන බරපතල ගණයේ වැරැද්දක් විදියට මාධව දකිනවා.

මොකද වෙනත් කාර්යාලයීය කටයුතු පහසු කරන මෙම ඔෆීස් පැකේජයකට යන්න මැලිවෙන්නෙම ඒ පාඨමාලා වලින් මේක ඔබ්බවන නිසා ශිෂ්‍යයාගේ ඔලුව පතුලටම. ඉතින් අනාගත ලෝකයේ මුදලට ක්ලවුඩ් පහසුකම් යටතේ භාවිතා කරන මෙම කාර්යාල පැකේජ - ඔෆීස් පැකේජ වලින් ඉවත් වන්න නං දැන්ම සූදානම් විය යුතුයි.

ආන්න එතනදි තමා ලංකාවේ මිනිස්සුන්ට Libre Office පිහිට වෙන්නෙ.

Libre Office -  

https://www.libreoffice.org/download/download-libreoffice/

LibreOffice 7.4 released with MS Office compatibility improvements 

The Document Foundation, Collabora, IceWarp යන සමාගම් වල එකමුතුවෙන් සංවර්ධනය වී ඇති මෙම Libre Office සමානකමින් පැරණි Microsoft Office 2003 වල පෙනුම සිහිගන්වයි. Microsoft Office වල ලැබෙන සෑම ප්‍රධාන මෘදුකාංගයකටම සමාන පහසුකම් ඇති මෘදුකාංගයක් මෙම Libre Office වෙතින්ද  ලබා දේ. එසේම මෙහිදී තවමත් භාවිතා වන්නේ Microsoft Office 2003 ඇති මෙනු සහ ටූල්බාර් ක්‍රමය වන අතර  Microsoft Office 2007 පැකේජයේ සිට Microsoft Office වල භාවිතා වන්නේ මෙනු සහ ටූල්බාර් ක්‍රමය නොව ribbon ක්‍රමය හෙවත් මෙනූ රහිත ක්‍රමයකි. 

තවද Microsoft Office වල භාවිතාවෙන් නිර්මාණය කරන්නා වූ ෆයිල්ස් මෙම Libre Office වලදීද මනාව හසුරුවා ගත හැකිය. ඒ සඳහා ක්‍රම ලබා දී ඇත. නමුදු ඇතැම් විට විවිධ දෝශ මතුවනු සාමාන්‍ය කරුණකි. නමුත් අපහසුතා අධික නැත.

Microsoft Office වලට සාපේකෂව Libre Office සඳහා යන දෘඩ තැටියේ ඉඩ ප්‍රමාණය අඩු අතර අඩු රැම් මතකයක්ද උවමනා නිසා පහසුකම් අඩු පරිගණකයක පවා හොදින් ක්‍රියාකාරීව කටයුතු කිරීමට Libre Office මෘදුකාංග එකතුවට හැකියාව ඇත.

Libre Office පැකේජයේ අඩංගු මෘදුකාංග

මෙහිදී Microsoft Office 2021 හි අයිකන දක්වා ඇති අතර Libre Office 7.4  සංස්කරණයේ අයිකන් දක්වා ඇත.


interfaces  - අතුරුමුහුනත්

පැතුරුම්පත්  හෙවත් spreadsheet සඳහා භාවිතා කරනුයේ calc වන අතර එහි අතුරුමුහුනත මේ ආකාරයෙන් වේ. 

 

වදන් සැකසුම්  හෙවත් Word Processing සඳහා භාවිතා කරනුයේ Writer වන අතර එහි අතුරුමුහුනත මේ ආකාරයෙන් වේ. 


 

ඉදිරිපත්කිරීම්  හෙවත් Presentation සඳහා භාවිතා කරනුයේ Impress වන අතර එහි අතුරුමුහුනත මේ ආකාරයෙන් වේ.  

 

 

දත්ත පද්ධති නිර්මාණය කරන මෘදුකාංගය  හෙවත් Database සඳහා භාවිතා කරනුයේ Base  වන අතර එහි අතුරුමුහුනත මේ ආකාරයෙන් වේ. 

 https://www.openoffice.org/product/pix/base-big.png


Libre Office and Open Office?

( open office භාගත කරගන්න )

Open Office යනු Libre Office හා සමාන කාර්යාලයීය කටයුතු සඳහා භාවිතා කරන පද්ධතියයි. මෙය ද සම්පූර්ණයෙන්ම පාහේ Libre Office මෙන්ම පෙනුම සහිත විවෘත මෘදුකාංගයකි. වෙනස ඇත්තේ Open Officeස්ථාපනයේදී ඔබට අවශ්‍ය මෘදුකාංග තෝරාගැනීමක් සිදු කලහැකිය. එනම් පැතුරුම්පත් වල කටයුතු කිරීමට පමණක් අවශ්‍ය නම් calc තෝරා දී ස්ථාපනය කල හැකිය. Libre Office වලදී සියලූම මෘදුකාංග පැකේජයම ස්ථාපනය කල යුතුවන්නේය.

එසේම වඩාත් වැදගත්ම දෙය වනුනේ Microsoft Officeහි ගොනු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වඩාත් සුදුසු වන්නේ Libre Office බවය. 

OpenOffice.org Art - Official Logos Gallery 

මෙයින් වඩාත් හොඳ කුමක්ද ?

එයට මාධවගේ පිළිතුර වන්නේ ඔබගේ කාර්යයන් සාර්ථකව සිදු කිරීමට උපකාරී වන විවෘත කේත සහිත ඔෆීස් පැකේජය ඔබට ගැලපෙන  හොඳම පැකේජය වනු ඇත. 

ඉතින් ලිපියේ අවසානයට මාධව කියන්නට කැමැති වනුනේ එකම කාරණයකි. ජනේලයෙන් ඔබ්බට නව ලෝකයට පිවිස වෙනස් අයෙකු වන්න. 

සුභ රාත්‍රියක් මිත්‍රවරුණි!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form