උබන්ටු වල ඇති අමුතු සිද්ධි

 


මාධව මේ ටිකේම උබන්ටු පිස්සුවෙන් කටයුතු කරන්නේය.ඒ නිසාම මාධව අද ලියන්ට යන්නේ උබන්ටු වල ඇති අපූරු දේවල් ටිකක් ය. මේවා පිලිවෙලක් නැති පරිගණක දැනුම ඇබින්දක් ලබා දීමේ උත්සහයන් මිසක් වන කෙහෙම්මලක් නොවන්නේය.

 

whatSie - වට්සි ?

මේ අයිකනය ඔබට හුරු පුරුදුය. එහෙත් උබන්ටු වලදී මෙය හැඳින්වෙන්නේ WhatsApp ලෙස නොව  whatSie ලෙසින්ය. මෙයට ඔබගේ වට්සැප් ගිණුම ලොග් වූ විට දුරකථනයෙන් පෙන්වන්නේ ඔබ Google Chrome වෙතින් WhatsApp web වෙත ලොග් වී ඇති බවය.



Cheese - 

 Cheese (software) - Wikipedia

web cam සඳහා ඇති යෙදුම මෙනමින් හදුන්වයි. ව්‍යවහාරයේ "Say Cheese" කියා කෑ ගසන විනෝදාත්මක අවස්ථාව සිහි ගන්වමින් මෙම යෙදුම නිර්මාණය කර ඇති බව විශ්වාස කෙරේ.


Chromium 

What is Chromium? How the Chromium web browser is different from Chrome

Google Chrome වෙනුවට උබන්ටු වලදී භාවිතා කල හැක්කේ  Chromium නම් සංස්කරණයයි. එහි වැඩි වෙනසක් නැත. Chromium Open Source නිසා කේත දන්නා අයවලුන්ට එම බ්‍රවුසරය වැඩි දියුණු කල හැකිය. ඒ සඳහා අවස්ථාව ලබා දී ඇත.


terminal 

The Linux command line for beginners | Ubuntu

Dos වැනි වින්ඩෝව්ස් වලදී ලබා දුන් පහසුකම් උබන්ටු සහ ඇපල් වල ඇත්තේ ටර්මිනල් නමිනි. විවිධ ආකාරයට වැඩසටහන් නිර්මාණය කල හැකි පහසුකම් ලබා දී ඇති මෙම ටර්මිනලය තුල විධාන ගණනාවක් අඩංගු කර ඇත. එමගින් ස්වයංක්‍රීයව ක්‍රියා කරන විවිධ වැඩසටහන් ලියා සැකසිය හැකිය. ටර්මිනල් ගැන වෙනම පාඩමක් ගෙන ඒමට මාධව බලාපොරොත්තු වන්නේය.

 

Ubuntu Software Center


Android Play Store, Apple Store, Microsoft Windows Store වැනි ඇප් ලබා ගැනීමේ යෙදුම් හා සමාන ඇප් ගබඩාවක් උබන්ටු සඳහාද ඇත. එය Ubuntu Software Center යනුවෙන් දැක්වේ. Ubuntu සඳහා ඇත්තේ  Debian packages (deb files) වන අතර ඒවා මෙම ස්ටෝරුව තුල අඩංගු වන අතර පරිශීලකයාට අවැසි පරිදි ඒවා භාගත කල හැකිය. 

නමුත් කණගාටුවට කරුණ වනුයේ ඇතැම් ඇප් සංවර්ධනය වී තිබෙන අයුරු සතුටුදායක නැති බැවින් ඇප් යෙදීමේදී ප්‍රවේසම් වීම සුදුසුය. ජනප්‍රියතාවය නිසා ඇන්ඩ්‍රොයිඩ ඇප් වල ඵලදායී බව ඉහල නැංවී ඇති නමුදු උබන්ටු තවමත් ඇත්තේ සංවර්ධනය වන ජනප්‍රියත්වයක නිසා බොහෝ ඇප් - යෙදවුම් වලගුණාත්මක බවේ සංවර්ධනයක් වී නැත. නමුත් උබන්ටු භාවිතා කිරීමට ඒවා බාධාවක් නොවේ.

අද දිනයේදී මාධව විසින් උබන්ටු වල කාරණා පහක් පිලිබඳව කතා කල අතර දැනට ඒ ප්‍රමාණවත් ය. සුභ රාත්‍රියක්ය.



1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form